Followers

Monday, August 4, 2014

වාසුගෙ සංකේත භාවිතය, සරුංගලේ විමල්ද? මහින්දද?

Image result for image of vasudeva nanayakkaraImage result for wreath1971

Image result for image of senkolaya1988-1993
Image result for image of a kite2014

වාසු රැවුලයි කැඳයි දෙකම රකින  ප්‍රතිපත්තිය මෙන්ම ආණ්ඩුවේ පශ්චාත් ගැටලුවලට කරගහන
(එය පසුව යන අර්ථයෙන්ද පස්ස යන්න අර්ථයෙන්ද )කෙනෙකු ලෙසයි මා දකින්නේ.

ඔහු එකවර

ඇමති කමත්,
ජාතික සමගියත්,
18 වන සංශෝධනයත්, ප්‍රජාතන්ත්‍රවාදයත්
විග්නේශ්වරනුත්
භාරත ලක්ශ්මන්වත්, දුමින්දවත්
රටේ ජාතික ආරක්ශාවත්, දෙමළ ජාතියත්
ට්‍රොට්ස්කිවාදයත්, අර්ධ ෆැසිස්ට් වාදයත්
ආණ්ඩුවත්

රකින පුද්ගලයෙකු ලෙසයි මා දකින්නේ

ඔහු භාවිතා කරන සංඛේත නැත්නම් සංඛේත භාශාව ගැන මඳක් සිතනු වටී.

වික්ටර් අයිවන් යම් තැනෙක මීට මඳ කලෙකට පෙර සඳහන් කළ පරිදි මේ ආණ්ඩුව ගොඩ නැංවීමට හා පැවත්මට වාසුත් ප්‍රධාන සාධකයක්.

විපක්ශ එකමුතුවේ ශිරානිත් සිටින විට වාසුගේ හිතේ හීන් චකිතයක් ඇතිවෙනවා නොඅනුමානය.

මේ ලඟදී ගාලු මුවදොර තිබුනු සරුංගල් තරඟය සංවිධානය කරල තිබුනෙ වාසු විසින්.

අමතක උනා තව ඔහුගෙ සංඛේතයක් මුහුණෙම තියෙනව,

කැස්ට්‍රෝ රැවුල.

17 comments:

  1. පාරලිමේන්තුවේ හිටියාට, ජනප්‍රිය වුණාට වාසු කියන්නේ බාහු ගේ ගෝලයෙක් මිසක් නායකයෙක් නොවෙයි කවදාවත්.
    දැන් සුදු අඳින කාලේ විතරක් නොවෙයි රතු අඳින කාලෙත්.

    ReplyDelete
    Replies
    1. මගෙ පුරස්නෙන් පැනල ගොහිල්ල

      Delete
  2. කාලෙන් කාලෙට තාලෙන් තාලෙට...

    වාසු
    --------
    නෙක පාට
    නෙක හැඩතල
    නමුත් පැරණි
    අච්චුවම...

    එහෙම හරිද මංද

    ReplyDelete
    Replies
    1. රැඩිකල් පාර්ලිමේන්තු ලෝභියා

      Delete
  3. වාසු කියන්නේ විග්නේෂ්වරන්ටද???

    ReplyDelete
  4. යන තැනකට මොකවත් කර ගන්න දීලා, ඔහේලා හෑ නොගහ ඉන්නවද පොඩ්ඩක්..

    ReplyDelete
    Replies
    1. සරුංගල් අරින්න හිතුනෙ මොකදැයි බැලුවා

      Delete
  5. වාසු යනු අවස්ථාවාදය (වාදීන්) විසින් නැවත වලංගු කරන ලද පරණ අවලංගු කාසියකි. එහි (නැවත භාවිතයට ගතහැකී) වටිනාකමක්ද නැත. නැත්තේද නැත (උදා: පුරාවිද්‍යාත්මක ).

    ReplyDelete
    Replies
    1. වාහනේ තාම දුවනවා

      Delete
  6. ශෝට් ඇන්ඩ් ස්වීට් දයාල්.

    ReplyDelete
    Replies
    1. ස්වීට් නම් සතුටුයි

      Delete
  7. වාසුදේව මහත්තයා 2000 වසරේ පැකේජ් එක ගෙනාපු වේලාවේ කරපු පැය 03 කථාව එකුමාටම අමකත වෙලා. පාකින්සන් ද දන්නේ නහැ. කට හරි බරිද ඒකේ හැන්සාර්ඩ් එක් හොයල‍ එකමාට කයවා දැනගැනීම පිණිස ය කියලා ලියලා යවන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රේමදාස මහත්තයගෙත් තිබුනෙ මේ හා සමානම පාලන ක්‍රමයක්නේ
      එයට විරුද්ධයි
      හැබයි මේකට කැමතියි
      පුදුමයි

      Delete
  8. //ඔහු එකවර

    ඇමති කමත්,
    ජාතික සමගියත්,
    18 වන සංශෝධනයත්, ප්‍රජාතන්ත්‍රවාදයත්
    විග්නේශ්වරනුත්
    භාරත ලක්ශ්මන්වත්, දුමින්දවත්
    රටේ ජාතික ආරක්ශාවත්, දෙමළ ජාතියත්
    ට්‍රොට්ස්කිවාදයත්, අර්ධ ෆැසිස්ට් වාදයත්
    ආණ්ඩුවත්
    //

    අනේ අම්මේ මෙන්න මේකනම් සහලෝල ඇත්ත මචන්..

    ReplyDelete
    Replies
    1. දකුණු අත මිට මොලවා ඉහලට ඔසවා තබා හෙන මේ ගාථාව කියන්න

      සාදුකින් පෙලනවුන් දැන් ඉතින් නැගිටියව්
      අන්තිම සටනට සැරසියව්

      Delete
  9. කැස්ත්‍රෝගේ රැවුල විතරයි මේකගේ තියෙන්නේ.. බැරිවෙලාවත් චේගුවේරා වගේ කෙනෙක් එක්ක යුද්ධෙය ගියානම් ඒ මිනිහා මැරෙන්නේ සෑහෙන්න කාලෙකට කලින්..

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්