Followers

Wednesday, July 30, 2014

හිත කියවන්න පුලුවන් මෙහෙමයි - ජෝතිලා දත් රහස


Image result for with you without you movie

හිත කියවන්න
ඇවසි නම්

ලං වෙන්න
ලං වෙන්න
තවත් ලං වෙන්න

සනසන්න

ප්‍රිය තෙපුලින්
ප්‍රිය දසුනින්
ප්‍රිය සුවඳින්
ප්‍රිය ස්පර්ශයෙන්
ප්‍රිය මසවුලින්
ප්‍රිය අපේක්ශාවෙන්

නොඅඩුව,
නොවක්ව
නොපමාව


හේතු නොදනියි
හේතු නොඅසයි
ඇදන්නෙ ආදරයට පමණයි
සූරිය කාන්ත මල
ඉරු දෙසට නැවෙන මෙන්
සිතේ අසිරිය එබඳුයි


ඉස්කෝල විශ්ව විදුහල්
සහතිකවල නොලියන
රහස
ජෝතිලා දත් රහස



9 comments:

  1. SHOAK KAI NEDA?

    ReplyDelete
  2. හ්ම්.....හ්ම්..... හ්ම්.........හ්ම්.....

    මහද නැමැති වන බඹරා...
    ලංවී කනට ඔබේ...

    ReplyDelete
    Replies
    1. මාතලන් සහෝ,
      සෙල්විගෙන්
      සිංහල ස්ත්‍රීන් ඉගෙන ගත යුතු
      පාඩමක් තිබේ
      හැබැයි වතුර බිල වැඩිවෙන එකක්

      Delete
  3. උත්ප්‍රාසය නම්
    අති විශිෂ්ඨයි

    ReplyDelete
    Replies
    1. ඇනෝ
      උත්ප්‍රාසය නම්
      අති විශිෂ්ඨයි

      Delete
  4. ම්ම් එහෙමත් එකද්ද...
    ඒත් අපේ අය මාකටින් හොද නෑ කියලද එතකොට කියන්නෙ

    ReplyDelete
    Replies
    1. Mahesh Rathnayaka

      හොඳම පැත්තක් මතු කලේ!

      Delete
  5. මා කාවුදෝ කව්රුදෝ කව්රුදෝ ....
    කොතනදෝ කෙලසදෝ කොහෙන්දෝ මට කෙසේ වැටහේදෝ .....
    මා කාවුදෝ කව්රුදෝ කව්රුදෝ ...

    එක ලේ ඔබ හා මගේ සිරුරේ
    එකට ගලා යන්නේ
    කෙනෙකුගේ මුණ බලා
    ඇයිදෝ සිත නැමේ ...ලොවේ
    මා කාවුදෝ .........

    එච් .ආර් ජෝතිපාල (කව්ද රජා චිත්‍රපටිය )

    ReplyDelete
  6. ස්තූතියි මේ රහස කීවාට මේකෙන් වැඩක් ගන්න පුළුවන් වේවී...:)

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්