Followers

Saturday, August 2, 2014

අපිටත් පොශ් යාලුවො ඉන්නව හරිය...නරකම තත්වයට පමනක් නොව හොඳම තත්වයටත් රෙඩි වෙන්න- be ready not just for the worst but for the best!

පොලීසිය විශිෂ්ඨ මෙහෙයුමක.. පැහැරගත් දමිඳු යශේන් කෝටියක කප්පම නොදී බේරා ගනී..

මාතලන් මිලියනය පන්නනකොට දයල් බතී හිට්ස් ලස්සෙ පැන්නුව. මට අවුරුදු පහක් ගියා වැඩෙට.  ස්ලෝ ඇන්ඩ් ස්ටෙඩි තමයි ගමන. ඇත්තටම වැරි ස්ලෝ ඇන්ඩ් ස්ටෙඩි. උදව් කරන කරපු බ්ලොග් කරුවන් කීප දෙනෙකු ඉන්නව. ඒ අය, ඒ බව දන්නව, මං සඳහන් නොකොලාට. ඔබට ස්තූතියි. මං දස්ස ලියන්නෙකුත් නොවෙයි. අපේ මව් බිම ලස්සන තැනක් වෙනවාට, හැම කෙනාම සතුටින් සිටිනවාට කැමති කෙනෙක් පමණයි. ඒ අතින් මගෙ දුප්පත් ලස්සෙ වටිනව මට. මගේ බ්ලොගය කියවන ඔබ සැමට  හද පත්ලෙන්ම ඒ කියන්නෙ බොක්කෙන්ම හා අක්මාවෙන්ම  ස්තූතිය පුදමි. මං ලංකාවේ බටහිර දොස්තර කෙනෙක් නොවෙන නිසා මට තවම ඒ දෙක තුන තිබේ.

අද පොඩි පොශ් කතාවක් ලියන්නයි හදන්නෙ. අපිටත් තරුණ....පොශ්....... යාලුවො ඉන්නව හරිය...
සල්ලි හොයා ගත්තෙ සරණාගතයින්ව බෝට්ටුවල යවලද කුඩු විකුණලද කියන එක ප්‍රශ්න කරන්න මං යන්නෙ නෑ. එය මාතෘකාවට අදාල නැති නිසා.

මේක කෲස් කතාවක්....
 දන්නවනේ අර සුඛෝපභෝගී සංචාරක මගී නැව්. ඒව වල නැගිල සුමාන ගනන් මාස ගනන් යන අය ඉන්නව. සල්ලි කන්දරාවක් ඕනෙ. මහිතන්නෙ ලංකාවේ අපිටත් ටූටිකොන් වලට මාලෙවලට යන්න පුලුවන් මේ නැව්වල. ඉතින් මේ උක්ත මාතෘකාවට අදාල කෲස් එකේ නැගුනු මගේ මිත්‍රය විනෝදයට කැමති, ස්ත්‍රීන්ට කැමති (කවුද ඉතිං ස්ත්‍රීන් අකමැති පිරිමියා?; වයිෆ් ට භයේ හංගගෙන ඉන්නව මිසක්.. නැද්ද මං අහන්නෙ. )
ඉතිං මේ අපේ මිතුර,  රාත්‍රියේ පැවත්වෙන ප්‍රිය සම්භාෂන එකක් වත් අරින්නෙ නෑ.

මෙයා එක ගෑනු ළමෙකුට ලව්
පොරට ආසාවක් සිත් තුලට කාන්දු උනා
කාන්දුව උල්පතක් මෙන් විශාල වෙන්න ගත්ත
මේ රූමත් පැහැපත් තරුනියත් සමග වැයෙන තාලයට එක්ව පාද තබන්න
සිහින ලෝකයක් තනන්න
ඒ ලෝකයේ රජවෙන්න

අනේ ඉතිං කරුමෙක මහත.

නටන්න ආරාධනා කොලාට ගනන්ගන්නෙ නෑ. එන්නෙ නෑ.දෙවෙනි දවසෙ කතා කලා එන්නෙ නෑ. ඔහොම ඔහොම සතියක් ගත උනා, මේ කෙල්ල නොවෙයි ගනන් ගන්නෙ. කෙල්ල අනිවාර්‍යයෙන්ම ඉතින් ඇහැට කණට පෙනෙන කෙනෙක් වෙන්න ඇති. අම්මපල්ල අදනම් මෙයාට හොඳ වැඩක් කොරනවා කියල ප්ලෑන් එකක් හදා ගත්ත. මිතුරන්ටත් කිව්ව. මේ කතාව ඒ සත්ගුණවත් කස්ටියත් එකඟ උනා. මොකද ස්ත්‍රීන් ඉපදී සිටින්නේ පිරිමින්ගේ පරම සුවය පිණිසය.
දේශපාලකයන්ට රට මෙනි. රට තිබෙන්නේ ඔවුන්ගේ ඔවුන්ගේ පවුලේ හා සහචරයන්ගේ පරම සුවය පිණිස කියන්න වගේ.

මේ ප්ලෑන් එක ඉතාම දරුණු ප්ලෑන් එකක්, ලොකු දඬුවමක්.
අද රෑට මං එයාට හොඳින්, අවසන් වරට ආරාධනා කරනව. මගේ ආරාධනය පිළිනොගත්තොත් ඇයට හොඳටම බනින්න. හිත රිදුවන්න.

එදා රෑ මිත්‍රය, ප්‍රිය සාදයේදී  වෙනදට වැඩියෙ මත් පැන් පානය කළා. ඇය ලඟට ගියා. ගිහිල්ල ආරාධනය කලා නටන්න එන්න කියල. ඇය යමක් කීව. ඔහුට අදහන්න බැරි උනා. ඔහු දුවල ගියා මිත්‍රයින් ලඟට.

මචංලා ඒකි කැමතියි කිව්වනේ,
දැන් මං මොකද කරන්නෙ කියල ඇසුව.




image by AFP’s Ishara Kodikara courtesy Foreign Correspondents Association Sri Lanka

දයල් බතී අර කවුද වගේ කැරකිල එන්නෙම දේශපාලනේටමයි. ඉතින් අර ඉහත කෲz එකේ ගිය තරුණ මිත්‍රයට සිදු උන අකරතැබ්බ්යට මේ විපක්ශය පත්වෙයිද කියල මට හිතෙනව, බැරිවෙලාවත් ජනපති ක්‍රමය සංශෝධනය කරන්න මහින්ද ජනපතිතුමාම මොනව හරි ජිල්මාට් එකක් දැම්මොත්..
රටේ හොඳම අපනයනය ස්ත්‍රීන් වී රටක.?

26 comments:

  1. ඇත්ත ඇත්ත..ලොක්ක ඔය වගේ ගේම් වලට දස්සය..අපි බලන් ඉම්මු..මමත් හිතන්නේ නැහැ ලොක්ක මේක නිකම්ම අත අරියි කියල..

    ---------------

    හිට්ස් ලක්ෂෙ ට මගේ උණුසුම් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔව්, ලොක්ක දන්නව මේ ගත වෙන්නෙ අන්තිම කාලය කියල,
      ඒත් ලෙසියෙන් අත හරින්නෙ බෑනේ. ඊලඟට ඉතින් පැන්ශන් නේ.
      ස්තූතියි, ශුභපැතුමට.

      Delete
  2. ඔය කෙහෙම්මල් හිට්ස් ගැන ඇයි ඔච්චර වද වෙන්නෙ... ? උඹ ඒ ගැන හිතන නිසා ලක්ශෙට සුබ පැතුම් !!

    අර කතාව මරු ඈ.. කිව්වත් වගේ නරකම දේට විතරක් නෙමේ හොඳම දේටත් සූදානම් වෙලා ඉන්න ඕනා තමා නේද ? නැත්නම් අසරණ වෙන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. සෙන්නා ලියන්න මොක්ක හරි පෙළඹවීමක් තියෙන්නෙ ඕනෙ නේද?
      මන්ද මට නම් ඕනෙ,
      උඹට නාථ දෙයියන්ගෙවත් තියෙනවද කියල නොදනිමි, හික්ස්

      Delete
    2. ලියන්න පෙළඹවීම කමෙන්ට්ස් තමා මටනම්... හිට්ස් ගැනනම් මගේ විශ්වාසයක් නෑ.. අනිත් එක ඔය පෙන්නන ඉල්ලක්කම් බොරු..

      Delete
  3. චන්දෙට කලින් UNP පොඩ්ඩෝ හතර වටේට මේ සින්දුව නිකන් නෙවෙයි රැප් කරලා කියන්නේ
    ' ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා"
    නොමිනේෂන් කිට්ටු වෙනකොට රනිල් ලොක්ක මයික් එකේ වයර් ගලවනවා.
    පොඩ්ඩෝ සින්දුව කියනවා හැබැයි ඇහෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඒ බව ලොක්කට කාන්දු වෙනවා
      එයා හෙමිහිට තෙල බෙදනවා
      මල්ලි ඔයා භය වෙන්න එපා
      මං බලාගන්නම්
      පොඩ්ඩ හෙමිහිට මේ පැත්තෙ

      රනිල්ට ඕනා, මට නැත්නම් මහින්දට; වෙන විපක්ශෙට නොවෙයි

      Delete
  4. සුභ පැතුම්'''''''''! ............. දයා මචෝ.................
    >> රටේ හොඳම අපනයනය ස්ත්‍රීන් වී රටක.? << හෙහ්..... හෙහ්...... නියම වඳන ............
    බලන් සිටිනවා හැර කල හැකි දෙයක් නොමැත......
    අනිවා.... ලොක්ක අන්තිම මොහොතෙ කියයි මාසෙන් ජනාධිපති ක්‍රමය නැති කරල ....මේ වගේම බලතල තියෙන අගමැති ක්‍රමය ගේනව කියල......
    අපේ ගොන් හැත්තට ඇහෙන්නෙ...."ජනාධිපති ක්‍රමය නැති කරල" & "අගමැති ක්‍රමය ගේනව කියල......" ටික විතරයි......
    ජඩ මාධ්‍ය ටික පැය 24 ම කියවන්නෙත් ඔය ටික තමයි.....
    පක්ෂ වල එකමුතුව හරි ස්ලෝ......
    අර අනුර කුමාර.... කාල් ලාන්ත එහෙම මෙයාල එක්ක වැඩේට බැස්ස නම් නැගල යනව ....
    කොහෙද ...එයාල බයයි ...එහෙම උනොත් චීනෙට කියල එයාලගෙ බඩ වියතට ගසයි කියල....
    අනේ මන්ද බං ................................

    ReplyDelete
    Replies
    1. ලොක්ක, ජිල්මාට් දන්නෙ නැති බබානේ

      Delete
  5. පොෂ් යාලුවෝ කෙසේ වෙතත් දයල් ගේ හිතවතුන් අතර ලොකු මහත්තුරු ඉන්න බව නම් තේරෙනවා.

    ලස්සෙට කොඩිය වෙල් ඩන් මේටී!

    ReplyDelete
    Replies
    1. හෙක්...හෙක්.... එල කකා.....

      Delete
    2. Thanks, KK and Kenji
      මාත් හෙමිහිට හෙමිහිට ඉබි ගමනෙන් එන්නම්

      Delete
  6. මේ බ්ලොග් එකට වයස තාම අවුරුදු හතරක් පමණි.

    ReplyDelete
    Replies
    1. හැබෑටම හතර නොවැ ස්තූතියි kk

      Delete
  7. ලස්සෙට සුභ පැතුම්....

    ජ ය වේ වා !!!

    ReplyDelete
  8. අවුරුදු පහම ලියපු එකයි වටින්නේ. උඹට උඹව වටින්නේ නැති උනාට. උඹත් මට පොරක්.. උඹේ ළිපි ඇත්තටම දයල් ගේ කවිය වගේ. කෙටියි, සරළයි, සැහැල්ලුයි, රහයි. ගොඩක් උන්ට උඹ වටෙන් කියන් දේ තේරෙන්නේ නෑ. පොඩි වචන ටික අතරේ තියෙන පරමාණු බොම්බේ පේන්නේ නෑ. ඒ අපි උන්ට රසිකත්වයක්, බිද්ධියක්, නිර්මාණ හැකියාවක් නැති කම. මේ ජෝක් එක ගැන මගේ ළිපිය ඊළඟට. දැනටමත් ලියලා තියෙන්නේ, ළිපි දෙකක්ම.

    Well Done Dayal... Keep writing..!!!

    ReplyDelete
    Replies
    1. අවුරුදු 4යි මචෝ, කොහොම උනත් අවු 4ක් ඇද්ද එකත් ලොකුයි, මාතලන් ඇතුලු කොමෙන්ට් කරන හැමට ස්තූතියි.

      Delete
  9. ලස්සෙට දාපු කොඩියට හුරේ කිව්වා...
    ටැලන්ට් එකක් තිබ්බානම් කුරුටුගීයක් ලියලා යන්න තිබුනා..
    ලොක්කාගේ හිත දයාල් දකින විදියට මහජනයාටත් දැනෙනවානම් බඩු බනිස්ය...
    නියම කථා පොඩ්ඩ ඔය පොටෝ එකේ ඉන්න සෙට් එකට..
    ඔබට ජය....

    ReplyDelete
    Replies
    1. කුරුටු ගී ලියන්න මහ ලොකු ටැලන්ට් එකක් ඕනෙ නෑ.

      Delete
  10. දයල්, උඹ කලින් ලිපියෙ අමතක වෙනව කියල තිබ්බ එක හරියටම හරි. උඹෙ බ්ලොගේ පටන් අරන් තියෙන්නෙ දෙදාස් දහයෙ, නමයෙ නෙමෙයි.

    වැදගත් මෙහෙම දිගට ලියන එකයි. ඒ වගේම උඹ මේ ලියන ස්ටයිල් එකේ කෙටි, රසවත්, නෙල්ලි වගේ හිතන්න විඳින්න යමක් ලියන එකයි. දිග ගමණක් යන්න හය්ය පතනව මිත්‍රය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, දෙන්නම් මල්ලි, දිගටම නෙල්ලි
      රසකිඳ සමගින් කටුවැල් බටු පත අට එකට හිඳල

      ස්තූතියි,
      දිගටම ලියන්න පුලුවන් නම් හොඳයි

      Delete
  11. හිට් බලාගෙන ලියන බ්ලොග් කබ්බෝ.. හැක්..

    උඹ යන විදිය හොදටම හොදයි.. අණක් ගුණක් නැති කවියෙක් වගේ..

    ReplyDelete
    Replies
    1. තනිකරම පෙරාපු ඉරිසියාව
      මගෙ ලස්සෙ දැකල පපුව පැලිල
      හපෝයි...ඉරිසියාකාරයා

      Delete
  12. කියන්නත් බැහැ ලොක්කා දාන දහන්ගැට වලින් ලොක්කම අමරුවේ වැටෙන්න වුණත් බැරි නැහැ.

    ReplyDelete
    Replies
    1. මොන බොරුද ?
      අතේ තියෙන බෝලෙ මිරිකන කං එකෙකුට අත තියන්න බෑ, හිකිස්

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්