Followers

Sunday, July 27, 2014

ඔස්ට්‍රේලියානු සරණාගතයින්ටද අබසරණය- සරණාගත ප්‍රශ්නයද අපේ කස්ටියට නිධානයකි!



උපායමාර්ගයේ දක්ශයාට මීකුණත් සම්පතකි
යුද්ධය, ආයුධ සපයන්නාට ධන උල්පතකි
දේශපාලකයාට හෙන්ඩුවකි
ධන නිධානයකි, බලයේ අමරණීයත්වයට මගකි
සරණාගත ව්‍යාපාරිකයාට කප් රුකකි.; (සාමාන්‍ය ජනයාට පමණක් මර උගුලකි. කවුද උන්ව ගනන් ගන්නේ, දහයෙ විස්සෙ කෑලි, රටේ මුලු ආදායමෙන් සුලු කොටසක් පමනයි උන් අතට යන්නේ.)
එනම් සරණාගත ප්‍රශ්න මුවාවෙන් මිනිසුන්ව මුදලට දියුණු රටවලට ගෙන ගොස් අතහරින ව්‍යාපාරය යැපෙන්නේම යුද්ධය මතය.
ඔස්ට්‍රේලියාව සරණාගත ප්‍රශ්නය මුවාවෙන් ලාබෙට ඉගෙන ගත් මිනිසුන් හීලෑ කොට ගෙන්වා ගනිති. එමෙන්ම  විරුද්ධ දේශපාලකයන්ට ආණ්ඩු මාරුවටද උදව් වෙනවාලු.
සරණාගතයින් සඳහා ආණ්ඩුවේ වියදම ඩොලර් කෝටි බිලියන් ගානක්, ඩොලර් බිලියන් එකක් කීවොත් රුපියල් කෝටි, කෝටි දාහක් කියමු. පොඩි ගානක්ද, ලංකාවේ මුලු ජාතික ආදායමම ඩොලර් බිලියන 20යි.
ඊට ලේසි නැද්ද පරණ නැව් දෙකක් ඇඟේ ගහල ජන අප්‍රිය කස්ටියට තමන්ගෙ කලු සල්ලිවලින් ඉඩමක් කඩමක් අරන්දීල ජාම බේරගන්න එක.
Botany Bay underway in Darwin Harbour
Bay Class patrol boats donated by Aus Gov

ලංකාවේ අයත් ඉතින් දෙපැත්තෙන්ම ගරන්න පුලුවන් මාර්ගයක් හදාගත්ත.
සරණාගතයින් කර්මාන්තය එක පැත්තකින්
අනෙක් පැත්තෙන් ඔස්ට්‍රේලියානු ආණ්ඩුව මට්ටු කරන්න පුලුවන් පොටක් පාදගත්ත.

දැන් උඹලම කියනව යුද්ධෙ ඉවරයි කියල, එහෙනම්,
ඔස්ට්‍රේලියාව ලංකාවට කියනව
නවත්තගනිල්ල උඹලගෙ මිනිස්සු,

ලංකාව කියනව අපිට පහසුකම් නෑ කියල.
ලංකාව දන්නව යකඩෙ රත් වෙච්ච වෙලාවට තලාගන්න.
මෙය බහු කාර්‍ය්යයි. ඒ වගේම විවිධ සේවා සමූපකාරය වගේ.
ලංකාණ්ඩුවට පුලුවන් දැන් යුද්ධය හමාරයි රට හොඳයි කියල ඒ අය කියන කතාව ලෝකෙට පෙන්වන්නත් ආධාර ගන්නත්, රට පනින එක ලෙසි නෑ, අපිට සැලකුවොත් මිසක්ක කියන එක සරණාගත ව්‍යාපාරයට කියන්නත්
ලංකාවේ අතුරුදන් කිරීම්, විරුද්ධ දේශපාලනය කරන උන්ට, මාධ්‍යකරුවන්ට, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට කරන බලපෑම්, අඩන්තෙට්ටම්, මහ පරිමාණ දුෂණය බේතකටවත් සොයා ගන්න නැත. ධර්මද්වීපයකි. සුදු ඇඳගත් උපාසකයන්ගේ රජයකි.
ඒ අනුව මිහිකතයි තව කතකුයි (ඒ නැව්වල/බෝට්ටුවල නම් මහිතන්නෙ) ලංකාවට යනව
එහෙන් හොඳ කටක් ඔස්ට්‍රේලියා යනව
කවුද ඒ
ගල් උඩ අත්තේ හිමි.
උන්නාසෙත් වෙලාව බලල මිතුරන් හරහා සිය ඉල්ලීම දාල.
ඇමරිකාව තහනම් කළත් ඔසියන්ට බෑ
මොකද දැන් ලංකාව හරහා බොහෝ දේවල් සිදුවෙනව.
 මත්ද්‍රව්‍යය, සරණාගතයො, කලු සල්ලි හුවමාරුව.  මූදු කොල්ලකරුවන්ට මූණ දෙන්න පුලුවන් බලවේග, ලෝකෙ භයානකම ත්‍රස්තවාදය නැතිකරපු පුහුණු හමුදාව තියෙන්නෙ. දැන් ජනතා විරෝධයන් ඇතිකරන්නත් නැති කරන්නත් කොන්ත්‍රාත් ගන්න පුලුවන් කරාටේ සමාගම් තියෙන රටක්.
තමන්ගෙ එකෙක් ලොකු කැසිනෝ ව්‍යාපාරයක් අරින්න දැන් ලෑස්තියි
ලංකාවත් ශේප් එකේ තියාගන්න ඕන තැනක්.

ඔස්ට්‍රේලියාවේ සරණය පතා එන ඇත්ත අසරණයන්ටද
ඇත්ත සරණාගතයන්ටද දැන් අබසරණය

මැද පෙරෙදිගට ඉශ්‍රායලය වගේ ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව "දියුණු කරල" ගන්න පුලුවන් තැනක්.


 සල්ලි ටික කොටා ගෙන ලොකු එවුන් එහෙ මෙහෙ පනී

අපි ඉන්නෝන ලංකාවේ
බුදු අම්මෝ පරිස්සමෙන්..

4 comments:

  1. \\\ඔස්ට්‍රේලියාව සරණාගත ප්‍රශ්නය මුවාවෙන් ලාබෙට ඉගෙන ගත් මිනිසුන් හීලෑ කොට ගෙන්වා ගනිති\\\
    ++++++++++++

    ReplyDelete
  2. ඔස්ට්‍රේලියාව සමඟ අපේ සබඳක්ම් බොහෝම ඈතට යනවා. ඒ කියන්නේ රාවණා යුගය දක්වා..

    ReplyDelete
  3. කොහොමත් දැන් තියෙන ඔස්ට්‍රේලියා රජය අපේ රජයට පක්ෂපාති බවක් පෙන්වනවා නේද ?
    කොහොම වෙතත් මේවාට කමෙන්ට් කරන්නත් ඕනේ පරිස්සමින් අපිත් ඉන්නෝන ලංකාවේ.

    ReplyDelete
  4. ලංකාවට අත ගහනවනම් තව මරු බිසිනොස් එකක් තියනවා.. ඒ තමයි මුහුදු කොල්ල කාරයො වෙන එක.. ඕනමනම් හම්බන්තොට බේස් එක කර ගන්න පුළුවන්..ඇයි අප්පා දවකට නැව් කීයක් ඔතනින් යනවද හම්බන්තොටට හූ කිය කිය.. හම්බට ලජ්ජා කරනවට පාඩමක් උගන්නන්නත් එක්ක ඒ වැඩේ හොඳා.. සොමාලි උන් එතකොට කැලේ.. සොමාලි උන්ගෙ කෙරුවාවෙනුත් වැඩිම ලාබයක් ලබන්නේ ශ්‍රී ලංකාවම තමා..

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්