Followers

Saturday, August 16, 2014

බල සෝබනේ, බලය හා බලයේ!

සජිත්වයි රනිල්වයි එක වේදිකාවකට ගෙනෙන්න, රනිල්ගේ පැවැත්ම උදෙසා ඇටවූ, ‍යූ එන් පියේ නායකත්ව මණ්ඩලය, ප්‍රතිපත්තියක් ලෙස වර්ජනය කළ තලතා අතුකෝරල කාලයක් තිස්සෙ කොරපු කපු කම සාර්ථක වෙන ලකුණු තියෙනව වගේ (ජනතාව වෙනුවෙන්- හ්ම් හ්ම්)  ඌවෙ වේදිකාවට එනව කියන්නෙ.. ජනතාව වෙනුවෙන් ඔක්කොම එකතු වෙලා.
තලතලගෙ ජොබ් එක ඔරොප්පු වෙච්ච පිරිමින්ව යාලු කරන එකද?
ස්ත්‍රීන් යූ එන් පියේ ඉහල තලයට ගෙන ආ යුතු බව කලින් මා කීප විටක් පෙන්වා දී තිබෙනව. තලතා, රෝසි, මෛත්‍රී ආදීන්ට මීට වඩා පක්ශයේ තැනක් ලැබිය යුතු බව මගේ විශ්වාසයයි. යූ එන්පියේ ගුඪ භාවයට හේතුව ස්ත්‍රීන් ඈත් කර තැබීම කියලයි මට හිතෙන්නේ. (මේව බැනුම් අහන කතා බලමු මොකද වෙන්නෙ කියල.)
Image result for image of modi
තලතා කියනව
රනිල්, සජිත්ට සුදුසු තැන දෙන්නලු යන්නෙ.

මේ නායකත්ව මණ්ඩලවල රට යහ මඟට ගන්න වැඩ පිළිවෙලවල් සාකච්ඡාවෙනවද නැත්නම් තනතුරු ටික ඩැහැ ගන්න හැටි, විරුද්ධකාරයන්ගෙන් පලිගන්න හැටි සාක්ච්ඡාවෙනවද දෙයියො දනී?

ඒත් සත්තකින්ම එකක් දන්නව

රට දියුණු කිරීමේ මාවත පිළිබඳව යම් සාකච්ඡාවක් සිදුවන්නේ බොරු විපක්ශයේය (pseudo opposition).
විවෘත ආර්තිකයට, ජේ ආර් නොදුන් චන්ද්‍රිකා නොදුන්, ප්‍රේමේ නොදුන්, මහින්ද රාජපක්ශටත් දෙන්නට බැරි වූ අමු සිංහල බෞද්ධකම හෙවත් හෙළ බෞද්ධකම  -(ලංකාවේ දැන් හොඳට විකුණන්න පුලුවන් හීනයක්: හත්වලාමේ එහෙම දෙයක් නැත්නම් මහින්ද නැත්නම් සක්කරය ආවත් කොහෙන් දෙන්නද?) කියන ඉන්ජෙක්සොන් එක දෙන්න වගේ යයි පෙනෙන විමල්, චම්පික, අතුරලියේ හා ගලගොඩාත්තේගේ ව්‍යායාමය, ගිලිහෙමින් ඇති වත්මන් ආණ්ඩුවේ බලය රැක ගැනීම ඇර වෙන මක්කද? කියල හිතෙනව.
විමල්ගේ යෝජනා හා වෙනම තරඟ කිරීමේ ව්‍යපෘතිය, සෝභිතගේ පොදු අපේක්ශක සහ සාධරණත්ව ව්‍යාපාරය,  රතනගේ නව ව්‍යවස්තා ව්‍යාපෘතිය, චම්පිකගේ බලය සහ බලය ව්‍යාපෘතිය: මේ ඔක්කොම එල්ලවී ඇත්තේ එක දිශාවකට නොවේද?

Image result for image of joko widodoප්‍රධාන විපක්ශයට සිය සම්පත් ඒකරාශී කිරීමේ අරගලයක නිරතවෙන්නට සිදුව ඇති අතර බොරු සාකච්ඡාව ඔවුන් පසුකර යනු පෙනේ. ජනපති සටනේ ඔවුනට උතුරින් ලැබෙන වාසිය ජාතිවාදී සින්හල ඡන්දවලින් උදාසීන කෙරෙන විසකුරු ව්‍යාපෘතියට, වැඩ පිලිවෙලක් නැති,  තිබෙන සම්පත් ටික පවා ඒක රාශී කර ගැනීමට නොහැකිව ලතවෙන ප්‍රධාන විපක්ශය යටවේවිද?
සමහර නැග එන තරුණ දේශපාලකයන්ගේ කතා හා දේශපාලන විශ්ලේශන අහන කොට හිතෙනව මෝඩිල, ඉන්දුනීසියාවේ ජෝකෝ වඩීඩෝල ලඟ ලඟ එනව කියල. ඒ නිසා අනාගතය පිළිබඳව බලාපොරොත්තු තබා ගන්නට පුලුවන්.

5 comments:

  1. එක එක මතවාද අහල අහල මට නං නිකන් මන්නං වගේ

    ReplyDelete
  2. අද නං බැලුවේ නැහැ. මල වදේ...

    ReplyDelete
  3. හිතනවාද මහින්දට ගේමක් නැහැ කියලා මේ පාර.මට නම් හිතෙන්නේ ගමනක අවසානේ දැන් පටන් අරන් වගේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හි .. හි.. කාගේද යු.එන්.පී යේද, රනිල්ගේද ... //ගමනක අවසානේ// මල් හතයි නේ !

      Delete
  4. ඇත්තටම ඉන්දුනීසියාවෙ
    ජෝකෝ වඩිඩෝට සමාන කෙනෙක් ආව,
    ඒ මෛත්‍රී නොවේද?

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්