Followers

Saturday, May 31, 2014

අහු මුලු වල ද කල -----පහු වෙන කොට-------- කොහු වෙන




එ දවස එන ඔබ ආවේ  සිනා මල්  ගෙනය
අද ඔබ එන්නේ මල් පැනි බී වැනි වැනිය
ඉස්සර  ආවිට රේඩියෝව දැම්මා වැනිය
අද ගෙට ආ කල මුනිවතයි බුම්මා ගෙනය

            ඉස්සර ඔබ මා එන විට දොර ලඟය
            දැන් ඔබ මා ආවත් දන්නේ නැතිය
            එදවස තේ එක විගහින් පිළියෙල වේය
            ඉල්ලා ගත්,  තේ එක වුව අද නීරසය

අපේ බ්ලොග් කවියන් විසින් තව කවි ලියනු ඇතැයි හිතමි.

Friday, May 23, 2014

ඔබ ගැන, ඔබෙ සැමියාට සැක නම් ..............

කුස්සියෙ තිබෙන බ්ලෙන්ඩර් එක දමා පෙන්වන්න

blender : Portrait of a couple making fresh fruits juice in their kitchen



මේක පුංචි විහිලුවක්
මහිතන්නෙ බොහෝ අය අහල ඇති
ඇත්ත ජීවිතයේදී අපෙ යෙහෙලියන් යහලුවන් මේ කතාව
භාවිතා කරන විදිය දැකල මගෙ පුංචි පෝස්ටුව ලියන්න හිතුන

දර්ශනය
හොඳින් ඉර පායා ඇති උදෑසනක්, වේලාව උදේ දහය පමණ

රැකියාවට නොයන බිරිඳ ගෙදර සිය සැමියා රැකියාවටද ළමයි පාසලටද පිටත්ව ගිය පසු
ගෙමිදුලේ මල් පාත්ති සකසයි.

ටෙලිෆෝනය නාදවනු ඇසේ, ඇය දිවගොස් ටෙලිෆෝනයට උත්තර දෙයි.

සැමියා අනෙක් පසින් යම් යම් දේ කියයි
ඇය හ්ම් හම් හම්
යයි කියමින් අසා සිටී.

අවසානයේ ඇය
"ඕන නම් කුස්සියෙ බ්ලෙන්ඩර් එක දාල පෙන්වන්නම්"
 කියා සිනාවී ටෙලිෆෝනය තබයි.

පසුබිම් කතාව මේකයි
රැකියාවට නොයන සිය බිරිඳ ගැන හැම විටම සැක සිතෙන පිරිමියෙක් හැම දාම සිය කාර්‍යාලයේ සිට කතා කොට සිය බිරිඳට කුස්සියට ගොස් බ්ලෙන්ඩරය දමා පෙන්වන ලෙස කියනවාලු.
ඒ සිය බිරිඳ ගෙදරදැයි සැක හැර දැනගැනීමටයි.
දිනක් මේ සැමියා බිරිඳගේ ක්‍රියාකලාපය සැක හැර දැන ගැනීමට කාර්‍යාලයෙන් වේලපහින් පැමිණියාලු.

ඔහු එන විට ගෙදර සිටියේ ළමයි දෙන්නා පමණි.
ළමයින්ට හරි සතුටක් දැනුනි. අනේ අපෙ තාත්ත වේලාසනින් ගෙදර ඇවිල්ලා....

කෝ ළමයිනේ අම්මා?

අනේ තාත්තෙ, තාත්ත වැඩට ගියාට පස්සෙ අම්ම මොකක්ද එකක් ලොකු බෑග් එකේ දාගෙන ඉස්සරහ ගෙදර අන්කල් එක්ක කාරෙකේ නැගල කොහෙදෝ ගියා

සැමියා වහා කුස්සියට දුව ගියේය.



Saturday, May 17, 2014

සමන්ත භද්‍ර සෝවාන් නම් සෝභිත අනාගාමී?


Vesak 2014, Wesak Lanterns Pictures

සිංහල බ්ලොග් ලෝකයේ කස්ටිය අවුරුදු පාටි දැම්ම. අවුලක් නෑ. එන අවුරුද්දෙ මාත් එනව.

නත්තල් අහකයි. මැතිවරණයක් බෝම ළඟයි.

වෙසක් නිමිත්තෙන් යමක් ලියන්නට ඕනෑ වුවත් නිමිත්තක් ආවේ පමාවෙලා.

සාමාන්‍යයෙන් නැගල යන මාතෘකා තමයි මුදල්, ස්ත්‍රීන් ගැන, බෞද්ධ භික්ෂූන්, මර්වින් සිල්වා ගැන ලියන එක. මං ඒවයින් එකක් තෝරගත්ත. ළඟ එන මැතිවරණ එල්ල කරගෙන බෞද්ධ භික්ෂූන්ගේ දේශපාලනාවතරණය ගැන.
(ප්‍රධාන මාතෘකාවට ඒමට පෙර හිතට බරක් වූ කාරණා දෙකක් සඳහන් කරනු කැමැත්තෙමි.
ලංකාවේ කැබිනට් එකේ ඇමති කෙනෙක් ඩොලර් මිලියනයකට අමෙරිකාවෙන් ගෙයක් අරගෙන. අනේ සාදු, වෙසක් එකට ලංකාවේ ජනතාව දානයක් දුන්න කියල හිතමු.
රාජිත ජෙනරල් ෆොන්සේකට ගේම දුන්නයි  කියන්න වගේ රට යන්නෙ රාජිතල වගේ එක එක ගේම් කාරයින්ට ඕනා විදියටද?
ජෙනරල් ෆොන්සේකට ගේම දුන්නේ තමන්ය කියා රාජිත දැන් කියන්නේ ඇයි.?)


බෞද්ධ භික්ෂූන් දේශපාලනයට ඒම


බද්දේගම සමිත, වටරැක විජිත, සිංහල උරුමයේ සාදුලා, ගලබොඩ අත්තේ ඥාණසාර ඇතුලු බොදු බල සේනාව හා මාදුලුවාවේ සෝභිත යන ප්‍රසිද්ධ භික්ෂූන් දේශපාලනය ගැන ප්‍රසිද්ධයි.
බෞද්ධ භික්ශූන් දේශපාලනයට ඒම මා දකින්නේ නෝබිනා දෙයක් හැටියට නොවෙයි.


ඒ මන්ද තනියෙන් බුදු වීම පසෙක ලා පොලවේ පයගසා ජීවත් වන විට හුදී ජනයා විඳින දුක දැකීමයි.  දැනීමයි. ඇත්තටම සිය උපාසක උපාසිකාවන්ගේ තමන් උදෙසා දෙන දානමානාදියට ගරු සත්කාරවලට කරන ප්‍රතිඋපකාරයක් ලෙසත් සලකන්න පුලුවන්.  ජනයා හා රට වෙනුවෙන් යමක් කරන්නට තිබෙන උවමනාවත් ඒ පසුබිමේ තිබෙනව.
කැලේකට වැදී අවබෝධ වූ නිවන මක්කටද, එලියට ආවිට තිබෙන පරිසරය අවමංගල නම්!
නිවනත් පොදුවේ සොයා යා යුතු දෙයක් මිස තනිව භුක්ති විඳිය හැකි සැපක් නොවන බව තේරුම් යාම භික්ශූන් දේශපාලනයට ඒම තුල තිබෙනවා යයි මට හිතෙනව. ඒ නිසයි භික්ෂුව දේශපාලනයට ඒම ගැන මගෙ විරෝධයක් නැත්තෙ.

එමෙන්ම සමන්ත භද්‍ර තනියෙන් සොයාගොස්, සොයා ගෙන ඇති අර්හත් පලයට වඩා සෝභිතගේ දේශපාලනය මට ප්‍රිය මේ නිසාය.

කෙසේ වුවද සමන්ත භද්‍ර හාමුදුරුවන්ගෙ භූමිකාවට මා ප්‍රිය තව කරුණක් තිබෙනව. ඒ කෙනෙකු තමන් රහත් යයි කීවොත් එසේ නැතැයි ඔප්පු කරන්නට විදියක් නැති කම සාකච්ඡාවට ගැනීමට එතුමා උදව් වූ නිසාය.

සෝභිත හාමුදුරුවන්ගෙ වත්මන් භූමිකාව කුමක්ද? අපි සැවොම නිවනට ගෙන යන්නට යන ගමනක්ද ?
කළ පව් ගෙවන්නට කරනා තැතක්ද?

මන්ද 87-88 කාලයේ කොල්ලනව කෙටි පාරෙන් නිවනට යවන්න එතුමන්ලාලාගේ ජාතිවාදී හොරනෑව හේතුභූත වූ බැවිනි..

ජාති වාදී ලාල් කාන්තලාත් සෝභිත හාමුදුරුවොත් අතැඟිලි අල්ලාගෙන ඇතැයි දෙස් දෙන දෑ මාධ්‍ය තුලින් මා දැක ඇත. සෝභිතත් ජවිපෙත් ජනපති ව්‍යවස්තාවට අකමැතිය.. ඒ අනුව ඉදිරියේදී බොහෝ ඉඩ තිබෙන්නේ ජවිපෙහි ජාතිවාදී පාර්ශවය බලවත් වූවොත් ඒ පැත්තෙන් සෝභිත පොදු අපෙක්ශකයා ලෙස එලියට එන්නටය.

සරත් ෆොන්සේකාත් රනිලුත් ජනපති ව්‍යවස්තාව සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප නොකරති. මන්ද මේ පවතින ක්‍රමය ගැට ගහගෙන යන්න හොඳම බෙහෙත මේ ඒකාධිපති ව්‍යවස්තාව බැවිනි.

ඒ නිසා මෙවර ජනපති වරණයට පොදු අපේක්ශකයින් දෙදෙනෙකු තුන්දෙනෙකු විපක්ශයෙන් ඉදිරිපත් වීමේ අවදානම ඇත.

ජනතාවට දුකක් වූ මේ අවදානමෙන් මිදෙන්නේ කෙසේද?

බුදු දහමේ තාර්කිකත්වය මේ අවස්තාවේ භාවිතාව නොයුතුද?
නීතියට ඉහලින් සිටින මාරයා දමනය කල යුත්තේ කුමන මාර්ගයේ ගමන් කරමින්ද.?
රටේ නිවනට මග 1987 බෝ ගහ හන්දියේ ගිනිතියා ගන්නවා යයි පාරම් බෑම වැනි කෙටි පාරවල් හරහාද?

 නිවන තනියෙන් යා හැකි ගමනක් නොවන බව දැනීම නිවැරදි වුවත් යා යුතු මාර්ගය 1987 පිටකොටුවේ බෝ ගහ හන්ඳියේ ගිනිතියාගන්නවා යයි පාරම් බෑ මාර්ගය දැයි අපට සැකයක් උපදී.

 මෙතැනදී නම් ඔබ නිවැරදි බව මගේ මතයයි.. විධායක බලතල සහිත ජනපති රනිල්ද සරත් ෆොන්සේකාද මහින්දට හෝ ප්‍රේම්ට දෙවැනි නොවනු ඇත. ඒත් ජනපති වරනයෙදී ඔබ ගන්නා මග ජනතාව නැවතත් නිරයට ගෙන යාදැයි මෙනෙහි කල යුතුව ඇත.
වෙන් වෙන්ව යාම නිවන් උදෙසා කැලේට ගොස් භාවනා කිරීම හා සම නොවේද?

Hari Wesak 2014 - Wesak Lanterns Pictures

මෙය ඔබට මෙන්ම අන්, ජනපති කමට ලොබ බැඳි ජනතාවගෙන් ඈත් වූ නායකයන්යින්ටද පොදුය. අපි බලා සිටිමු. අවුරුදු 30 යුද්ධයෙන්ද, පසු ගිය දශක හතරක කාලයක් අපෙන් මිනිස් කම සෝදා පාලු කල දේශපාලනයෙන්ද, ආර්තිකය මේ මට්ට්මෙන් හෝ දුවන්නට දායක වූ රට- නොරට දුක් විඳින,  ජීවිත පූජා කල ආරක්ශක අංශවල අපට මෙයට වඩා වර්තමානයක් හා අනාගතයක් උරුම විය යුතු නේද?


Tuesday, May 13, 2014

නිල් තල් මහගෙ කක්ක මොන පාටද?

යුද්ධය නිසා බොහෝ දේ විනාශ වූවාට ආරක්ශා වූ දේද තිබේ.

අද ඒසේ ආරක්ශා වූ සත්ත්ව විශේශයක් ගැනයි.

ලංකාව ගොඩ වෙසෙන විශාලම සතුනට මෙන්ම දියේ වසන විශාලම සතාටත් ප්‍රසිද්දයි.

ගොඩ වෙසෙන්නේ අලියා, දියේ වෙසෙන්නේ නිල් තල්මහ.

නිල් තල්මහගෙ හෘදය වස්තුව කුඩා කාරයක් තරම් වේ.

ඔවුනගෙ විශාලත්වය සිතා ගැනීමට හොඳ සැසඳීමක්.

යුද්ධයට දොස්කීවාට යුද්ධය නිසා අපට ආරක්ශා වූ සම්පතකි. නිල් තල් මහ!

අපේ දොරකඩ ළඟ සිටියත් නිල් තල්මහ  ගැන දන්නේ මොනවාද?

මේවා ගැන කියන්නත් බයයි. වල්ල පට්ටයි,  අලි පැටවුනුයි, බුදු පිළිමයි, ජාන ටිකයි, වනන්තරේ ගස් ටිකයි,  හොරකම කරන එවුන් තල් මසුන් දඩයමේ යාවිය කියල.







නිල් තල් මහගෙ කක්කා මොන පාටද කියල බලල ඔබට හිතෙන දේත් කියන්නකෝ.