Followers

Thursday, June 5, 2014

සෝභිත හිමියනි අසනීපෙට රුසියාවෙ නම් වඩිනු නොමැනවි



සෝම හාමුදුරුවන්ට වෙච්ච සන්තෑසිය මතක් වෙන කොට අනේ හරි දුකයි. මොනව උනත් මාත් නිදි මරාගෙන උන්නාන්සෙගෙ ටී වී බණ වැඩ සටහන් බලපු කාලයක් තිබුන. අර ගුවනේදී අභාවයට පත් උන අශ් රොෆ් මහතා එක්ක වාදෙට ගිහිල්ල ඇණගන්න පලමුව.
ඊට ප්‍රථම පානදුරේ අරියධම්ම හිමියන්. හිටපු ගමන් අපවත් උනා.

ලොකු මහත්තය අවංකවම.... හ්ම් .....අහල තිබුන සෝභිත හිමියන්ගෙන් අසනීපෙට රට යන්න එහෙම ඕනද කියල. මට මතකයි යුද්දෙ යන කාලෙ අසනීප වූ දයා මාස්ටර් හෝ වෙන එල් එල් ටී ටී ලොක්කෙකුගේ බිරිඳකගෙනුත් ඔය ප්‍රශ්නෙම ඇහුවා.

අනේ ඉතින් මගෙ පුංචි මොලේට මීටර් උනේ ජයවර්ධණ පුර නැතිද පෙනහලු ආබාධෙට බෙහෙතක් ගන්න දොස්තර කෙනෙක් කියල. එහෙම අහපු එකත් අපේ ජීවකයින්ට කරපු කීචොක් එකක්ද මන්ද අර සම සෞඛය පුරස්නෙ යන අතරේ. කොහොම හරි සම කස්ටිය ජයග්‍රහණය කෙරුවයි කියන්නෙ. පුදුමයි වෙන කවුරු හරි මේ දවස්වල දිනනව. ජය කොන්තෙද මොකක්ද කියන එක නිසා මං කිව්වේ. සම කස්ටියට ඒක මිරිකන්න චෑන්ස් එකක් දුන්නද දන්නෙ නෑ...

කෙසේ වෙතත් සෝභිත හිමියනි සරත් ෆොන්සේකගෙ අමනාපයක් නැත්නම්, ජවිපෙ මනාප නම්, සම්බන්ධන් ලත් එක්ක බේරගන්න පුලුවන්නම් ඌඑන්පිය අතරමං නම් ඔබට වෙන විකල්පයක් නැත. ලෝකයේ පලමු කාන්තා ජනපතිනිය බිහි කල රටේ තවත් වාර්තාවක් තියන්නට ලෑස්ති වනු මැනවි.
හැබයි නැවත කාරුණික ඉල්ලීමක් කරනු කැමත්තෙමි.
පරිස්සමින්.

සිංගප්පුර් චාලිලා පාර්ලිමේන්තුවේ පනත්වලට ඡන්දෙ දීලා පස්සෙ ඇදල අරගෙන විරුද්ධ වෙනවා. එතන අප්සට් කේස් එකක් වගේ අමුතුම  ගේමක්, ඒ නිසා සිංගප්පූර් වඩින එකත් නොමැනවි. බැරි වෙලාවත් දකුණු දිග මහ මගේ ගමන් කිරීමත් නොමැනවි. රාලහාමිලා තමන්ටම තඩිබාගෙන වාහන ගිණිතියාගන්න මැරවින් න්‍යායට අදාල කේස්වලට ඔබ වහන්සේගේ නමත් ගෑවීමට බැරි නැත. රුහුණු විශ්ව විද්‍යලය පැත්තේවත් සර්වේශස් විද්‍යලය පැත්තේවත් නොවඩිනු මැනවි. ඒ ප්‍රදේශය තවමත් මුදා නොගත් ප්‍රදේශයකි. එල් එල් ටී ටී කාරයෝ ක්‍රිකට් ගසති. උන් බෝලවටල ගන්නේ ඔලුගෙඩිය. අනෙක සෙල්ලම් පිස්තෝල වලින් සෙල්ලම් කර සෙල්ලමට මරණීය තුවාල සිදු කරගන්නේ ඇයි. ?

කාලෙකට පස්සෙ ඊයේ කුණාටුවකට අසුවෙච්ච් ගුවන් යානයක් මත්තලට ගොඩ බාල, ඒ පැත්තට අනේ ඉතින් අවුරුදු වගේලු. පත්තරේ හෙඩ් ලයින්!

27 comments:

  1. සෝම vs අශ්‍රොෆ් විවාදය ගැන විස්තර තියෙන තැනක් දන්නවාද?

    ReplyDelete
    Replies
    1. යන්න යූ ටියුබ් කකා,වැඩිය කතා කරන අය කොච්චර දහම දන්නවද පිළිපදිනවද කියල ඒකෙන් පෙනෙනවා.

      Delete
    2. https://www.youtube.com/watch?v=Qmj08-OGhlE

      Delete
    3. ස්තූතියි සැන්ඩි, සරත් ලංකාප්‍රිය
      මා නැවත වරක් එය නැරඹුවා.

      Delete

  2. නයි ටීන් එන් හෝ අරූපවාහිනී විමසන්න
    1995 හරියේ

    ReplyDelete
  3. අම්මප ඔව්.. උපාදියක් දෙනවා කිව්වත් වඩින්නනම් එපා

    ReplyDelete
    Replies
    1. මට තාමත් හිතා ගන්න බෑ ඇයි සෝම හාමුදුරුවෝ එහි වැඩියේ කියලා.

      Delete
  4. අම්මප ඔව්.. උපාදියක් දෙනවා කිව්වත් වඩින්නනම් එපා

    ReplyDelete
  5. නානසාර සාදුට නම් රුසියාව හරියයි. ඉතාලි (සිසිලි ) වගේ තවත් හොදයි.

    ReplyDelete
    Replies
    1. ඒ රටවල් වල 'ගල්' නිකං වතුර වගේලු
      වොඩ්කා තමයි බඩු

      Delete
  6. අනේ ඔව්... සෝම හාමුදුරුවෝ මරන්න ගෙනියන හරකෙක් වගේ බෑ බෑ කියද්දි බලෙන්ම නේ රුසියාවේ වැඩම්මුවේ.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්
      ටොපියක් දෙනවා කියලලු පොඩි එකාව එක්කන් ගියේ

      Delete
  7. සෝම සාදු වෙඩි නූලට ගිණි තිබ්බ. ඇවිලිල්ල ආවෙ පස්සෙ. හැබැයි අශ් රොෆ් මහත්තයත් එක්ක ධර්මයෙන් වාද කරන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. ඔව් මා නැවතත් බැලුවහමත් එය හිතුනා.
      ඌරු මාලු ඌර පිට තියල කපනකොට
      ඒ බව තේරුම් නොගෙන නිකාං තරහ ගන්නවා.

      Delete
  8. ඒහෙනම් ඒකත් හරි වගේ....

    ReplyDelete
  9. පුසන්ට ෆුට් බෝල් ගහපු සොබ්බ ගැන දන්නේ ගමේ කට්ටිය මහින්දයා ඕක හොගෙන වෙලාවට එලියට දායි වීඩියෝ එකත් එක්ක. අඩු ගානේ හදලා හරි දායි. ඕක රනිල් අගමැති කලේ එකක්

    ReplyDelete
    Replies
    1. බලමු ඒවා තියේ නම්
      බඩුම තමයි පොදු අපේක්ශකට!

      Delete
  10. මුදා නොගත් පැති තවත් තියෙනවා නේද..?ඔය හම්බන්තොට වගේ.

    අනේ අම්මපා යකෝ ගුවන් තොටුපලකට ගුවන් යානා නැතිව නැව් ගොඩබනවයි ඕවා පත්තර වල යන්න...:D

    ReplyDelete
    Replies
    1. ජනරාල ෆොන්සේකායි කියන්නෙ; දයල් බතී නොව

      Delete
  11. අනේ.... නාග සාධු ගැන මට හරි දුකයි.....
    සෝම සාධු වගේ නෙමෙයි උසයි.....
    පොඩු අපේක්ෂක ගැන කතා ගොඩයි....
    ඔය අසනී පයි කිව්ව එකත් මට හරි සැකයි......

    ReplyDelete
    Replies
    1. කෙන්ජිගෙන් කවියක්!
      මේක හොඳයි රැප් කරන්න.

      ඒක නොවෙයි අර රතුපස්වල රන්ජා වගේ නරකද කෙන්ජි කියන අන්වර්ත නාමය ක්වාලම්පූර්වල කෙන්ජා කියා මාරු කළොත්?

      Delete
    2. KL වල කෙන්ජා

      Delete
    3. අදහස හොදයි.... දෙදෙනාටම thnx ....
      තාක්ෂණ නිලධාරියා සමග සාකච්චා කොට තීරණයක් ගනිමි.....

      Delete
  12. හාමුදුරුවනේ දැනට ඔය සමහන් පැකට් එකක්වත් බීලා ශේප් වෙන්න...ඔය පෝරිසාදයා එච්චර හොඳ එකෙක් නෙමෙයි. මුහුද පෙන්නන්න කියලා එක්කන් යන්නේ ... පස්සේ කියයි..නැව් ගියාට පාරවල් පේන්නේ නැහැ කියලා. බොරුනම් අස්ගිරි ලොක්කාගෙන් අහලා බලන්න.

    ReplyDelete
    Replies
    1. මගේ අම්මෝ ඒකත් එහෙමද

      Delete
  13. හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ පන්සලේ තියන උදලු, කැති, වප්පිහියා, ගිරය, ආදී ඔක්කොම කොහාට හරි යවන්න. නැත්නම් ඔබ වහන්සේටත් සඟවපු ආයුධ පෙන්නන්න වඩින්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් ඒවට වඩින්නත් එපා

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්