Followers

Thursday, November 13, 2014

ඩිලාන් පනී කියල බලන්නද පැනපු පබා දැම්මෙ?


ඩිලාන් - විදේශ රැකියා ඇමතිව මොනිටර් කරන්න පබාව දාල
මෙයාව නම් මොනිටර් කරන්නම ඕනෙ.
රිසානගෙ කේස් එකත් අනාගත්ත කෙනානෙ මේ.

පබාට අනුව එනම් ගෘහ සේවිකාවකගේ දියණියක් ලෙස  මැද පෙරදිග ජීවත් වූ කෙනෙකු හැටියටත් සොයා ගත් කරුණු අනුවත් ඒ රටවල අපේ සේවිකාවන්ට ඇති ප්‍රශ්නයක් නැත.
ඇය කියන පරිදි, 
එනමුත් ප්‍රශ්න තිබේ. ඒත් ප්‍රතිශතයක් ලෙස ඉතාම සුලුය.
සමහර ප්‍රශ්න ඇතිවන්නේ අසනීප ඇති අය  බොරු වෛද්‍ය සහතික ඉදිරිපත් කර රස්සාවට ගොස් එය කරගන්න බැරි වීම නිසාය.
ප්‍රශ්නවලින් එය කුමන ප්‍රතිශතයක්දැයි ඇය කියන්නේ නැත.

මනුස්ස ජීවිත පිළිබඳ ප්‍රශ්න ප්‍රතිශත වලින් ගනන් බැලීම මහ අමනුස්ස වැඩකි.
මේ ගණිත සංකල්ප සොයාගත් මිනිසුන් සිටියා නම් දිවිනසාගන්නවා ඇති. පරමාණු ශක්තිය සොයා ගත්තේ පරමාණු බෝම්බ හදන්නට නොව මිනිස් ශිෂ්ඨාචාරය ඉහල නංවන්නයි. මිනිස් ජීවිත පහසුකරන්නයි.
බුදු දහම රැක ගන්නයි කියා මිනිස්සු මරනවා කියන එකත් ඒ වගේ.

මේ ප්‍රතිශත වලට උත්තරයක් මා කලිනුත් දී තිබේ.
ඔබ හැමදාම නිදාගන්නේ නීත්‍යනුකූල සහකරුවා සමගයි.
ජීවිතයට එක් දිනක් වෙන කෙනෙකු හා නිදාගත්තොත් ප්‍රතිශතයක් ලෙස ඉතාම කුඩයි.
ඒත් ඔබට සමාවක් ලැබේද?
මැද පෙරෙදිග ගොස් අම්මා එනතුරු බලාසිටින ළමයින්ට ලැබෙන්නේ හිසට ඇණ ගසා, සිරුර පුච්චා, යෝනිමාර්ගයට කම්බි යවා එන  අංගවිකල මානසික රෝගියෙකි.
දිනකට එක් අයෙකුට මෙවැනි අමානුශික වදහිංසාවලට ලක්වෙන බව ප්‍රතිශත අනුව පෙනේ.
මේවා ප්‍රතිශත වලින් වසා දැමීම පබා වැනි ස්ත්‍රියකගෙන් බලාපොරොත්තු වන්නට පුලුවන්ද?
 රාවණා බලයෙන් විදේශ රැකියා ලොක්කාගේ කාර්‍යාලයට පැන්නාට සරිලන උත්තරයක් වූවාට වහල් සේවයේ අමානුශිකත්වය ගණන් කෑලිවලින් වසා දැමිය නොහැක.
ඒ රටවල තුන්සරණක් නැති නිසා අභසරණ තමයි පතන්න වෙන්නේ
පැවිද්දෝ අර්බන්urban-නගරං ටෝක්ස් දෙති
ගිහියෝ බණ ---

28 comments:

  1. එක කුණුගොඩක් වහන්න ඊට වඩා ලොකු කුණුගොඩක් එතනට ගිහින් දැමීමත් අලුත්ම පරිපාලන න්‍යායක් ලෙස යොදාගන්නවා වගේ මටනම් පෙනෙන්නේ. ඩිලාන් පනියිද පබා ආපහු පනියිද කියලා හිතන්න ඇති 'මහා පරිපාලකයා' ඒ නිසා පබාට පොඩි බෝනස් එකක් දීලා වගේ. හැබැයි ඩිලාන් කාන්තා පක්ෂය සමග කටයුතු කිරීමේදී අපකීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන්නෙක්.

    ReplyDelete
    Replies
    1. අලුත් පරිපාලන න්‍යායවල් මේ ගොල්ලන්ගෙ..


      පබාව දැම්මෙ නම්
      එක
      පබා යයි කියල බයවෙලා හා රාවනා බලය කෑ ගහපු එකට
      දෙක
      ඩිලාන් යයි කියලා බයවෙලා
      එයා විජේගෙ -චන්දිගෙ කස්ටියෙ කෙනෙක් නේ??

      Delete
  2. //එනමුත් ප්‍රශ්න තිබේ. ඒත් ප්‍රතිශතයක් ලෙස ඉතාම සුලුය.//

    අපේ මාතේ කියන්නෙත් ඕකම තමා.. පබා කිව්වනං ටක්කෙටම හරි.. දැං නං ඇග පත මහත් වෙලා.. රෝස් සිරප් බීල වෙන්ටැති

    ReplyDelete
    Replies
    1. අපි ආදරේ ටෙලි නාට්‍යයේ හිටපු පබාට
      මෙයා යන එන මං නැති කරගන්නවා
      දිරපු ලණු කාලා.

      Delete
  3. අපේ ළොකු අම්මට වගේ ලංකාවේ බොහෝ දෙනෙකුට ළොකු අමාරුවක් තියෙනවා දුප්පත් මිනිස්සු රට ගිහිල්ලා කීයක් හරි හම්බ කරගෙන එනවට. නමුත් ඒ තරමින් හෝ යහපත් ජීවිතයක් ගතකරන්න විකල්පයක් එකෙක් ළඟවත් නෑ.. ඔය මිනිස්සු මෙහේ හිටියත් ඔයිට වඩා අපා දුක් විඳිනවා..

    එහෙම මිනිස්සු ඉන්නවා කියලා තේරෙන්නේ ඔය මීරිය බැද්දේ වගේ පස් ගොඩකට යට උනාම විතරයි. ඕන් එතකොට ඔක්කෝටම පේනවා කොහොම පට්ට හිඟන්නොද ලංකාවේ ඉන්නේ කියලා.. ඊට පස්සේ අර ගමේ දාන ගෙවල් වලට යනවා වගේ සීනී පන්සීයකුයි පරණ ඇඳුම් කඩමාලු ටිකකුයි දීලා නිවන් යන්න කුසළ ධර්ම කරලා ටී වී එකේ මූනත්තහඩුවත් දාගන්න බලනවා..

    මේ ප්‍රතිශත පිළිබඳ මම බොහෝම පැහැදිලිව ලිව්වා.. දුප්පත් මිනිස්සුනට ඔයිට වඩා අපරාද වෙනවා රට ඇතුලේ.. මේ ළඟදි දස සිල් මෑනියෙක් රේප් කරලා මරලා දාලා තිබුනා.. ළමා අපචාර වලින් ළෝකේ ඉස්සරහින්ම ඉන්න රටක්.. ගෘහස්ත ප්‍රචන්ඩත්වය ගත්තත් එහෙමයි.. හැබයි නෝ ප්‍රශ්..

    අපි අපිනේ.. අනේ මෙහෙම මිනිස්සු..

    බුදු සරණයි...!!!

    පබා බිය නොවී හවුස් මේඩ් කෙනෙක්ගේ දුවක් කියලා කීමම වීර ක්‍රියාවක්.. එහෙම කෙල්ලෙක් මෙහම තැනක ඉන්න එකත් ළොකු දෙයක්.. මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය අපට අදාල නෑ.. මට නම් පබා වීරවරියක්...

    මේ ළඟදිත් බ්ලොග් ලියන වැදගත් මහත්මයෙක් මේ අය ගැන කතා කරලා තමන් කොහොමද මේ මිනිස්සු දිහා බලන්නේ කියලා බොහෝම ලස්සනට ලියලා තිබුනා.. ඒකට හිට්ස් ගොඩකුත් තිබුනා..

    ඒ අපේ මිනිස්සුන්ගේ කුහක කම..

    පබා යු ආ ග්‍රේට්..

    ReplyDelete
    Replies
    1. යකෝ මූට ඉන්නෙ “එදාවේල ටුවර්ස්“ වීරවරු වීරවරියොනෙ. ඊයේ පට්ට ගහපු එකා අද වීරයෙක්. තමන් “ගෘහ සේවිකාවකගෙ“ දියණියක් ලෙස මැද පෙරදිග ජීවත් වූ බව කීම වීරකමක්ද? තනිකරම පුද්ගලික වාසිය තකා පක්ෂ මාරු කරපු පබා එක වචනයක් නිසා වීරවරියක්.. බගලාගන ගියාම රටේම ඉන්න පියරු බබාලා වීරවරියො.
      හැබැයි "ගෘහ සේවිකාවකගේ දියණියක් ලෙස මැද පෙරදිග ජීවත් වූ කෙනෙකු හැටියටත් සොයා ගත් කරුණු අනුවත් ඒ රටවල අපේ සේවිකාවන්ට ඇති ප්‍රශ්නයක් නැත." කියලා කියපු කෙප්පය ගැන මීක් නෑ.

      Delete
    2. මේ ඇපොයින්ට්මන්ට් එක හම්බුන ගමන් පබාට අම්මගෙ රස්සාව මතක් උනේ නම් දේශපාලන උප්පරවැට්ටියකට මිසක් වෙන එහෙකට නෙවෙයි.. අම්මව විකුණල හරි කමක් නෑ කියන කැත අදහසක් තමයි මටනම් එතන පේන්නේ..

      Delete
    3. මන් හිතාගෙන හිටියේ ලියන දේවල් වල හැටියට මේක මිනිහෙක් කියල. අදනේ දන්නේ මාතලන් කියන්නෙත් වගබිභාගයක් නැතුව ඕනේ චීත්තෙකට දණගහල වදින්න පුළුවන් බෙලහීනයක් මෝඩයෙක් කියල.

      Delete
    4. කොමෙන්ට් එකක් තමන්ගේ නමින් දාන්න බැරි ගොබ්බ බ්ලොග් කාරයන් අතරේ තමන් කව්ද කියලා බය නැතුව කියන්න පුළුවන් එක මට නම් ආඩම්බරයක්. විශේෂයෙන් ලංකිය ගැහැනියක් විදියට..

      Delete
    5. පබාට.....අම්මා හවුස්මේඩ් ජොබ් එකක් කරා කියලා මතක්වුනේ මොනිටර් වුනාට පස්සේ. එතකම් කරේ ඩිලාන්ගේ රටවිරු ජෝගි මඩුවේ බබා හුකුන් වෙච්ච එක. මැද පෙරදිග වැඩකරන ජනතාවගේ සුබ සාධනයට යොදවන්න තිබුනු සල්ලිවලින් ජෝගි නටපු ඩිලාන්ලා බයිලා කියනවා. පබා ඒවැඩ සටහන්වල නිවේදන වැඩකටයුතු කරේ නොමිලෙද දන්නේ නැහැ. පබාට වඩා අර පාර්ලිමන්ට් ජෝක්ස් රන්ජා නම් සවුදියේ අනාත වෙච්ච එවුන්ට වීරයෙක්. ඒ යකා විපක්ෂයේ ඉඳගෙන හරි හැකි පමනින් මැදිහත් වුනා. මට නම් ඔය පබා තවත් එක බබෙක් විතරයි. රනිල්ලාගේ මෝඩ තේරිම් වලට ඔන්න නිදසුන්. තව ඉන්නවා.

      Delete
    6. පබා යූ ඇන් පී එකේ ඉඳන් ඕක කිව්වා නම් අරූට පබාට එහා කෙනෙක් නැති වෙනවා..

      Delete
    7. නෑ මචං....පබා යුඇන්පියෙ නෙමෙයි ජේවිපියේ හිටියත් මට පබා කියන චරිතය දේශපාලන සාධකයක් නොවේ. ඒවා නිකං පොලිටිකල් ලොලිපොප්ස්.

      Delete
    8. පබා දින්නේ අනුකම්පා සහගත ජන්ද වලින්.ඒ වේලාවේ ගම්පහ මිනිස්සු පබා ගැන උපන් අනුකම්පාවෙන් එහෙම දුන්නත් ආයේ ලැබෙන එකක් නැහැ.අනර්කලීට වෙච්චි දේ තමයි පබාට ඊලඟ මැතිවරණයෙන් වෙන්නේ.අනික තමන් හවුස් මේඩ් කෙනෙක්ගේ දුවෙක් කියලා කියන එකේ තියෙන වීරත්වය මොකක්ද?එහෙම නම් මර්වින් කියන්නෙත් වීරයෙක්.මොකද මර්වින් ඇවිත් මහින්ද මහත්තයාගේ තාත්තාට තැබිලි ගෙඩි කපලා දීපු,සතොසේ බඩු කිරපු පොරක් කියලා මිනිහාම කියන්නේ.අද ඔය ඇමතිකම් අරන් රට හොල්ලන් මොන අමන කම් කෙරුවත් තමන්ගේ මුල මතක එක කොයි තරම් වටිනවාද :D ?

      Delete
    9. අනිවාර්යයෙන්... ගොඩක් උන් ඉහල නැග්ගාම පඩිපෙලට පයින් ගහලා විසි කරනවා.. මුල මතක නෑ.. එහෙම මුල මතක උන් මට වීරයෝ...

      Delete
    10. පබාගේ වීරකමේ පල ප්‍රයෝජනේ මේ දැන් ගන්නේ කවුද?

      Delete
  4. යුද්දෛට නැති කග කොස් කොටන්ටද බතියෙ...
    ඔන්න ඔහෙ කොටන්ට කියමු..............

    ReplyDelete
    Replies
    1. කතිර යුද්දේ
      අද සෑ සිට
      සීරුවෙන් සිටීන්

      දුවන්න පනින්න සැරසේන්
      ඔන් යුවර් මාක්

      Delete
  5. දේශපාලනය සහ නිලධාරිවාදය සම සමව තියනව. කාටවත් සෙතක් වෙන්නෙ නං නෑ.

    ReplyDelete
    Replies
    1. සෙතක් වෙනව නම්
      අපිට මෙහෙම ලියන්න දේකුත් නැහැ නේද?

      Delete
  6. කපුවත් දේවාලේ... කපුවාගේ බලලත් දේවාලේ :v

    ReplyDelete
    Replies
    1. ඒ උනාට දේවාලෙ අයිතිකරුවො වන ඡන්දදායකයින්ට චෑන්ස් එකක් එනව.

      Delete
  7. අනේ අම්මපා ...................... ඔය පබා කියන්නේ ෙමාකෙක්ද???? පබා දන්න ෙද්ශපාලනය.. ගම්පහ ඉන්න මිනිස්සුන්ගේ තරම ෙපන්නුවේ ඔය බොළද කාන්තාව ෙත්රලා තමයි..... ෙවන කතා ෙමාකට ද කරූ ෙදවැනියා ෙවලා අර හිටපු අැමතිවරයා ෙගදරට ම යැව්වා.... ඒ් මිනිහා පව් දුකට ම මැරිලා ගියා.... පබා දන්න ෙද්ශපාලනය නියමෙට ෙපන්නුවේ ෙදරණ 360. ෙරදි ගැලෙව්වා ෙනමෙයි... අාය රෙදි අදින්නවත් බැරි කරා.... ඒ්ත් ෂුවර් ඊළග පාරත් උඩින් ම ඒනවාම තමයි.............. ෙමාකද ෙම්ක ලංකාවනේ..........

    ReplyDelete
    Replies
    1. ඉස්සර තරම් ආතල් එකක් එයා දැන් ජනතාවට දෙන්නෙ නෑ
      ඒ නිසා යන එන මං නැතිවෙන තත්වයක් තමයි අංජනමේ හනුම පෙන්වන්නේ

      Delete
  8. හොද නැද්ද ඩිලාන් මහත්තයව අපේ පබා නෝනට පන්ගාත්තු කලොත්....?

    ReplyDelete
    Replies
    1. වයින් ග්ලාස් එකට ගල් කාලක්
      මැද පෙරදිග ලංකාවේ තානාපති කාර්‍යාලයට අතරමං වෙච්ච ගෘහ සේවිකාවක් ගියා
      නරියට චිකන්
      වගේද

      Delete
  9. මේ වගේ මාතෘකාවක් අදින එකත් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඒ අය ගැනත් කතාවෙනව කියන්නෙ ඒ අයටත් තැනක්නේ?

      Delete
  10. කවුරු දැම්මත් කොහොම කෙරුවත් මහින්දගේ ආශ්චර්යත් එක්ක එජාපය පරාදයි..... :v

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්