Followers

Thursday, July 31, 2014

හේමා ප්‍රේමදාස මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ශයෙ සිටියා නම්




හේමා ප්‍රේමදාස මැතිණිය, ප්‍රේමදාස මහතා ජනපති කාලෙ ආන්දෝලානාත්මක චරිතයක්. ඒ මහත්මියගෙ වාසනාව ප්‍රේමදාස මහතා පසුපසින් තුබුන කියලත් කියවෙනව. නෙට්බෝල් ගහන්න සෙල්ලම් කරන්න ගොහිල්ල ඉන්න වේලාවක ගත්ත පින්තූරයක් පත්තරයක පලවීම නිසා ලොකු කලබලයක් උනාලු.
අනිවාර්‍යයෙන්ම ලොකු ඉරිසියාවක් කා තුලත් අවංකවම තිබුනා. පොඩි තැනකින් ආපු නිසාත් ලස්සන නිසත්.

1994 ප්‍රේමදාස මහතා හදිසි අනතුරකින් අප අතරින් වෙන් වූ වේලාවේදී උද්දාමයට පත් සමහර මිනිසුන් විසින් රතිඤ්ඤා පත්තු කර කිරිබත් කෑවා. මා එයට විරුද්ධ වුවත් ඇත්තටම හරිම නිදහසක් දැනුනා. උදේටත් අවදිවෙන්නෙ එතුමාගෙ රේඩියෝවේ රූපවාහිනියේ බණවලින්, රෑ නින්දට යන්නේත් එතුමාගෙ කතාවලින්.
ඇතිවෙලා හිටියේ මොන මලකරදරයක්ද මේ කියල. හැබයි එකක් කියන්නෝන, ඒ කාලෙ රස්සා ඕන තරම්.
සුදු නෙලුම් මල් අරගෙන චන්ද්‍රිකා නෝනා ආවා 65%කින්. එස් බී ආවා දුප්පතාට සමුර්ධිය අරගෙන.

පුදුම නිදහසක් දැනුනා.

හේමා මහත්මිය සිය සැමියා ගැන හොඳින් සොයා බලමු කෙනෙක්.
ඈත පලාතකට ගියොත් දවල් කෑම හිල්ටන් එකෙන් අරං හෙලිකොප්ටර් එකෙන් යවනවලු. මන්ද එතුමා බොහෝම පරිස්සමෙන් තෝරාගෙන බේරාගෙන තමයි කෑම කෑවේ.

මං ආස එතුමාගේ ජීවන චරිතයේ අංග කීපයක් තියෙනව.

පාන්දරින් අවදිවීම හා වේලාවට වැඩ කිරීම- මට බැරි වැඩක්
මත් පැන් පානයෙන් තොරවීම- මට බැරි වැඩක්
සරල චාම් දිවි පැවත්ම - මට බැරි වැඩක්
හොඳ මතකය- මට නැති එකක්
කලාකරුවන්ට සැලකීම-
කුඩා තැනකින් පැමිණ රටේ ඉහල තනතුරට නැගීම
ඥාති සංග්‍රහයෙන් තොරවීම
අධික ධන තණ්හාවෙන් නොපෙලීම?

එතුමාගේ ශෝක බරිතම කතාව මා ඇසුවේ ලලිත් ඇතුලත්මුදලිව නාරහේන්පිට රැස්වීමක් අමතමින් සිටියදී ඝාතනය වීමෙන් පසුවයි.
එතුමා අඬමින් කීව,
 ''මේ ඝාතනය, මගේ චරිතය ඝාතනය කරන්න කරපු වැඩක්.''

හොඳම කතාව තමයි ඇට අටේ කතාව, පොරොන්දු වූ ඇට අටක් දුන්න හැටි.
ඊයෙ පෙරේදා ධාන්‍ය වර්ග කීපයක මිල අඩුකරල තිබුන. ඒ වගේම එස් බීගේ 'ඡන්ද ටෝක්ස්' ඇහෙන කොට මට ප්‍රේම්දාස මහත්තයගෙ ඒ 'ටෝක්ස්' මතක් වෙනව. රටක් දියුණු වෙන කොට නිකං පයින් ගිය මිනිහා සෙරෙප්පු දානවා, සෙරෙප්පු දාපු මිනිහා සපත්තු දානවා.
ලඟ එන ඌවේ ඡන්දෙට එස් බී කියනව, "චූන් පාන් පාන්දරට කෑ ගහනකොට මිනිස්සු පාන් ගන්නව. දවල්ට අයිස් ක්‍රීම් කාරය පෝම් ගාන කොට මිනිස්සු අයිස්ක්‍රීම් ගන්නව, රටවල් දියුණුවෙන කොට එහෙම තමයි "

ප්‍රේමදාස මහත්තයගෙ මා අකමැතිම පුද්ගලික අවගුණය තමයි බොරු පුරාජේරුවක් ආරූඪ කරගන්න යෑම.
කොළඹ අලුත් කඩේ පාරෙ බෝල ගහපු කොල්ල වගේ හිටිය නම් වඩා හොඳ නොවෙද?
අනුර කින්ඩිය දැම්ම ලැවරිය කොල්ල කියල. හැබැයි ඒ කොල්ල රටේ ජනපති උනා. ඒ මදිද? මොකටද තව බොරු පුරාජේරු?
එතුමාගේ ප්‍රියතම කම්කරු නායකය තමයි ඊ ඒ ගුණසිංහ මොකද එයා ඒ වනවිටත් එලෝ ගිහිල්ල හුඟ කල්. එදා සිටිය වමේ නායකයන්ට කතා කලේ යුනියන් නායකයො කියල මිසක්ක නමක්වත්  සඳහන් කලේ නෑ. ගම් උදාව එතුමාගේ සංකල්පයක්. ඒකෙන් යම් වැඩක් නොවුනෙත් නෑ.




24 comments:

  1. තව 'නාඩගම්' ගොඩක් හදයි....:D

    ReplyDelete
    Replies
    1. දැන් නම් එහෙම කරන එකක් නෑ.

      Delete
  2. කවුරු මොනවා කීවත් එතුමා අති දක්ෂයෙක් මෙ පුන්චි මිනිහ ඔක්ස්ෆෙර්ඩ් ඩිග්‍රි කාරයෝ සහ වලුව්කාරයෝ ඉස්සරහ රජෙක් උනා

    ReplyDelete
    Replies
    1. දක්ශ කම ගැන නම්
      වදන් මදි කියන්න

      Delete
  3. සිරි ලංකා නිදහස් පක්ෂයට නම් වෙන්න ඕන දේ උනා... එහෙම වෙන්න ඕන.. මේ රටට කරපු විනාෂයට. අද එහෙම පක්ෂයක් නෑ.. අද තියෙන්නේ රාජ පක්ෂය.. ඒකට මම මනාප.. එජාපය යන පාරේ යන නිසා.. රිගේනින් සිරි ලංකා ඒ විදියටම කරන නිසා..

    ReplyDelete
    Replies
    1. රිගේනින් ශ්‍රී ලංකා කොප්ප ගැහුවට පොලිටිකල් එක්ෂිබිෂන් එකක් නේද වෙන්නේ.පාරවල් හැදුවට එයාපෝට් ගහල රිගේනින් ශ්‍රී ලංකා එකෙන් අපේක්ෂා කලේ ආයෝජකයන්ට යටිතල පහසුකම්. නමුත් ආයෝජකයො පැත්ත වත් නොබලන රජාගේ කොප්ප අපේක්ෂා කරන්නේ ජනතාවට තාවකාලික ආතල් එකක් දීල ජන්ද ටිකට තට්ටු කිරීම.

      Delete
    2. @ Anonymous..... එකගයි මචං ....

      Delete
    3. ඇත්ත ඒත් විකල්පයක් පෙන මානයක නෑ නේ..

      Delete
    4. මාතලන්ගෙ උත්ප්‍රාසය හෙහ් පට්ටය

      Delete
  4. අධික ධන තණ්හාවෙන් නොපෙලීම?///
    ෂුවර්ද මේ ගැන හොදටම...
    100% විතර

    ReplyDelete
    Replies
    1. එයාට නොකරගත්තට..... දුවට රෝස වවන්න N' එලියෙ රජයෙ ඉඩම්.....
      හේමාට & බෑනට ව්‍යාපාරික පහසුකම්........
      පුතාට නිදහසෙ නිදන් හෑරීමට ආරක්ෂාව..... ඇතුළු තව....තව......

      Delete
  5. ප්‍රේමදාස මහත්තයට විරුද්ධ දේශපාලන පසුබිමකින් එන මට එතුමාගේ හොඳ දේවල් පේනව.එකක් එතුමා මහජන මුදලින් කරපු දේවල්වලට එතුමාගේ නම දාගත්තෙ නැතිලු.
    අනෙක පුතා දේශපාලනයට ගේන්න පක්ෂයෙ ඇබිත්තයො ගත්ත උත්සාහයන්ට එතුමා විරුද්ධවුනා.ඩන්කන් ප්‍රනාන්දු සජිත් ගෙනල්ල රැස්වීමක් තිබ්බහම ප්‍රේමදාස මහත්තය බැන්නලු."ඔය වැඩේ කළේ ලකුණු දාගන්නනම් හිතා ගන්න දැනට තියන ලකුණුත් කැපුන කියල කිව්වාලු.
    ප්‍රේමදාස මහත්තය ඒ අතින් උදාර මිනිහෙක්.එතුමගෙ නම සදහන් කරද්දි ඉස්සර මම දැම්මෙ නිකම්ම ප්‍රේමදාස කියල.මට දැන් හිතෙනව ඒක පාපයක් කියල.

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස මහත්තය ලඟත් හොඳ ගති ගුණ තිබුනා නැති නම් කොහොමද දේශපාලනයේ හරි කොහේ හරි ඉහල නගින්නේ.

      Delete
  6. ප්‍රේමදාස මැරුණේ 1993... අර ඇට අටේ කතාව කිව්වේ ජේ.අර්. නෙමෙයිද?

    ප්‍රේමදාසගේ අර කියපු පෞද්ගලික ගුණාංග තියෙන්න ඇති... හැබැයි 88/89 සිද්ධ වුණේ එයාගේ කාලෙ කියන එක අමතක කරනන් බැහැ... 71 ගැන අපි දන්නේ නැහැ.. ඒත් මරන එක සරල, සිල්ලර දෙයක් කලේ ප්‍රේමදාස කියලයි මට හිතෙන්නේ... ජේවීපී එකත් වගකියන්න ඕනේ.. මම කියන්නේ රාජ්‍ය නායකයා විදිහට දක්වපු ප්‍රතිචාරය...

    ReplyDelete
    Replies
    1. /* හොඳ මතකය- මට නැති එකක් */

      ;-)

      Delete
    2. ප්‍රේමදාස ජනාධිපති වෙන්නෙ අසූ අටේ දෙසැම්බර් මාසෙ. විජේවීර මිය යයන්නෙ සහ විප්ලවේ මිය යන්නෙ අසූ නමයෙ නොවැම්බර්. එතකොට අසූ තුනේ ජූලි ඉඳල අසූ අටේ දෙසැම්බර් වෙනතුරු මරාපු, මරා ගැනීමට රට තල්ලු කරපු ජේ ආර්ට වඩා අපි බනින්නෙ ප්‍රේමෙට. ඇයි ඒ?

      Delete
    3. තිසර, කතන්දර කාරයා, ඉන්දික උපශාන්ත

      ප්‍රේමෙට දුන්නෙ මර උගුලක්
      ප්‍රේමෙගෙ කලු චරිත ලක්ෂණ ගොඩක් එළියට ගන්න සිදු උනා ගේම ගහන්න
      කොතනත් කාටත් සීමාවක් තියෙනව.
      සදාම්, ගඩාෆි මුලු පවුල් මාෆියා බලය යොදාගෙන ගේම ගහගෙන ගියා
      අවසන කොහෙද

      Delete
  7. at the least that woman smiled. the current one ? damn plastic face. shit

    ReplyDelete
    Replies
    1. half backed cake decorated with own shit.

      Delete
  8. premadasa vs mahinda

    ප්‍රේමදාස මහින්දට වඩා ටිකක් කළු චරිතයක් ( 88 -89 යුගය තුල මහින්ද රටේ ජනාධිපති වෙලා හිටිය නම් මේකෙ අනිත් පැත්ත)
    මහින්ද ප්‍රේමදාසට වඩා ලංකාවේ ජහමන නාඩිය අල්ල ගත්ත .
    ප්‍රේමදාස මහින්ද වගේ පවුල්වාදියෙක් නෙමේ.
    ප්‍රේමදාසට පාස්කරලිංගම් වගේ මහින්දට පී බී ( නැත්නම් මුල්‍ය කළමනාකරණය ගැන බිංදුවක් වත් නොදන්නා මේ දෙන්නම ලොස් )

    ReplyDelete
  9. මොනවා වුනත් මම හිතන විදියට ප්‍රේමදාස මහත්තයා වැඩකාරයෙක් එත් J.R. මහත්තයා තමා මේ රටේ හිටපු නියම වැඩකාරයා මොකද එතුමා තමන්ගේ කැබිනට් එකට ගත්තේ හොඳම වැඩර්ලා සෙට් එක එතුමා දැනගෙන හිටියා එතුමාව කපාගෙන උඩට යන්න එකෙක් වත් නැති බව........... ඊට පස්සේ අපු ඔක්කොම බලයට බයවුනා.......

    ReplyDelete
  10. ශිරාන්ති නෝනා යු.එන්.පි ඒකට ආවොත් මක් වේවිද..?

    ReplyDelete
    Replies
    1. චුංගියොෝ ජා කර ගනිවී.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්