Followers

Tuesday, October 7, 2014

චරත භික්ඛවේ සුගතදාස ඉස්ටේඩියම්




New York Times cartoon
ඉන්දියාව අඟහරු වෙතට යනව, අපි කොහෙද යන්නෙ

ලංකාවේ ඡන්ද දායකයො ලක්ශ 100කට වැඩි ඇති දැන්.  ඡන්ද කියන්නෙ නියම සූත්තරේට වැඩ කළයුතු අවස්තා. පසුගියදා අවසන් උන ඌවේ ඡන්දෙදි මොණරගලට ආසන තුනක් කලින්ම ඈඳගෙන දීපු ගේම නියම කපටි සූත්තර වැඩක්. එකයි දශම ගාණෙන් තමයි ගොඩ ගිය බව පෙන්නුවෙ. (ලැබුනු මුලු ඡන්ද ප්‍රතිශතය 51.5% වගේ ගණනක්.)
හැබැයි නෝනිස්ට ගහපු සිද්දිය ආදී දේවල් ගැන බැලුවහම ඇත්තොන්ට ඊට වැඩියෙ ප්‍රතිශතය නංවගන්න ඕන තරම් ඉඩ කඩ තිබුන. නූතන ලංකාවේ තත්වය කොතරම් වෙනස්දැයි අපට මෙයින් ඉඟියක් ලැබේ.
(ලංකාව වෙනුවෙන් කළ අමිල සේවය අමතක කරන්නට ගතවෙන්නෙ නිමේශයකි.
අද වීරයෝ හෙට එලිවන විට ද්‍රෝහියෝ)

ඒකත් දැකල මේ කතාත් අහල...

පසු ගිය දවස්වල රාජ්‍ය නිලධාරීන්, දේශපාලකයින්, සමහර ස්වාමීන් වහන්සේලා තමන්ට දිනාගත හැකි ඇති ඡන්ද පදනම් ගැන කතා කරනු ඇසුනා.

රාජ්‍ය නිලධාරියා- 
හමුදාවේ සොල්දාදුවන් නිලධාරීන් ඇතුලු සැමගේ පවුල්වල අය එකතු කර ගත හොත් ලක්ශ දහයක් ඡන්ද තිබෙනවාලු

හෙළ උරුමයේ දේශපාලකයා-
 විදේශ රැකියා නියුතු සංඛ්යාව ලක්ශ විස්සක් පමණ වෙනවා. හැම පවුලකින්ම අඩුම තරමින් එක් අයෙකු එකතු කරගන්නට පුලුවන් නම් ලක්ශ විස්සක් ඡන්ද තිබෙනවා

ස්වාමීන් වහන්සේ වදාරනව
ලංකාවේ ගම් 25000ක් තිබෙනවා පන්සල් දොලොස් දහසක් තිබෙනවා. අපිට කෝටි භාගයක් ඡන්ද ලැබෙන්නේ ඒ විදියට, ස්වාමීන් වහන්සේ වදාරනව.

මාවින් තුමාත් 
ඡන්දෙ ඉල්ලන්න එනව, එතකොට එයාට ලැබෙන්නෙ මොන කොටසින්ද?
හැම නිවෙසකම අන් මස් කන හෝ නොකන හරක් මස් නොකන කෙනෙක් සිටී නම්
හැම මිනිහෙක් තුල මල මෝඩ මූසලයෙක් සිටී නම් ඒ ඡන්ද එතුමාට ලැබේ.
එතනත් සෑහෙන කොටසක් ඉන්නව.

බැලුවහම මහින්දට රනිල්ට හෝ අනුර කුමාරට, කියා එහෙම චන්දයක් නැත.
මේ තුන් හතර දෙනා අතරේ තමයි ''බඩු'' තියෙන්නෙ.





17 comments:

  1. දැන් එතකොට මහින්ද මහත්තයගේ ඡන්ද ඔක්කෝටම නානේ අයිතිවාසිකම් කියනවා... බැලුවාම මහින්ද මෙළෝ රෙද්දක් කරලා නෑ නේ යකෝ මේ රටට.. ඔක්කෝම කරලා තියෙන්න හාමුදුරුවරු නේ.. සෝල්ජර්ලා බණ කියන්න ඇති.. ඝෝඨලා බවුන් වඩන්න ඇති..

    ReplyDelete
    Replies
    1. සාම පෙළපාලි කඩා විසුරුවන්න වැඩ කරල තියෙනව
      සිවුර විකුණල පාර්ලිමේන්තු ගිහිල්ල තියෙනව
      ජාතිවාදය පවුරල තියෙනව
      කුකුල්ලු එලුවො මරන එක නවත්තල තියෙනව

      Delete
  2. මල මගුලක්නේ වෙන්නේ බලන් ගිහාම..

    ReplyDelete
    Replies
    1. ශිෂ්ඨාචාරය, හෙළ උරුමය, ..

      Delete
  3. බට්ටිලෑ ඇත්තන්ගේ චන්ද ටික කා ගාවද තියෙන්නේ.
    මම හිතන්නේ ලක්ෂ දෙක තුනක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. හී හී බට්ටි කියනකොටත් නගිනවා මචෝ එළ එළ

      Delete
    2. කස්ටමර්ලගෙ චන්ද?

      Delete
    3. බට්ටිලා
      කස්ටමර්ලා
      ඒවා බලා ආතල් ගන්න කස්ටිය
      සෑහෙන කොටසක්

      Delete
  4. දන්නවාද අලුත්ම කතන්දරේ. ලංකාවේ සෑම පන්සලක්ම බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලියාපදිංචි වෙන්න ඕනෙ. එහෙම නැත්නම් රජයෙන් ආධාර දෙන්නේ නැහැ. පන්සල අධීක්ෂණය කරන්න පුළුවන් බලතල තියනවා ප්‍රාදේශීය ලේකම්ට. ඊයේ පෙරේදා කුරුණෑගල එජනිස කාර්යාලය විවෘත කළා. අනේ අපේ හාමුදුරුවරු සියගානක් පෙරහරක් කියලා කියාගත්ත පෙළපාලියක වැඩියා ආණ්ඩුවෙන් ලැබෙන ආධාර කැපෙනවට බයේ.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් නමට හරි තිබුන පන්සලෙත් අවසානය

      Delete
  5. නිමල් ගෙ කස්ටිය කොළඹ වැඩ, දිලාන්ගෙ කස්ටිය රට.. ඉතිං කෝමැයි ආසනේ දිනන්නේ...

    තුන ගලවලා මොණරාගල දැම්මෙ නැත්තං මහින්දලට අද තුන කටේ දාගෙන ඉන්න වෙන්නෙ..

    අද වීරයා හෙට බලු කරන්න පුලුවන් බව පෙන්නුවා යුද්ධයට පස්සෙ. මතැකැති නේ??

    ReplyDelete
    Replies
    1. //////////තුන ගලවලා මොණරාගල දැම්මෙ නැත්තං මහින්දලට අද තුන කටේ දාගෙන ඉන්න වෙන්නෙ..////////

      එදා තුන ගලවන්න බැහැ කිව්වානම් ජනා මහින්දගේ තුන, මැකෝ මහින්දගේ කටේ.

      Delete
    2. තුනෙන් තමයි ගාණට මිම්මට හීනියට වැඩේ ගොඩ දාගත්තෙ.
      එන පොට හොඳ නැති බව දැන් කාට කාටත් පෙනී ඇත.
      නානායක්කාර කලින්ම පැන්න. විමල් තුමාද, රතනද, රණවකද දැන් මාවින් ද සැලී ඇත. ආණ්ඩු විරෝධය කොල්ල කන්නේ කෝමද? යන ගේමට සෙට්වෙලා

      Delete
  6. ඌවෙ ගහපු ගේමම තමයි බං ඉස්සරහටත් ගහන්නෙ..

    ReplyDelete
    Replies
    1. යැස්,ඉස්සරහාට කොළඹට පත් වෙන මන්ත්‍රී ටික අඩු වෙලා අනුරධපුරට එහෙම පත් වෙන ගාණ වැඩි වෙන්නත් පුළුවන්.

      Delete
    2. විමල්, රනවක, ඩිව්, රතන ආදීන්ගේ ගනන් හැදීමම අනුව මහින්ද අමාරුවේ?
      රතනලට ඕනා සෝභිත එන එක වලක්වන්න
      ජනරාල්ට ගේම දුන්නා කලින්ම.
      දැන් තියෙන්නෙ රනිල්ව තනිකරගන්න එක.
      ජවිපෙය රනිල් එක්ක එකතුවෙන කඩා ගත්තොත්
      බටහිර ඉත්තා කියලා ලේබල් කරලා තනිකරලා
      උතුර කොටුකරලා
      ලා ලා ලා

      Delete
  7. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්