Followers

Saturday, July 12, 2014

කතන්දර බ්ලොගය හා ප්‍රතිශත




ලංකාවේ ඩෙංගු සෑදී ලෙඩ වන හා මියයන සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ගතහොත් එය ගනන් ගත යුතු ගානක් නොවේ, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සුලු ගණනක් පමණි

83 සිට වාර්ගික යුද්ධයෙන් මල සංඛ්‍යාව 60000කි, ලංකාවේ ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස  සුලු ගණනකි. තව යුද්ධ දෙකක් වුවත් ඇති වූවාට කම් නැත.

කතන්දර,  බ්ලොග් ලිවීමෙන් ඉවත්වීම ගණන් ගත යුත්තක් නොවේ. බ්ලොග්කරුවන්ගේ සංඛ්‍යාව හා සසඳන කල අති කුඩා ප්‍රතිශතයකි.

ලංකාවේ භික්ශූන් සංඛ්‍යාව සලකා බැලූ කල ජාතිවාදී කුමන්ත්‍රණ වලට යොමු වූ සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ඉතාම සුලු ගණනකි.

සී ශෙල්ස් හරහා ස්විස් බැන්කුවලට යන මුදල ජාතික ආදායමෙන් සුලු ගනනකි. ලඟදී ස්විස් බැන්කු වලට ගොස් ඇති ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 3000ක් යනු ප්‍රතිශතයක් ලෙස සුලුගනනකි.

කෙනෙකුගේ බිරිඳ සිය සැමියා සමග ජීවිත කාලයක් නිදාගන්න එකේ බලෙන් එකෙක් දෙන්නෙක් ඇයගේ ඇඟ උඩ නැග්ගාට මොකද?  ප්‍රතිශතයක් ලෙස සුලු ගණනකි.

ලංකාවේ ජාතික ආදායමෙන් 25%ක් ගත් ණයවලට පොළිය වශයෙන් ගෙවනු ලැබේ. සුලු ගණනකි. තව ණය ගත හැකිය. තව ගෘහ සේවයට යවන්නේ නම් තව තව ණය ගත හැකිය. ණය දෙන උන් හොඳින් දනිති. පොල්ලෙන් ගසා කොන්ද කඩා ඇති ජාතියකට ගෑනු විකුනනවා ඇර වෙන මඟක් නැත. පොලිය ශුවර් එකට ලබා ගත හැකිය.

පොලිස් අත්ඩංගුවට වැටෙන සැක කරුවන් ගණන සලකා බැලූ කල ආයුධ පෙන්වන්න ගොස් ගඟේ ගිලෙන පැන යන්න ගොස් වෙඩි හුවමාරු කරගැනීමට ලක්ව වෙඩි කන සංඛයාව ඉතා අඩු ප්‍රතිශතයකි.

අධ්යාපනයට 6%ක්, මගෙ අම්මෝ ලොකු ගණනකි. ණය දෙන උන් කියන්නේ 2%ක් වැඩි බවකි. ජනතාව අධ්යාපනය ලබා ඉහලගියහොත් ජාත්‍යන්තර ගස්වල පොල් කඩාගන්නේ කවුරු යවලද? අපිත් ලොකු ලොකු වැඩි අගයක් ඇති භාණ්ඩ හදන්න ගත හොත් උන්ගේ නිෂ්පාදන විකුණන්නේ කාටද?

කොලොන්නාව ගම නිසා කසාද කැඩෙනවාලු හිරුනිකා කියනවා, ප්‍රතිශතයක් ලෙස කුඩා සංඛ්‍යාවකි.

පාර්ලිමේන්තුවේ ඉන්නා හොරු සංඛයාව හා ලංකාවේ ඉන්න හොරු සංඛ්‍යාව ගත් කල ඉතා කුඩා ප්‍රතිශතයකි.

මාධ්ය ප්‍රකාශකගේ ප්‍රකාශ අතරින් සත්‍ය ඒවා ප්‍රතිශතය?


38 comments:

  1. දයාල් කියන්නේ ඇත්තක්ද? ප්රතිශතය?? :D

    ReplyDelete
    Replies
    1. Podi Kumarihami
      ප්‍රතිශත, ඉලක්කම් ඕනෑ කෙනෙකුට
      ඕනෑ විදියට අර්ථකතනය කල හැක.
      ඒ අනුව මා කියන්නේ බොරු නොවේ.

      Delete
  2. /* 83 සිට වාර්ගික යුද්ධයෙන් මල සංඛ්‍යාව 60000කි, */

    ඔය ගණං හිලව් උපුටා ගත්තේ රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශකගෙන් නේද?


    ReplyDelete
    Replies
    1. එයාගෙන් ගත්තොත් ගණන තවත් අඩු වෙයි
      සයනයිඩ් කරල් කා බොහෝ අය සිය දිවි නසා ගන්න ඇතැයි තියරි එකක් හදන්න ඉඩ තිබේ.

      Delete
  3. ළංකාවේ ළිං මැඩියන් ප්‍රමාණය නම් ප්‍රතිශතාත්මකව ගත්තද ඉතා ඉහල අගයක පවති. ඔවුන්ට අනුව මේ රටේ දුප්පත් ජනතාව හිඟන්නෝ ලෙසම පෙර කලෑ කළ කරුමය ගේවා දැමිය යුතුමය. පින් කළ අත්තෝ පමණක් පිටරට ගියාට අවුලක් නැත. මෙවන් වූ ළිං මැඩිඩෝ ගැන දුක වනවා හැර කරන්නට කිසිත් නැත.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. අසරණ මිනිසුන් පිටරට යවන හීනයේ සිරකොට ආරක්ශාවක් නැති ගෘහයන්ට යවන කාන්තාවන්ගේ ඉරණම ඉතාම ඛේදජනක බව මිස පිටරට යෑම ගැන කවුරුවත් විරුද්ධව ලියනු මා දැක නැත. එසේ අර්ථකතනය කරන්නා තනිකරම කරන්නේ අංක ටිකක් පෙන්වා මුලාකිරීමේ දේශපාලනය බව තේරුම් ගන්නට ලොකු දැනුමක් අවැසි නැත. ගෘහ පාලිකාවක් තබාගැනීමට අදායමක් නැති අල්ලපු ගෙදර අයට එවැනි කෙනෙක් සිටිනවාට ගන්නා අයද ඉන්නා බව එරටවල සිටින මිනිසුන් කියනු මා අසා ඇත. මුදල් ගෙවා ගිය නිසා ගෙදොර දොර අඩු පාඩු දරුවන් නිසා දුක විඳගෙන සිටිනවා කියා සිතා හැම වැඩක්ම කරගෙන සිටියත් අන්තිමට අඩු ප්‍රතිශතයට අයත් අංකයක් වන්නට දිනට එක්කෙනා බැගින් අසරණ කාන්තාවට සිදුවේ. රටේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්වී ඇති බැවින් තුවාල කර එවන, පුච්චා එවන, මරා දමා සීල් කර එවන මිනිපෙට්ටි, ප්‍රතික්ශේප කරන ලද බාල බඩු ගනයට වැටී අඩු ප්‍රතිශතයට එකතු වන අංකයක් බවට පත්වී ඇත.

      රටේ ප්‍රධාන ආදයම උපදන මේ අයට භාශා දැනුමක් ලබාදීමට විදිමත් වැඩ පිලිවෙලක් තිබෙනවාද?
      පවුල් සුභසාධන වැඩ පිලිවෙලක් තිබෙනවාද?
      දත්ත අනුව මැද පෙරදිග skilled labour යන ප්‍රමාණය අඩු වී තිබේ.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  4. ප්‍රතිශතයක් ලෙස ගත් කල කුඩා යැයි සලකනු ලබන ඇතැම් වස්තුන්, පුද්ගලයින් ඒ ඒ ප්‍රදේශයන් තුල යම් හොද හෝ නරක වෙනසක් කිරීමට බොහෝ විට සමත්කමක් දක්වනවා. මෙතැනැදි අටලෝදහමට කම්පාවෙන ආකාරයට වැඩ සිද්ධ වෙන ආකාරායට ඒ කුඩා යැයි සම්මත ප්‍රතිශතයන්තම කාර්ය භාරයන් ඉටු කරයි

    ReplyDelete
    Replies
    1. මනුස්ස ජීවිතය අංකයකට සීමා කිරීම වෙන්නේ හිර ගෙදරදීය.
      කෙනෙකුගේ සාමාන්‍ය ජීවිතයත් අංකයක් බවට පත්වෙන තරම් අවාසනාවක්.....
      තවත් කොහිද?

      Delete
  5. Replies
    1. ඔව් මේ දවස්වල බ්ලොග් කියවන අයට තමයි පනිවුඩේ හරියට තේරෙන්නෙ

      Delete
  6. අසත්‍ය සියළු ප්‍රකාශ, ක්‍රියා අතරින් ඉතා සුළු ගණනකි..

    ReplyDelete
    Replies
    1. අපට සුලුය. ඒවා යෙන් බැට කන අයට සුලු නැත. ජීවිත පවුල් වැනසී යයි. සමාජය දුෂ්ඨ වෙයි.

      Delete
  7. කොහොමත් ගංජ ජැක්සා හෙට අනිද්ද හිස් ටිං එක රජ කාලෙ ඉදල තිබ්බ බව කියනව .... සත පහ මුණ සමග.... with ...වැල පෙරුම සමග....

    ReplyDelete
    Replies
    1. ඒ ගීතය නම් එම් ජී කියනව නියමෙට

      Delete
  8. kathandara liwwe nathuwama apita paanda?

    ReplyDelete
  9. "කතන්දර, බ්ලොග් ලිවීමෙන් ඉවත්වීම ගණන් ගත යුත්තක් නොවේ. බ්ලොග්කරුවන්ගේ සංඛ්‍යාව හා සසඳන කල අති කුඩා ප්‍රතිශතයකි."

    ඒ කියන්නෙ කතන්දරකාරයා බ්ලොග් ලියන්නෙ නැති එක ප්‍රස්නයක් නෙමේ..........එහෙමද..?

    ReplyDelete
    Replies
    1. නැතුව වෙන මොන මගුලක්ද

      Delete
    2. ඒකෙ තේරුම් කීපයක් තියෙනව.
      ප්‍රතිශත කියන ගණිත යෙදුම්වල බර,
      අර්ථකතනය කරන්නාගේ උවමනාව මත
      වෙනස් කර ගැනීමට ඇති හැකියාව පෙන්වන්නයි මා මේ ප්‍රතිශත ඉදිරිපත්කලේ.

      Delete
  10. මතක ඇතිව 95000 පහු කරා කියල ගහන්න..

    ReplyDelete
    Replies
    1. ලස්සෙ ලඟයි නේ,
      එකපාරටම දානව කියල හිතුව.
      සෑමුත් පහලින් කියනව, හිට්ස් බලාගෙන තමයි
      මේ පෝස්ට් එක දාල තියෙන්නෙ කියල.

      Delete
  11. සිංහයො කොටි නෙමෙයි ලෝකෙ භයානකම සතා...පුංචි මදුරුවා

    ReplyDelete
    Replies
    1. ano gahana sirath bayanakayi

      Delete
    2. ඩෙන්ගු, මැලේරියා,...තව තියෙනව
      ඇත්තටම භයානක සතා තව පුංචියි,
      වෛරස් බැක්ටීරියානේ ලෙඩ ඇති කරන්නේ
      මදුරුව වාහනේ පමණයි

      Delete
    3. ඇනෝ ගහනවා කියලා සිරාට චෝදනා කරන උන් ඊට වඩා භයානකයි.....ප්‍රොෆයිල් එකක් තියාගෙන ඇනෝ කමෙන්ට් දාන උඹ ඊටත් වඩා භයානකයි.

      Delete
  12. ඔය ලංකාවේ තියෙන සංඛ්‍යා ලේඛණ විශ්වාස කරන්න පුළුවන්ද??

    ReplyDelete
    Replies
    1. තමන්ට වාසියට පාවිච්චි කරන්නයි ඒව තියෙන්නෙ.

      Delete
  13. කතන්දර ඉවත් වීම ඔහුගේ අදහසක්...

    ඒ ගැන පෝස්ට් ලිවීම, ඔබේ හිටිස් වැඩි කර ගැනීමට අවස්ථාවක් :))

    ReplyDelete
    Replies
    1. සෑම් ඒක ඉතා සුළු ප්‍රතිශතයක්....

      Delete
    2. කතන්දර වැහුවම බතීත් වැහේවිද?? (මති මතාන්තර වලට අනුව)

      Delete
    3. සෑමටයි තිසරටයි තේරුනා

      දේශක යා
      ආරංචියෙ හැටියට කතන්දරට
      විනෝදාංශ සඳහා වැය කල හැකි කාලය අඩුවී ඇත.
      දයල් බතීට ඉදිරියට යා හැකිය.

      Delete
  14. රටේ වෙන හොරකම් රජ්ජුරුවෝ කරන සොරකම් හා සැසදු විට ඉතා සුළු ප්‍රතිශතයකි.

    ReplyDelete
    Replies
    1. රටේ අය වැයෙන් 70%ක් පාලනය කරන්නේ තුන් සරණය විසිනි.
      ඒ අනෙක් අය අතට ගියොත් අබසරණ විය හැකි බැවිනි,
      පව් සිදුවන කතා නොකියා හිටිං මලේ

      Delete
  15. මාර ප්‍රතිශත බැලිල්ලක්නේ ;) 

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි මාත් අහන්නෙ
      ප්‍රතිශත අපිට ඕන ඕන විදියට අර්ථ කතනය දිය හැකි ගනිත සංකල්ප
      ඒවයෙන් ලොකු ලොකු ප්‍රශ්න වහන බව පෙන්වන්නයි මා මෙය ඉදිරිපත්කලේ

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්