Followers

Sunday, September 28, 2014

පලමුව ඒඩ්ස්, දැන් ඉබෝලා මේ ඔක්කොම උපත අප්‍රිකාවෙන්?


 Nilendra Deshapriya’s debut wins Best Film Award

විමල් මැතිඳුලගෙ ආණ්ඩුව
අපේ බීජ ටිකේත් අයිතිය
බහු ජාතික සමාගම්වලට පවරන පනත්
හොරෙන්ම ගේන්න හදපු ආණ්ඩුවක්,
එයා කතා කරනව ස්වයං ජාතක ආණ්ඩුවක් ගැන.

එයාලගෙ ආණ්ඩුව ලංකාව චීනෙට විකුණන ආණ්ඩුවක්,
එයා කතා  කරනව  චීනයේ පාරම්පරික දැනුම් පද්ධතිය ගැන,
අපි ඔක්කොම සේද මාවතේ කස්ටිය කියල චීන කියනව.
සේද මාවතේ වරාය ඒ අය ඉල්ලනව.
එකක් නොවේ දෙකම.
ඉඩ මදිවෙලා ගොඩ කරන්නත් ඉල්ලනව.
 උන්ගෙ පාරම්පරික දැනුම අනුව පැරණි හිටිය සිංහලය නොවේ අද ඉන්නෙ කියල දන්නව.
පැරණි සිංහලුන් කියපු දේ කරපු මිනිස්සු.
දැන් ඉන්නෙ නොන්ජල් සල්ලිවලට ගන්න පුලුවන් එවුන්.
 ඒ ගොල්ලො ඉල්ලන ඉල්ලන දේ දෙන්නත් මේ ආණ්ඩු ලෑස්තියි.
චීන්නු තමන්ගෙ දරුවන් පවා විකුණන ආත්මාර්ථකාමී මිනිස්සු.
තවම අපි විකුණන්නෙ අපේ ගෑනු ටික විතරයි.

විමල් මැතිඳු කියනව ජේ වී පියෙ පොලු වැදී බිම වැටෙන ගෙඩිය
 අහුලගන්නෙ යූ එන් පියලු.

සහතික ඇත්ත.

ඔබතුමත් ඒ ගහපු පොලුවලින් ගෙඩි අහුල ගත්ත කෙනෙක්.

ඔබ, ඌවේ ජේ වී පියේ ඡන්ද ප්‍රතිශත අඩුවීම ගැන කතාකරනව, ඔබතුමාගෙ පක්ශෙට කීයක් ලැබුනද?
 ටෙස්ට් කරල බැලුවෙ, කේවල් කිරීමේ හැකියාව???
ඒ වගේම ජවිපෙ ඡන්ද අඩු කරන්න පුලුවන්ද කියල. බැරි උනා.
 දැන් ඉතින් කටු ලෙවකන්නම වෙනව.
සෑහෙන්න බුරන්න සිද්ධවෙනව.
දෙබිඩි රඟපෑම පාන්නම වෙනව.
හරිම අපුලයි, මහත්තයෝ ගේම.!!! (කලාකරුවන්ට ගෙවල් දීපු එක නම් හොඳයි.)

පමා වෙලා හෝ මාතෘකාවට අදාලව ලියන්නත් ඕනෑ.


බහු ජාතික සමාගම් , බලවත් රටවල්,
ඖෂධ ටෙස්ට් කරන්නෙ අප්‍රිකාවෙ.

කෘෂි රසායන ටෙස්ට් කරන්නෙ..............???
බීජ හොරකම් කරන්නෙ...
ඉඩම් අල්ලන්නෙ....?
සල්ලි පොලියට දෙන්නෙ..?

ඒවට දේශපාලන බලය,
 රැකවරණය
 සපයන්නෙ කවුද?




14 comments:

  1. ලංකාව එහෙම කළත් ඇමරිකාව එහෙම කරන්නෑ..

    ReplyDelete
    Replies
    1. ඔබ හරි
      අපේම අනන්‍යතාව
      ඇමරිකාවට එහෙම එකක් නෑනේ

      Delete
  2. ඊළඟ ඡන්දෙදිත් වැඩිම මනාපවලින් පාර්ලිමේන්තුවට යවනවා.. මුන් තමයි නියම අවස්ථාවාදි දේශපාලුවෝ.. මුන්ට වඩා මම රත්තරන්ලට, මර්වින්ලට කැමති ඒකයි.. උන් බොරු කියන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. වෙන මොනව කරන්නද
      දන්න දේ කරනව මිසක්

      දැන් ආපසු ගමනක් හිතන්නවත් බෑ
      ඔහොම යන් ඉදිරියටම,
      කස්ටියගෙ ආනුභාවය තියෙන කම්

      Delete
  3. අප්‍රිකාව හූරාකන අළුත්ම බලවතා චීනෙ බතී.. මම ලඟදී ඇන්ගෝලාවෙ ගියා. හැමතැනම චීන ව්‍යාපාර.. ණය... කිසිම ප්‍රමිතයක් නැතිව ගොඩ නැගු දෙවල්.. කමකරුවන් ලක්ෂ ගණනක් එහෙන් ඇවිත් වැඩ කරනවාලු.. හ්ම්ම් .. ඒ පැත්තෙ නම් ඉතින් සේද මාවත නෙවෙයි වහල් මාවතනෙ තිබ්බෙ..

    ReplyDelete
    Replies
    1. බලවතුන්ගෙ පාට විතරයි වෙනස්!

      Delete
  4. අවුලක් නෑ ලංකාව චිනේටම සින්න වෙයි.. යුද්දෙත් දිනන්නේ..

    ReplyDelete
    Replies
    1. මහ මූදනේ දැන් විකුනන්නේ

      Delete
  5. විමල් මැතිඳුත් චීනෙට කැමති එකේ නරකද එතුමාව එහෙටම දීලා අපිට ඔය චීනාගෙන් නිදහස් වෙන්න පුළුවන් නම්.

    ReplyDelete
    Replies
    1. නලුවො, තොවිල් කාරයො මිලියන් ගනන් ඉන්නව එහේ

      Delete
  6. ලංකාවේ ඉබෝලාව ජේවීපිය කියලද මේ කියන්නේ?

    ReplyDelete
  7. Replies
    1. මැරිල ඉපදිල වගේ කතා!

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්