Followers

Thursday, October 30, 2014

යන්තම් ඇති ...ආණ්ඩුව ...අටට බහින එකක් නෑ

හොරු අඩු පින්තූරයක්...
හරින්ගේ ඇඳුමෙ නිලුත් තිබේ.. ඒ මක්කද??
සැලුන්දොර කොහෙදෝ?
----------------------




මහින්ද  කල් ඉකුත් වෙන්න කලින්ම ජනපති තනතුරට තුන් වෙනි වරටත්  ඉල්ලුම් පත්තරේ දාල.
රටට සේවෙ කරන්න කොතරම් තදියමක් අපේ නායකයයිනට තියේද;
සිය ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් ගිලිහෙන බව දැනී ඇත්ද
 කියල මේකෙන් පේනව.

ජනවාරියෙ ඒ යයි කියන ජනපතිවරණෙ හේතුවෙන්
සමසමාජෙ දෙකට බෙදිලලු. 
කොටසක් මහින්දට- කොටසක් ස්වාධීන
ඒකත් හොඳ ගැලවිජ්ජාව.
අනේ හොඳයි.
18ට අත ඉස්සුව එකේ ලජ්ජාවක් තියෙන අය සමසමාජෙ තවම ඉන්නව.!

වාසු කියන්නෙ යූ එන් පියට විරුද්ධ අපේක්ශකයාට එයා සපෝර්ට් කරනවාලු
හෙල කරුමෙත් හෙල්ලිලා
රාවණා සී සී කඩ
විමල් එලියට පනින්න වගේ ගිහිල්ල ආයිත් ඇතුලට
ඥාණසාර හිමිගෙ තාලෙ විපරීත අමුතු වෙමින් යනවා

නව සමසමාජෙත් දෙකට කැඩිලලු.
විමල්ගෙ නිවුස් වෙබ් එකයි එහෙම කියන්නෙ.
මාධ්‍යයවලින් බාහුව උඩ දානකොට මට හිතුන
ලොකු ගිණි ගෙඩියක් දෙන්න තමයි යන්නෙ කියල.

"බාහු- රනිල්ට; දේශපාලන මණ්ඩලය- වමේ පොදු අපේක්ශකයට''
එහෙම තමයි ඉන්න ඕන....
පවුල බෙරගන්න ඕන නම් අම්ම ස්‍රී ලන්කා තාත්ත යූ එන් පී පුතා ජේ වී පී දුව - කොමිනිස්, ආච්චි හෙළ උරුමය වගේ.

රටේ ව්‍යවස්තාව, අම්මට ඕන විදියටයි, තාත්තට ඕන විදියටයි කියා දෙන ළමා කතාවක් බවට පත් කර ඇති මේ වෙලාවේ දේශපාලනේ ප්‍රධාන මාතෘකාවෙන් පීලි නොපැන යායුතුයි. වමේ පොදු අපේක්ශක කතාව දකුණු කකුලෙ ලෙඩේට වම් කකුලට බේත් බඳිනව වගේ වැඩක්.
මොනව කලත් ඒ අය -නසසප-  ආණ්ඩුවලට එකතු වෙනවද නැද්ද කියන එකයි ප්‍රධාන.
ඇමරිකාවේ ඔබාමගෙ පක්ශෙ තරම්වත් ලංකාවේ එකම පක්ශයක් වාමාංශික නැති එකේ....?

1984 පෑලියගොඩ නගර සභාවේ තිබුනු නසසප මහ පක්ෂ සමේලනයේදී ප්‍රධානම මාතෘකාව වී තිබුනේ එකල බිහිවූ විජේගේ මහජන පක්ශයේ පංති පදනම් හා එක්සත් පෙරමුනු උපායයි. එහිදී සිරිතුංග ජයසූරිය හා පිරිස කැඩී වෙන් වෙනව. මහිතනව එහිදී එක්සත් පෙරමුණු උපාය වෙනුවෙන් පෙනී සිටි වාසු ඉතා ඉහලින්ම ඒ උපාය ක්‍රියාවට දාල තියෙනව. මුස්ලිම් සහෝදරවරු යූ එන් පිය හා එක් වී ඒ ක්‍රියා කරගෙන යනව. නසසපයේ දේශපාලන මණ්ඩලය ශක්තිමත්ද ඒ අය සිය නැවත  සිය මේසය වටේට ඉඳුවා සමාලෝචනයක් ගැනීමට. ඒ අත්දැකීම් පක්ශයේ දියුණුවට යොදාගැනීමට
මිය ගිය මරාදැමූ සිය දිවිනසාගත් සාමාජික හා ඒ පවුල්වල අය වෙනුවෙන් සිය එක්සත්බව පෙන්වීමට

ලංකාවේ ආණ්ඩු බලය ගැන කතාකරනව නම්
ප්‍රශ්නෙ තියෙන්නෙ යූ එන්පිය බලය ගන්න ලෑස්තිද කියන කාරනාව මතයි කියල මට හිතෙන්නෙ.
සුද්දවලට කැමති අය ලව්ව සුද්ද කිරීමේ කටයුතු කොලාට පස්සෙ සුද්ද වගේ ඇවිත් වාඩි වෙන්නයි දැන් රනිල්ට තියෙන්නෙ

මට අවංකවම භය ආණ්ඩුව පැරදී ප්‍රතිපත්ති විරහිත යූ එන් පියට විශාල බලයක් ලැබේවිද කියලයි. ඒත් 77 සිදු වූ වම ආණ්ඩුවෙන් සහමුලින්ම ගැලවී එලියට යෑමක් මෙවර සිදුවන්නේ නැති නිසා ඒ ගැන භයවන්න කාරණා නැත. සමසමාජ ඇට්ටර සෙට් එක ආණ්ඩුවට සපෝර්ට්. 
වාසු සපෝර්ට්. 
ඩියු සපෝර්ට්.
 විමල් සපොර්ට්. 
අන්තිමට රතනත් කැරකිල එයි එතනට.

ඒ නිසා අටටම බහින එකක් නෑ.

යුද්ධය වෙනුවෙන්

සෝමෙ ඇරඹූ
රතන ඉදිරිය ගෙන ගිය
නානේ ඇනූ
මඩකලපුවෙ තෙර
වලට දැමූ
සිවුර විකිණීමේ ව්‍යාපාරය අතරමං

කෙසේ වෙතත් මේ අවසාන අවධියයි.
ජාතික ඇඳුමයි කියන,
 සාමාන්‍ය ගමේ මිනිසා විශ්වාස කරන
ජාතික ඇඳුම ඇඳ ජාත්‍යන්තරයට ගියාට, 
මාතර කතරගම දුම්රිය  මග දානවාට,
පොදු ගොඩනැගිලි වටා තාප්ප කටු කම්බි වැටවල් කඩා විවෘත කලාට
සිවුර විකිණීමේ ව්‍යාපාරය එළිදරව් කලාට
ජාතික ප්‍රේමය දේශීය අනන්‍යතාව දේශප්‍රේමය විකිණීම එළිදරව් කලාට
ලොකු ලොකු කයිවාරුකාරයින් මුදලට කුක්කන් කල හැකි බව ඔප්පු කලාට
සිංහල ජනපදනම තුල දේශප්‍රේමී ඡන්ද ස්වල්පයකට හිමිකම් කියන ජවිපෙය රට කාට ගියත් එය නැතිකරගන්නට සූදානම් නැතැයි පෙන්නා දුන්නාට

හා අවසාන වශයෙන්

හොඳින් හෝ නරකින් යුද්ධය ඉවර කලාට තුති.

ඔබගේ අය වැය කවිය ඔබ තුල ජීවත්වන අතීත කාමියාගේ අවංක හද ගැස්මේ ප්‍රකාශනයයි.

දැන් ඉතින් හරීන්, හර්ෂ, අනුර කුමාර, සමන්තලා, සජිත්, යෝශිතලාගේ කාලයයි.
එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.



15 comments:

  1. කොහෙන් ගියත් මාමි දිනුම් නේ....

    ReplyDelete
    Replies
    1. හැමදාම එක්කෙනාම
      දිනනකොටත් බෝරින් හරිම
      නැද්ද මං අහන්නෙ

      Delete
  2. ආන්ඩුවත් එකයි විපක්ෂේත් එකයි ඔක්කොම ඉන්නේ තාන්ගේ වාසියට :)

    ReplyDelete
    Replies
    1. අපිත් හොයන්නෙ අපේ වාසිය
      ඒ බව ඒ අයත් දන්නව
      ඒකනෙ බෙදන්නෙ
      බෙදාගන්නෙ

      Delete
  3. චම්පික පොරි හැලෙන් කතාවක් කරලා තියෙනවා.. අද රතනේ නුගේගොඩ ජෙප්පන්ගේ රැස්සිමට වැඩලා තියෙනවා.. මක්කා වෙයිද කියන්න බෑ.. චම්පිකට ගහන්න ගිහිල්ලා ඒකත් අන්තිමට එයාලටම වැදුනේ.. කොහොමත් හොඳට පච කෙලින්න පුළුවන්, සද්දේ වැඩි හැකර කටවල් තියෙන පැත්ත දිනනවා.. ඒවා අපේ ලේ වල ජාන වල තැන්පත් වෙලා තියෙන විශබීජ.. ඒ විශබීජ ගැන මාර ආඩම්බරයක් අපට තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය දේ තමයි
      පිළිගන්න වගේ පුලුවන් හීන
      ඒ හීන කඩා නොදමන පච

      චම්පික ප්ලේ කරන කාඩ්
      නානෙ කාල නෙ තියෙන්නෙ

      Delete
  4. ජනාධිපතිවරණයට පහුවදා ප්‍රතිඵල ආවම මේ පෝස්ට් එකම නැවත පල කරන්න කියලා කරුනාවෙන් ඉල්ලා සිටිනවා. එතෙක් ඔබට සිහින දකින්නට අවසරයි.
    - කළණ මිතුරු

    ReplyDelete
  5. මරු!

    යෝශිත ගේ කාලේ? නාමල් ගේ ත් කල් පැනලාද?

    ReplyDelete
  6. හැමදාම රජවෙලා ඉන්න බැරිබව හිතාගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන වුන් මේකේ නැති බවත් දැන ගන්න ඕනේ.

      Delete
  7. ඔය වටේටම අය්යලා නංගිලා නටන රූකඩ නැ‍ටුම් වල නූල් අතේ තියං ඉන්නෙ මාමි..

    ReplyDelete
  8. ආපහු අනූ හතරක් ඇවිත් කියල බුකියේ මේ දවස්වල පොස්ටුවක් එහෙ මෙහෙ යනවා.

    අනූ හතර කොහොම වෙතත් වෙනසකට වෙලාව ඇවිත් වගේ තමයි දැනෙන්නේ..

    ලිපිය නම් මරු දයාල් බතී..

    ReplyDelete
  9. රතන මහින්ද ජනාධිපතිවරණෙට එනවට විරුද්ධයි.
    ගොම්මංපිල යූඑන්පී නොවෙන විරුද්ධ බලවේගෙකට මනාපයි.
    ජනතාව පීඩනයට විරුද්ධයි.
    සිවිල් සමාජය විධායකේට විරුද්ධයි.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්