Followers

Thursday, July 10, 2014

ප්‍රභාකරන් තම්බි කෙනෙක්


2014 ජූනිය, 83 මල ජූලිය ගැන සොයන්න, ජාතීන් අතර කුඩා සිදුවීමක් වුවත් මහ විනාශයක් වෙන්නට ඉඩ තිබෙන ඉව තියෙන, උනන්දුවක් ඇති අපව යොමු කරනව. ලංකාවේත් ලෝකයේත් දරුණුම ත්‍රස්තවාදී ගරිල්ලාවාදී කණ්ඩායමක් උපත ලැබුවේ අන්න ඒ අඳුරු මූසල දවසේ . 83න් පසුව සිදු වූ ජීවිත හානි, දේපල හානි ගැන අපි දන්නව, ඇත්තටම තරුණ කවුරු හරි ඇහව්වොත් මොනවද අන්කල් උනේ කියල දැන් ඒවා අමතකත් වෙලා. 
ඇත්තට මොනවද උනේ. මොනවද නූනේ???

දෙයියනේ චිරාත් කාලයක් එකට ජීවත් වූ ජාතීන් දෙකක් විරසක වීම මදිද?

1983 ජූලි 22,  ශ්‍රී ලංකාවේ හමුදාවේ සොල්දාදුවන් 13ක් සුහුඹුල් එල් ටී ටිය විසින් යාපනේදී මරා දැමුණු දිනේ සිට 2009 නන්දිකඩාල් කලපුව තෙක් සිදු වූ දේ  එහෙන් මෙහෙන් මතක් කරනව නම්..
1.
2. අරන්තලාව

3. කටුනායක ගුවන් තොටුපල, මහ බැංකුව, දෙහිවල දුම් රිය බෝම්බ
4. පිටකොටුව බෝම්බය
5. ප්‍රෙම්දස් ජනපති ඝාතනය
6. ශ්‍රී මහ බෝධියට, දළදා මාලිගාවට පහර දීම්
7.
.........


ඉතින් මේ වගේ මරුමුස්, මුරුග විනාශ කාරී වැඩ නිසා ප්‍රභාකරන් කොයි වගේ පුද්ගලයෙක්ද කියන එක කාගේත් හිතේ තිබුන ප්‍රශ්නයක්. වැඩිපුර දෙනා කලේ සාප කරපු එක.
ඉහත වීඩියෝවේ න්‍යායචාර්‍ය තුමා බාලසිංහ තමයි ප්‍රභාකරන්ගෙ  දකුණු පසින්, වම් පසින් මේ රජයේ ඇමති කෙනෙක් වන කර්ණා අම්මාන්. යුද්ධයේ නිමාවට පෙර බාලසිංහම් එලෝ ගියා අසනීප තත්වයන් නිසා. කර්ණා අම්මාන් අනෙක් පැත්තට සේන්දු උනා.

ලැබුනු අවස්තා මග හැර ගොසින් හෙළ දමිළ සියලුම අය මරාගත්තා,.. මරාගත්තා.
යුද්ධය එපයි සාමය ඕනයි කියල කොළඹ ගිය සාම පෙළපාලිය රැස්වීම කඩා කප්පල් පිරිසේ නායකය අද බොදු බලය අටවා ගත් ඥාණසාර හිමිය.
යුද්ධ නිමවීමෙන් පසුව නෝර්වේ ගොස් ''හොඳ ඩයස්පෝරාව'' හමු වී ඇත්තේ ඊට පසු කාලෙකය. ඥාණසිරි හිමිගෙ හොඳ ඩයස්පෝරාව සමග එතුමා පෑහුනේ මක් නිසාද කියල ලොකු ප්‍රශ්නයක්.
ඔය විදියට බැලුවම හොඳ ඩයස්පෝරාව යුද්ධය වෙනුවෙන් පෙනී සිටි අය වෙන්න ඕනෑය,   මන්ද ඒ සාදුත් පෙනී සිටියෙ යුද්ධය වෙනුවෙන් බැවිනි. අනෙක් පැත්තට බැලුවහම යුද්ධය වෙනුවෙන් පෙනී සිටි ඩයස්පෝරාව හොඳ වෙන්නේ කොහොමද කියලත් හිතෙනව.

කෙසේ හෝ යුද්ධය නිමාවී දැන් වසර පහක් ගතවී තිබේ.
ඉහත වීඩියෝවට පෙනී සිට අවුරුදු 12ක් ගත වී තිබේ.
මට එය බැලූ විට නිකං හිතුනේ ප්‍රභාකරන් අනේ කොච්චර අහිංසක නිවුනු කඩ හඬක් තිබෙන කෙනෙක්ද කියල. බාලසිංහම් මහත්තයගෙ චූටි මල්ලි, නැත්නම් දෙමළෙන් කියනවනම් තම්බි කෙනෙක් වගේනෙ කියල මට හිතුනෙ. තම්බි සංග්‍රාමයේ දක්ශයෙක් වෙන්න ඇති. ඒත් අංකූර් වෙච්ච, තැම්බිච්ච, පදම්වෙච්ච  දේශපාලකයො එක්ක ගේම ගහන එක බොහෝම අමාරුයි.. ඕන රෙද්දක් කරල ව්‍යවස්තාව, නීති පොත, කබර ගොයා තලගොයා කරල,  කරකෝල ගන්නව තමන්ගෙ වාසියට.  වටරැක හාමුදුරුවො බොරු කියල නිසා රිමාන්ඩ් කලා. එතුමාට ප්‍රසිද්ධියේ අපහාස කල සාදු වරදක් කර නැත. නීති පොත් වර්ග කීපයක් තියෙනවා වෙන්න ඇති, මහිතේ. කර්ණා අම්මාන් ඒ අතින් හොඳ මීටරේ, ප්‍රභාට සාපේක්ශව කර්ණා කතාවේ දක්ශයෙකි. අනුන්ගෙ ඇඟ උඩ කුණු ගොඩ තියල මේ පැත්තට සෙත්තපෝච්චි. කළ වැඩේ හරිය වැරද්ද බලල දැන් ඇති වැඩේ මොකක්ද?

18 comments:

  1. පිරබා අහිංසකයෙක් තමා.. මොකෝ නැත්තේ.. අපේ ලොකු අයියත් අහිංසකයා..

    ReplyDelete
    Replies
    1. දෙන්නම අහිංසකයෝ

      Delete
  2. මේ ඔක්කෝම මාර අහිංසකයි අප්පා. අපි තමයි නරුමයෝ..

    ReplyDelete
    Replies
    1. මොකද මාතලන් කණගාටුවෙන් වගේ අප්පා
      ඔහොම වෙන කොට අපිටත් දුකයි

      Delete
  3. යුද්දෙ නැතිව පාලුයි මෙයා

    ReplyDelete
    Replies
    1. ඔව් යුද්ධය තිබුන නම් කියල සමහරු කියනව

      Delete
  4. pala ponna bathi tho monawa kiwwath api hambayanta baya ne

    ReplyDelete
    Replies
    1. පල පොන්න ඇනෝ
      තොට මං භය වෙන්න කිව්වද

      Delete
  5. හ්ම්ම්

    අනේ මන්දා නීතියත් ...

    ReplyDelete
    Replies
    1. නීතිත් version කීපයක් තිබේ

      Delete
  6. අර සිදුවීම් ලැයිස්තුවට තව ගොඩක් දේවල් එකතු කරන්න නම් පුළුවන්. ඒත් දැන් ඕවා මොකටද. අම්මාන්ලා පිල්ලේලා බදාගත්ත අයට මට කියන්න තියෙන්නේ ගින්දර කෑවා නම් අඟුරු මලපහ කරන්න ලැස්ති වෙයල්ලා කියන එකයි.

    ReplyDelete
    Replies
    1. එහෙම නොකියනු මැන
      සිනාවෙන් හෝ කතාවෙන් මනිනු බෑ මිනිසා
      හැමදාම මිනිසුන් නරක වෙන්නේ නැත.
      බලනු මැන ඔවුන්ගේ පසුම්බිය දිහා
      කේ පී කොපමන හොඳ මිනිහෙක්ද

      Delete
  7. මෙවුවා ගැන කතා කරනවනම් ඉතින් සෑහෙන දේවල් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් එව්වා මෙව්වා ගොඩයි
      ඥාණසිරි සාදු මොන්ටේරෝවලින් යයි

      Delete
  8. දු‍ටුගැමුණු රජ්ජුරුවන්ගෙ අගබිසෝ එලාර රජාගෙ පවුලෙ කෙනෙක්ය කියල චක්‍රවර්ති හාමුදුරුවො කියල තියෙන්නෙ ! බතී ඒක දැක්කද ? අනේ එහෙම උනා නම් කොච්චර හොඳද ? බේද කාරයින්ගෙ ලොකුම තර්ක හබක්

    ReplyDelete
    Replies
    1. චක්‍රවර්ති සාදුත් හෙළ උරුමය ගැන ස්පැස්ලිස්ට්
      කට කහනවට කියන්නෙ නෑනේ

      Delete
  9. ප්‍රභාකරන්ට තිබුණේ නිවිච්චි හඩක්ද?අපේ ලොකු මාමට තියෙන්නෙත් නිවිච්චි හඩක් නෙමේද?
    ප්‍රභාත් නිකං රැවුල තියලා සාටකේ එහෙම දාලා ගත්තොත් අපේ මාමා වගේ නෙමේද?

    ReplyDelete
    Replies
    1. ඔව් හරිම නිවුනු, නිවුන්නු දෙන්නෙක්
      බෙදාගෙන කන්න තිබුන එක එයා බදාගත්තෙ නැත්නම්
      තාම හීනියට යුද්දෙ, දෙන්නම ගොඩ!
      අපිට ඉතින් මොනා උනත් මොකද නිකං අයිඩෙන්ටි කාඩ් නොම්මරනේ
      ප්‍රයිවට් බස්ව කොන්දොස්තරලට වගේ රුපියල් 10/20 කෑලිනේ

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්