Followers

Friday, June 20, 2014

නෝර්වේ ඇතුලු කොළඹ ස්ථානගතවී ඇති බටහිර තානාපති සේවා කාර්‍යාල ඉදිරිපිට පෝලිම් ඇද්දැයි බලනු

සිංහලයාව උඩ දැම්මට අපි වැඩිදෙනා දවස ගෙවාගන්නෙත් අමාරුවෙන්. යුද්දෙන් හෝ සාමයෙන් අපට ලැබිච්ච දේකුත් නෑ. මරණ භියත් එන්න එන්නම වැඩි වෙනව.
ඉස්ලාම් භක්තිකයින්ගේ පල්ලිත් වැඩිවෙනව. කඩත් වැඩිවෙනව.  ලෝගු ඇඳ ගත්ත තොප්පිලාගත්ත පිරිස් එන්න එන්නම වැඩිවෙනව. සිංහල ව්‍යාපාර වලට සෑහෙන තරඟයක්.

ඒ මදිවට ආයෝජනය කරන මුදලට පොලියක් නොදෙන පොලී නොගන්න බැංකු අල් අමානා බැන්කු අරිනවලු. ඒ බැංකු ක්‍රියාත්මක වෙන්නෙ අමුතුම ධර්මෙකට.ඒ බැංකුව ව්‍යාපාරවලට වැඩියෙන් අතදෙනවලු. මං අහල තියෙනව කුරුණෑගල පැත්තෙ ඒ නිසා ලංකා බැන්කුවලට බිස්නස් නෑ කියල. මොකද ඔක්කොම මුස්ලිම් අයගෙ එකවුන්ට් ඒ බැන්කුවට දාගෙන. සිංහල අයට එපමන මුදල් නෑ.

ඒ අතරතුර යුද්ධෙ දවස්වල හැංගිලා හිටපු සිවුරුලාගෙන ඉන්න ආරක්ශක හමුදා දිවිහිමියෙන් රැක දුන් මොකක් හෝ එකේ ගෞරවය බලෙන් ගන්න හදන අය පෙන්වනව කැකිල්ලේ නඩු තීන්දුව වගේ දේ. අන්න බලපිය අරුන් දියුණු වෙනව කියල.

මුස්ලිම් අන්තවාදය පරාජය කල හැක්කේ ඔවුන්ගේ භය හිතෙන නැගීම පාලනය කළයුතු නම් කල හැක්කේ එවැනි ජන සංයුතියක් ඇති රටවලින් ආදර්ශ  ගැනීමෙනි.
කුමන ආගමක වුවත් සිද්ධස්තාන ගොඩ නැගීම තහනම් කල යුතුය. ලංකාවේ ඇති තරම් සිද්ධස්තාන තිබේ. ආගමික නියොජිතයින්ට දේශපාලනය තහනම් කල යුතුය.
 ලංකාවේ ජනගහනය වැඩිවෙමින් තිබේ නම් චීනයේ මෙන් උපත් පාලනය ගෙන ආ යුතුය. ජන සං යුතිය හිතා මතා වෙනස් කොට ජාති ආගම් පටු උවමනාවන් ඉශ්ඨකරගන්නට සැලසුම් ඇත්නම් එයට වැට බැඳිය යුතුය.
නීතියට අතට ගැනීමෙන් එය කළ නොහැක.
ඇත්ත කතාව නම් රජයක් කියා සිටියාට, නීතිය අතට ගත්තත් ලංකාව ඇතුලු ලෝකය දුවන පීල්ලක් තිබෙන බව පෙනේ. ආසනික් වැනි විෂ රසායනික අඩංගු බව දැන දැනත් දහස ගනන් ජනයා වකුගඩු නරක් වී මලත් අපට ඒ කෘශි රසායන තහනම් කිරීමට නොහැකි වී ඇත. රතු පස්වල ජලය බීමට නොසුදූසු වන්නේ අර කර්මාන්ත ශාලාව නම් ජනයා ඉල්ලනව නම් එය ඉවත් කල යුතුය. එය තවම නොහැකි වී ඇත.
---------------

83ත් ඔය සිද්දිය උනා. දෙමලුන්ව නැති කරල දේපල අල්ල ගත්ත.
අද එය තව වටයකින් එලියට ඇවිත්.
දැන් මොන සමාදානෙට ආවත් උන්ට අවශ්‍ය දේ සිදු වී ඇත.

දැන් සෝභිත හිමියන්ට ජනපතිවරණයට ඉදිරිපත් විය හැකිදැයි බලනු

මේ අස්සේ ඌවේ මැතිවරණයට වෙන්නේ මක්කදැයි බලනු

අල්කයිඩා උන් පල්ලි  අස්සේ සඟවාගෙන සිටින්නේ යයි මුස්ලිම් පක්ශ තහනම් කරන්නේදැයි බලනු

බොරු සරණාගතයින් පුරවා ගත් බෝට්ටු දැන් පිට රටවලට යාත්‍රා කරන්නේදැයි බලනු

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් චෝදනා යට ගසන්නේ නැද්දැයි බලනු

මුස්ලිම් අන්තවාදීන් තව තවත් ශක්තිමත් නොවන්නේදැයි බලනු

කලු ජූලියක් යලි ඇති නොවන්නට ඉඩකඩ නැද්දැයි බලනු

වාසු ඇතුලු වමේ අය තවමත් ආණ්ඩුවේ ඉන්නේ ඇයි දැයි බලනු

රාජිත දැන් දැන් වාමාංශික ටෝක්ස් දෙන්නේ ඇයිදැයි බලනු

විමල් දැන් බෙරිහන් දෙන්නේ ඇයි දැයි බලනු

දකුණටත් දැන් හමුදාව දැම්මා නොවේදැයි බලනු

හරියටම ජනපති මෙරට නොසිටි දිනක මෙය සිදු වූයේ ඇයි දැයි බලනු

අබා, මහින්දාගමනය, ගාමිණි, ආදී චිත්‍රපටවල ගමන නතර වී ඇත්තේ කොහිද බලනු

ගාථා බෝධි පූජ කවි රස කර කර කියන හැම සිවුරක් පස්සේම යන ජනතාව නතර වී ඇත්තේ කොහිද බලනු

ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ආදීන් සෙවූ සිංහල නායකයින් සුද්දන්ගෙන් රට ගෙන ගොස් ඇත්තේ කොහිද බලනු

නලින්ද සිල්වා කියන්නේ මොකක්දැයි ඔහු ගොඩ නගන ඊලඟ ප්‍රවාදය කුමක්දැයි බලනු

 ජනතා ප්‍රසාදය ගිලිහෙමින් ඇති, සිංහල දෙමල මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර නැති  ආණ්ඩුවක් ස්වාධීන අධිකරණයෙන් වෙන් කොට අතට ගෙන ඇති නීතියෙන්  තව තව මොන මොන උගුල්වලට කුමන්ත්‍රණවලට ජනතාව ඇද දමද්දයි බලනු

ඌවේ ඡන්දය පැරදුනොත් පුම්බා උඩ යවා ඇති ඥාණසාර හිමිව හිරේ දමා අත සෝදා නොගන්නේදැයි බලනු

ගංගොඩවිල සෝම හිමි මුස්ලිම් කාරයෙක් යයි හැඳින්වූ වටරැක හිමිට සිදු වී ඇතිදේ බලනු


15 comments:

  1. ඇයි ..... මෙයා මෙහෙම කියල....... හෙක්.....හෙක්.....
    >>චිත්‍රපටි සංස්ථා සභාපති ඉවත් නොකලොත් මගේ ඉන්න ලක‍ෂ 50 ක රසිකයන් එක්ක රජය පෙරලනවා - සෝමරත්න දිසානායක<<

    ReplyDelete
    Replies
    1. සභාපති අශෝකත් දකුණේ ලේ තියන කොල්ලෙක් හරිය..
      පිටපත් 35 වෙනුවට 55ක් දීලත් මදිද?

      Delete
  2. 1915 දී සුද්දා කලේ යුද්ධ නීතිය Martial Law දමා ගහලා මරලා තලලා පෙලලා ප්‍රශ්නය විසඳීම. අද හදිසි නීතිය දාගත්තම ඇති. ඊළඟට රට පුරාම ආයෙත් හමුදා කඳවුරු. ඒ අස්සේ මැතිවරණය. ඒ විදිහටයි දිනන්න යන්නේ.

    ReplyDelete
    Replies
    1. @විචාරක තුමා..++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. අපේ විරුද්ධ නායකයන්ට සෙනසුරු අපල
      ඇමරිකාවේ ගිහිල්ල තියෙන්නෙ හඳහන් බලන්නද?

      Delete
  3. බලාපොරොත්තු නොවූ තරම් සාධාරණ විශ්ලේෂණයක්.

    ReplyDelete
  4. පානදුරේ නෝ-ලිමිට් ආයතනයත් අබ සරණ යයි

    පානදුරේ නෝ-ලිමිට් ආයතනය ගිනි ගෙන දැවීම පිළිබඳව බොදු බල සේනාවේ කිසිම සම්බන්ධයක් නැතැයි ප්‍රකාශ කළ එහි විධායක අධ්‍යක්ෂක දිලන්ත විතානගේ මහතා මෙය අන්‍යාගමිකයින් විසින් සිංහල බෞද්ධයින්ට එරෙහිව කරන කඩා කප්පල්කාරී ක්‍රියාවන්හි අළුත්ම ප්‍රතිඵලය විය හැකිය සඳහන් කළේය.

    අබ සරණ වේවා!
    බොදු බල සරණ වේවා!
    ගණ සරණ වේවා!
    මෙතුන් සරණින් ජයම වේවා!

    ReplyDelete
  5. රටටම අබ සරණයි....
    නිදි වැදුනු පාලනය තව පෙරලි පෙරලි නිදි.

    ReplyDelete
    Replies
    1. රටට නෙමේ අබ සරණ වෙන්න ඕනේ රාජපක්ෂ පාලනයට.
      කොහොමත් මේ දෙශාප්‍රේමින් රට ගිණි තියනවා.ඊට පස්සේ තමයි උන්ට නින්ද යන්නේ.රටක නිතිය සාධාරණව ක්‍රියාත්මක නොවීමේ නපුරු ප්‍රතිපල තමයි මේ.

      Delete
    2. අලි පාටිය හෙළුවෙන් පටන් ගත්ත ඒවා.....
      ඔදට කොරනව මෙයාල සළු පිළි පලන්දාල .......
      හෙක්....හෙක්.....

      Delete
    3. බජාර් එකේ ටෝක්ස් දෙන
      නැනසර හිමි පිරි කුළුන ගුණ
      බැලුම පුම්බා උඩ අරින
      දනෝ සිත් තුටින් පිරින

      Delete
  6. එල විශ්ලශනයක්.... විවිද ජන කොට්ටශ වලට විවිද නීති (මුස්ලිම් විවාහ නීතිය, උඩරට විවාහ නීතිය) ගැනත් අඩන්ගු උනානම් පන්කාදුයි

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්