Followers

Saturday, November 22, 2014

ගෙම්බන්ට ඉනිමං - Never upset a woman- ගෙම්බාකරණය



පහත ෆොටෝ එකේ හරීන්ගෙ රෙද්දෙ
 නිල් තිබුනෙ මක්කද කියල දැනුයි තේරෙන්නෙ

සැලුන් දොර හායි ගාල ඇරල
හෝයිගාල මෙන්නෙ එනෝ
Thank you Mr Sarath N De Silva
සැලුන් දොර (දේශපාලනය ගෙම්බාකරණය කිරීම)නිර්මාතෘ-Patent Pending

මොනවද මේ උන්දල අරං එන්නෙ
ව්‍යවස්තා ගෙඩිය අරං එනව 18වන සංශෝධන පොත්ත අරින්න
එතකොට පේන්න ගන්නේ 17
Thank You Mrs CBK
For the Proof of the old saying- Never Upset a woman

18 වන සංශෝධනේ බලවත් වැරද්දක්
ඖෂධ පනතට මොකද උනේ එය හොරකම් කලේ ඇයි?
ඔබ අහනව
Thank you Maithree මෙපමණ කල් ''ඉවසීම'' පිළිබඳව
රනිල්ට බලය දෙන ජනපතිට තුතිපුදන
රනිල්ගෙ හා විපක්ශෙ පිහිටෙන් ශ්‍රීලනිපය බේරාගන්නා
ඔබගේ මේ අලුත් බලවේගෙ ගේම් එක මොකද්ද කියල බලමු!

Photo: ඊලග පිම්මට සූදානම්......ready to next jump
පිරිහෙන ආණ්ඩුවෙන් පනින්න චෑන්ස් එකක් බලමින් හිටියෙ
ඔන්න ආවා හොඳ චෑන්ස් එකක්
මහින්ද මහත්තයගෙ තුන්වන ජනපතිවරණය
මැරෙන සැටි මා පෙන්වමි- නව පිටපත-
Thank you Rajitha Senarathna


රජගෙදරට පාර වැටී තිබෙන්නේ නියර උඩින්ය
 මෝවින් සිල්ව මහත්තය කීව එක හරි වගේ



ඒ කිව් දේ බොහෝ හරි වුවත්
දයාන් ජයතිලක කියන දේවල්ඔලට
එයාම විරුද්ධ වෙන කතාවක් මං දැක්ක
මෙදා පාර  ලක්බිමේ

මැද හරියෙ ඒ මහත්තය මෙහෙම ලියනව

//මේ පෙරමුණ ශක්තිමත් වීමට නම් ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යයෙන්ම මෙයට එක්විය යුතුය. ඔවුන් ප්‍රබල ආකාරයට මෙයට සම්බන්ධ කරගත යුතුය. මේ වේදිකාවේ වෙන කවුරුවත් නොසිටියත් මෛත්‍රීපාල සිරිසේන සමග අනුර කුමාර දිසානායක සිටියොත් මේ ජනාධිපතිවරණ සටන සැබෑ සටනක් බවට පත්වනු ඇත. මෛත්‍රීපාල සිරිසේන මැදිකරගෙන දෙපැත්තේ සිටිය යුතු ප්‍රධාන චරිත දෙකක් වන්නේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කථිකයින් හා අතුරලියේ රතන, පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල ප්‍රමුඛ ජාතික හෙළ උරුමයේ කථිකයින්ය. අතීතයේ අවතාර මෛත්‍රීපාල සිරිසේනගේ වේදිකාවේ හොල්මන් නොකළ යුතුය. එමෙන්ම තම තමන්ගේ දේශපාලන වෘත්තාන්ත දීර්ඝ කතාන්දර පැවැසීමෙන් වැළකිය යුතුය//

අග හරියෙ මෙහෙමත් ලියනව

//සැබෑ ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීමට ජාතීන් අතර සුහද සංහිඳියාවක් ඇතිකිරීමට මෛත්‍රීපාල සිරිසේනට දැන් අවස්ථාව උදාවී තිබේ. යුද්ධයෙන් පසුව මේ කාර්යය ඉටු කිරීමට මහින්ද රාජපක්ෂට         නොහැකිවූයේ අන්තවාදී හා ආගම්වාදී කණ්ඩායම්වලට රැකවරණ සැපයීම හා ඔහුගේ කිට්ටුවන්තයින් විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති නිසාය. ජාත්‍යන්තර වශයෙන් ලංකාව ආරක්ෂා කිරීමද මේ නිසා අසීරු කාර්යයක් වී තිබුණි. 2009 දී ලැබූ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණ පරාජයෙන් පරාජයට ගියේද මේ නිසාය.//

පරස්පරයි නේද?





15 comments:

  1. පට්ට පරස්පරයි... හැබයි පළවෙනි කතාව සහතික ඇත්ත...

    ReplyDelete
    Replies
    1. රාජිතගෙ කටට සම කටවලුත් තියෙන්න ඕන

      Delete
  2. ''Thank You සුමනදාස සමරසිංහ'' අමතක වෙලා වගේ.....................

    ReplyDelete
  3. මොකද මචං වෙන්නේ කිව්ව තරං ඒ පැත්තෙන් මේ පැත්තට එන පාටක් නැද්ද? මේ පාරත් අපිට හුළංද?

    ReplyDelete
    Replies
    1. කස්ටිය එයි හෙමිහිට හෙමිහිට
      පාර්ලිමේන්තුව කොහොමත් කණපිට

      Delete
  4. පරස්පරයි.. ඒත් මට හිතෙන්නෙ දෙක වෙන වෙනම ඇත්ත.. ඇළ හැරෙව්වට පස්සේ මැද මාවතක් ගන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව්;
      ''කාරණා දෙකට පොදු සාධකය'' එනම් හෙළ කස්ටිය නිසා තමයි
      පරස්පරේ එන්නේ

      Delete
  5. දයාන්ගේ පළවෙනි කතාව ඇත්ත.

    දයල්.......පලාත් සභා තුලය බලය ගිලිහීයාම ඌවෙන් පටන් ගනියි කියලා මට හිතෙනවා. මේ දේවල් කරන්න මේ කස්ටිය ඉක්මණින් තීරනවලට යායුතුයි. ජවිපෙ මේ අවස්තාවේ සක්‍රීයව දායක විය යුතුයි. ජවිපෙ ඇජෙන්ඩා එක පැහැදිලියි. නමුත් ඉක්මනින් වැඩේට බහින්න ඕන.

    කඩේක ආප්ප කන්න ගියාම , එකක් කාලා තාච්චිය දිහා බලන් ඉන්නවා වගේ බැහැ. පට් පට් සම්තින්ග් වෙන්න එපැයි :D

    ReplyDelete
    Replies
    1. ඔව් ගාණට පෙළ ගැසෙයි, හෙමින්, මෛත්‍රීගෙ ස්ටයිල් එකට ගැලපෙන්න
      සජිත් කොක්ක අදිනව නොතේරෙන්න, හීනියට
      ඒ වගේ කකුලෙන් ඇදිලි බලාපොරොත්තුවෙන්න ඕන
      සරත් ෆොන්සේකාගෙ කකුලෙන් රනිල් ඇද්දවගේ

      Delete
  6. rata goda ganna thamanege dayakathwaya,jawaya denna JVP yatath labena last chance eka meka,Owun,last train eka miss nokarawi kiyala mama hithanawa.(ranjan)

    ReplyDelete
    Replies
    1. ඒ අයත් කාඩ් එක ගාණට ප්ලේ කරයි

      Delete
  7. නෙවර් අප්සැට් එ වුමන්.. හැක්.. හරියට හරි

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්