Followers

Friday, June 20, 2014

නෝර්වේ ඇතුලු කොළඹ ස්ථානගතවී ඇති බටහිර තානාපති සේවා කාර්‍යාල ඉදිරිපිට පෝලිම් ඇද්දැයි බලනු

සිංහලයාව උඩ දැම්මට අපි වැඩිදෙනා දවස ගෙවාගන්නෙත් අමාරුවෙන්. යුද්දෙන් හෝ සාමයෙන් අපට ලැබිච්ච දේකුත් නෑ. මරණ භියත් එන්න එන්නම වැඩි වෙනව.
ඉස්ලාම් භක්තිකයින්ගේ පල්ලිත් වැඩිවෙනව. කඩත් වැඩිවෙනව.  ලෝගු ඇඳ ගත්ත තොප්පිලාගත්ත පිරිස් එන්න එන්නම වැඩිවෙනව. සිංහල ව්‍යාපාර වලට සෑහෙන තරඟයක්.

ඒ මදිවට ආයෝජනය කරන මුදලට පොලියක් නොදෙන පොලී නොගන්න බැංකු අල් අමානා බැන්කු අරිනවලු. ඒ බැංකු ක්‍රියාත්මක වෙන්නෙ අමුතුම ධර්මෙකට.ඒ බැංකුව ව්‍යාපාරවලට වැඩියෙන් අතදෙනවලු. මං අහල තියෙනව කුරුණෑගල පැත්තෙ ඒ නිසා ලංකා බැන්කුවලට බිස්නස් නෑ කියල. මොකද ඔක්කොම මුස්ලිම් අයගෙ එකවුන්ට් ඒ බැන්කුවට දාගෙන. සිංහල අයට එපමන මුදල් නෑ.

ඒ අතරතුර යුද්ධෙ දවස්වල හැංගිලා හිටපු සිවුරුලාගෙන ඉන්න ආරක්ශක හමුදා දිවිහිමියෙන් රැක දුන් මොකක් හෝ එකේ ගෞරවය බලෙන් ගන්න හදන අය පෙන්වනව කැකිල්ලේ නඩු තීන්දුව වගේ දේ. අන්න බලපිය අරුන් දියුණු වෙනව කියල.

මුස්ලිම් අන්තවාදය පරාජය කල හැක්කේ ඔවුන්ගේ භය හිතෙන නැගීම පාලනය කළයුතු නම් කල හැක්කේ එවැනි ජන සංයුතියක් ඇති රටවලින් ආදර්ශ  ගැනීමෙනි.
කුමන ආගමක වුවත් සිද්ධස්තාන ගොඩ නැගීම තහනම් කල යුතුය. ලංකාවේ ඇති තරම් සිද්ධස්තාන තිබේ. ආගමික නියොජිතයින්ට දේශපාලනය තහනම් කල යුතුය.
 ලංකාවේ ජනගහනය වැඩිවෙමින් තිබේ නම් චීනයේ මෙන් උපත් පාලනය ගෙන ආ යුතුය. ජන සං යුතිය හිතා මතා වෙනස් කොට ජාති ආගම් පටු උවමනාවන් ඉශ්ඨකරගන්නට සැලසුම් ඇත්නම් එයට වැට බැඳිය යුතුය.
නීතියට අතට ගැනීමෙන් එය කළ නොහැක.
ඇත්ත කතාව නම් රජයක් කියා සිටියාට, නීතිය අතට ගත්තත් ලංකාව ඇතුලු ලෝකය දුවන පීල්ලක් තිබෙන බව පෙනේ. ආසනික් වැනි විෂ රසායනික අඩංගු බව දැන දැනත් දහස ගනන් ජනයා වකුගඩු නරක් වී මලත් අපට ඒ කෘශි රසායන තහනම් කිරීමට නොහැකි වී ඇත. රතු පස්වල ජලය බීමට නොසුදූසු වන්නේ අර කර්මාන්ත ශාලාව නම් ජනයා ඉල්ලනව නම් එය ඉවත් කල යුතුය. එය තවම නොහැකි වී ඇත.
---------------

83ත් ඔය සිද්දිය උනා. දෙමලුන්ව නැති කරල දේපල අල්ල ගත්ත.
අද එය තව වටයකින් එලියට ඇවිත්.
දැන් මොන සමාදානෙට ආවත් උන්ට අවශ්‍ය දේ සිදු වී ඇත.

දැන් සෝභිත හිමියන්ට ජනපතිවරණයට ඉදිරිපත් විය හැකිදැයි බලනු

මේ අස්සේ ඌවේ මැතිවරණයට වෙන්නේ මක්කදැයි බලනු

අල්කයිඩා උන් පල්ලි  අස්සේ සඟවාගෙන සිටින්නේ යයි මුස්ලිම් පක්ශ තහනම් කරන්නේදැයි බලනු

බොරු සරණාගතයින් පුරවා ගත් බෝට්ටු දැන් පිට රටවලට යාත්‍රා කරන්නේදැයි බලනු

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් චෝදනා යට ගසන්නේ නැද්දැයි බලනු

මුස්ලිම් අන්තවාදීන් තව තවත් ශක්තිමත් නොවන්නේදැයි බලනු

කලු ජූලියක් යලි ඇති නොවන්නට ඉඩකඩ නැද්දැයි බලනු

වාසු ඇතුලු වමේ අය තවමත් ආණ්ඩුවේ ඉන්නේ ඇයි දැයි බලනු

රාජිත දැන් දැන් වාමාංශික ටෝක්ස් දෙන්නේ ඇයිදැයි බලනු

විමල් දැන් බෙරිහන් දෙන්නේ ඇයි දැයි බලනු

දකුණටත් දැන් හමුදාව දැම්මා නොවේදැයි බලනු

හරියටම ජනපති මෙරට නොසිටි දිනක මෙය සිදු වූයේ ඇයි දැයි බලනු

අබා, මහින්දාගමනය, ගාමිණි, ආදී චිත්‍රපටවල ගමන නතර වී ඇත්තේ කොහිද බලනු

ගාථා බෝධි පූජ කවි රස කර කර කියන හැම සිවුරක් පස්සේම යන ජනතාව නතර වී ඇත්තේ කොහිද බලනු

ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ආදීන් සෙවූ සිංහල නායකයින් සුද්දන්ගෙන් රට ගෙන ගොස් ඇත්තේ කොහිද බලනු

නලින්ද සිල්වා කියන්නේ මොකක්දැයි ඔහු ගොඩ නගන ඊලඟ ප්‍රවාදය කුමක්දැයි බලනු

 ජනතා ප්‍රසාදය ගිලිහෙමින් ඇති, සිංහල දෙමල මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර නැති  ආණ්ඩුවක් ස්වාධීන අධිකරණයෙන් වෙන් කොට අතට ගෙන ඇති නීතියෙන්  තව තව මොන මොන උගුල්වලට කුමන්ත්‍රණවලට ජනතාව ඇද දමද්දයි බලනු

ඌවේ ඡන්දය පැරදුනොත් පුම්බා උඩ යවා ඇති ඥාණසාර හිමිව හිරේ දමා අත සෝදා නොගන්නේදැයි බලනු

ගංගොඩවිල සෝම හිමි මුස්ලිම් කාරයෙක් යයි හැඳින්වූ වටරැක හිමිට සිදු වී ඇතිදේ බලනු


Thursday, June 19, 2014

ඌවේ ජනතාව අතර සමගිය වෙනුවෙන් කැපවී සිටි වටරැක විජිත හිමි නොමර මරල.

ඌවේ මුට්ටි සභා ඡන්දයෙන් ජනපති වරණයට පෙර හුරුවක් වගේ.
ආණ්ඩුවට නොලැබෙන බව දන්නා නිසා එම ඡන්ද දායකයින් භයකිරීමද අරමුණ ??

---------------------------------------------------------------------

පහල ප්‍රවෘත්තිය බලන්න....
එතකොට තේරේවි මං මොකද්ද මේ කියන්නෙ කියල.


වටරැක විජිත හිමි පැහැරගෙන සිවුරු ගලවා, අතපය බැඳ, ගුටි ඇණ පාලම යටට ගෙනත් දාලා



https://www.youtube.com/watch?v=SEjWUyV7EgU


ජාතික බල සේනාවේ කැඳවුම්කරු මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී  පූජ්‍ය වටරැක  විජිත හිමියන්ගේ සිවුරු ගලවා අත් පා ගැටගසා පානදුර හිරණ පාලම අසලට ගෙනවිත් දමා තිබියදී හමු වූ බව පොලීසිය පවසයි.
පහරදීම් හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසු වූ එහිමියන් රෝහල්ගත කර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.
උන් වහන්සේගේ ජනනේන්ද්‍රියට තුවාල සිදු කර ඇතැයිද රෝහල් ආරංචි මාර්ග කියයි.
------------------------------------------------------------------------------------------------------ලංකාව නැවතත් අඳුරට ද? ---------මුස්ලිම් පක්ෂ වාමාංශික පක්ශ තහනම, බෝම්බ, වෙඩි, ලේ වැගුරුම් අතරේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද බලාපොරොත්තුවන්න.

ඉන්දියාව නැවතත් පරිප්පු දායිද ?

අන්තර් ජාතික සම්භාධකවලට අප පාත්‍රවෙයිද?



Monday, June 16, 2014

අලුත්ගමින් නැගෙන ආගම්වාදී ජාතිවාදී උමතුවේ ගිනිදළු....! ලොක්ක කොහෙද පිට රටක ගිහින්, ඡන්දත් ළඟයි, හොඳම තුරුම්පුවක් ගහමු! ධාතූත් වඩම්මල දකුණෙ ප්‍රදර්ශනය කරනවලු, තව අවුරුදු 30ක් අදින්න පුලුවන්!

අලුත්ගමින් නැගෙන ආගම්වාදී ජාතිවාදී උමතුවේ ගිනිදළු....!
බූන්දි, සඳුදා, ජුනි 16, 2014 01:59:33
"නටන්න එන්න එපා.. නැටුවොත් දෙවෙනි පියවර බේරුවල, අලුත්ගම යනාදී වශයෙන් මේ තියෙන කඩ සාප්පුවලට අබ සරණයි!" (ජනතාවගෙන් ප්‍රීති ඝෝෂා)
-ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, 2014 ජුනි 15 දින අලුත්ගම බොදු බල සේනා රැළිය අමතමින්

පසුගිය දින කිහිපය තුළ යුධ පිටියක් වූ අලුත්ගමට දැන් යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා තිබේ. ගැටුම්වලට හේතුව ලෙස විවිධ කාරණා ගෙන හැර පෙන්වන අතර බෞද්ධ භික්ෂුවකට පහර දුන්නේය යන සිද්ධිය ද සිංහල දරුවෙකුට මුස්ලිම් කඩයක් තුළ සිදුවී යයි කියන අපචාර සිදධියක් ද ඉන් ප්‍රධාන තැන් ගනියි. ඉන් අනතුරුව බොදු බල සේනාව අලුත්ගමට පිවිසි අතර බොබසේ විසින් කරන ලද ලේ උණු කරන ජාතික ආමන්ත්‍රණයෙන් ඔද වැඩී ආපසු යමින් සිටි සිංහලයින්ට මුස්ලිම් ජාතිකයින් විසින් පහර දුන් අතර ඊට පිළිතුරු ලෙස මුස්ලිම් ජාතිකයින්ට අයත් කඩ ගිනි තැබිණි. මේ වන විට අලුත්ගම ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර මුස්ලිම් සිංහල සියලු දෙනා පසුවන්නේ බියෙනි.

මේ වන විට මෙම උණුසුම මතුගම වැනි ප්‍රදේශ දක්වා ද පැතිරී ඇති අතර මතුගම ද මුස්ලිම් කඩ සප්පුවලට ගිනි තබා ඇත. එමෙන්ම කට වචනයෙන් සහ විවිධ ආරංචිවලින් තොරතුරු දැනගන්නා ජාති මාමක පිරිස් මතුගම තරම් ඈත සිට මෙන්ම අවට ගම්වලින් ද විවිධ වාහනවල නැගී අවුත් අලුත්ගම මුස්ලිම් කඩවලට ගිනි තබා තිබුණි. ඔවුන් ගණනින් දහස් ගණනක් වූ අතර මේ වන විටත් කිසිවෙකුත් සාමකාමී එළඹුමකට පිවිස නැත. අද වන විටදෙහිවල වෙළඳ සැලකට ගිනි තබා ඇති අතර ගැටුම්වලින් සිදු වූ මරණ පිළිබඳ සංඛ්‍යා ලේඛණ ද මේවන විට නිකුත් වෙමින් පවතියි. මේ ව්‍යසනයේ ව්‍යාප්තිය සහ එහා ප්‍රතිඵලය සිතා ගැනීමටත් අසීරු බියකරු එකක් පමණක් බව ජාතිවාදයේ බොහෝ සිදුවීම් අත් දැක ඇති අපි කවුරුත් දනිමු.



ඊයේ රාත්‍රී 9 ට පමණ අපගේ හිතවතෙකු, ආරක්ෂිතව පසුවන්නේදැයි විමසීමට අලුත්ගම වසන සිය ඥාති සහෝදරියකට කතා කළ විට ඇය සහ දරුවන් ඇතුළු නිවැසියන් සිට ඇත්තේ නිවස ඉදිරිපිට පාරේ ය. නිවස තුළට වී නිදා ගැනීමට හැකියාවක් නැත්තේ මුස්ලිම් පිරිසක් පැමිණ නිදා සිටින විට ගිනි තබාවිදැ යි යන බියෙනි. උදේ හවා කතා බහ කළ අසල්වැසි මුස්ලිම් කිහිපයකට අයත් නිවෙස් මඳක් එහායින් ගිනි ගෙන දැවෙයි. අහල පහල සියලු සිංහල පවුල්වල පිරිමින් ඇඳිරි නීතිය නොතකා ප්‍රධාන පාර අසල රැස්ව සිටින්නේ සිය නිවෙස්වලට ප්‍රහාරයක් එල්ල කරනට පිරිසක් පැමිණියහොත් එය වලක්වන අටියෙනි. ඇඳිරි නීතිය කඩ කරන බැවින් පොලිසිය හා එම පිරිස අතර බහින්බස් වීමකි. හෙට වාර විභාගයට පෙනී සිටිය යුතු එකොලොස් හැවිරිදි දියණිය බියේ ගැහෙමින් අම්මා ගේ අතක එල්ලී පාරේ නිදි මරයි.

එම සිංහල බෞද්ධ සහෝදරිය මෙන්ම ගමේ සිංහල මුස්ලිම් කාගෙත් ලෙඩට අත්බේත් කළ ඇගේ අසල්වැසි ෆර්සානා ද ජීවිතයට ඇති බිය නිසාවෙන් අසල ඇති පල්ලියක ආරක්ෂාව පතා ගොසිනි. අලුත්ගම නගරය හරහා ගමන් ගත් වාහන, බස් රථ සහ දුම්රියන් අලුත්ගම දී සහ බේරුවල දී නතර කරමින් මුස්ලිම් මිනිසුන් එළියට ඇද ගනිමින් පහර දී තිබුණි. අනෙක් අතට අලුත්ගමකාදියවත්ත හරහා ගමන් කළ සිංහල මිනිසුන්ට ද ඇමති වාහනවලට ද මුස්ලිම් පිරිස් ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබුණී.

මේ තාක් මේ ගමේ මඟුලට තුලාවට එකතු වුණු පෙරහැර කාලයට එකට පෙරහර බැලූ, දෙවොල් මඩු කාලයට එක්ව දෙවොල් මඩු බැලූ අවුරුද්දට රාමසාන් කාලයට කෑම පිඟාන බෙදා ගත් මිනිසුන් දැන් එකිනෙකාට බියෙන් මහ මඟට බැස වෙවුලමින් හිඳිති.

අන්තවාදී ආගමික කල්ලි විසින් ආසන්න අවුරුදු කිහිපය තුළ අවුලවමින් සිටි ආගම්වාදී ජාතිවාදී උමතුවේ ගිනිදළු දැන් අලුත්ගමින් නැගෙයි. එයින් අලුත්ගම සාමාන්‍ය මිනිසුන් පිළිස්සෙයි. සාමාන්‍ය මිනිසුන් තවමත් සිය පවුල්වල ආරක්ෂාව පතා දුව පැන ඇවිදින විට දේශපාලන ආශිර්වාදය සහිත අන්තවාදී ආගමික කණ්ඩායම් ඒ සාමාන්‍ය මිනිසුන් තුළ ඇවිලවිය හැකි ගින්නට ජාතිවාදයේ පිදුරු දමයි. සාමාන්‍ය පුරවැසියන් එහෙම ය. පිදුරු දමන්නට දමන්නට ඇවිලෙයි. මේ රටේ දේශපාලන පක්ෂ ද අන්තවාදී කණ්ඩායම් ද ආක්‍රමණිකයින් ද සියවස් ගණනක් තිස්සේ ප්‍රයෝජනයට ගත්තේ ඒ ස්වභාවය යි. "ගහපියව්" කියූ විට ගහන්නට ද "ගිනි තියපියව්" කියූ විට ගිනි තියන්නට ද "බෙලි කපපියව්" කියූ විට කඩුව ගන්නට ද නැගිටින සිංහල ද්‍රවිඩ මුස්ලිම් අපේ මිනිස්සු මේ අන්තවාදී න්‍යාය පත්‍රවල ගොදුරු වෙමින් එකිනෙකා මරා ගනිති.



හුදු කේවල සිද්ධීයක් ජාතියකට එරෙහිව ජාතියක් නැගී සිටීමක් ලෙස අර්ථ දැක්වීමට මේ මිනිසුන්ට පුරුදු කළේ කවුරුන්ද? අදාල සිද්ධීන් පොදු නීතිමය පරිසරය තුළ විසඳා නොගෙන බොබසේ/සිංහල රාවය වැනි අන්තවාදී සංවිධාන වලට ඒවා ට මැදිහත්වීමට හැකි වාතාවරණයක් නිර්මාණය කළේ කවුරුන්ද? උදේ හවා මාධ්‍යවලින් ද ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ රැළි තබමින් ද වැපිරවූ ජාතිවාදය සහ ආගම්වාදය ට ආශිර්වාද කළ දේශපාලනඥයින් ට අවශ්‍ය වූයේ ද මෙයම නොවේද? පසුගිය කාලය පුරාම අන්තවාදී කොටස් විසින් අවුලුවන වන ලද ගිනිපුපුරුවල උෂ්ණත්වය රට පුරා පැතිරුණු අතර ජාතියේ ආගමේ නාමයෙන් පුපුරන්නට බලා සිටි මිනිසුන්ට අවශ්‍ය වූයේ කුමක් හෝ සිද්ධියක් පමණි. දුර දිග නො බලන අලුත්ගම ජනතාවට සිද්ධි දෙකක් ම ලැබුණ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දින කිහිපයක් තිස්සේ උණුසුම් වෙමින් පැවති අලුත්ගම පිදුරු ගොඩට බොදු බල සේනාව ගොස් තෙල් තෙල් දැමුවේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ බණින ගලගොඩඅත්තේ ඥාණසාර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ප්‍රශංසා කොට ලකුණු දමයි. ජනාධිපතිවරයාට චෝදනා කරන්නට මේ දූපත තුළ ඔහුට එවන් බලයක් ආරෝපණය වන්නේ කෙසේදැයි බුද්ධිමත් ජනතාව වටහා ගත යුතුය.

නීතිය හා සාමය රැකීමට හා පොදු ජනයා අපහසුතාවයට පත්වීම වැලැක්වීමට යැයි කියමින් සරසවි සිසුන්ගේ සාමකාමී විරෝධතා වලට පවා වාරණ නියෝග ගන්නා පොලීසිය, ආගමික ගැටුමක මුවවිට- කොයි මොහොතක පුපුරා යා හැකිදැයි නොදන්නා තත්වයක් යටතේ 'ඊනියා' බොදු සමුලුවක් සඳහා අවසර ලබාදෙයි.

රට තුළ ඇති ආර්ථික සමාජ පරිහාණිය මත ගොඩ නගන සිය රාජ්‍ය බලය ට එරෙහිවන සියලු ආකාරයේ සවිඥානික තත්ත්වයන් මැඬලීමට ඇති අවිය වන්නේ ආගමික/ ජාතික අන්තවාදය යි. අර්බුද සහිත ඕනෑම රටකට පොදු තත්ත්වයක් වන මෙය ඉන්දියාවේත් එහෙමය. ලංකාවේත් එහෙමය. එය ඡන්ද තියනවාටත් වඩා පහසු ය. මන්ද ආගමික සහ ජාතික පිස්සුව මේ රටවල ජනතාවට හොඳ හැටි එන්නත් කොට ලේවලට කවා ඇති බැවිනි.

අවසානයේ කෙසේ හෝ ඇවිලීයන වර්ගවාදී/ආගම්වාදී ගිනිදැල් වලින් විනාශයට පත්වන්නේ දෙපාර්ශ්වයේම අහිංසක මිනිස් ජීවිත මිස මේවා පසුපස ඉන්නා සැලසුම්කරුවන් හෝ ඔවුන්ගේ දරු- පවුල් නොවේ. 1958 සහ 1983 දී කරනු ලැබූ මෙවැනිම වර්ගවාදී මුග්ධකම් හේතුවෙන් අපි රටක් වශයෙන් දශක තුකට වැඩිකාලයක් මුලුල්ලේ වන්දි ගෙව්වෙමු. දැන් නැවතත් තවත් වටයකින් එම ඉතිහාසයම රඟදැක්වෙනු පෙනේ.

ඊයේ පුපුරා ගිය සිදුවීම වූ කලී පැහැදිලි ලෙසම හුදකලා සංසිද්ධියක් නොවේ. එය වසර කිහිපයක් මුලුල්ලේ ක්‍රමක්‍රමයෙන් පෝෂණය කරන ලද මතවාදයක තාර්කික ප්‍රතිඵලයයි. දැන් රටක් සහ ජනතාවක් ලෙස අප හමුවේ ඇත්තේ සිංහලයින් වෙනවාද මුස්ලිමුන් වෙනවාද දෙමළුන් වෙනවාද යන ගැටළුව නොවේ. තව කොතෙක් කල් දේශපාලකයින්ගේ සහ ආගමික නායකයින්ගේ පටු ආගමික ජාතික වැඩපිළිවෙලවල්වල ඉත්තන් වෙනවාද, සියල්ලන් වැනසී යාමට පෙර මිනිසුන් ලෙස ශේෂ වීම සඳහා අප කුමක් කළ යුතු ද යන පැණය යි.

(ඡායාරූප- BBC වෙබ් අඩවියෙන්)

Thursday, June 12, 2014

ආනන්දෙ කොල්ලෙකුට ශ්‍රී ලංකාවේ නායකය වෙන්න බැරි උනේ ඇයි?


ඩී ඇස්- සැන්ට් තෝමස්
ඩඩ්ලි- සැන්ට් තෝමස්
සර් ජෝන්- රෝයල්
බණ්ඩ - සැන්ට් තෝමස්
දහනායක- රිච්මන්ඩ්
සිරිමාවෝ - සැන්ට් බ්‍රිජට්
ජේ ආර්- රෝයල්
ප්‍රේමෙ - සැන්ට් ජෝසෆ්,
ඩී බී -සැන්ට් ඇන්ඩෲස්, ගම්පොල
චන්ද්‍රිකා -සැන්ට් බ්‍රිජට්
මහින්ද - තර්ස්ටන්, නාලන්ද
හැබැයි ආනන්දෙට ගිය අගමැති කෙනෙක් ඉඳලා තියෙනවා, එයා ඉහල ලැයිස්තුවෙ නෑ. ජනපති ක්‍රමය යටතේ ජනපති තමයි රටේ නායකය.
සොයා ගන්න එක අමාරු නෑ.

අනාගතේ මොන මොන ඉස්කෝලවලින් නායකයො බිහිවේවිද?
රෝයල්
අම්බලන්ගොඩ ධර්මාශෝක
කෝට්ටේ පිරිවෙන
කුරුණෑගල පැත්තේ පාසලක්
කලුතර තිස්ස විද්‍යාලය
යාපනේ මහ විද්‍යාලය
සැන්ට්.... ඉන්ටර්නැශනල් ස්කූල්, මහ හේන් යාය, කටුඉඹුල

සමාවෙන්න ඕන, මෙතන තියෙන බොහෝමයක් පිරිමි පාසල්, ඇත්තටම ආනන්දෙට වගේම විශාඛාවට බැරි උනානෙ නායිකාවක් හදන්න රටට.
ඒක සිංහල බෞද්ධ ඉස්කොල ප්‍රශ්නයක්ද? කාලය පිළිබඳ ප්‍රශ්නයක්ද?
මීට කලින් සැන්ට් වගේ කෑල්ලක් තමන් ගිය ඉස්කෝලෙට තිබුන නම් සෑහෙන වාසියක් තිබුන වගේ පේනව. දැන් නම් එය අවාසියක්ද මන්ද?
හ්ම්................ නෑ තවම නෑ.

මේ අංශෙනුත් බොහෝ දේවල් හිතන්න පුලුවන්



Thursday, June 5, 2014

සෝභිත හිමියනි අසනීපෙට රුසියාවෙ නම් වඩිනු නොමැනවි



සෝම හාමුදුරුවන්ට වෙච්ච සන්තෑසිය මතක් වෙන කොට අනේ හරි දුකයි. මොනව උනත් මාත් නිදි මරාගෙන උන්නාන්සෙගෙ ටී වී බණ වැඩ සටහන් බලපු කාලයක් තිබුන. අර ගුවනේදී අභාවයට පත් උන අශ් රොෆ් මහතා එක්ක වාදෙට ගිහිල්ල ඇණගන්න පලමුව.
ඊට ප්‍රථම පානදුරේ අරියධම්ම හිමියන්. හිටපු ගමන් අපවත් උනා.

ලොකු මහත්තය අවංකවම.... හ්ම් .....අහල තිබුන සෝභිත හිමියන්ගෙන් අසනීපෙට රට යන්න එහෙම ඕනද කියල. මට මතකයි යුද්දෙ යන කාලෙ අසනීප වූ දයා මාස්ටර් හෝ වෙන එල් එල් ටී ටී ලොක්කෙකුගේ බිරිඳකගෙනුත් ඔය ප්‍රශ්නෙම ඇහුවා.

අනේ ඉතින් මගෙ පුංචි මොලේට මීටර් උනේ ජයවර්ධණ පුර නැතිද පෙනහලු ආබාධෙට බෙහෙතක් ගන්න දොස්තර කෙනෙක් කියල. එහෙම අහපු එකත් අපේ ජීවකයින්ට කරපු කීචොක් එකක්ද මන්ද අර සම සෞඛය පුරස්නෙ යන අතරේ. කොහොම හරි සම කස්ටිය ජයග්‍රහණය කෙරුවයි කියන්නෙ. පුදුමයි වෙන කවුරු හරි මේ දවස්වල දිනනව. ජය කොන්තෙද මොකක්ද කියන එක නිසා මං කිව්වේ. සම කස්ටියට ඒක මිරිකන්න චෑන්ස් එකක් දුන්නද දන්නෙ නෑ...

කෙසේ වෙතත් සෝභිත හිමියනි සරත් ෆොන්සේකගෙ අමනාපයක් නැත්නම්, ජවිපෙ මනාප නම්, සම්බන්ධන් ලත් එක්ක බේරගන්න පුලුවන්නම් ඌඑන්පිය අතරමං නම් ඔබට වෙන විකල්පයක් නැත. ලෝකයේ පලමු කාන්තා ජනපතිනිය බිහි කල රටේ තවත් වාර්තාවක් තියන්නට ලෑස්ති වනු මැනවි.
හැබයි නැවත කාරුණික ඉල්ලීමක් කරනු කැමත්තෙමි.
පරිස්සමින්.

සිංගප්පුර් චාලිලා පාර්ලිමේන්තුවේ පනත්වලට ඡන්දෙ දීලා පස්සෙ ඇදල අරගෙන විරුද්ධ වෙනවා. එතන අප්සට් කේස් එකක් වගේ අමුතුම  ගේමක්, ඒ නිසා සිංගප්පූර් වඩින එකත් නොමැනවි. බැරි වෙලාවත් දකුණු දිග මහ මගේ ගමන් කිරීමත් නොමැනවි. රාලහාමිලා තමන්ටම තඩිබාගෙන වාහන ගිණිතියාගන්න මැරවින් න්‍යායට අදාල කේස්වලට ඔබ වහන්සේගේ නමත් ගෑවීමට බැරි නැත. රුහුණු විශ්ව විද්‍යලය පැත්තේවත් සර්වේශස් විද්‍යලය පැත්තේවත් නොවඩිනු මැනවි. ඒ ප්‍රදේශය තවමත් මුදා නොගත් ප්‍රදේශයකි. එල් එල් ටී ටී කාරයෝ ක්‍රිකට් ගසති. උන් බෝලවටල ගන්නේ ඔලුගෙඩිය. අනෙක සෙල්ලම් පිස්තෝල වලින් සෙල්ලම් කර සෙල්ලමට මරණීය තුවාල සිදු කරගන්නේ ඇයි. ?

කාලෙකට පස්සෙ ඊයේ කුණාටුවකට අසුවෙච්ච් ගුවන් යානයක් මත්තලට ගොඩ බාල, ඒ පැත්තට අනේ ඉතින් අවුරුදු වගේලු. පත්තරේ හෙඩ් ලයින්!