Followers

Thursday, June 19, 2014

ඌවේ ජනතාව අතර සමගිය වෙනුවෙන් කැපවී සිටි වටරැක විජිත හිමි නොමර මරල.

ඌවේ මුට්ටි සභා ඡන්දයෙන් ජනපති වරණයට පෙර හුරුවක් වගේ.
ආණ්ඩුවට නොලැබෙන බව දන්නා නිසා එම ඡන්ද දායකයින් භයකිරීමද අරමුණ ??

---------------------------------------------------------------------

පහල ප්‍රවෘත්තිය බලන්න....
එතකොට තේරේවි මං මොකද්ද මේ කියන්නෙ කියල.


වටරැක විජිත හිමි පැහැරගෙන සිවුරු ගලවා, අතපය බැඳ, ගුටි ඇණ පාලම යටට ගෙනත් දාලා



https://www.youtube.com/watch?v=SEjWUyV7EgU


ජාතික බල සේනාවේ කැඳවුම්කරු මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී  පූජ්‍ය වටරැක  විජිත හිමියන්ගේ සිවුරු ගලවා අත් පා ගැටගසා පානදුර හිරණ පාලම අසලට ගෙනවිත් දමා තිබියදී හමු වූ බව පොලීසිය පවසයි.
පහරදීම් හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසු වූ එහිමියන් රෝහල්ගත කර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.
උන් වහන්සේගේ ජනනේන්ද්‍රියට තුවාල සිදු කර ඇතැයිද රෝහල් ආරංචි මාර්ග කියයි.
------------------------------------------------------------------------------------------------------ලංකාව නැවතත් අඳුරට ද? ---------මුස්ලිම් පක්ෂ වාමාංශික පක්ශ තහනම, බෝම්බ, වෙඩි, ලේ වැගුරුම් අතරේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද බලාපොරොත්තුවන්න.

ඉන්දියාව නැවතත් පරිප්පු දායිද ?

අන්තර් ජාතික සම්භාධකවලට අප පාත්‍රවෙයිද?



15 comments:

  1. අනිවාර්යෙන්ම එකට ගහපු නාට්ටියේ එක එක් ජවනිකාවක්
    අලුත්ගම පෙරහුරුවෙන් පොදු අපේක්ෂක සොබ්බා ඔටෝමැටිකලි අවුට් නේද

    ReplyDelete
  2. උන් රඟයි,අපි හුරේ දායි
    අපි නොදැන අපිටම කෙළවයි.

    ReplyDelete
  3. ඒ විතරක් නෙවෙයි බ්ලේඩ්තලයකින් උන්වහන්සේගෙ රහසඟ කපලා සුන්නත් කිරීමක් කරල නේද ? මුන් මොනතරං තිරිසන්නුද ? මේ බෞද්ධයෝද ? නැත්නං පොල්පොට් ඉයන්සාරිලගෙ ගෝලයොද ? සිවුර ඇඳගත් මස්වැද්දෝ..

    ReplyDelete
    Replies
    1. //මේ බෞද්ධයෝද //
      නැතුව!
      සිවුරෙබාන් නිකායෙ අයගේ සිව්රියා නීතිය

      Delete
    2. ප්‍රා ජේ ට ++++++++

      Delete
  4. පිස්සු බල්ල‍ා යටතේ හුරතල් වන පිස්සු බූරුවා කොරන හදිය...

    ReplyDelete
  5. මහඉලුක්පල්ලමJune 20, 2014 at 3:09 AM

    ලේ හොල්ලන්නැති නාට්‍යයක් නම් පැහැර ගැනීමේදී අනිවා නිදහස් වෙන්න ඕන?.

    සැබෑ ජීවිතවේදී නම් පැහැර ගන්නවා කියන්නේ ලලත් කූගන්ට, එක්නැලිගොඩට වෙච්ච දේවල්.

    තුවාල ටික එක්ස්ට්‍රා ඉෆෙක්ට්ස් වගේ පෙන්නෙ නැත්ද මන්ද මටනම් එහෙම පේනවා පේනවා වගේ?

    මීයක් කඩන්නේ අත ලෙවකන්නද කිව්වා වගේ පැහැරගෙන හරිහැර (එක්ස්ට්‍රා) දාලා නිදහස් කරන්නේ තවත් මාධ්‍ය සාකඡ්ජාවකටද??


    දැයි නිදහස් මනසකින් ඉන්නා විට හැගුණි.....

    ReplyDelete
    Replies
    1. අනේ මේව ඇහෙන කොට නම් දුකයි

      Delete
  6. කවසාකි බජාජ්June 21, 2014 at 8:05 AM

    මේ සලරුවට IMDB චිත්‍රපට දර්ශකයේ 10න් 1.3ක් වැනි සුලු අගයක් පමණයි ලැබී තිබෙන්නේ.

    ඒත් දයාල් වැනි ප්‍රවීන විස්තර විචාරකයන් ඉගි කරමින් සිටින්නේ වටරැක හිමි මෙවර රංගනය සදහා ශ්‍රී ලාංකික‍යෙකු ලබන ඉහලම සම්මානය හිමිකරගනු ඇති බමයි. ඒ ඔස්කාර් සම්මානය සදහා පූජ්‍ය වටරැක හිමි මෙවර නිර්දේශ විය හැකි යන්නයි.

    එමෙන්ම BBC CNN හා AL JAZEARA වැනි ප්‍රදාන චිත්‍රපට නාලිකා විශාල දර්ශන මුදලක් ගෙවා මේ චිත්‍රප‍ටය ලොව පුරා ප්‍රසිද්ධ කිරීමට ඉතා වෙහෙසකින් ක්‍රියා කර ඇති බව අපට වැටහී යයි.

    මේ සියලු දෙනාටත් වසර 100 සිට ඉංග්‍රීසි පාලන සමයේ සිට සිංහලයන්ට කෙනෙහිලි කම් කල අහවල් ජාතිය කූරගල ඉංග්‍රීසි පාලන සමයේ සිට 10 - 20 පමණ වඩා ඉවත් වන්න කියා උසාවි නියෝග ප්‍රාදේශී්‍ය නායකයන්ගේ නියෝග මෙකී නොකී සැමගේ නියෝග සමජ්ඡලයට ලක්කර රට අරාජික කීරීමට ‍මුල් අඩිය තිබ්බා යැයි පිලිගැනීමට පැකිලීම ගැනද අපි මෙතුමන්ලාට ස්තූති වන්ත වෙමු.

    කමෙන්ටුවේ හිමිකම් ඇවිරිණි.

    ReplyDelete
    Replies
    1. අනේ මේව ඇහෙන කොට නම් දුකයි

      Delete
  7. අද පුවත්පත් වල තියෙනවා මේක බොරුවක් කියලා. මේක මේ හාමුදුරුවෝ තමන් විසින්ම කර ගත් දෙයක්.සංඝාධිකරණයක් අවශ්‍ය වන්නේ මෙවැනි අපචාරවිභාග කර ඊට නිසි දඬුවම් දීමටයි. ඒවගේම ඒක පාක්ෂික තොරතුරු වාගේම තමන් අතින් ගොතන තොරතුරු මගින් සමාජයට අනර්ථයක් කරන දයාල් බති වැන්නවුන්ද නිතිය හමුවට ඉදිරිපත් කර කල වැරැද්දට දඬුවම් ලබා දිය යුතුය .

    ReplyDelete
  8. මේ තවත් මානසික රෝගියෙක් හා මේ සිද්ධිය රඟපෑමක් බවයි බවයි දැන් දැන් එලිවෙන කරුණු අනුව පෙනෙන්නේ

    ReplyDelete
  9. Wmk Samarasekara

    සාමානයෙන් ඔබ සංඝයාගේ ගුණ වර්ණනා කරන කෙනෙක්.
    මොනව උනත් සංඝයාවහන්සේ නමක්නේ
    කෝ ඔබගේ සාමාන්‍ය වරුණාව?

    ReplyDelete
    Replies
    1. ජයශ්‍රී
      අනේ මේව ඇහෙන කොට නම් දුකයි

      Delete
    2. දයාල්,
      මම සංඝයා වහන්සේලාගේ ගුණ වර්ණනා කරන එක ඇත්ත කාරණක් ඔබ මගේ වෙබ් අඩවි දෙක බලනවා නම් ඔබට ඒක මැනවින් වැටහේවි.එමෙන්ම ගිහි විනය විදියට අපිට රකින්න තියෙන්නෙ පංච ශිලය විතරයි.ඒකෙ පළමුවෙනි පදය වන නුදුන් දේ ගැනීමෙන් වැලකීම යන්න මට වත් හරියට රැක ගන්න බැහැ.(මම මේ පාවිච්චි කරන micro soft soft were එකකට වත් මම මම මුදල් ගෙවල නැහැ.) එහෙම දුර්වල අපි සිල් පද 270ක් රැකීමට බැඳී සිටින සංඝයා වහන්සේලාගේ දුබලකම් ගැන උඩ පැනගෙන පත්‍රිකා ලියන එක කොතරම් දුරට සාධාරණද? ඒ නිසා මම මට ඉඩ ලැබෙන අන්දමට එවැනි පත්‍රිකා වලට උත්තර ලියනවා.

      වටරැක හිමියන්ගේ භික්ෂුත්වය නැතිවන අන්දමින් සතර පාරාජිකා වලින් එකකට හෝ උන්වහන්සේ අසුවූ බවක් වත් මා තවම දන්නේ නැහැ. එබැවින් ඒ ගැන මට ලියන්න දෙයක් නැහැ.

      මෙතැනදී මා ඔබට චෝදනා කරන්නේ ඔබ යමක් හරි හැටියට ගවේෂණය නොකර එනම් බුද්ධිය පාවිච්චි නොකර හැඟීම් වලට පමණක් වහල්වී ලිපි ලියන එක ගැනයි. ඇත්ත එලි වෙන කොට තම මෝඩකම රටටම පෙනෙන එක හොඳ දෙයක් කියලද හිතන්නෙ?
      මෙහෙම අසත්‍ය ලියන එකෙන් ඔබට වෙන යම් ප්‍රති ලාබයක් ලැබෙනවා නම් ඔබ කරන්නේ තම බඩ ගෝස්තරය රැකීමට රටම ගිනි තැබීමයි.මෙහෙම කරනවාට වඩා හිඟා කෑම නම්බුකාරයි.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්