Followers

Thursday, September 18, 2014

ඔසාමා බින් ලාඩන්ගෙ රැවුල හා අයි එස් අයි එස් ගෝනි බිල්ලෝ

Osama bin Laden making a video at his compound in Pakistan-2.jpg


ඔසාමට ඇමරිකාව දුන්න ගේම අපි දන්නවනේ
නඩු නෑ
නෑදෑයන්ට බලන්නවත් ඉඩක් දුන්නෙ නෑ
ඡායාරූප නෑ
ඔහුව මැරුව කියල ඔප්පු කරන්න කිසිම සාක්ශියක් නෑ.
ඔබාමා ඇමරිකාවෙ කාමරේක ඉඳන් බලන් හිටිය.
කලුවරේ ජරමරේ වගේ පකිස්තානෙ ගේකට මහ රාත්‍රියෙ පැනල ගෑනුන්වත් මරල,
 හිටිය අනෙක් පිරිමින්වත් ඔසාමවත් මරල  බොඩිය මහ සාගරේ නොදන්නා ස්තානයකට අත හැරිය ලූ.
(2011 5-2)

දැන් අයි එස් අයි එස් කියල අලුත්, මොඩ් එකක් ඇවිල්ලා- අල් කඉඩාවෙනුවට. බෙලි කපනවා එලුවන්ගෙ වගේ. ;ලස්සනට තැඹිලි පාට ඇඳුමක් අන්දලා. බෙලි කපන එවුන් කතා කරන්නෙ ඉන්ගිරිස් සැම්පලේට. දන්න කස්ටිය කියන්නෙ මේ ගොනා හැරෙන්නෙ සිරියාවට වැඩේ දෙන්න කියල. ඉරාකයට ගහන්න 9/11 යොදාගත්තා. ඉරාකයත් ලිබියාවත් දැන් මිහිපිට නරකාදී වගේ වෙලා.

අල්කඉයිඩා -ඔසාම බින් ලාඩන්-පොදු හතුරා වෙනුවට දැන් මූණ වහපු අයි එස් අයි එස් ගෝනි බිල්ලෝ   සීන් එකටඇවිල්ලා. ඇමරිකාව නැවතත් අභ්‍යවකාෂ තරඟේට බැහැලා. රුසියාව නැවත නැග ගෙන එනව. චීනා නැග ගෙන එනවා. යැන්කි කස්ටිය චන්ඩි කමට බැහැලාද යලිත්?


Image result for image of champika ranawaka

චම්පික රනවකත් දැන් ඒ රැල්ලටම සෙට්වෙලා.  එයා දේශන තියෙනව ඇමරිකාවට. මෙය( is is )විනශ නොකලොත් අබසරණයි කියල එයා කියනව.

ඊයෙ පෙරේදා බදුල්ලෙ මුස්ලිම් ඉස්කෝලෙකට ගහලා. ව්‍යාපාරික ස්තානවලට පහර දීලා. ඒ කියන්නෙ හෙට ඡන්දෙ තියෙන් ඌව පලාතේ. දෙමල මන්තිරියාවත් එ ජ නි සංධානය විසින් මරාගන්න යන බව තොණ්ඩමනුත් කියනව. ( දඹුල්ලෙත් මොකද්ද කේස් එකක් තිබුනා.) රට යන රටාව ඉශ්‍රායලය පැත්තට බවද මේ කියන්නේ.

අලුත්ගම කේස් එක වෙලාවෙදි සමහර ඇමතිඳුල- හිමිවරු කීවේ  සුලු ජාතීන්ගේ ඡන්ද නැති කරගන්න ආණ්ඩුවට පිස්සුද කියල.
නමුත් යමක් පැහැදිලි වේ. කොහොමත් නහම්බෙන  සුලු ජාතික ඡන්ද පසු පස නොගොස් මහ ජාතියෙ ප්‍රතිශතය වැඩි කරගමු, යන්න බව නේද-  උප්පර වැට්ටිය. ??

ජනපතිවරණයට මුට්ටිය දමා බැලීමක්ද මේ කරන්නේ.?

සුලු ජාතීන්ට පහරදී මහජාතිය භයකිරීම.!!!!




16 comments:

  1. චම්පික රණවක ඇමරිකාවට කඩේ යන එකම කොච්චර වෙනසක්ද?

    ඒ උනාට ඉදේ රූපවාහිනියේ "ළොව වටා" එකේ කියන්නේ වෙන කතාවක්..

    ReplyDelete
    Replies
    1. දෙව් ලොව යන්නට අධිවේගෙන්
      අල්ලාගන් අලියගෙ නැට්ටෙන්
      පරිස්සමින්......රජෝ
      අලින්ගෙ නැටිද දැන් දැන්
      කපනව කට්ටඩි හැතිකරය ආවේසෙන්

      Delete
  2. are you crazy any donky can see what the ISIS is doing.they killed thousand of innocent surrended soldiors, muslims christians or people who donot agree with them. iraq and syrian govenment asked US to attak them. serach the world news donot post like a donky

    ReplyDelete
    Replies
    1. You have all rights to write your opinion here, also pl check your spellings first.
      Let's wait and see that who the donkey is?

      Delete
  3. Replies
    1. එයාගෙ මූණෙ මොනව බලන්නද?

      Delete
  4. ඔය මොකා බලයටආවත් අන්තිමට ඇමරිකාවට අල්ලන්න වෙනවා හලෝ. දෙකට නැවිලා.

    ReplyDelete
    Replies
    1. සුදු ඇඳගෙන සාටක දාගෙන
      කලිසම් ඇඳගෙන ටයි දාගෙන
      සරොම් ඇඳගෙන යටින් කලිසම ඇඳගෙන
      සාරි ඇඳගෙන ආවත්
      කඩේ යන්නට වෙනවාමයි

      Delete
  5. සිරියාවට වැඩේ දෙන්න ඇමෙරිකන් කාරය අයිසිස් හැදුවද?
    නැත්තං මුස්ලිම් අන්තවාදීන් ඇත්තටම ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් අයිසිස් හැදුවද?
    එහෙමත් නැත්තං අයිසිස් හැදුනම සිරියාවට ගේම දෙන්න ඇමෙරිකාවට පොටක් පෑදුනාද?

    මම දන්නෑ බතී මට තේරෙන්නෑ බතී!

    ReplyDelete
    Replies
    1. රාජ්....... ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. රාජ්, Kenji @ මැලේ

      පේන දේ නොවෙයි යට තිබෙන්නෙ යන්න
      දැනෙනව නම් ලිපියෙ අරමුන ඉශ්ඨවෙනව.
      ඔසාමා නැමති චරිතයම කොතරම් ගුප්තද
      ඝාතනයම කොතරම් ගුප්ත කතාන්දරයක්ද

      Delete
  6. "නැගෙනහිර මධ්‍යධරනී ප‍්‍රදේශයේ ලැවෙන්ට් ද්‍රෝනියෙහි කියුබික් අඩි ටි‍්‍රලියන 122 (හෙවත් කියුබික් මීටර් ටි‍්‍රලියන 3.45ක) සොයා නොගත් එහෙත් සොයාගත හැකි ස්වාභාවික ගැස් නිධි ද ඇතුලු බැරල් බිලියන 1.7ක බොර තෙල් නිධි පිහිටා ඇත. දැනට හඳුනාගෙන තිබෙන නිධි වලින් බොහොමයක් පිහිටා ඇත්තේ ඊස්රායල් මුහුදු තීරයට ඔබ්බෙන් හා යාබද සයිප‍්‍රස් බිම් වල ය. ඊට අමතරව තවමත් හඳුනාගෙන නැති බිම් ලෙබනනයේ හා සිරියාවේ වෙරල තීරයන්හි පිහිටා තිබිය හැකි ය. දැනට සොයාගෙන ඇති පරිමානය, පර්සියන් ගල්ෆ්, රුසියාව හෝ කැස්පියන් මුහුදු ද්‍රෝනියේ සොයාගෙන තිබෙන නිධිවල පරිමානයට සාපේක්ෂව කුඩා වුවත් ඒවා, නැගෙනහිර මධ්‍යධරනී රාජ්‍යයන්හි බලශක්ති ආරක්ෂාව කෙරෙහි වැදගත් බලපෑමක් කිරීමට සෑහෙන තරම් විශාල ය. සීමිතව වුවත් යුරෝපයේ බලශක්ති ආරක්ෂාව සම්බන්ධයෙන් ද එය දායක වෙයි." - චාර්ය මැන්කොෆ් - (WSWS)

    ReplyDelete
  7. අයි එස් අයි එස් ගෝනි බිල්ලෝ ගැන නම් දන්නේ නැහැ ගෝනිබිල්ලෝ නම් ඔය මෙහෙත් ඉන්නේ ඇති තරම් ඉස්සර හිට්යේ ගෝනිය දාගෙනලු දැන්නම් ගෝනි නැතුවම ඔය ඉන්නේ.

    ReplyDelete
  8. මහ ජාතිය භය කරලා විතරක් නෙවෙයි බන් මේ වෙනකොට ඒක නැති බංගස්තාන කරලා ෆුල් හින්දුස්තාන් කරලා තියෙන්නේ...

    ReplyDelete
  9. අනේ මන්දා බන්.. කවද හරි නිදහසේ මැරෙන්නවත් නැති වෙනවා මේ රටේ..

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්