Followers

Friday, August 29, 2014

අනේ ජනපතිතුමනි රට නම් යන්නම එපා

අනේ ජනපති මහින්ද ලොකු අයියේ
ආයි නම් රට යන්න නම් හිතන්නවත් එපා
කලින් ගියපාර අලුත්ගම බෙරුවල ගිනිගත්තා
පසුගිය දවසවල් ඌව ගිණිගත්තා

ඔබ තුමා හීනෙකින්වත් හිතනවද
විරුද්ධ පාක්ශිකයින්ගෙ
ඡන්ද කාර්‍යාල, රැස්වීම් කඩාකප්පල් කරන්න
නෑනේ

මුස්ලිම් ආදී සුලු ජාතීන්ගේ
නිවෙස්, පල්ලිවලට ගහන්න
ඔබ තුමා රටින් යන කම් බලාසිටිය

අහිංසක යු එන් පිය පිටින් යන්න
ජේ වී පී මැතිවරණ කාර්‍යාල හතරකටයි
රැස්වීමකටයි කවුදෝ කස්ටියක්
ඔබ තුමා නැති අතරේ පහර දීල තිබුන

පෝස්ටර් කටවුට් ඌවේ හැමතැනම
ඔබ තුමා නැති අතරේ අලවල

ඔබ තුමා නැති අතරේ
නිල් බලවතුන්
කෝටි ගානක බඩු බෙදල ඌවේ ජනතාවට

ඔබතුමා යනකං හිටිය විජිතමුණි සොයිස
එයාගෙ ලේකම් යවන්න
ආණ්ඩුවෙ පඩිදීල වාහන දීල ඌවෙ වැඩට
(එතුමා කියන්නෙ එයාගෙ අතින් දෙනව වගේ)

අනේ ඉක්මනින් ආව කියල ආරංචියි
ඒක නම් රටට හොඳයි



20 comments:

  1. ඒක ඇත්ත. තනියම ගියත් රටටයි පාඩු.. නැද්ද මං අහන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒ අහිංසක මනුස්සයගෙ නම යන්න
      මේ අපතයො
      එක එක
      අවජාතක වැඩ කරනවනේ

      Delete
  2. කවි ටික හොඳයි. :D

    ReplyDelete
  3. එතුමා කොහේ හරි යනකම් තමයි බලන් ඉන්නේ මේ අපත හැත්ත :P

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස මහත්තය ජනපති කාලෙ
      රට ගියේම නෑනේ
      දන්නවනේ කස්ටියගේ හැටි

      Delete
  4. Replies
    1. කොහෙ ගියත්
      ගිණි තිබ්බත්
      වෙඩි තැබුවත්
      ඌව හබක්

      Delete
  5. එයා කියල නෙ යන්නෙ අනේ .........
    නොකර තිබ්බොත් කියූ ලෙසට.........
    ආව විගසින් ලොක්ක මැදුරට...........
    දනිති "අබ සරණ" බව.................... හෙක්......හෙක්.....
    මම නම් ආස ඔහොම සහෝදරයෙක් එක්ක යනවට...... එකසිය ගණන් පිරිවර සමග නොයා.....

    ReplyDelete
    Replies
    1. හනේ අපෝයි
      ඉර හඳ නුහුලන කතා මේවා
      උන්නැහැ ගැන ඔහෝම
      හිතුමත් ලොකු පවක්

      Delete
  6. පවු අහින්සකය තනියෙන් කියක් කියල කරන්නද

    ReplyDelete
    Replies
    1. අනේ අපොයි
      අපේ නිරිඳු නිසාම හොඳයි

      Delete
  7. ආපු ගමන් මලයටයි අරූටයි මූටයි උපදෙස් දීලා නියං සහනාධාර දෙන්න. ඒක කරන්න ඕනෙත් එතුමාමයි. නැත්නම් පිස්සුමයි කෙලින්නේ..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ රස්සාවේ අර්බුදය විසදන්න , ගමේ පාර හදන්න,කුණු ටික අයින් කරන්න, කොල්ලගේ විභාග ප්‍රතිපලේ ප්‍රශ්නේ විසදන්න , පැහැරගත්තු පොඩි එකා ගෙනත් දෙන්න, පුංචි එකාව වඩා ගෙන ආශිර්වාද ගන්න .. මේ හැමටම අත් දොළොසක් ඇති දෙවියෝ වගේ එතුමා!

      Delete
    2. අනේ ඉතිං මොකට කියනවැයි ඒව නං
      නිර්විණ්දනේ දෙන ප්‍රමාණෙ වැඩි උනාම එහෙමෙ වෙනවද මන්ද

      Delete
  8. Replies
    1. ඒකනෙ මචෝ මම කීවෙ එතුම කියල යන බව......
      කොහෙද අපේ දයා.......කීනව සිතීමත් එහෙම......පවු ලූ .......

      Delete
    2. යහපත් උපදෙස් දෙනව ඇති
      මං කිව්වෙ කෙන්ජි
      අයහපත් ඒව ගැන

      Delete
  9. අනේ වාසනාවන්.. මෙතුමන්ටත් අර කතරගම දෙවියන්ට වගේ මූණු 6ක් සහ අත් 12 ලැබේවා.. එතකොට ඩබල් එකේ කන්න පුලුවන්නේ රට.. ලොල්

    ReplyDelete
    Replies
    1. දැන් කන්න දෙයක් ඉතුරුවෙලා තියෙනවැයි?

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්