Followers

Monday, July 28, 2014

අනෝමා ජිනාදරී හා හදිසි අනතුරු වලින් මියගිය ලංකාවේ නායකයින්


VIDEO: Anura Kumara Dissanayake hospitalised after accident


ලංකාව සිය නායකයන්ව කෲර ලෙස මරාදමන්නට ප්‍රසිද්ධ, ලිඛිත දීර්ඝ ඉතිහාසයක් ඇති රටකි.
කුඩා කල මගේ හද කකියවූ රාජකීය මිනිමැරුම නම් වැව් බැම්මේ පස් ගසා ඝාතනය කල ධාතුසේනගේ කතාවයි. එය සිදු උනේ තමාගේම පුතා අතින්ම වීම කෙතරම් කෲරද? ශෝඛජනකද?
අනිවාර්‍යෙන්ම මෙය පසු පස ස්ත්‍රියක් සිටින්නට ඇත.(මේක නම් මං බැනුම් අහන කතාවක්)
(සීගිරි බිත්ති වල ඇඳි රූ අතර ඒ ස්ත්‍රියත් ඉන්නවාද?)

පසුගියදා අනුර කුමාර දිසානායක සිය වාහනය ටිපර් රථයක හැපීම නිසා අනතුරට ලක්විය. මට එවේලේම සිහියට ආවේ ඔය රත්නපුර හරියේම වාහනය අනතුරට ලක්වීමෙන් අපට අහිමි වූ හොඳ නායකයෙක් වූ සරත් මුත්තෙට්ටුවගම වගේම කොළඹ කිට්ටුව වාහනය අනතුරට ලක්ව නැති වු ශ්‍රීපති සූරියාරච්චි. කඩවතදී අනතුරට ලක්වූ විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකයින්.

මට අමතක උනු අයගෙ නම් අපේ  සහෘදයො එක්කරාවි.

 ඒ අරුනම ඔබ දන්නවනේ ඔය තව 'සුලු සුලු' අත් වැරදීම් වලින් අපට නැති වෙච්ච නායකයො; ලැයිස්තුවක් තියෙනව.

මෑත කාලයේ
සොලමන් ඩයස් බණ්ඩාරනායක
විජය කුමාරණතුංග
ලලිත් ඇතුලත් මුදලි
ගාමිණි දිසානායක
රෝහණ විජේවීර
රණසිංහ ප්‍රේමදාස
භාරත ලක්ශ්මන් ප්‍රේමචන්ද්‍ර

ශිෂ්‍ය ක්‍රියාකාරීන් වූ කොළඹ වි වි රෝහණ රත්නායකගෙ, දයාපතිරනගෙ මල ගෙවල්වල භයෙන් භයෙන් ගිය කෙනෙකු හැටියට ලොකු නායකයො නොවුනත් ඒ අයත් මේ වෙලේ මතක් කල යුතුයි.මේ දෙදෙනාම ජාතිවාදයට විරුද්ධව නිභයව පෙනී සිටි ශිෂ්‍ය ක්‍රියාකාරීන් විය. එදා තිබූ ජවිපෙ අද තිබෙන ජවිපෙය බව පත් කිරීමට ජීවිත පුජා කල දහස් ගනන් අතර මාතර අපරැක්කේ දයාපතිරණත් ඉහලින්ම සිටී. අනෝමා ජිනාදරීත් දයාපතිරන ඇතුලු ජීවිත හානි වූ හැම ගැනම දුක්වෙනු මා ලඟදී රූපවහිනියෙන් දුටුවා. අනෝමා ජිනාදරී විසින් ලියන ලද පොත් කීපය මා කිය විය යුතුම පොත් අතරට වැටුනා.

අනුර කුමාර දිසානායක සිය පක්ශයේ අතීත වැරදිවලට සමාව ගන්නට තරම් කොන්දක් තිබෙන නායකයෙක්.
අපි ඒ සහෝදරයාව ආරක්ශා කල යුතුයි.

15 comments:

  1. //කොළඹ කිට්ටුව වාහනය අනතුරට ලක්ව නැති වු ශ්‍රීපති සූරියාරච්චි// මට මතක හැටියට අනුරාධපුරයේදී.

    රගර් ක්‍රීඩකයෙකුත් තාප්ප්ක හැප්පිල මැරුනා නේද? එකක් දෙකක් කරපු මිනිහෙක්ට තව්ව එකක් කරන එක අවුලක් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් ලංකාවේ
      සාමය කියල උඩින් පේන්න තියෙන එකට
      රැවටෙන්න හොඳ නෑ.
      අවුරුදු 2000ක් 3000ක වෛර
      තියෙනව නොවැ පිරිමහගන්න.

      සුද්ද දීල ගිය පොරජාතන්තරේත්
      දේශීය කරල, නීතිය අතට අරගෙන
      රාවණා කරල ඥාණසාර කරල අරං
      තිබෙන්නේ ඒ නිසා නොවැ

      කොයි මොහොතෙ පත්තු වෙනවද
      දන්නෙ නෑ

      අපේ මානසිකත්වය හැදිල තියෙන්නෙත් එහෙමනේ
      කොයි මොහොතේ කොයි නායකය යයිද දන්නෙ නෑ.
      ඉන්දියාවේ එහෙම අස්ථායි තාවයක් නෑ.
      ඒ නිසා අපේ කාර්‍යභාරය විය යුත්තේ
      සාමය හා සමෘද්ධිය මත පදනම්
      වූ ස්ථායි තාවයක් ඇති කිරීමයි

      Delete
  2. මට මේක හර්යටම තාම තේරුම්ගන්න බැරිවුන නිසයි අහන්නෙ.
    තමන්ගෙන් වුන වැරදිවලට ජවිපෙ පැහැදිලිව සමාව ගත්තද? නිල ප්‍රකාශයකින්වගේ? එක එක අය වැල්වටාරම්වලින් ලඟින් යන දේවල් කියනව අහල තියනව. ඒත් මට පැහැදිලි අදහසක් ලැබිල නැහැ

    ReplyDelete
    Replies
    1. බී බී සිය හා අනුර කුමාර දිසානායක පැවත්වුනු සම්මුඛ සාකච්ඡාවකදී තමයි එහෙම වෙලා තියෙන්නෙ, නැතුව ලිඛිතව නිලවශයෙන් දන්න තරමින් නෑ.

      Delete
  3. /* එදා තිබූ ජවිපෙ අද තිබෙන ජවිපෙය බව පත් කිරීමට ජීවිත පුජා කල දහස් ගනන් අතර මාතර අපරැක්කේ දයාපතිරණත් ඉහලින්ම සිටී. */

    මොකක්ද දයල් ඒ විකාරරූපි වාක්‍යය?

    දයා පතිරණව මැරුවේ ජවිපේ විසින් පිහිටවූ දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය මගින් ය කියලා කියන්න බැරි ඇයි?

    ReplyDelete
    Replies
    1. කතන්දර
      ඔබ විසින් එය කියා තිබෙනවානේ

      Delete
  4. // අනුර කුමාර දිසානායක සිය පක්ශයේ අතීත වැරදිවලට සමාව ගන්නට තරම් කොන්දක් තිබෙන නායකයෙක්.
    අපි ඒ සහෝදරයාව ආරක්ශා කල යුතුයි.//

    මෙන්න මේ කතාවනම් සෑහෙන්න අගය කරනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි
      කොන්දක් ඇති, නැති,
      ජීවත් වීමේත්
      ආරක්ශාකාරීව ගමන් කිරීමේත්
      අයිතිය හැම පුරවැසියෙකුටම තිබිය යුතුයි

      Delete
  5. මෙකේ එහෙම දෙයක් උනා නම් ජෙප්පෝ මෙලහකට දෙක කරලා. ඒක රියදුරුගේ වරද..

    ReplyDelete
    Replies
    1. වෙන දේවල්වල හැටියට
      කෝම විශ්වාස කරන්නද

      Delete
  6. උඹ කියන මගුල් දැන් දැන් මට නොතේරෙන ගතියක් තියනවා... ඒක මගේ නොදැනුම කියලා හිතන්න මම කැමතියි..

    ReplyDelete
    Replies
    1. ඔබ හරි
      සමහර තැන්වලදී
      මගේ ලියවිලිවල නොපැහැදිලි ගති තියෙනව

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. කවුරැ මොනවා කිව්වත් මට නම් දැන් ඉන්න දේශපාලුවෝ සේරම එකයි.. මහජනතාව වෙනුවෙන් කරන සේරම උන් කරන්නේ කටින් විතරයි.. හැමෝම බලන්නේ බලය ලබාගන්න මිසක් අපිට වැඩක් කරන්න නෙවෙයි.. අනේ මන්දා..

    ReplyDelete
    Replies
    1. දේශපාලුවෝ හැමෝම එකයි, ඒ අය හොඳින් බැරි නම් නරකින් බලය ලබාගන්න තමයි උත්සහ කරන්නේ.
      ඇත්තටම අපිටත් ඕනේ ඒක නේද ?
      උදාහරණයක් වශයෙන්, යූ එන් පී එකේ අය රනිල්ට බනිනවා
      මෙහෙම බොරු කියන්නෙ නැතුව ඡන්ද දිනන්න බෑ කියල
      තව එක එක ජාතියෙ ලස්සන යෙදුමුත් දාල බනිනවා

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්