Followers

Thursday, March 27, 2014

ආණ්ඩුවෙ(ජනතාවගෙ ) සල්ලිවලින් බඩු ගහපු එවුන් හිරේ දාන රට

Craig Thomson outside court.
Craig Thompson- Former Labour Party MP- and Union Official

ඩොලර් 24538ක් වංචා කිරීම හේතුවෙන්
හිටපු ඔස්ට්‍රේලියානු ලේබර් මන්ත්‍රී හිරේට නියමවේ.
ඩොලර් 75කට බොරු කීවා යයි හිටපු මහා විනිසුරුත් (Marcus Einfield)
හිරේ දැම්ම රටක ඩොලර් 24000 ගණන මහ ලොකු ගාණක්
ඒත් හොරකම හොරකමමයි.
ගාණ කීය උනත් බොරු කීම, රැවටීම හිරේ යන වරදක්,
ලංකාවේ එහෙමද?
ලංකාවෙ නම් ඊලඟ ආත්මයට කල් දාගන්න පුලුවන් නොවැ.

ලංකාවේ ඒ තත්වය බොහෝ දුර වගේ තමයි පෙනෙන්නේ
ඒත් මං හිතන්නේ අපි එයට වැඩි දුර නෑ කියල.

ලංකාවෙත් එහෙම කාලයක් එනවමයි.
ඒ මොකද?

මිනිසුන්ට ඇතිවෙලා ද දැන් තියෙන්නේ.
බොරුව
රැවටීම
මෝඩ කම ඥාණවන්ත ක්‍රියාවක් ලෙස මාධ්‍යයෙන් පෙන්වීම.

ජරාව කාල ආරපු කාලකන්නි අනිත් මිනිස්සු මෝඩ සිපයියො කියල
හිතන  බව දැන් ජනයා දන්නව.
ඉන්ග්‍රීසියෙන් සුද්දන්ට බය පස්ස පාත බව පෙන්වන අතරේ,  සිංහලෙන් 1000 ටෝක්ස් දෙන බව ජනතාව දන්නව. කුඩු ගෙන්වන අය ආණ්ඩුව සරණං ගච්ඡාමී බව ජනතාව දන්නව
අරක්කු කාලට බත් පාර්සලේට කුඩු පැකට් එකට
ඡන්දය අලෙවි වන බව දන්නව.

අපේම චන්දෙන් අපේම කර පිටින් දියවන්නාවට ගොස්
අපේම දාඩිය මාන්සියෙන් උපයන බදුවලින් යැපෙමින් අපිටම පාට් එක දාන් උන් ඉන්න රට මේක.

දේශප්‍රේමයේ නවතම වෙස් මුහුණ-රූපාන්තරණය- විදුලි පුටුව-බව ජනයා දන්නව.

Tuesday, March 25, 2014

ඊලඟ ආණ්ඩුවේ මැරයින් විසින් මර්වින්- චරිතය, ඝාතනය කරනු ඇති ද?



ජෝතිපාලයන් සදහටම නිදන  සාමයේ නිදියහන අද්දරින්ම
සිය මිනීවල සියතින් ම කපා ගත් පාර්ලිමේන්තු ඇමති ලෙස ඉතිහාසය පොතට කවදා හෝ එක්වෙන මෙතුමා දැන්නම් විශාල බියකින් පසුවනු බව පෙනේ.

කැලණියෙන් ප්‍රතික්ශේප වී දැන් බොහෝ කල්ය.
ඒත් නැවත එහි යාම සිය මිනිවල සියතින්ම කපා ගැනීමක්මය  කියයි කෙනෙකු සිතන්නේ. ඒත් අපට වැරදුනා විය හැකිය.

එතුමාගේ පුතාට ඔඩෙල් පරිශ්‍රයේදී ගැහැව්වේ මේ ඊයේ පෙරේදාය.
බලයේ සිටින ආණ්ඩුව  එතුමා ඇමති කම දරණ ආණ්ඩුවමයි.

ඉන්පසුව අලි පාටිය පැත්තේ රවුම් ගැසුවත් තව ටික කලක් ඉන්නට උපදෙස් ලැබුනා විය යුතුය. 2016දී ජනපති ඡන්දයේදී  මර්වින් කැළනියේ සිටිද්දීම යූ එන් පියට යාමට වෙන්නැති උපාය මාර්ගය. මන්ද එය රනිල්ගේ ආසනය බැවිනි. රනිල් එනකම් පුටුව රත් කරන්නට වෙන්නත් ඇති උපදෙස.

මේ විකාර ඇරෙන්නට මෙතුමාට ජනයා වෙනුවෙන් දැන් කරන්නට දෙයක් ඉතිරි වී නැත.

කෙසේ වුවත් රහත් පලය ලැබූ, මේ ඊයෙ පෙරේදා ෆයිව් ස්ටාර් උපන්දිනය සැමරූ හිමියෝද මෙහි සිටී.
මාර්ග ඵල ලැබූ කෙනෙකු ලෙස එහිමියන්ට අනාගතය පෙනෙන බැවින්  එතුමාට සිය මිනී වල කපා ගන්නා ලෙස අනුසාශනා කළාවත්ද?

හොඳ වෙලාවට ජෝතිපාල සදහටම මැරිලාය. මිනි කනත්තේ අයිතිය ආණ්ඩුවටය.
යම් හෙයකින් එහි නිදාසිටින ජනතාවගේ කලාකරු සදාදරණීය ජෝති නැතිනම් ජෝතිපාලයන්ට මේ ප්‍රවෘත්තිය කණට ගොස් නැවත පන ආවොත් පන එපා කියා දුවනු ඇතිද?

මළ කලාකරුවෙකුටත් නිදහසේ ඉන්නට ඉඩ දෙනු මැන.




Wednesday, March 19, 2014

ජාත්‍යන්තර (අ)සතුටු දිනය- International Day of Happiness-20th March

ජාත්‍යන්තර සතුටු දිනය
(කැම්පස් කොල්ලොන්ට ඊයෙ පිටෝටුවෙදි කඳුලු ගෑස් ගහල)




මගේ සතුට බිරිඳගේ අසතුට
බිරිඳගේ සතුට මගේ අසතුට නම්

මගේ සතුට අනෙකාට පෙර නිවනට යන්නට නම්

මගේ සතුට අල්ලපු ගෙදරට එකා තමාට වඩා දුප්පත් නම් නූගත් නම්

ඉඩම් ඇමති මේ ළඟදී කියූ පරිදි පියාගේ ඉඩමට අයිතිවාසිකම් කීම සඳහා පුතාගේ සතුට සිය පියා කලින් මියැදීම නම්

මගේ සතුට  රට දිනවා ජාතියක සතුට නොව  ක්‍රීඩාවලින් ලැබෙන මුදල නම්

මගේ සතුට වැද්දන් වැද්දන් විදිහටම තියාගන්නට නම්

දෙමළුන් දෙමළුන් විදියට තියාගන්නට නම්

මගේ සතුට ගම, නූගත් ගම දුප්පත් ගම ලෙසම තබාගන්නට නම්

මගේ සතුට නායක කම තියාගන්නට අනෙක් එවුන් වඳ කරන්නට නම්

මගේ සතුට ව්‍යාපාරවලින් උපරිම ලාභය මිස සේවකයන්ගේ සතුට නොවේ නම්

මහ පරිමාණ කොම්පැනි වල සතුට හැකි තරම් කුඩා ව්‍යාපාර ගිලගන්න නම්

මගේ සතුට  මිනිසුන් දුක් විඳ හරි හම්බ කල මුදලට ගැසූ බදුවලින්- අනුන්ගේ මුදලින් මගේ එවුන්ට සැප විඳින්න සැලසීම නම්

පෝසත් බලවත් රටවල වල සතුට දුප්පත් රටවල් දඬුඅඬුවලට සිර කොට තබාගන්න නම්

කොටින්ම, මගේ සතුට,

මේ මගේ සතුට අනෙකාගේ අසතුට නම්

ජාත්‍යන්තර සතුටු දිනය විහිලුවක් නොවේද?

මහිතන්නෙ ලංකාවේ මාධ්‍ය එය හොඳින් දන්නා නිසාදෝ ජාත්‍යන්තර සතුට ගැන හාවක් හූවක් නැත.

{       මගේ සතුට මට අනුන්ට වඩා හිට්ස් ලැබෙනවා නම්( අවංකව මගේ සතුට එයය, ඒත් කවදා ඉස්ට වේවිද ඒ බලාපොරොත්තුව ) }

Tuesday, March 4, 2014

ෆේස් බුක් එකේ මෝඩ උපාසකම්මලා



එකල්හී

දස බිමබරක් වූ මාර සෙනග මෛත්‍රී බලයෙන් පරාජය කලා වූද
ත්‍රෛලෝක නාථ වූ ඒ බුදු පියානෝ මිහිකත
 සනහා පිය නගන තන්හි තන්හි සුවඳ කුසුම් පුබුදවමින් වඩිනා කල්හී
කල්පාන්තරයක් පුරා උන් වහන්සේ හඹා යමින්
සසරේ එක් ජීවිතයකදී  නොලද රන් තාලියට
වෛර බැඳි දේවදත්තයන් ක්‍රෝධයෙන් මඬනා ලද සිතින් වෛර්යයෙන් දැවෙමින්
එහිමියන් මග එන කල් යල් බලා
 පර්වත මස්තකයේ සිට මහා කලු ගලක් උන් වහන්සේ මතට පෙරලූහ.

එ අසා සිටි, අඩ නින්දේ පසු වූ උවැසියන්ගේ

සාදූ සාදූ නදින් විහාරයේ ධර්ම මන්දිරය ගිගුම් දුන්නේය.

මෙකල්හී

විසි එක් වෙනි සියවසේ මුල් භාගයටද අවතීර්ණව ඇති මානව සංහතියේ
බිලියන හයක මහා ජන සන්නිපාතයට වැළඳී ඇති ෆේස් බුක් සන්නිපාතයට අසුව
හසරක් නැති හුදී ජන පිරිසක් කෙනෙකුගේ මව මිය ගිය තන්හී
ඔහුගේ ෆේස් බුක් පෝස්ටුවට ලයික් කළාහුය.

සාදූ සාදූ යි කියා කෙසේ කියම්ද ?