Followers

Tuesday, July 1, 2014

නිවාස ඇමති සුදු හුණු පිට රට අරින්න වගේ? අනේ සාදු!

දැන් නිවාස ගොඩනැගිල ඇමති සුදු හුණු කර්මාන්ත ශාලාවක් ආරම්භ කරල, චීනෙට සුදු හුණු ටිකක් හරි යවල අපේ රටට විදේශ විනිමය ටිකක් කොහොම හරි ගෙන්න ගන්න එපායෑ. (විදේශ ආදායමෙන් 25%ක් පොලිය ගෙවන්න සිදුවෙල තිබෙනව, යුද්ධයක් නැතුවත්.) එහි සාම්පල්  එක් එක්නාගෙ ඇඟවල්වලවල ගාල බලන එක තමයි මේ දවස්වල කරන්නෙ. කුරුම්බ තැඹිලි යවන්න ප්‍රථම තමන්ගෙ අමාත්‍යාංශයේ විෂය පථයට වැටෙන එකක්ම තෝර ගත්ත එක ගැලපෙනව.
නෝනව සී ශෙල්ස් යැව්වෙත් එහි මූදු සිප්පි කටු ලාබෙට ගන්න පුලුවන් වේවිද බලන්න වෙන්න ඇති. අපේ හිරිගල් ඔක්කොම දැන් ඉවරනේ. හික්කඩුවෙ  බලන්න මොන ගල්මලක් වත් නෑ දැන්.

අනේ ඉතින් ඒ හුණු ගානකොට පරිස්සම් වෙන්න ඕන, විශේෂයෙන් මුහුණෙ මන්ද, භාෂ්මික නිසා, තුවාල වෙන්න ඉඩ තියෙනව. අනේ සාදුත් සුදු හුණු ගාන්න හැදුව, මහිතන්නෙ එයැයිගෙ ඒවා එපා කියන්න ඇති.

මාර මීටරේ අප්ප. වැඩක් නෑ කියල. මේ පාරත් ගොඩ දාගන්න මාර තියරි එකක් සෙට්.
පී බියට දුන්න ඝාතනය වෙන්නම. කල යුත්තේ කුමක්ද? ලෙනින්ගේ තියරි මොනවද? මේවනේ තියරි.

පොඩි කලබලයක් අවුලවමු.
මුස්ලිම් වරු තලේබාන් වලට සම්බන්ද කරමු. අර ජිහාඩ් මේ නවුශාඩ් ආදී කල්ලි වලට සම්බන්ධ යයි මාධ්ය පාරක් දෙමු. ඉන්පසුව ඒවා යූ එන් පියට හා වාමාංශික පක්ශ හා සම්බන්ධ කරමු. ගේම සෙට්, මාර මීටරේ අප්පා.
කොයි ආගමේ තලේබාන් කාරයොත් අපිට එපා.
නානා සාරව ටෙලිනාට්‍යයෙන් ඉවත් කරමු.
කොයි රටටද?
ඇමරිකාවට.
දැන් ටිකක් පරක්කු වැඩියි.
හුටා එහෙනම් වෙන රටක් බලහං අයියෙ!

දැන් අනේ සාදු නෝ NoවේWay ටු නොර්වේ, එහෙ දැන් හිඟමන් තහනම්ලු!
හැමෝම දැන් අත පිහිදගන්න බලනව. අපි නෑ ඔය බොදු බලයත් එක්ක කියල. අනේ සාදු!
 අනෙක මේ බෝඩ් එකේම චෙස් අදින අනෙක් පාර්ශවයත් ඉන්නවනේ.
(බලන්න රනිල් සමග සිරසේ කිංග්ස්ලි කල සංවාදය
https://www.youtube.com/watch?v=MXEJ3j-IaF4)

පොදු අපේක්ශක සාදු, ජනරාල් මේ දිනවල අලුත්ගම පැත්ත සම්බන්ධව මවුන(?) වෘතය රකිනව වගේ!

 කොහේ හරි යවන්න ඉස්සෙල්ල අනේ සාදුගෙ මූණෙත් සුදු හුණු ටිකක්වත් අතුල්ල යවන්න. බලන්නකෝ අර වටරැකයද මොකාද කියන එකා මේ අහිංසකය පිට වරද පටවන්නනෙ හැදුවේ. 18මාසෙකට යවන්න ඕනේ හරක් හොරාව. වීලීක්ස් නැමති වීඑෆ් එම් නාලිකාවට අනුව වටරැකයා එක එක වෙලාවට එක එක දේ කියයි.
මුස්ලිම් ජනයා ඉදිරියේ මුස්ලිම්වරුන් වෙනුවෙන් කතාකරති.
මහියංගනය නගර සභාව තුලදී මහියංගනය රජ මහ විහාරය ලඟ ඉදිවන මුස්ලිම පල්ලියකට විරුද්ධ වෙති. මේ දෙබිඩි පිළිවෙත නිසා මුන්වහන්සේ ගේ සිවුරු ගැලවිය යුතුය.( මට හිතුනේ දැන් හැම තැනම ගංජා නීතිගත කරලද කියල.)
වී එෆ් එම් නිවේදකයා කතා කරනවා අහන්න පිරියයි.
ඔබත් අහල බලන්න සත්‍යයේ හඬ Vඑෆ් එම්.

අනේ සාදු කියනව එයාව අත් අඩංගුවට ගන්නලු.
'තව ටිකක් ඉන්න සාදු ඔබ වහන්සේගෙන් තව වැඩ ටිකක් ගන්න තියෙනවා.
ඌවත් තවම ඉවර නෑ. කරපු වැඩේ පොරතිපල බලලම ඉමු.'

--------------------------------

ඤාණසාර හිමි අලූත්ගමදී ප‍්‍රකෝපකාරී ප‍්‍රකාශ කළ බවක් හෙළි වී නෑ
පසුගියදා අලූත්ගම පැවති රැස්වීමේදී බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනතාව ප‍්‍රකෝප වන ආකාරයේ ප‍්‍රකාශයක් කර ඇත්තේ යයි මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ උන් වහන්සේ විසින් කරන ලදැයි කියන ප‍්‍රකාශයක් ගැන අධ්‍යයනය කර ගෙන යන බවත් ඒ ප‍්‍රකාශයෙන් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු කිරීමට කිසි යම් අනුබලයක් ලැබුණේද යන්න සොයා බැලීම ඒ අධ්‍යයනයේ අරමුණ බවත්ය.
ඥානසාර හිමියන්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යතාවක් මතු වී නැතැයි ද ඔහු කිය.

10 comments:

  1. අළුත්ගම පොලිසීයේ විතරක් අබ සාධූට එරෙහිව පැමිණිලි 200 ගනනක් තියෙනවා. පොඩ්ඩක් හිටහල්ලා කළබල වෙන්නේ නැතිව. ඒවා විභාග කරලා ඉවර වෙනකන්.

    ආන් අර කොට්ටාවෙ ටැපික් පොලිස් රැසිග්නෙසොන් දීලා. හොඳ වැඩේ ඕකුන්ට ඉර කැපුවත් අපිව නවත්තනවට.

    ReplyDelete
  2. ප්‍රසිද්ධ රැස්වීමක කල කතාවක දෙයක් අනාවරණය කර ගැනීමට අපහසු පොලීසිය කට කතා පතුරුවන්නන් අල්ලන්නෙ කනප්පු ඇවිද්දලද?

    ReplyDelete
  3. ඤාණසාරව අමාරුවෙන් හරි මෙහෙට ගෙන්න ගත්තනම් හරි ... මොකද මෙහෙ ඕන තරම් එන්නවනේ එක එක ජාතියේ මුස්ලිම් අය රණ්ඩු කර කර ඉන්න

    ReplyDelete
  4. නිවාස ඇමති සුදු හුණු ගාන්නේ එක,එක්කෙනටා දැන් කාලෙක ඉඳන්නේ,ඒ වුණාට මට නම් හිතෙන්නේ නිවාස ඇමති සුදු හුණු ගනකම්,රට යවනකම් තමන්ගේ හෙළුව වැහෙන්නේ හොඳ රෙද්දක් ඇඳ ගත්තා නම් හරි කියලායි.නැතිනම් එයාටත් අබ සරණයි තමයි.

    ReplyDelete
  5. සාරට ඔළුවට වෙඩි තබා ඝාතනය කර ඇත...........ඌ ව මැතිවරණයට පෙර .....ඔට්ටු ....රෝහණ මාර්ගයෙන්.....................

    ReplyDelete
  6. ජාතික සමගිය ඇතිකරන්න...ආපහු හලාල් ගේන්න ඕන කියලා ඇටරැක කිව්වේ.
    බොදුබලයට කරන්න පුළුවන් දෙයක් නැහැ....මාලබේ සීලරත්න හිමි.
    ලෝකය සීඝ්‍රයෙන් ඉදිරියට ගිහින්..අපි තාම පරණ ටයිප් රයිටර්වලින් සාක්කි ටයිප් කරනවාලු....ඒකිව්වේ නානාසාරයා.

    ඇමරිකාවටත් අබ සරණයි......ඒ කිව්වෙත් නානාසාර ඊයේ නිව්ස්වලට.

    ReplyDelete
  7. අැමරිකාව නානසාරගෙ වීසා කැන්සල් කළොත්, ඇමරිකාවටත් අබ සරණයි!!! මෙහෙම ගොබ්බ වේ... පුතාල තමයි අපිට සිංහල බොදු කම කියාදෙන්නෙ.

    ReplyDelete
  8. අජිත් රෝහණ දැන් නම් ෆ්‍රෙඩී සිල්වට වඩා හොදයි කවටයෙක් ගානට වැටිලා

    ReplyDelete
    Replies
    1. ෆ්‍රෙඩීට අපහාස කරන්න එපා. නිකන් හරි ටෙනිසන් කුරේ කිව්වා නම් අප්සට් එකක් නැහැ. රජ ගෙදර කවටයෝ....ජැක්සන් වගේ කියපන් අජිත් රෝහනට. යමක් කමක් දන්නවා...ඒ වුනාට පීචං ආතල් දෙනවා.

      Delete
    2. සමාව භජනය කරමි. අපි ටෙනිසන් කුරේව ගමු එහෙනං...

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්