Followers

Saturday, October 18, 2014

1978න් පසුව ඉපදුන අයට ඔය ශිෂ්ඨත්වය කියන්නෙ මොකද්ද?

වික්ටර් අයිවන් ලියල තිබුන ලංකාවේ තිබුනු ශිෂ්ඨ සමාජය 1978න් පසුව විනාශ උනා කියල. ශිෂ්ඨ සමාජය නැවත ගොඩ නගන්න ඕනෙ කියල. වික්ටර් විසින් මතුකරන ලද කාරණාව වැදගත්. ඒත් මේ ශිෂ්ඨත්වය අර්ථදැක්විය යුතුය.



1978න් පසුව ඉපදුන අයට ඔය ශිෂ්ඨත්වය කියන්නෙ මොකද්ද?



උදේ සිට රෑ එලිවනතුරු පන්සලේ ලවුඩ්ස්පීකරේ දැම්මාට කමක් නැත.

වැරද්දකට රජයේ සේවකයෙක් ගහක බැන්දාට කමක් නැත.

ආයුධ පෙන්වන්න ගොස් වෙඩි කන සැක කරුවන් වෙඩි කෑම වෙන්නම් ඕන දෙයක්.

හොර ඡන්ද දැමීම සාමාන්‍ය දෙයක් එය දිනන්න නම් කල යුතු දෙයක්. එහි වරදක් නැත.

Image result for images of political killings in sri lanka 1988

ඒ පස්සෙට වැඩ කලා නම් අනිවාර්‍යෙන්ම ආණ්ඩුවේ රස්සාවකට හිමිකම් කියයි.

බොරු කීම- බොරු ඡන්ද පොරොන්දු- ඇත්ත කීවොත් මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නැති නිසා බොරු කීම වරදක් නොවේ

ස්ත්‍රී දූෂණය- මාවින් මහත්තය කීවෙත් ගෑණු ළමයින්ගෙ වරද නිසා තමයි මේ දේවල් වෙන්නෙ. 

වාරියපොල නංගිගෙ පස්සෙන් ආපු සෙල්වත් කීවේ ඒක.

මරක්කලයින්ගෙ පැත්ත ගන්න එවුන්ගෙත් සුන්නත් කරන්න ඕනෙ
Image result for images of political killings in sri lanka 1988

සියලුම මරක්කලයෝ
 ජිහාඩ්, තලේබාන් කාරයෝය.

සියලුම දෙමෙල්ලු කොටිය.

දොස්තරවරුන් පුද්ගලික සායන පැවත්විය යුතුමය.

පගා ගන්නේ නැතිව ජීවත් වෙන්නේ කෝමද

පස්ස පවු ල ට එරෙහි වන්නෝ රටට විරුද්ධවන්නෝය. මුන් දේශද්‍රොහියෝය. මරණය ඇර වෙන දඬුවමක් මුන්ට නුසුදුසුය.

මිනිමැරීමට වඩා හරක් එලුවන් කුකුලන් මැරීම පව්ය.


වරප්‍රසාදයක් ලෙස ලැබෙන බදු සහන ලැබෙන වාහන විකිණීම කමක් නැත.

මැදපෙරදිග ගොස් කුස්සිවල වාල් සේවයට යන්නට වෙන්නේ ඉහත ආත්මයේ කල පව් නිසාය. ඔය යන ගෑනුන්ගේ ඔලුවලට ඇණ වදින්නේ උන් කල පව් නිසාය.

තාත්තා පාර්ලිමේන්තුවේ නම් පුතාට පලාත් සභාව අනිවාර්‍යයෙන්ම අයිතිය.

ලොක්කන්ගේ දරුවන් ඔය පොඩ්ඩක් විභාගය එහාට මෙහාට කරලා නීති විභාගය සමත් උනාට මොකද?

ඇමතිවරුන් මහ ඇමතිවරුන් රූපවාහිනි වේදිකාවලදී ගහගන්න එක වෙන්න ඕනම දෙයකි.

Image result for images of political killings in sri lanka 1988

බාර් ලයිසන් ලැබෙන්න ඕනා පලාතේ මන්ත්‍රීට හා පවුලේ අයටය.

ගුරුවරු පාසලට වඩා පුද්ගලික පන්තියෙදී හොඳට ඉගැන්වීමේ වරදක් නැත.

පොලිසියේදී සැකකරුවන්ට වදදීම කෙරෙන්නම ඕන දෙයකි

ළමෙක් හොඳ ඉස්කෝලෙකට දාගන්න නම් ළමයා කුඩා කල බොරු කිය යුතුමය. එය පවක් නොවේ. බලධාරීනට පගාදීම කල යුතු දෙයක්මය.


මෙය කියවූ ඔබට කියන්නට තව බොහෝ දේ ඇති කරුණාකර එකතුකිරීම් කරන්න.
http://en.wikipedia.org/wiki/List_of_assassinations_of_the_Sri_Lankan_Civil_War

23 comments:

  1. බැංකුවේ, පෙට්‍රෝල් ශෙඩ් එකේ ආදී මිනිසුන් පෝලිමේ සිටිනා තැන්වල පෝලිමෙන් පැන්නාට කමක් නැත.

    ReplyDelete
    Replies
    1. 78 පෙර ශීෂ්ඨත්වය ? ... අඳ කුඹුර වපුරන්න, හෙනක් කපා ගන්න අවසර ගන්න අඹුව හරි දුව හරි වලව්වේ පැත්තෙ / ගම් බාරෙ ලගේ අහ ගැවසෙන් යවන එක, වෙදා හොර ඔප්පු හදල දුප්පත්න්තේ ඉඩම් ලියා ගන්න එක, අවුරුද්දට පොලිමේ ඉදල ලාම්පුතෙල් ගඳ චීත්තරෙදි ගන්න එක වගේ විශිෂඨ වැඩ නං ඒ කාලෙ අනත්තවත් තිබුනා. දැං තියන අශිෂඨකම වලව්කාරයේා / ගම්බාරෙලා වෙනුවට තුට්ටුදෙකේ පොලිටික්කෝ වැඩේට එන්ටර් වෙලා ඉන්න එක නේද?

      Delete
    2. මේ සිංහල අපගෙ රටයි..

      Delete
  2. වික්ටර් අයිවන්ගේ මොළේ කොලොප්පන්... මේ රට කෑවේ ජේ ආර් කියන එකයි ඔය නොකියා කියන්නේ.. ඇයි වදේ එහෙම නම් මේක වෙනස් නොකරන්නේ.. මේ සිස්ටම් එක කෑවේ ජේ ආර් නෙමෙයි. අඩු පාඩු තිබුනේ නැතිව නෙමෙයි.. මේ රට මේ තත්වෙට ගෙනාවේ, චන්ද්‍රිකයි, සරත් සිල්වයි..

    ReplyDelete
  3. Replies
    1. මහින්ද මහත්තයා යුද්දය නවත්තපු එකෙන් සියළු දේ මැකෙනවා

      හරියට අර උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කියනවා වාගේ..

      Delete
    2. 70 සිට මේ දක්වා තිබුනු ආණ්ඩුවලින් විශාල ජන ඝාතනයක් සිදු නොවුනේ චන්ද්‍රිකාගෙ කාලෙ පමණයි.

      ව්‍යවස්තාව ළමා කතාවක් වගේ අම්මට ඕන විදියටයි ආච්චිට ඕන විදියටයි වෙනස් කරමින් කියා දෙන රටක් මේ ලෝකෙ තවත් නැතුව ඇති.

      ශ්‍රෙෂ්ඨාධිකරණය ඒකෙන් ෆුට් බෝල් ගහනවද?

      මහින්ද මහත්තය යම් දෙයක් කළා නම් එහි රැස් ටික සජින්ලා වහනවා
      පලාත් සභා, ප්‍රාදේශීය සභා කබරයින් විසින් වහනවා
      එස් බීලා මාවින්ලා වහනවා
      දැන් බලාගෙන ඉන්නේ වැට පනින්න කවුරු හරි කොඩිය වනන කම්

      Delete
  4. JR Janadipathi kale,Ravaye Giya news ekak gena victor iven wa gennala JR mokakkda dosmurayak dala thiyenawa,Victor ivan pasukalaka egena yantham Wanala kiyalathibunata,Eththatama wune mokakda kiyala JR kiwweth ne,Victor Iven kiyanneth ne,NAMUTH EDA Patan Victor iven JR ta wayira karanawa.(Ranjan)

    ReplyDelete
    Replies
    1. වික්ටරුත් එක් එක් කාල තරණය කරපු මෑන් කෙනෙක්.

      Delete
  5. මහින්ද මහත්තයාගේ යයග්‍රහණය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිතුන හිතුන විදිහට වාර කීයක් වෙනස් කලත් කමක් නැත.

    ReplyDelete
    Replies
    1. පවුලේ උදවියගේ ජයග්‍රහන වෙනුවෙන් විහාර දේවාලගම් පනත් ආදී පනත්ද වෙනස් කලාට කමක් නැත.

      Delete
  6. ආචාරශීලී කියන්නෙ ගෙදරකට එලියට එන්න ඉස්සෙල්ල හැමෝටම වඳින එකයි.
    (පෝලිම් පැන්නත්, පෙරලගෙන ගියත්, පිට මිනිස්සුන්ට කොයිතරම් හිරිහැරවෙන විදිහට හැසිරුනත්, හොර මැර වංචා කලත් වැඩිහිටියන්ට වඳින එකා හොඳට හැදිල)

    ReplyDelete
    Replies
    1. ඒ වගේම යන එන වාරවලදී
      බුදු සරණයි කියන්නේ නම් කොලුවා ගැන කියලා වැඩක් නැත.

      Delete
  7. Replies
    1. ඒ උනාට මොනව හරි කියන්න

      Delete

  8. █ මේ තියෙන්නේ අපේ අලුත්ම www.tinyurl.com/sinhalasyndi සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න.

    ReplyDelete
  9. 78න් පස්සෙද 48න් පස්සෙද කියලා හිතලා ඔළුව කොලොප්පම් වෙලා ඉන්නේ. කොහොමත් එකයි. මේ කොලොප්පොම හොඳ නොවීම වලපල්ලට යන එක හොඳයි. වැඩිය හිතන්න ඕන නැහැනේ එතකොට.

    ReplyDelete
    Replies
    1. තව බ්ලොග් කරුවෙකු ලියා තිබුනා තව අශිෂ්ඨ වැඩක් තමයි අන්වර්ථ නම් වලින් බ්ලොග් පවත්වාගෙන යාම කියල.
      අරූට
      මහිතන්නෙ ය මක් කමක් තේරෙන අයට පෙනුන නාගරික ශිෂ්ඨත්වය. ගමේ තිබුන අශිශ්ඨත්වයට අපි කියන්නෙ ගමේ කම අපේ කම කියල. කෝම නමුත් 48 හා78 කියන සීමා වල තේරුමක් නෑ

      Delete
  10. හැමදේම පස්ස පවුලට කරන්න පුළුවන් ...අනේ මන්ද අෆ්ෆා..

    ReplyDelete
  11. ජේ ආර් සිය පවුලට කොරන්න ගියේ නෑ.
    ඉතිරි කරලා ගියේ යුද්දෙයි රනිලුයි පමනයි

    ප්‍රේමෙ පවුලට කොලේ නෑ
    හිතවතුනට සැලකුවා
    ඉතිරිකරල ගියේ සජිතුයි යුද්දෙයි පමනයි

    චන්ද්‍රිකා පවුලට කියල කරපු දෙයක් නෑ.
    ඉතිරිකරල ගියේ යුද්ධෙ පමණයි

    මහින්ද.............

    ReplyDelete
    Replies
    1. මහින්ද යන දවසට කිසිම දෙයක්(අඩු ගානේ රටවත්) ඉතිරි කරලා යන්නේ නැහැ .ඒක ස්ථිරයි.

      Delete
  12. කතාවක් තියනවනේ දේවාලේ කපුවා දේවාලේ මොකද්ද එක කරාට මොකද්ද වෙන්නේ න කියල. තමන්ගේ බලය තමන්ට ඕන විදිහට. දුක කියන්නේ ඕක දන දැනත් බලය දෙන්න ඕන තැනැත්තාට නොදී වෙන එවුන්ට දෙන එක :)

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්