Followers

Saturday, December 27, 2014

මෛත්‍රී යුගය- වර්තමානය, දින සියය හා ඉන්පසුව




රාජපක්ශ යුගය, 
දේශපාලනයේ - ජනබලයේ- ගතිකයන් හඳුනා ගැනීම  පිළිබඳ 
ඔවුන්ගේ  නූමනාවත් 
පවුලේ තණ්හාවත් බලයෙන් මත්වීමත් නිසා හිතුවාට වඩා කෙටි වී ඇත. 
ඒ අතින් බණ්ඩාරනායකලා ඉදිරියෙනි. 
ඔවුන් සිය නායකත්වය දශක පහක් පමණ ලාංකීය දේශපලන තලයේ රඳවා ගන්නට සමත් විය.

පට්ටපල් ගෙතූ බොරුවෙන්, 
බත් බැල නැකත්කාරයින්ගේ නොමග යැවීම්වලින්
තගරියෙන්
බලහත්කාරයෙන්
රටේ නීතිය කුනුකූඩයට දමා සිය අභිමතය නීතිය බවට පත්කරමින්
ජන මතය මුදලට තාන්න මාන්න වලට කොල්ල කමින්
ගෙන යන මේ දුෂ්ඨ ක්‍රියාවලියට වැඩි ආයුෂ නැත.
දැනටම නහරකාරයින් තුන්දෙනෙකු සිංගප්පූරුවේය.
භාරත ලක්ශමන්ගේ මරණය සටහන් කලේ සිංගප්පූරුවට හරවන හංදියයි.
ත්‍රීමා විතානලාට පරාල ඇණ ගැසුවන් පාර්ලිමේන්තුවට ගත්දා කෙනෙකුට යමක් සිතෙන්නට ඇති.
භාරත ලක්ශමන්ගේ මරණය දා ඒ සිතුවිල්ල-සැකය, සනාථවෙන්නට ඇත.

මිථ්‍යා දෘශ්ඨිවල වාලෙක් වීමද,

බස්වලින් 2500ට බත් පැකට්ටුවට, 
එතනොල් කාලේ පොරොන්දුවට
ගෙන ගොස් පිට්ටනි පුරවන ජනයාද 
සිය කැමත්තෙන් දහස් ගණනින් මුලුදෙන ජනයාද, 
රාජපක්ශ යුගයේ අවසානය සනිටුහන් කරයි.

අලුත් තත්වය විසින් අලුත් අභියෝග මතුකරනු ඇත.

මෛත්‍රී අසුව සිටින්නේ එසේ මෙසේ දස් තිස් දෙකකට නොවේ.
ඔහුව ශක්තිමත් කළ හැක්කේ බිම්මට්ටමේ ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී
 සංවිධාන රටාවකට පමණි.
නැතිනම් මෛත්‍රීව යටකරගෙන වෙනත් බලවේග ගමන් කරනු ඇත.
94 දී චන්ද්‍රිකා අසුවූ මල පුඩුව අපට මතකය.
64%ක ජන බලයක් ලැබී තිබියදීත් ජවිපෙට එතරම් පාර්ලිමේන්තු මන්ත්‍රීකම් තිබියදීත්
අවශ්‍ය දේ පොරොන්දු වූ දෑ ඉටුකර ගන්නට අසමත් විය.

එක් බලවේගයක් නිශ්චිතවම දැනුවත්ව යම් මාර්ගයක ගමන් කරනු පෙනේ. 

ඒ උපාසක උපාසිකාවනගේ දානය ලබමින් එයට නිසි ගෞරවය දක්වන ස්වාමීන් වහන්සේලා මඟ දක්වන උපාසක උපාසිකාවන්ගේත් බලවේගයයි.
එමෙන්ම සිය අවංක භාවය නිසා ජවිපෙත්,
ඒ වගේම රතනත් චම්පිකත් නියෝජනය කරන ජාතිකත්ව බලවේගයයි.

රනිල්ව කොටු කරගැනීමට 
මේ බලවේග උදව්වී ඇතත්
නව රජය හමුවේ ඇති අභියෝග සුලුපටු නොවේ.
ප්‍රතිවිරුද්ධ බලවේගවල එකතුව විසින් සිය දින සියයේ වැඩ පිලිවෙලට පෙර හා පසුව විශාල පීඩන එල්ල කරනු ඇත.

දැනට පෙනෙන විදියට
ප්‍රධානම බලපෑම නම් රනිල්ට කර ඇති බලපෑමය. 
මෛත්‍රීගේ මැතිවරණ ව්‍යාපාරය කකුලෙන් ඇදීම  මැඩීමට 
මේ බලවේග උදව්වී ඇත.

රනිල්ලා බලං හිටිය එලුවාගේ අරක නම් වැටී ඇත.
ඒත්....

ජනවාරි 9දායින් ඇරඹෙන අලුත් යුගයේ
නායක කාරකාදීන් විසින් වූ පොරොන්දු
ඉටු කර ගැනීමට නම් ස්වාධීන ජන බල කමිටු 
බිම් මට්ටමෙන් දාස් ගනනින් බිහිවිය යුතුය.

කාලය සීග්‍රයෙන් ගෙවී යමින් ඇත.
මතු වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය භාවිතා කොට
අප විසින් වහ වහ කලයුතු කාර්‍ය එයයි.

4 comments:

  1. බිම් මට්ටමේ රනිල්ල්ට් කරන්න පුළුවන් ලබ්බක් නෑ කියලා හොඳට පේනවා. සජිත්ගෙත් බයිලා විතරයි. මහින්දට ඉන්න බලවත්ම බලවේගයත් ඒක. පේනවනේ පිස්සෝ වගේ වැස්සෙත් එන්නේ ආන්ඩුවේ බස් එකේ හරි.....

    ඒකට ගේමක් නොගැහුවොත් මේ සැරෙත් ඇටේ නම් වැටෙන්නේ නැතිය.

    ReplyDelete
  2. ඔබ ඉතා සමබර ලෙස, අප රට ඉදිරියේ ඇති සැබෑ අභියෝගය පැහැදිලි කොට තිබේ. සියලු දෙනා අවබෝධ කොටගත යුත්තේ මේ සත්‍යයයි.

    ReplyDelete
  3. එකම පාලකයා දීර්ඝ කාලයක් පාලනය හෙබවීම රටකට විනාශය ගෙන දෙයි. එනිසා මෙවර ජනාධිපතිවරණයේදී වෙනසක් ඇති කළ යුතුම යි.

    ReplyDelete
  4. “සියළු මෝඩයෝ අප සමගයි“ කියල දයාසිරි කියනව. එයාල ගණන් හදන්නෙ මෝඩයො 51%ට වැඩිය ලංකාවෙ ඉන්නව කියල.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්