Followers

Tuesday, August 5, 2014

මහ ගස් ගින්නෙන් රකින්න පඳුරු ගිනි තැබීම- Back Burn



බොබසෙ, ලංකාවේ වමත් එක්ක ලොකු කොක්කක් තියෙනව

තමනට රිසි පරිදි සිහල, හෙළ* බොදු පොදු ජනයාගේ මනස් හසුරුවන්න, හසුරවල ඡන්ද ටික රිසි සේ බා ගන්න, වම ඒ කස්ටියට ඉඩ නොදෙන නිසා වෙන්නත් ඇති

බොබසේ අලුත්ම ගොදුර රාජිත සේනාරත්න
(ලංකාවේ පගාගන්න එකම එක්කෙනා ඇමති රාජිත?)

රාජිත බල කේන්ද්‍රය ගැන යම් විවේචනත් පසුගිය දවස්වල කලා,

ඒ උනාට භය හිතෙනම කතාව තමයි ජනරාල් ෆොන්සේකාතුමාට ගේම දුන්නේ තමන්ය කියල කියපු කතාව, මහිතේ.

ගෝමින් දයාසිරි නීති විශාරද තුමා ලඟදී ලියල තිබුන ඉංග්‍රීසි පුවත් පතකට දැන් ආණ්ඩුව තනිකරම යැපෙන්නට බලාපොරොත්තුවන්නේ සිංහල ඡන්ද උඩය කියන එක**. මී ලඟ ජනපතිවරණයකදී පටන් ගන්නකොටම රනිල් ඡන්ද ලක්ශ තුනක් ඉදිරියෙන් කියල, ඒ උතුරෙන් ලැබෙන ඡන්ද.
ඒ වගේමයි ජවිපෙ පොදු විපක්ශෙත් එක්ක සැට් උනොත් එතනත් ලක්ශ තුනක් විතර, රාජිතල පැන්නොත් කොරේ නොවෙයි මරේ..

ඉතින් දැන් දිනන්නනම් සිංහල හා හෙළ* ජනයාගේ ඡන්දවලින් සීයට බරගානක් බලාපොරොත්තු වියයුතුයි, ඒකට මොකක්ද වැඩ පිළිවෙල..

අලුත් ගම්/බේරු වල ව්‍යාපෘතිය සාර්ථකයි

අනෙක් ව්‍යාපෘති හඳුනාගෙන වෙන් කොට භාරදීල තියෙනව වගේ,

අපේ ශ්‍රේෂ්ඨ කලාකරු ප්‍රේමකීර්තිව  විනාශ කොට තිබෙනවා, පසුගියදා, ප්‍රේමකීර්ති නමින් පාරක් වෙන් කොට පැවතුනු ප්‍රදර්ශනයේදී ප්‍රේමකීර්තිගේ මරණය ජවිපෙ ගිණුමට බැර කිරීමෙන්;
 එය එක් අංශයකින් ඇරඹිලා

රටට විරුද්ධව පිල්ලේගේ කොමිසමට සක්යිප් එකෙන් සාක්කි දෙනවා.... තව ව්‍යාපෘතියක්

මා ඉහත කිවූ රාජිත ව්‍යාපෘතිය අනෙක


------
*නාථ දෙයියන්ගේ හාල් හා කැඳ බොන,
නාථ දෙවියන්ගෙන් ඥාණය ලබාගත් උදවිය

**
මේ දර්සනය ආණ්ඩුවට දුන්, විමල් තුමා ඇඟ බේරගෙන පනින්නයි හැදුවෙ, අල්ලල ගට ගැහැව්ව.
රතන හාන්දුරුවොත් පනින්න බලාගෙන ඉන්නෙ;

18 comments:

  1. මාරු වෙන්න ගියාට ආයෙත් අල්ලලා බැඳගෙන. යකාගෙන් වැඩ ගන්න තියෙනවා ඉදිරියට. ඒ කටේ වටිනාකම ළොක්කා දන්නවා හොඳටම. මම දැක්කා බැසිල් උතුමාත් කෙළවරක ඉඳගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. කට විතරක් නොවෙයි දර්සනේ දුන්නෙත් විමල් තුමානෙ, අපි සුලු ජාතීන් නැතුව බලය ගමු කියල, එහෙම කියල ආණ්ඩුවෙන් වාසි අරගෙන, ගිලෙන්න යනකොට පනින එක හරි නෑනේ.

      Delete
  2. අනේ මන්ද ලෙමන් පෆ් වලින් ඇති වෙච්චි රෝගි තත්වක්ද මන්ද මේක..

    ReplyDelete
    Replies
    1. ඉරිසියාව කෙනෙක් හැදිල ඉන්නවට

      Delete
  3. නියම මීඩියා ගේමක් බලාගන්න පුළුවන්

    රාජිත VS නානසාර....
    යුවරජා මේ දවස්වල නානාගේ කට මසාජ් කරනවාලු. විමලවිලාපය බලා ගන්නත් පුළුවන්. විමලයාගේ මෑන්ට ඉඩ දෙන්න කපපු පුෂ්පකුමාරයාගේ හොර හරක් පැටියෙක් වෙනම ඉල්ලනවා. ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි- බල්ලාගේ හොරි කහපිය සිරි....කිව්වාළු.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජිත පාර්ශවයෙන් පිලිතුරු ලෙස පලමු ගල ගැහව්වා

      Delete
  4. http://helppal.tk/discussions kattiya awith set wenna ape forum ekata.

    ReplyDelete
  5. තව ඉස්සරහට තව තව ඒවා..

    ReplyDelete
    Replies
    1. මර්වින්ගේ අඩුව, පුවත් මැවීම මෙතුමා භාරගෙන

      Delete
  6. back burn වලට අමතරව fire-break ක්‍රමයත් තියනව ලොකු කැලෑ බේරගන්න .
    ඒකට වටේ ඉන්න එවුන් ටිකක් නිලදාරීන් බිල්ලට දෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඔව් ඥාණසාර හිමිත් ඇතුලුව

      Delete
  7. ප්‍රේමකීර්තිව තව පාරක් මැරුවා වගේ වැඩක් කෙරුවේ ආණ්ඩුව අර ප්‍රදර්ශනයක් තියලා.මැරිච්ච මිනිහාගෙන් හරි කමක් නැහැ ජන්ද ටිකක් බා ගන්නයි ආණ්ඩුව හැදුවේ.විමලේ කියන්නේ ලැජ්ජා නහරයක් නැති කෙනෙක්නේ කොහොමත්.

    ReplyDelete
    Replies
    1. නින්දිතයි
      මහ ලොකු ගාන්ධර්වයත් සයිඩ් එකෙන් හිටියා
      දුකයි අනේ බලන්න

      Delete
  8. ponna NGO kukko rata jathiya pawa dena hiwallu thopi thope puken athadala badawelak edagena kapiyaw oita wada nambui ponna bathiyo

    ReplyDelete
    Replies
    1. ඉඳපන් හොඳ වැඩක් කරන්න
      රාවණාත් නැගිටල ඉන්නෙ

      Delete
  9. තව තව සෙල්ලම් එවි එලිවෙන ජාමෙට

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය සංදර්ශන බවත් අමතක කරන්න එපා
      විමල් යම් කතිකාවතක් පටන් ගත්ත නම් ඒකටත් අකුල් හෙලන්නයි මේ වැඩේ, උවමනා රාසියයි, පොඩියක් බලාගෙන ඉමු

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්