Followers

Friday, April 11, 2014

ඥාණසාර හිමි - මානසික රෝගී දර්ශකය - අම්මප අපිට පිස්සු!








අවුරුද්දට සතුට අරන් එන්න
මට බැරි උනාට හරිම දුකයි

මේ අවුරුද්දෙ
ජාතියක් රටක් විදියට ලංකාවට
සතුටු වෙන්න පුලුවන්ද?

සවුදියෙ දවසට එකා ගානෙ අපේ සහෝදරියො මැරෙනව,
උන්ගෙ අවයව අතුරුදන්. මේ දුශ්ඨ කෲර වැඩවලට තානාපති කාර්යාලයේ නිලධාරීන්ද සම්බන්ධයි කියල පුවත් පත්වලින් කියැවුනා.

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගෙ මූත්‍රා මාර්ගයට ගෙදර ස්වාමි දුවත් ඇයගේ දියණිවරුත්
අල්පෙනෙති ගහනව. සමහරවිට බිරිඳ එවූ සල්ලි වලින් සැමියා බොනවා ඇති. උගේ බිරිඳගෙ අරකට සවුදියෙ වේ*යෝ අල්පෙනෙති ගහනව. ඉන්න ඇමතිල රොත්ත බුරුත්තට මේව පේන්නෙ නෑ.
අපි 20 20 තරඟෙට හුරේ දානව.

මේ අවූරුද්දෙ අපිට සන්තෝසෙන් අවුරුද්දට කැවුම් කන්න පුලුවන්ද ?

ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවො සිය සහෝදර
 කාගෙත් ගෞරවයට පාත්‍ර වන විජිත  හාමුදුරුවන්ට බල්ලා යයි ආමන්ත්‍රණය කර වදාරණව,

ලංකාවේ 60%ක් මානසිකව රෝගීයිලු.-

(මෙරට 60%ක් මානසික රෝගීන්

April 11, 2014 at 4:07 pm | lanka C news

මෙරට 60%ක් මානසික රෝගීන් යයි බස්නාහිර පළාතේ සමාජ අධ්‍යක්ෂක අනූෂා ගෝකුල මහත්මිය  පැවසුවාය.
සමාජසේවා නිලධාරීන් දැනුවත් කිරීම සදහා කොළඹ  දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී ඒ මහත්මිය එසේ ප‍්‍රකාශ කළාය.
එහිදී අධ්‍යක්ෂකවරිය මෙසේද පැවසුවාය.
‘අද සමාජ ගැටලූ වැඩි වෙලා.  දික්කසාද වීම් වර්ධනය වෙලා.  දියවැඩියාව නිසා කකුල් කපන පිරිස ඉහළ ගිහින්.  මාර්ග අනතුරු නිසා දිනකට ආබාධිත වන පිරිසත් ඉහළ ගිහින්.  ලංකාවේ හැම දහ දෙනෙකුගෙන්ම හය දෙනෙක් මානසික රෝගීන්.  ළමා අපචාර, ළමා ගර්භණීන්, ගණිකා වෘත්තිය, බුද්ධි ඌනතා සහිත දරුවන් එන්න එන්නම වර්ධනය  වෙලා.  තව අවුරුදු පහකින් හිතාගන්න බැරිතරම් සමාජ් ප‍්‍රශ්න ඇති වේවි.  මේ නිසා සමාජ සේවා විෂය පථය පුළුල් විය යුතුයි’)

දුප්පත් ඉස්ලාම් භක්තිකයින් රැවටිලා.
දුප්පත් ඉස්ලාම් භක්තිකයෝ ලොව පුරාම වෛරයට පාත්‍ර වෙලා.
උන්ටත් පිස්සු හදවල. මහ ගිනි රස්නේ මුලු ඇඟම වහගන්නව.

ලංකාවටම එපා උනු හුලුගල්ල ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් දූරයට පත් කරල.

හොර ඡන්ද පත්‍රිකා බලවතුන්ගෙ ගෙවල් වල තිබිල අහුවෙනව.
හැන්දෑවෙ හතරට ඡන්දය දැමූ ප්‍රතිශතය 40%, හැන්දෑවෙ පහ වෙනකොට 60-65% වෙලා. එහෙම වෙන්න හැම තත්පරයටම චන්දය බැගින් දැමෙන්න ඕනලු.

වැව් හදන්න සල්ලි දුන්නම ඒව තමන්ගෙ සාක්කුවලට දාගන්නවලු කියල දයාසිරි ඇමති තුමා කියනව.

වාමාංශික පතාක යෝධයෝ ජනපති ඉදිරියේ නිවට නියාලු වෙති.

මාදුලුවාවේ සෝභිත හාමුදුරුවො දේශනා කරනව ව්‍යවස්තාවට, පාර්ලිමේන්තුවට හා අධිකරණයට වග නොකියන කෙනෙක් රටේ ඉන්නව; මේක මහ භයානක තත්වයක් කියල.

පාරවල් ගැන කියනව නම් ඒවා කෝටි ගනන් පඩි ලබන දේශපාලකයො කරන්න ඕන වැඩ. පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නැති නිසා එය කල් තබනව.

දකුණ, බස්නාහිර
ඡන්දෙට පෙර කොටි ආයේ නැගිටින පාටක් තමයි පෙන්නුවෙ,
ඡන්දෙ අහවර වෙච්ච් හැටියේ කොටි නායකය මැරිල

පාරවල් ටික ගැන උදම් ඇනුවට පාරවල් ලොකු වෙනව, සාමාන්‍ය ජනයාට ජීවත් වීම එන්න එන්නම අමාරුවෙනව. පොල් ගෙඩිය ගත්තු කෙනා දැන් ගන්නෙ භාගයයි. කිරි පිටි සීනි තේ කොල කඩෙන් ගන්නෙ වේලෙන් වේලට.

රටේම ඉන්න දූශිතයො දේශපාලන ආයතනවලට ඡන්දෙන් පත්වෙනව. ඒ අයගෙ දූ දරුවනුත් පත්වෙනව.
සැබෑ වෙනසක අවශ්‍යතාවය අලුත් අවුරුදු පැතුමක්!

කොලෙන් ආවත් වවුලා
රතෙන් ආවත් නැවිලා
 නිලෙන් ආවත් අපට කෙලලා

කොලෙන් ආවත් රතෙන් ආවත්
 නිලෙන් ආවත් කහෙන් ආවත්
වවුලෝ අපට කෙලලා

ශුභ අලුත් අවුරුද්දක් වේවා!

අම්මප අපිට පිස්සු!

-----------------------------

අද ලංකාවේ තියෙන්නේ ‘කළු’ එෆ්.එම්. හා කළු රූපවාහිනී නාලිකාඅද වන විට සමස්ත සමාජයම කළුපාට සමාජයක් වී හමාර ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය ප‍්‍රණීත් අබේසුන්දර මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය සිසු සිසුවියන් පිරිසකගේ ගීත ඇතුළත් ”කිරි කවඩි සිනා’ සී. ඞී.  තැටිය එළිදැක්වීමෙ උලෙළේදී විශේෂ දේශනයක් පවත්වමිනි.
එහිදී වැඩිදුරටත් පළකළ මහාචාර්යවරයා මෙසේද කීය.
මස් වැඩිපුර ආහාරයට ගන්නා යුරෝපීය මිනිසුන් සිය පෘථුල සිරුරට ගැළපෙන් රගර් වගෙ ක‍්‍රීඩා තෝරාගෙන තිබෙනවා.  එම් සිරුරුවලට ව්‍යායාමයක්  වැනි වේගරිද්මයට නටන සංගීතයක් ඔවුන් තෝරාගෙන තිබෙනවා.  ශරීර ශක්තියට පළමු තැන ලබාදෙන සමාජයකට රුචි සංගීතයක් ශ‍්‍රී ලංකාව වගේ ගැඹුරින් සිතන සමාජයකට උච්තදැයි අපට ප‍්‍රශ්නයක් පැනනගිනවා.
කළු ආර්ථිකයක් ඇති රටක කළු ෂල්ලි සංසරණය වන රටක සමස්ත සමාජයම් කළුපාට සමාජයක් වී හමාරයි.  කළු එෆ්.  එම්.  නාලිකා රූපවාහිනී නාලිකා ක‍්‍රියාත්මක වන කළ  මිනිසාගේ  සිතට අයදත්මයට කතා කරන සුභාවිත සංගීතයට අරුත්බර කලාවකට පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ
ශ‍්‍රී ලංකාව වැනි සිත මුල්කරගෙන සමාජය නිර්මාණය වූ ආසියාතික රටවලට බොහොවිට උචිතවන්නේ සිරුරට නොව සියුම් ඉන්ද්‍රියන් සහිත සවනට සිතට ආමන්ත‍්‍රණය කරන ගීතාවලියක්’
6,462 Viewers



Wednesday, April 2, 2014

ලාංකික දේශපාලනය විජ්ජාවක්ද විද්‍යාවක්ද කලාවක්ද?

The Message

ලංකාවේ දේශපාලනය විද්‍යාවක් ලෙස භාවිතයට දමන්නන් ජනතාව විසින් ඡන්දයේදී කුණු කුඩයට දමන බව මට  පසක් වූයේ දවසේ  අවසානයේ වෙහෙස නිවාගන්නට දාගත් දෙකට පින්සිදුවන්නටය. 2104 පලාත් සභා ඡන්දයේදී ජවිපෙ හා සරත් ෆොන්සේකාගේ පක්ශය දිනාගත් චන්ද සංඛයාව බලන විට සතුටක් උපදිතත් යූ එන් පිය විරුද්ධ පක්ශයක් ලෙස සිය වගකීම ඉටුකරන්නේදැයි සැක සංකා උපද්දයි.  ඒ අනෙක් මොන දුර්වලකමක් ගැනවත් නොව මා කතා කරන්නේ. රනිල් සංගීත පංතියකට නොයෑම ගැනය. ජෝතිපාලගේ බැරි නම් හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා වැනි ක්‍රිස්ටෝපර් පෝල්ගේ වත් ගීයක් ගයන්නට උගත යුතුය. ලංකාවේ වත්මන් ඡන්ද දායකයා නායකයන්ගෙන් උදක්ම බලාපොරොත්තුවන චූටි දස්කමකි. මෙහෙමවත් කැපවීමක් කරන්න බැරි නායකයෙකුගෙන් ඇති පලේ කිම. එය හම්බන්තොටින්, හිරුනිකාගෙන් මනාව ඔප්පු වේ.

ලංකාවේ ඡන්ද දේශපාලනය දිනන්නට නම් විජ්ජාවක් ලෙස හෝ කලාවක් ලෙස භාවිත කල යුතුමය. ආයෙ එහි දෙකක් නැත. එසේ කරන්නට හදවත ඉඩ නොදෙන අය වේදිකාවෙන් ඈත්වී සිටිය යුතුය. මෙය දයල් බතී දේශපාලන නියම අංක එකය.

ලංකාවේ සාමාන්‍ය අපි භියෙන් සැකෙන් දුකෙන් සිටින පිරිසකි. අපේ දුක සාංකාව සැකය භිය දුරු කරන්නට හයියක් වන ඕන කෙනෙකුට දේශපාලන දැනුම උගත් කම නොබලා අපි ඡන්දය දෙමු. ලංකාවේ අපි සිටින්නේ පැය විසි හතරේම දෙවියන් යදිමිනි. තුන්සරණේ පිහිට යදිමිනි. පිරිතේ පිහිට යදිමිනි. බෞදධ නාලිකාවේද අයි ටී එන් එකේද රූපවාහිනියද ගුවන් විදුලි සංස්ථා රේඩියෝවේ බණ අසමින් බුදුන් සරණ යදිමිනි. 71 සිට පැමිණි රාජ්‍ය ත්‍රස්තවාදයේ සෙව නැල්ල තවම එසේමය. ජීවිතේ අමාරුවීම දරගැනීමට බැරිව විශ්ව විද්‍යාල සිසුන් පවා මාල කඩති. ඩෙංගු මදුරුවෝද පිලිකාවද මිනිසුන් ඩැහැ ගන්නට දොර ලඟ බලා සිටී.
මැද පෙරදිග ගිය අම්මා අක්කා නංගී නිදුකින් ගෙදර ඒදැයි සැකය.

ජනතාවට ඔය දේශපාලන බයිලා ඓතිහාසික බයිලා ඕනෑම නැත.තමන්ගේ වල තමන් කපා ගැනීම වැනි දෙයකින් වත් ජනතාවට යම් චූන් එකක් දිය යුතුය.

අඩුම තරමින් ඔවුන් වෙනුවෙන් ගීතයක් බැරි බැරි ගාතයේ හෝ ගයනු ඇසීමට ජනතාව පුල පුලා බලා සිටිති. එසේ ගී ගයන අයටද කලාකරුවනටද ඡන්දය දෙන්නට ජනතාව කාරුණිකය.

මිනිසුන් භියට පත් වූ විට ආරාම ගස් ගල් පර්වත වගේම පිරිත් සරණ යෑම අහන්නත් දෙයක්ද? නිතරම මේ ඇහෙන කන්දොස්කිරියාවෙන් භියෙන් ගැලවෙන්නේ බලවතුන් වේදිකාවේ ඉඳ හිට ගයන ගී කැබැල්ලෙනි. මේ වගකීම පැහැර හරින්නන්ට ජනතාවගෙන් සමාවක් නැත.

ඔබ පෙනී සිටින සත්‍යයත් එයද?