Followers

Tuesday, July 29, 2014

බලන්න, පිරිමියගෙ හිත කොහෙද තියෙන්නෙ කියල



චිරාත්කාලයක් තිස්සේ
දාර්ශනිකයො,
විද්‍යාඥයො,
සෙව්ව,
තවමත් සොයනව
වැඩ කෙරුව,
තාමත් කරනව
හිතත් එක්ක

කොහෙද මේ හිත තියෙන්නෙ,

මොලේද
නැත්නම්
ඇඟේ වෙන කොහෙ හරිද,
එක තැනකද
හැම තැනමද.

මැරුණම හිත යනවලු,
කොහොමද
කොහෙද යන්නෙ

ඔලුව උලුක් වෙන ප්‍රශ්නයක් නේද?
කලබල වෙන්න එපා උත්තරයක් තියෙනවා

දරුවො දන්නෙ නෑ දෙමාපියන්ගෙ හිත් කොහෙද තියෙන්නෙ කියල
පිරිමිය දන්නෙ නෑ, කොහෙද ගෑණියගෙ හිත තියෙන්නෙ කියල
ශිෂ්‍ය දන්නෙ නෑ, කොහෙද ගුරුවරයගෙ හිත තියෙන්නෙ කියල
උපාසකම්ම දන්නෙ නෑ, කොහෙද හාමුදුරුවන්ගෙ හිත තියෙන්නෙ කියල
ඡන්දදායකය දන්නෙ නෑ, කොහෙද දේශපාලකයගෙ හිත තියෙන්නෙ කියල

ඒත්
කුමන දාර්ශනිකයටත් විද්‍යාඥයටත් බැරි උනාට
බලන්න මෙන්නෙ මේව

අම්ම දන්නව පුතාගෙ නැත්නම් දුවගෙ හිත තියෙන්නෙ කොහෙද කියල

ස්ත්‍රිය දන්නව පිරිමියගෙ හිත තියෙන්නෙ කොහෙද කියල

ගුරුවරය දන්නව සිසුන්ගෙ හිත කොහෙද තියෙන්නෙ කියල

හාමුදුරුවො දන්නව උපාසකම්මලගෙ හිත තියෙන්නෙ කොහෙද කියල

දේශපාලකය දන්නව ඡන්දදායකයගෙ හිත කොහෙද තියෙන්නෙ කියල

-------------
පිරිමියගෙ හිත




Artist: Bandula Wijeweera
Lyrics: Prof. Sunil Ariyarathna
Melody: Dr. Victor Rathnayake

-----

අපේ සහෘදයන් එකඟද මගේ ප්‍රස්තුතයට, 
එහෙනම් එහෙම වෙන්නෙ කොහොමද ?
අපි බලා ඉන්නව ඔබ කියන දේ අහන්න.!

19 comments:

  1. එකඟද කියලා නේ අහන්නේ....? එකඟ නෑ..

    ඔතන තියෙන්නේ බැරි කම නෙමෙයි, ඕන නැති කම...

    ReplyDelete
    Replies
    1. මහිතන්නෙ
      ඕන උනත්....
      පරිණාමිකවම උරුම දෙයක්ද මන්ද ?

      Delete
  2. හැක් හැක් ගෑණූ දන්නවනම් පිරිමින්ගෙ හිත් මට ගෙදර ඉන්ඩ වෙන්නෑ

    ReplyDelete
    Replies
    1. පිරිමි දන්නවනං ගෑනුංගෙ හිත. *ක පොලොවෙ ගහගෙන මැරෙනව....

      Delete
    2. වැව් ඉස්මත්ත
      තේරෙන භාශාවෙන් කියනවනම්
      ඇනෝ කියන විදිය හරි කියල හිතෙනව

      Delete
  3. Replies
    1. sanjeewa mendis
      වෙල්කම්

      Delete
  4. අඩේ පට්ට කවිපද පේලියක් නෙව...
    සමහර විට අපිට හොයාගන්න පුළුවන් වෙයි..
    ඒත් අපි උත්සාහ කරන්නෙ නැ...
    ඒකට බැරි කම නෙවේ...
    නොසැලකිල්ල කියල කීවොත්

    ReplyDelete
    Replies
    1. ට්‍රයි එකක් දෙනව මිසක්ක
      උපන් හැටියට මක් කරන්නද

      Delete
  5. //උපාසකම්ම දන්නෙ නෑ, කොහෙද හාමුදුරුවන්ගෙ හිත තියෙන්නෙ කියල//???

    අත හරි තැන තියනවනම් හිත කොහෙ වුනාම මොකද?

    ReplyDelete
  6. හිතට හිතෙන, හිතෙන තැන, නවතින එක නම් ඇත්තයි. පිරිමියාගේ හිත නම් ඉතින් දකින, දකින තැන... :D

    ReplyDelete
    Replies
    1. නැත්නම් රොබෝ කෙනෙක් නොවැ!

      Delete
  7. සැප කොහෙද හිත එතන....
    හිත ගිය තැන මාලිගාව....
    හිත ඇත්නං *ක කුඩාද......
    -------------------------------------------
    අකීකරුද ඔබේ හිතත්
    වෙරලේ පෙරලෙන රළ වාගේ....
    අකීකරුයි මගේ හිතත්
    හමනා සැඩ සුලඟක් වාගේ....
    ඒ සුලඟේ පාව යන්න
    වළා රොදක් සේ නැගෙන්න

    ReplyDelete
    Replies
    1. සැඩ සුළඟ නිසා නොවෙද
      වෙරලේ රළ එතරම් රළු

      Delete
  8. "සිත" නෙමේ ප්‍රශ්ණෙ දයාල්, තත්පරයට ලක්ෂ කෝටි වාරයක් ඉපදි ඉපදි මැරෙන "සිතුවිලියි" ප්‍රශ්ණෙ.

    ReplyDelete
    Replies
    1. සෙන්නා
      සිතට අයිති ජොබ් එක නේද

      Delete
  9. මරු, හැම තැනම දුවන හිත කොහේ තියෙනවද කියලා ඉතින් කාටද කියන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. Dinesh
      පුලුවන්
      ඒ භාශාව දන්නව නම්
      එ බස නම්
      ආදරයයි
      ප්‍රිය තෙපුල්
      ප්‍රිය දසුන්
      ප්‍රිය සුවඳ
      ප්‍රිය මසවුලු
      ප්‍රිය ස්පර්ශ
      ප්‍රිය අපේක්ශා

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්