Followers

Tuesday, November 25, 2014

ඩුම් ඩොම් පටොම්- සජින් කුලකය විශාල වෙමින් යයි- නීති උල්ලංඝනයක්

‘‘මෛත්‍රීට ඡන්ද ඉල්ලන්න ආවොත් ගස් බැඳ ගසනු‘‘
උප ඇමැති ලක්ෂ්මන් කියයි
2014 නොවැම්බර් මස 25 14:51:26 | . , ඉන්දික අරුණ කුමාර
 
විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඡන්දය ඉල්ලා එන අයට ගස් බැඳ ගහන්නැයි කර්මාන්ත නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා නාවුලදී පැවැසීය.
ඔහු එසේ කීවේ නාඋල නගරයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ කාර්යාලය විවෘත කිරිමේ උත්සවයට එක් වෙමිනි.
තමන් ඝාතනය කිරිම සඳහාද මේ වනවිට කොන්ත්‍රාතුවක් ලබාදි ඇතැයි ද පෙරේරා මහතා කිවේය.
‘‘ කිරිවානා සල්ලිය කන්ද ආසන්නයේදි මා ඝාතනය කරන්න සැලසුමි කර තියෙනවා කියලා මට තොරතුරු ලැබි තියෙනවා.මම කියනවා අපි වෙඩි උණ්ඩයට බය නෑ. කව්රුන් හරි ඝාතනය කළොත් දාස් ගණනක් මිනිස්සු ඉන්නවා වෙඩි තියපු එවුන් ඝාතනය කරන්න.
‘මතක තියා ගන්න ගම්වලට කට්ටිය එයි ‘මම ආණ්ඩුවේ හිටියට අනික් පැත්තට යනවා මෛත්‍රිට ඡන්දය දෙන්න කියලා, මම තමුන්නාන්සෙලාට කියනවා ඒ එන එවුන්ට ගස් බැඳලා පහර දෙන්න කියලා.
ජනාධිපතිවරයා මෛත්‍රි අගමැති කර තිබුනා නම් මතක තියා ගන්න මේ ජනාධිපති සටනට එන්නේ අගමැති වරයෙක්.
අපි ලග්ගල ආසනේ සුදානම් කරලා ඉවරයි. නන්දිකඩාල් කලපුවේදි එල්. ටී.ටී.ඊ එක ඝාතනය කරන්න සැලසුම් කළාට වඩා මේ මැතිවරණය සැලැසුම් සහගතව ජයග්‍රහණය කරනවා කියලා මම තමුන්නාන්සේලාට කියනවා‘‘

IMG_3548 IMG_3555 IMG_3557
  
 අදහස්(11)  බැලූවෝ (2811)

‘‘මෛත්‍රීට ඡන්ද ඉල්ලන්න ආවොත් ගස් බැඳ ගසනු‘‘සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
චාමික 2014-11-25 09:37:27
චන්දෙ ඉල්ලන්න එන මිනිස්සුන්ට ගස් බලා ගහන්න කියල මිනිස්සු උසිගනවල, ජාත්‍යන්තර සංවිදාන වලට මැදිහත් වෙන්න පාර හදල දෙන්නේ නුගත් අය තමයි. ඊට පස්සේ කොහෙවත් ඉන්න අයට බනිනවා කුමන්ත්‍රණකාරයෝ කියල. (දී)
මිගාර 2014-11-25 09:37:55
කවුරු හරි චන්දෙ ඉල්ලුවහම ගස් බඳින ඕනෙද (දී)
චවික 2014-11-25 09:37:38
මිනිස්සුන්ට ගස් බැඳලා ගහන්න මිනිස්සු උසි ගන්නන්නේ මොකද මහත්තයෝ ඕකද ප්‍රජාතන්ත්‍ර වාදය (දී)
කුසල් 2014-11-25 09:37:38
මෙහෙම චන්ද කරන්න පුළුවන්ද (දී)
මාලිංග 2014-11-25 09:38:53
කුඩු ගෙන්නන එතනෝල් ගෙන්නන අයට ගස් බැඳ ගහන්න හිතෙන්නේ නැද්ද ඔබතුමාට (දී)
ධම්ම 2014-11-25 09:38:44
මේ ගස්බඳින මානසිකත්වය ඇති අය තමයි ජනාධිපතිතුමාව පහලට අදින්නේ. (දී)
හේමාල් 2014-11-25 09:39:25
ඒ කියන්නේ චන්දෙ ඉල්ලන්න මිනිස්සුන්ට තියෙන අයිතිය බොරුවක් (දී)
මහි 2014-11-25 09:39:27
ඔන්න ප්‍රජතන්ත්‍රවාදය චන්දෙ ඉල්ලන අයට ගස්බැද පහරදීම. (දී)
හේමන්ත 2014-11-25 09:39:55
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියල කවුරුහරි කියන්නකෝ. (ර)
දිනුෂ් 2014-11-25 09:45:06
මම මේ ඇමතිතුමාව දැක්කෙත් අදයි. පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්ද? (ර)
ඉසුරන්දි දෝහා 2014-11-25 10:01:02
ඇයි ජනතාව මේ විදිහට ප්‍රකෝප කරන්නේ වගකිවයුතු අය. ඉතින් කොහොමද සාමකාමී මැතිවරණයක් බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට පටු අදහස් දරනවානම්. (ර)


7 comments:

  1. මේක ඉතිං අපි බැලුවා නෙව. මේ වාර්තාව උඹද ලිව්වේ දයල්..

    ReplyDelete
  2. බලේ බලේ එතනොල් දෙවියන්ගේ බලේ............

    ReplyDelete
  3. ගියපාර මනාප යුද්දයෙන් ඉතිරිවුන කෑලි.

    ReplyDelete
  4. මර්වින්ගෙ කොපි රයිට් රැකපියව්...!

    ReplyDelete
  5. ඔය ඉතිං ලොක්කව චුං කරන්න අරක්කු 1/2.....රු.500/=යි...........බත් පැකට් එකයි..........වතුර බෝතලෙටයි.....එකතු කරගත්ත 25ක් 30ක් එක්ක දාන මාධ්‍ය දර්ශන තමා.........හිටගෙන.....

    ReplyDelete
  6. මහින්ද ලොක්ක අනාගන්නෙ කවද හරි මේ වගේ බෝක්කු කටවල් හන්ද තමා

    ReplyDelete
    Replies
    1. ඕකුංව ෆෝම් කරන්නෙත් මහින්ද මහත්තයම තමයි.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්