Followers

Thursday, August 7, 2014

මර්වින් ගෙ කණ පලන්න ඔබ කවුද, හිමියනි ?



Photograph is by the Courtesy of Sri Lanka Guardian

දැන් නැවතත් පාරට වැටිල ඉන්න, දයාන් ජයතිලක මේ ලඟකදි පත්තරේකට ලියල තිබුන, ලංකාවේ ජනපති මන්දිරයට පාර වැටිල තියෙන්නෙ, නියර උඩින් කියල, මර්වින් ද සිල්වා වරක් ප්‍රකාශ කරල තිබෙනව කියල. දයාන් එහෙම කීවෙ යූ එන් පියට එහෙම පදනමක් නෑ කියන්නයි, කෙසේ වෙතත්
මට ඇත්තටම චූන් එකක් ගියා,
අම්මප අවංකවම!
යූ එන්පිය ගමේ ජන පදනම ගැන නොවෙයි
මෙන්න මේක,
යකඩෝ,  මර්වින් තුමාටත් නියම ඉන්ටලෙක්චුවල් ටෝක්ස් දෙන්න පුලුවන් නේද කියල.

හැබැයි අතීතයේ එතුමා කියපු කරපු දේ මතක ඇති පරිදි සම්පින්ඩනය  කලොත්...

වැඩියෙම ප්‍රසිද්ධ උනේ ඩෙංගු මර්දනයට නා සේවකයා ගස බැඳීම හා පසුව තමා කැමත්තෙන් ගසේ බැඳගත් බවට ඇෆිඩෙවිට්- දියුරුම් පත්‍රයක් ඔහුගෙන් ගැනීම.

පුතා පහර දුන් යුධ හමුදාවේ නිලධාරියාගෙන් දියුරුමක් ලබා ගැනීම

රූපවාහිනි සංස්ථාවේ සේවකයන් හා කොක්කක් දා ගෙන නාගැනීම

රූපවාහිනි තරඟයක් විනිශ්චය කරන්නට ගොස් පබාගෙන් කුක්කු බොන්න ආශාවක් පහල වෙනවා කීම.

....
.....
......
.....

ඉතින් මේ වගේ නොගැලපෙන දේ බිනීමට හා කිරීමට නැඹුරුවක් ඇති මෙතුමා මෙවැනි මහරු වදනක් පවසන්නේ කෝමදැයි මට ප්‍රෙහෙලිකාවක් විය.

කියන්න ආ කාරනාව මඳකට නවතා වෙනතක අතුපාරක යන්න පොඩියක් අවසර.

මේ රටේ පිලිගත් භාවිතාව අනුව
ඉදිරියේදී මෙවැනි දේ පත්තරවල පලවිය හැක.

සුසිලා හේරත් ව දණ ගැස්සු නඩුවේ හතරවන විත්තිකාරයා තමා විසින්ම ලජ්ජාවට පත්වී ඒ පාසල ලඟ ලිඳට පැන දිවි නසා ගෙන ඇත.

ඥානසාර හාමුදුරුවෝ මගේ කණ පලනවා යයි පත්තරවලට කියා ඇත.
යේසුස් වහන්සේ මෙන් මා අනෙක් කණත් උන්වහන්සේට පූජා කරමි, මොකද මේවා අහගෙන ඉන්නවට වැඩියෙ හොඳයි කණ් දෙකම පලාගන්න එක.

කාරණාවට නැවතත් එනව නම්,

ඔබ හිතන්නෙ දයාන් ඉහත කී මර්වින් කවුද?






15 comments:

  1. ජෝකර් රජවරුන්ට ජෝකර් ඇමතියෝ හිටියේ අද ඊයේ නෙවෙයිනේ. අනේ මේකාට සුබ සහ යස රඟපාන්න උනන්දු කරවන්න කෙනෙක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් විචාරක.
      රඟ පෑව හැබැයි දුටුගැමුනු රජ චරිතයට

      Delete
  2. සෑර්, දයාන්ගේ තාත්තා ලංකා ගාඩියන් එකේ කතුකම ඇතුලුව මේ රටේ හිටපු දක්ෂ පුවත්පත් කලාවේදියෙක්, ඒ මහත්තයාගේ නමත්, මර්වින් ද සිල්වා. අනික මැරවින් සිල්වාට "ද" කෑල්ලක් නැහැ නෙව.

    ~සූස්ති ගුනේ~

    ReplyDelete
    Replies
    1. "මර්වින් ද සිල්වා " කෑල්ල දැක්ක ගමන් කොපි කරගෙන ආව දෙඥ්ඥං බැටේ කියල. කොහෙද ගුණේ වැඩේ කාලනෙ.

      Delete
    2. අහ්, එහෙනං එක්කො මේ කෑල්ලවත් දාගන්කො මගෙ ගානෙ. ඔය මර්වින්ද සිල්ව නමින් තමා ලංකාවෙ දක්ෂතම පුවත්පත් කලාවේදීන්ට සම්මාන දෙන්නෙ. අපේ නලින් මිත්‍රයටත් දවසක ඕක ලැබේවා!

      දයල්, උඹට මර්වින් සිල්ලගෙ ඉතිහාසෙ කල උත්තම වැඩේ මිස් වෙලා. මිනිහ තමා උඩුවෙගෙ සුවිච් එක මිරිකල උන්නාසෙව හරි මගට ගත්තෙ.

      Delete
    3. උඩුවෙගේ නේමේ මචෝ....කොලොන්නාවේ සුමංගලගේ. ඇට දෙක කොට උඩ තියාගෙන හිටියේ ටික දවසක්.

      Delete
    4. එකතු කිරීම්වලට හැමටම තුති

      Delete
  3. සරු මදි (totally disappointed)

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට බලන්නම් සරු කරල ගන්න

      Delete
  4. පොන්නයෙක් ගැන පොස්ට් එකක්ම ලියල. දුබලයින් තැලීමත්, ප්‍රබලයින් ළඟ දනින් වැටීමත් මර්වින්ගේ ජානමය ලක්ෂණයක් බව පැහැදිලියි. මෙවන් අයට බලය දෙන මෝඩයන් ගැන ඇත්තේ කලකිරීමක්....

    ReplyDelete
    Replies
    1. මිනිහ මේ දවස්වල හැංගිලා ඥාණෙ බලන් ඉන්නෙ කණ පලන්න, බලමු ඔබ කිව්ව XXXXXX කියල.

      Delete
  5. කොහේද මර්වින්ට එහෙම දෙයක් කියන්න තරම්වත් මොළයක් තියෙන එකක්යැයි..:)
    අවිචාර මර්වින් සිල්වා හොඳයි ජනතාවට ආතල් සපයන්න.එත් ඉතින් වැඩේ කියන්නේ උන්ගේන් ගොන් ආතල් ගන්න අපි තේරුම් අරන් නැහැ උන් අපිට ආතල් දෙන්නේ අපේම සල්ලි වලින් කියලා.

    ReplyDelete
    Replies
    1. දැන් එයාව සීන් එකෙන් එයින් කරල තියෙන්නෙ,
      ඥාණසාර චන්ඩියා එන්ටර්, ටෙලියෙන් ඒ චරිතය මාරු

      Delete
  6. මේ දවස්වල කණ් චූන් තමයි අහන්න තියෙන්නේ. රත්තරන් කියනවා කණ කපාගන්නවාලු. නානේ කියනවා කණ පලනවාලු. අපිත් ඉතින් මේ දවස්වල කණට සැප ගන්නවා ස්ටේජ් ටෝක් අහගෙන.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ අයට තෑන්කූ කරන්න ඔනේ දෙන ආතල් එකට

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්