Followers

Friday, August 15, 2014

රටගිය අම්මලාගේ පවුල්වල ළමයින් හා ළමයින්ගේ පියවරුන්ව බලාගන්නට යුරෝපීය තරුණ කාන්තාවන් ඔනෑ කර තිබේ.


ලංඩන් ටැක්සිවල ටුවරිස්ම් ඇඩ්ස් වෙනුවට ලංකාවේ ජොබ් ඇඩ්ස් දාන්න කාලයක් ඒවිද?


දේශප්‍රේමියො, ජාතික වාදියො දැන් ලංකාව දියුණු කිරීමේ මාවතට ගන්න ගජරාමෙට වැඩ අල්ලල. අනේ වාසානාවන්. 87 පුච්චපුව ගැන දැන් අදින්න ඕන නෑනේ. රට බෙදෙන එක වලක්වන්න පලාත් සභා එපෝ කියල පෙලපාලි ගිහින් ඒවායේම දැන් ලගින අපේ නූතන දේශප්‍රේමීන්ට හා ජාතික වාදීන්ට සුදු කරපටි කාරයො පෙන්නන්න බෑ. කොකු මයි දාන්නෙ. ගේමමයි ඉල්ලන්නේ. දේශප්‍රේමියො ඒ චෝදනාවෙන් බේරිලා, මොකද ඒ ඇත්තන්ගෙ ජාතික ඇඳුමේ සුදු කර පටියක් නෑ නොවැ.

මාතලන් ඇතුලු කීප දෙනෙකුත් සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අවශ්‍යතාව පෙන්නුම් කලා පසු ගිය ලිපිවල. මටත් හිතුන මේ ගැන පොඩි දෙයක් ලියන්න.

ලංඩන්, බර්මින්හැම් හා මැන්චෙස්ටර් නගරවල දුවන ටැක්සි 450ක  අපේ රටට සංචාරකයන් අදින්න ඇඩ්ස් දාල. අපේ රටට සංචාරකයො අද්දගන්නයි මේ ප්‍රචාරක වැඩේ කෙරෙන්නෙ. බටහිරයන් වහකදුරුවෙච්ච ආණ්ඩුව බටහිරයන්, පරසුද්දන්  ගෙන්ව ගන්න හදන්නේ මොකද මන්ද? අනෙක උන් රට බෙදන්නටත් උඩ ගෙඩි දෙනවලු.

පොඩි ගැටලුවක් ආවා. බටහිරයන් සමහරුනට වහකදුරු වගේ නිසා නම් නොවෙයි.

යුරෝපයේ, ප්‍රධාන ආර්ථිකය වන ජර්මනියෙත්, දෙවැනි තැන හොබවන ප්‍රංශයෙත් ආර්තිකයන් හැකිලෙන්න පටන් අරගෙන.  හොඳ කාලයක් පේන තෙක් මානෙක නැති බවයි කියවෙන්නේ. ඉතින් යුරෝපයට බහින කලාව උදාවෙලා තියෙන මේ කාලෙ ලංඩන් ටැක්සිවල ප්‍රදර්ශනය කෙරෙන මේ ඇඩ්වලින් ලංකාවේ සංචාරක කර්මාන්තයට වැඩක් වේවිද කියල මට හිතුන.

මේ යන විදියට ලංකාවේ ඕසෙට තියෙන ලෝකල්ස්ල නොකරන ජොබ් ගැන ඇඩ්ස් දාන්න කාලයක් ඒවි කියල මට දැන් හිතෙනව.

ඒ තරමට යුරෝපය දැන් පන අදිමින් ඉන්නේ.

අනාගත ජොබ් ඇඩ් එකක්

සූර්‍යාලෝකයේ කිමිදෙමින් පොල් කඩන්න ශ්‍රී ලංකාවට එන්න

ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ශේත්‍රයට සම්බන්දවන්න, නිවාඩුව ගත කරන ගමන්ම වැඩ කරන්න.

work in the Sri Lankan Garment sector and have a  paid sunny holiday

දෙල් හා කොස් සුර්‍රයාලෝකයේ වේලීමේ කර්මාන්තයට සම්බන්ධවෙන්න

ගොයම් කැපීමට යුරෝපීය පවුල් ඔනෑ කර තිබේ.

මං හිතන්නේ අපි සංචාරකයො අදින්න ඇඩ්ස් දාන්න ඔනෙ යුරෝපේ නොවෙයි
-------

මේ ලෝකෙ නොවෙන්න බැරි දෙයක් නෑ. මහේල ල වගේ වීරයො ඔප්පු කරල පෙන්නුව

අපිට බැරි දෙයක් නෑ.

අපිත් ලොකු මිනිස්සු.

ඒත් මහේලල ආඩම්බර උනේ නෑ. භය උනෙත් නෑ.

පිහිපාරවල් වගේ ඇනුම් පද වින්ද.

වෙඩි කෑව.

නතර කරන්න පුලුවන් උනාද, ?

අද ලෝකයේම නොම්මර එකේ ක්‍රිකට් පිතිකරුවා ඉන්නේ ලංකාවේ.

ලෝකෙම හිටිය හොඳ පන්දු යවන්නා ඉන්නෙ ලංකාවේ

වේදනා විඳින තරමටයි හිත ඉගෙන ගන්නේ- සර් ආතර් කොනන් ඩොයිල්

14 comments:

  1. ඒ ඉතිං එතකං ලොකු අයියා මේ රට නොගිල්ලොත් නෙව...

    ReplyDelete
    Replies
    1. ආඩම්බරේට නොවැ එහෙම කරන්නේ
      කාටද ආඩම්බර

      Delete
  2. Au pairs for men? :=))
    // .......වගේ වීරයො ඔප්පු කරල පෙන්නුව //

    ලෝකෙ හොඳම පිතිකරුවා/ පන්දුවයන්නා කියන්නෙ හුඟක් ආඩම්බරවෙන්න පුලුවන් දෙයක් තමයි. හැබැයි ඒක වීරකමක්ද? ඒක (සමහරවිට නොයෙකුත් බාධක මැද ) තම රැකියාවේ ඉහලම ස්ථානය ලබා ගැනීමක් නෙමෙයිද? එය ඉතා ඉහලින් අගය කල යුත් දෙයක් තමයි. මට තේරෙන්නෙ නැත්තෙ වීරකමක් වෙන්නෙ කොහොමද කියල.

    ReplyDelete
    Replies
    1. වීර කමත් සාපේකශයි මහිතේ, බොහෝ අයට කරන්න බැරි දෙයක් නිසයි එහෙම කීවේ

      Delete
  3. ජර්මනියේ ආර්ථිකේ වැටුනට ලන්ඩන් වල වැටිලා නෑ නේ.. අනික ඉතින් කුමන්ත්‍රණකාරයන්ට බයේද මන්දා. මේ වෙසප්ප්‍රේමින්ගේ දරුවෝ ඉන්න තරමක් ඉන්නේ ඔය කුමන්ත්‍රණ කාරයන්ගේ රටවලනේ.

    ReplyDelete
    Replies
    1. ඒකටත් මොකක් හරි හෙළ තියරි එකක් හදයි

      Delete
  4. එහෙම වැඩකාර කමට ගෙන්න ගත්තොත් සුද්දන්ගෙන් පලිගන්ඩත් ඇහැකියි

    ReplyDelete
    Replies
    1. වැඩකාර කම , හුහ් ඒ වගේ පහත් වචන පාවිච්චිය අතීත වැඩ නේ.
      ගෘහ කලමණාකරනය වගේ නමක් දාමු

      Delete
  5. කවුද කියන්නේ යුරොපෙ වැටිල කියලා

    ReplyDelete
    Replies
    1. යුරෝපීය හවුල ලෝකයේ දෙවැනි විශාල ආර්ථිකය.ඒක් ඇත්ත.
      ආර්ථික විශ්ලේශකයෝ කියන්නෙ වැටෙන පාරෙ යන්නෙ කියල

      Delete
  6. Replies
    1. ස්තූතියි ඔමා හ්ම් හ්ම් ගෑවට

      Delete
  7. අනේ මන්ද....දයාට තව ඇඩ් දෙන්නද.....????

    ReplyDelete
    Replies
    1. දෙන්නකො හොඳවැයින් එකක් දෙකක්

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්