Followers

Thursday, July 31, 2014

හේමා ප්‍රේමදාස මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ශයෙ සිටියා නම්




හේමා ප්‍රේමදාස මැතිණිය, ප්‍රේමදාස මහතා ජනපති කාලෙ ආන්දෝලානාත්මක චරිතයක්. ඒ මහත්මියගෙ වාසනාව ප්‍රේමදාස මහතා පසුපසින් තුබුන කියලත් කියවෙනව. නෙට්බෝල් ගහන්න සෙල්ලම් කරන්න ගොහිල්ල ඉන්න වේලාවක ගත්ත පින්තූරයක් පත්තරයක පලවීම නිසා ලොකු කලබලයක් උනාලු.
අනිවාර්‍යයෙන්ම ලොකු ඉරිසියාවක් කා තුලත් අවංකවම තිබුනා. පොඩි තැනකින් ආපු නිසාත් ලස්සන නිසත්.

1994 ප්‍රේමදාස මහතා හදිසි අනතුරකින් අප අතරින් වෙන් වූ වේලාවේදී උද්දාමයට පත් සමහර මිනිසුන් විසින් රතිඤ්ඤා පත්තු කර කිරිබත් කෑවා. මා එයට විරුද්ධ වුවත් ඇත්තටම හරිම නිදහසක් දැනුනා. උදේටත් අවදිවෙන්නෙ එතුමාගෙ රේඩියෝවේ රූපවාහිනියේ බණවලින්, රෑ නින්දට යන්නේත් එතුමාගෙ කතාවලින්.
ඇතිවෙලා හිටියේ මොන මලකරදරයක්ද මේ කියල. හැබයි එකක් කියන්නෝන, ඒ කාලෙ රස්සා ඕන තරම්.
සුදු නෙලුම් මල් අරගෙන චන්ද්‍රිකා නෝනා ආවා 65%කින්. එස් බී ආවා දුප්පතාට සමුර්ධිය අරගෙන.

පුදුම නිදහසක් දැනුනා.

හේමා මහත්මිය සිය සැමියා ගැන හොඳින් සොයා බලමු කෙනෙක්.
ඈත පලාතකට ගියොත් දවල් කෑම හිල්ටන් එකෙන් අරං හෙලිකොප්ටර් එකෙන් යවනවලු. මන්ද එතුමා බොහෝම පරිස්සමෙන් තෝරාගෙන බේරාගෙන තමයි කෑම කෑවේ.

මං ආස එතුමාගේ ජීවන චරිතයේ අංග කීපයක් තියෙනව.

පාන්දරින් අවදිවීම හා වේලාවට වැඩ කිරීම- මට බැරි වැඩක්
මත් පැන් පානයෙන් තොරවීම- මට බැරි වැඩක්
සරල චාම් දිවි පැවත්ම - මට බැරි වැඩක්
හොඳ මතකය- මට නැති එකක්
කලාකරුවන්ට සැලකීම-
කුඩා තැනකින් පැමිණ රටේ ඉහල තනතුරට නැගීම
ඥාති සංග්‍රහයෙන් තොරවීම
අධික ධන තණ්හාවෙන් නොපෙලීම?

එතුමාගේ ශෝක බරිතම කතාව මා ඇසුවේ ලලිත් ඇතුලත්මුදලිව නාරහේන්පිට රැස්වීමක් අමතමින් සිටියදී ඝාතනය වීමෙන් පසුවයි.
එතුමා අඬමින් කීව,
 ''මේ ඝාතනය, මගේ චරිතය ඝාතනය කරන්න කරපු වැඩක්.''

හොඳම කතාව තමයි ඇට අටේ කතාව, පොරොන්දු වූ ඇට අටක් දුන්න හැටි.
ඊයෙ පෙරේදා ධාන්‍ය වර්ග කීපයක මිල අඩුකරල තිබුන. ඒ වගේම එස් බීගේ 'ඡන්ද ටෝක්ස්' ඇහෙන කොට මට ප්‍රේම්දාස මහත්තයගෙ ඒ 'ටෝක්ස්' මතක් වෙනව. රටක් දියුණු වෙන කොට නිකං පයින් ගිය මිනිහා සෙරෙප්පු දානවා, සෙරෙප්පු දාපු මිනිහා සපත්තු දානවා.
ලඟ එන ඌවේ ඡන්දෙට එස් බී කියනව, "චූන් පාන් පාන්දරට කෑ ගහනකොට මිනිස්සු පාන් ගන්නව. දවල්ට අයිස් ක්‍රීම් කාරය පෝම් ගාන කොට මිනිස්සු අයිස්ක්‍රීම් ගන්නව, රටවල් දියුණුවෙන කොට එහෙම තමයි "

ප්‍රේමදාස මහත්තයගෙ මා අකමැතිම පුද්ගලික අවගුණය තමයි බොරු පුරාජේරුවක් ආරූඪ කරගන්න යෑම.
කොළඹ අලුත් කඩේ පාරෙ බෝල ගහපු කොල්ල වගේ හිටිය නම් වඩා හොඳ නොවෙද?
අනුර කින්ඩිය දැම්ම ලැවරිය කොල්ල කියල. හැබැයි ඒ කොල්ල රටේ ජනපති උනා. ඒ මදිද? මොකටද තව බොරු පුරාජේරු?
එතුමාගේ ප්‍රියතම කම්කරු නායකය තමයි ඊ ඒ ගුණසිංහ මොකද එයා ඒ වනවිටත් එලෝ ගිහිල්ල හුඟ කල්. එදා සිටිය වමේ නායකයන්ට කතා කලේ යුනියන් නායකයො කියල මිසක්ක නමක්වත්  සඳහන් කලේ නෑ. ගම් උදාව එතුමාගේ සංකල්පයක්. ඒකෙන් යම් වැඩක් නොවුනෙත් නෑ.




Wednesday, July 30, 2014

හිත කියවන්න පුලුවන් මෙහෙමයි - ජෝතිලා දත් රහස


Image result for with you without you movie

හිත කියවන්න
ඇවසි නම්

ලං වෙන්න
ලං වෙන්න
තවත් ලං වෙන්න

සනසන්න

ප්‍රිය තෙපුලින්
ප්‍රිය දසුනින්
ප්‍රිය සුවඳින්
ප්‍රිය ස්පර්ශයෙන්
ප්‍රිය මසවුලින්
ප්‍රිය අපේක්ශාවෙන්

නොඅඩුව,
නොවක්ව
නොපමාව


හේතු නොදනියි
හේතු නොඅසයි
ඇදන්නෙ ආදරයට පමණයි
සූරිය කාන්ත මල
ඉරු දෙසට නැවෙන මෙන්
සිතේ අසිරිය එබඳුයි


ඉස්කෝල විශ්ව විදුහල්
සහතිකවල නොලියන
රහස
ජෝතිලා දත් රහස



Tuesday, July 29, 2014

බලන්න, පිරිමියගෙ හිත කොහෙද තියෙන්නෙ කියල



චිරාත්කාලයක් තිස්සේ
දාර්ශනිකයො,
විද්‍යාඥයො,
සෙව්ව,
තවමත් සොයනව
වැඩ කෙරුව,
තාමත් කරනව
හිතත් එක්ක

කොහෙද මේ හිත තියෙන්නෙ,

මොලේද
නැත්නම්
ඇඟේ වෙන කොහෙ හරිද,
එක තැනකද
හැම තැනමද.

මැරුණම හිත යනවලු,
කොහොමද
කොහෙද යන්නෙ

ඔලුව උලුක් වෙන ප්‍රශ්නයක් නේද?
කලබල වෙන්න එපා උත්තරයක් තියෙනවා

දරුවො දන්නෙ නෑ දෙමාපියන්ගෙ හිත් කොහෙද තියෙන්නෙ කියල
පිරිමිය දන්නෙ නෑ, කොහෙද ගෑණියගෙ හිත තියෙන්නෙ කියල
ශිෂ්‍ය දන්නෙ නෑ, කොහෙද ගුරුවරයගෙ හිත තියෙන්නෙ කියල
උපාසකම්ම දන්නෙ නෑ, කොහෙද හාමුදුරුවන්ගෙ හිත තියෙන්නෙ කියල
ඡන්දදායකය දන්නෙ නෑ, කොහෙද දේශපාලකයගෙ හිත තියෙන්නෙ කියල

ඒත්
කුමන දාර්ශනිකයටත් විද්‍යාඥයටත් බැරි උනාට
බලන්න මෙන්නෙ මේව

අම්ම දන්නව පුතාගෙ නැත්නම් දුවගෙ හිත තියෙන්නෙ කොහෙද කියල

ස්ත්‍රිය දන්නව පිරිමියගෙ හිත තියෙන්නෙ කොහෙද කියල

ගුරුවරය දන්නව සිසුන්ගෙ හිත කොහෙද තියෙන්නෙ කියල

හාමුදුරුවො දන්නව උපාසකම්මලගෙ හිත තියෙන්නෙ කොහෙද කියල

දේශපාලකය දන්නව ඡන්දදායකයගෙ හිත කොහෙද තියෙන්නෙ කියල

-------------
පිරිමියගෙ හිත




Artist: Bandula Wijeweera
Lyrics: Prof. Sunil Ariyarathna
Melody: Dr. Victor Rathnayake

-----

අපේ සහෘදයන් එකඟද මගේ ප්‍රස්තුතයට, 
එහෙනම් එහෙම වෙන්නෙ කොහොමද ?
අපි බලා ඉන්නව ඔබ කියන දේ අහන්න.!

Monday, July 28, 2014

අනෝමා ජිනාදරී හා හදිසි අනතුරු වලින් මියගිය ලංකාවේ නායකයින්


VIDEO: Anura Kumara Dissanayake hospitalised after accident


ලංකාව සිය නායකයන්ව කෲර ලෙස මරාදමන්නට ප්‍රසිද්ධ, ලිඛිත දීර්ඝ ඉතිහාසයක් ඇති රටකි.
කුඩා කල මගේ හද කකියවූ රාජකීය මිනිමැරුම නම් වැව් බැම්මේ පස් ගසා ඝාතනය කල ධාතුසේනගේ කතාවයි. එය සිදු උනේ තමාගේම පුතා අතින්ම වීම කෙතරම් කෲරද? ශෝඛජනකද?
අනිවාර්‍යෙන්ම මෙය පසු පස ස්ත්‍රියක් සිටින්නට ඇත.(මේක නම් මං බැනුම් අහන කතාවක්)
(සීගිරි බිත්ති වල ඇඳි රූ අතර ඒ ස්ත්‍රියත් ඉන්නවාද?)

පසුගියදා අනුර කුමාර දිසානායක සිය වාහනය ටිපර් රථයක හැපීම නිසා අනතුරට ලක්විය. මට එවේලේම සිහියට ආවේ ඔය රත්නපුර හරියේම වාහනය අනතුරට ලක්වීමෙන් අපට අහිමි වූ හොඳ නායකයෙක් වූ සරත් මුත්තෙට්ටුවගම වගේම කොළඹ කිට්ටුව වාහනය අනතුරට ලක්ව නැති වු ශ්‍රීපති සූරියාරච්චි. කඩවතදී අනතුරට ලක්වූ විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකයින්.

මට අමතක උනු අයගෙ නම් අපේ  සහෘදයො එක්කරාවි.

 ඒ අරුනම ඔබ දන්නවනේ ඔය තව 'සුලු සුලු' අත් වැරදීම් වලින් අපට නැති වෙච්ච නායකයො; ලැයිස්තුවක් තියෙනව.

මෑත කාලයේ
සොලමන් ඩයස් බණ්ඩාරනායක
විජය කුමාරණතුංග
ලලිත් ඇතුලත් මුදලි
ගාමිණි දිසානායක
රෝහණ විජේවීර
රණසිංහ ප්‍රේමදාස
භාරත ලක්ශ්මන් ප්‍රේමචන්ද්‍ර

ශිෂ්‍ය ක්‍රියාකාරීන් වූ කොළඹ වි වි රෝහණ රත්නායකගෙ, දයාපතිරනගෙ මල ගෙවල්වල භයෙන් භයෙන් ගිය කෙනෙකු හැටියට ලොකු නායකයො නොවුනත් ඒ අයත් මේ වෙලේ මතක් කල යුතුයි.මේ දෙදෙනාම ජාතිවාදයට විරුද්ධව නිභයව පෙනී සිටි ශිෂ්‍ය ක්‍රියාකාරීන් විය. එදා තිබූ ජවිපෙ අද තිබෙන ජවිපෙය බව පත් කිරීමට ජීවිත පුජා කල දහස් ගනන් අතර මාතර අපරැක්කේ දයාපතිරණත් ඉහලින්ම සිටී. අනෝමා ජිනාදරීත් දයාපතිරන ඇතුලු ජීවිත හානි වූ හැම ගැනම දුක්වෙනු මා ලඟදී රූපවහිනියෙන් දුටුවා. අනෝමා ජිනාදරී විසින් ලියන ලද පොත් කීපය මා කිය විය යුතුම පොත් අතරට වැටුනා.

අනුර කුමාර දිසානායක සිය පක්ශයේ අතීත වැරදිවලට සමාව ගන්නට තරම් කොන්දක් තිබෙන නායකයෙක්.
අපි ඒ සහෝදරයාව ආරක්ශා කල යුතුයි.

Sunday, July 27, 2014

ඔස්ට්‍රේලියානු සරණාගතයින්ටද අබසරණය- සරණාගත ප්‍රශ්නයද අපේ කස්ටියට නිධානයකි!



උපායමාර්ගයේ දක්ශයාට මීකුණත් සම්පතකි
යුද්ධය, ආයුධ සපයන්නාට ධන උල්පතකි
දේශපාලකයාට හෙන්ඩුවකි
ධන නිධානයකි, බලයේ අමරණීයත්වයට මගකි
සරණාගත ව්‍යාපාරිකයාට කප් රුකකි.; (සාමාන්‍ය ජනයාට පමණක් මර උගුලකි. කවුද උන්ව ගනන් ගන්නේ, දහයෙ විස්සෙ කෑලි, රටේ මුලු ආදායමෙන් සුලු කොටසක් පමනයි උන් අතට යන්නේ.)
එනම් සරණාගත ප්‍රශ්න මුවාවෙන් මිනිසුන්ව මුදලට දියුණු රටවලට ගෙන ගොස් අතහරින ව්‍යාපාරය යැපෙන්නේම යුද්ධය මතය.
ඔස්ට්‍රේලියාව සරණාගත ප්‍රශ්නය මුවාවෙන් ලාබෙට ඉගෙන ගත් මිනිසුන් හීලෑ කොට ගෙන්වා ගනිති. එමෙන්ම  විරුද්ධ දේශපාලකයන්ට ආණ්ඩු මාරුවටද උදව් වෙනවාලු.
සරණාගතයින් සඳහා ආණ්ඩුවේ වියදම ඩොලර් කෝටි බිලියන් ගානක්, ඩොලර් බිලියන් එකක් කීවොත් රුපියල් කෝටි, කෝටි දාහක් කියමු. පොඩි ගානක්ද, ලංකාවේ මුලු ජාතික ආදායමම ඩොලර් බිලියන 20යි.
ඊට ලේසි නැද්ද පරණ නැව් දෙකක් ඇඟේ ගහල ජන අප්‍රිය කස්ටියට තමන්ගෙ කලු සල්ලිවලින් ඉඩමක් කඩමක් අරන්දීල ජාම බේරගන්න එක.
Botany Bay underway in Darwin Harbour
Bay Class patrol boats donated by Aus Gov

ලංකාවේ අයත් ඉතින් දෙපැත්තෙන්ම ගරන්න පුලුවන් මාර්ගයක් හදාගත්ත.
සරණාගතයින් කර්මාන්තය එක පැත්තකින්
අනෙක් පැත්තෙන් ඔස්ට්‍රේලියානු ආණ්ඩුව මට්ටු කරන්න පුලුවන් පොටක් පාදගත්ත.

දැන් උඹලම කියනව යුද්ධෙ ඉවරයි කියල, එහෙනම්,
ඔස්ට්‍රේලියාව ලංකාවට කියනව
නවත්තගනිල්ල උඹලගෙ මිනිස්සු,

ලංකාව කියනව අපිට පහසුකම් නෑ කියල.
ලංකාව දන්නව යකඩෙ රත් වෙච්ච වෙලාවට තලාගන්න.
මෙය බහු කාර්‍ය්යයි. ඒ වගේම විවිධ සේවා සමූපකාරය වගේ.
ලංකාණ්ඩුවට පුලුවන් දැන් යුද්ධය හමාරයි රට හොඳයි කියල ඒ අය කියන කතාව ලෝකෙට පෙන්වන්නත් ආධාර ගන්නත්, රට පනින එක ලෙසි නෑ, අපිට සැලකුවොත් මිසක්ක කියන එක සරණාගත ව්‍යාපාරයට කියන්නත්
ලංකාවේ අතුරුදන් කිරීම්, විරුද්ධ දේශපාලනය කරන උන්ට, මාධ්‍යකරුවන්ට, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට කරන බලපෑම්, අඩන්තෙට්ටම්, මහ පරිමාණ දුෂණය බේතකටවත් සොයා ගන්න නැත. ධර්මද්වීපයකි. සුදු ඇඳගත් උපාසකයන්ගේ රජයකි.
ඒ අනුව මිහිකතයි තව කතකුයි (ඒ නැව්වල/බෝට්ටුවල නම් මහිතන්නෙ) ලංකාවට යනව
එහෙන් හොඳ කටක් ඔස්ට්‍රේලියා යනව
කවුද ඒ
ගල් උඩ අත්තේ හිමි.
උන්නාසෙත් වෙලාව බලල මිතුරන් හරහා සිය ඉල්ලීම දාල.
ඇමරිකාව තහනම් කළත් ඔසියන්ට බෑ
මොකද දැන් ලංකාව හරහා බොහෝ දේවල් සිදුවෙනව.
 මත්ද්‍රව්‍යය, සරණාගතයො, කලු සල්ලි හුවමාරුව.  මූදු කොල්ලකරුවන්ට මූණ දෙන්න පුලුවන් බලවේග, ලෝකෙ භයානකම ත්‍රස්තවාදය නැතිකරපු පුහුණු හමුදාව තියෙන්නෙ. දැන් ජනතා විරෝධයන් ඇතිකරන්නත් නැති කරන්නත් කොන්ත්‍රාත් ගන්න පුලුවන් කරාටේ සමාගම් තියෙන රටක්.
තමන්ගෙ එකෙක් ලොකු කැසිනෝ ව්‍යාපාරයක් අරින්න දැන් ලෑස්තියි
ලංකාවත් ශේප් එකේ තියාගන්න ඕන තැනක්.

ඔස්ට්‍රේලියාවේ සරණය පතා එන ඇත්ත අසරණයන්ටද
ඇත්ත සරණාගතයන්ටද දැන් අබසරණය

මැද පෙරෙදිගට ඉශ්‍රායලය වගේ ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව "දියුණු කරල" ගන්න පුලුවන් තැනක්.


 සල්ලි ටික කොටා ගෙන ලොකු එවුන් එහෙ මෙහෙ පනී

අපි ඉන්නෝන ලංකාවේ
බුදු අම්මෝ පරිස්සමෙන්..

Saturday, July 26, 2014

විමල් මැතිඳුගේ ---------ප්‍රවෘත්ති විකෘති කිරීමේ කලාව

වික්‍රමබාහුගේ අදාල ප්‍රවෘත්ති සාකච්ඡාවත්, එය වෙනත් මාධ්‍යයක වර්තා වී තිබූ ආකාරයත් පුදුම සහගතය.

හොඳම විහිලු කෑලි නම් ඒ විකෘත්ති ප්‍රවෘත්තිය දැක ඔවුන්ගේම මුදලින් නැත්නම් පඩි ලබමින් ජීවත් වන හෙන්චයිලා විසින් දමන කොමෙන්ට්ස්ය.


  1. අහින්සක says:
    මෙන්න නියම සමාජවාදියෝ….බටහිරට අවනත වන්නලු….මෙකුන් පස්සේ යන අයත් ඉන්නවානේ…..
    • සූකිරියා says:
      ලංකාවේ සමාජවාදියෝ කියාගන්නා‍ෙ හැම එකාම කරන්නේ දැන හෝ නොදැන ඇමරිකාවෙ පස්ස ඉඹින එක තමයි.
    • සමාජවාදියෝ says:
      මෙන්න දවසකටවත් සමාජවාදියෝ……..
      අදහන්න වටිනවා ඕයි.
      යුද්ධෙ දවස් වල සම්බන්ධන්ලත් එක්ක සෙට් වෙලා බයිලා ගගහ හිටපු වෙලාවේ, මහින්ද රාජපක්ශට ඔය උපදෙස් ටික දෙන්න තිබුනානේ ඕයි.
  2. UNP Member says:
    ආචාර්ය වික්‍රමබාහු මහතා කලෙකට පස්සේ ඉතා වටිනා කතාවක් කිව්වා. අපගේ එක්සත් ජාතික පක්ෂයේ දොර ඔබතුමාට සැමදා විවෘතයි.
    • SAPU says:
      ප‍්‍රභාකරන් ද්‍රෝහියෙකු නොවේ. ශ්‍රේෂ්ඨ විමුක්ති නායකයෙක්. ද්‍රෝහියා මහින්දයි – වික‍්‍රමබාහු
      මේ දේශද්‍රෝහී නරුමයා ගැන කවර කතාද?
  3. (අ)සම්බන්දන් says:
    අයි අයි යෝ මේ බාහු තම්බි වෙඩේ කනවා. මේ ආන්ඩුවත් එමරිකාව පස්සේ ගියොත් අපි කාගේ පස්සෙන්ද යනවා අප්පා. ආන්ඩ වනේ මුරුගා.
  4. පොෂ් බුවා says:
    මොකාට වත් අවනත වෙන්න අවශ්‍ය නැහැ. හැමෝම එක්ක සහයෝගයෙන් හිටියම ඉවරයි. පිල්ලෙ වේsi ආයේ කට දාන්න එන්නේ නැහැ. ඊශ්‍රයලය කරන යුධ අපරාධ ගැන පරීක්ෂණයක් කරලා පෙන්නුවොත් අපිත් පරීක්ෂණයකට එකග වෙනවා කියනවා. එච්චරයි ඒ වේsi ට දෙන්න තියන එකම short & sweet උත්තරය.
    • HarshaW says:
      පරීක්ෂණ කළාට උන් ඒවා සත පහකට ගණන් ගන්නේ නෑ.
  5. chaminda says:
    අනේ lanka c news මේ පාහරයාගේ ෆොටෝ එකක්වත් මේකේ දාන්න එපා
  6. Ausi. says:
    menna pattama samajawadeeyo…..lol
  7. Llianage says:
    babu hunnahe balagena ochhara denna yanna epa ,,pampas ganan me dawas wala
  8. putha says:
    මෙන්න නියම සමාජවාදියෝ….
  9. ගුරුළු says:
    LTTE කඩේ ගිය මේ නරුමයා ගැන කවර කතාද?
  10. University student says:
    යුක්රේනයේ මඩ වගුරේ එරී ඉන්න ඇමරිකාව ටික ටික ගිලී යන ආකාරය බලා සිටන අපට මෙයා, ඇමරිකාවේ බලවත් කම කියාපානවා, අද ලෝක ප්රජාව, BRICS වටා එකතු වෙනවා, මේ දේශනාකායත් ඇමරිකාව සමගම මඩේ ගිලී යනවා.
  11. Yama Raaja says:
    Bend in two, Ill teach you.
  12. Nimal Bandara says:
    Muta wedi thiyala daanna one mulinma rata paawala denawata gas balla….
  13. සිංහයා says:
    අම්ම අප්පත් දීල දැම්මනං වැඩේ තවත් සාර්ථකයි!! මූ වගේ හර‍කෙක්

ලංකාවට ගැලවෙන්න පුළුවන් එකම මග ඇමරිකාවට අවනතවීම

July 26, 2014 at 12:00 pm | lanka C news

ලංකාවට ගැලවෙන්න පුළුවන් එකම මග ඇමරිකාවට අවනතවීමඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ගොනු කරමින් ඇති යුධ අපරාද චෝදනාවන්ගෙන් බේරීමට ඇති එකම මග ඇමරිකාවට අවනත වී ඔවුනට සහයෝගය ලබාදීම බව නව සම සමාජ පක්‍ෂයේ නායක වික්‍රමභාහු කරුණාරත්න ප්‍රකාශ කරයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කලේ මානව හිමිකම් පිළිබඳ ගැටළුවවේදී ඇමරිකාව පසුපසින් සිටියහොත් මානව හිමිකම් පිළිබඳ කිසිඳු ගැටළුවක් මතු නොවනු ඇති බවයි.
ඊශ්‍රාලයේ ගැටළුව එය‍ට නිසි උදාහරණයක් බවත් පැවසූ කරුණාරත්න මහතා ඊශ්‍රාලය විසින් වරුසාවක් මෙන් බෝම්බ හෙලුවත් ඒ පිළිබඳව කිසිඳු රටක් කතා නොකරන බවද පෙන්වා දෙයි.
6,219 Viewers

ඉහත ප්‍රවෘත්තියට පදනම් වූ වීඩියෝව පහත ලින්ක් එකෙන් බලන්න.

Tuesday, July 22, 2014

අඩු පොලියට දුප්පත් අපිට ණය- ඉතින් ආයුබෝවන් ලෝක බැංකුව-අපිට අපේ මිතුරු BRICS තිබේ.

Image result for international monetary fundbye bye tata tata see you later

දෙවන ලෝක යුද්ධය අවසානයත් සමගම 1945 ලෝක බැංකුව ස්ථාපිත කිරීමෙන් පසුව මෙවැනි ලෝක මට්ටමේ මූල්‍යාධාර දෙන ආයතනයක් බිහිවීමේ පලමු අවස්තාවද? බ්‍රසීලයB, රුසියාවR, ඉන්දියාවI, චීනයC හා දකුණු අප්‍රිකාවS


චීනය පටන් ගත්තු හැටියෙ අනෙක් අයට පොඩි ටොක්කක් ඇනල. මෙවැනි ආයතනයක අදහස ඉදිරිපත් කළ ඉන්දියාවේ දිල්ලි නුවර මූලස්තානය ඉදිනොකොට ශැන්හයි වෙත ගෙන යාම ගැන; අනෙක් රටවල් පහේම ආර්ථිකයන් එකතු කලවිටත් චීනයේ ආර්ථිකයට වඩා කුඩා වීම මේ ටොක්කට මුල් වෙන්න ඇති. එක රටක් ඩොලර් බිලියන දහය බැගින් යොදවා සංවර්ධනය වන රටවලට උදව්වක් විදියට තමයි මේ ආයතනය ඇති කරන්න යන්නේ.
-----------------------------

brics development bank

චෙන්නායිවලත් සමහර නගර සභිකයන්ගෙ පුත්තු මාරයෝ

මේ බලන්න චෙන්නායිවල කරල තියෙන වැඩේ. කොන්ස්ටබල් කනගරාජ් හොර වැලි අදින ට්‍රැක්ටරයක් නවත්වන්න ගොහිල්ල කරගෙන තියෙන හදිය. ට්‍රැක්ටරය එලවල තියෙන්නේ වෙල්ලොර්වල පලාත් පාලන ආයතන සභිකයෙකුගෙ පුතෙකු වන සුරේශ්.

පලමුව කනගරාජ්ව තල්ලු කර බිම වැටුනු පසු ඔහු යටකරගෙන ගොස් තිබෙනවා. ජයලලිතා ලක්ශදහයක් දීල. කනගරාජ්ගෙ පවුලට වෙන්නැති.

Constable Killed on Duty While Trying to Stop Alleged Sand Smuggling

Constable Killed on Duty While Trying to Stop Alleged Sand Smuggling
Chennai A police constable, who intercepted an alleged sand smuggling tractor, was killed when he was run over by the vehicle, in Tamil Nadu's Vellore district on Sunday.

Sub-Inspector P Rajan and constable Kanagaraj, on information that sand was being illegally transported, intercepted a tractor and asked its driver to halt the vehicle.

The driver, however, sped up and in the process, Kanagaraj came under the wheels, resulting in his instant death, police said.

The vehicle has been seized by the police.

Chief Minister Jayalalithaa said the accused, Suresh, who is the son of a local DMDK Councilor, first pushed the Head Constable Kanagaraj down and then ran the tractor over him.

She has announced a relief of Rs. 10 lakh and has ordered the police to take strict action against those responsible.
For NDTV Updates,
Follow NDTV on Pinterest
Story First Published: 

Wednesday, July 16, 2014

ජෝතිපාලගේ සින්දු අසා සරත්චන්ද්‍රට පහර දුන් අයට යටවීම හා දෙරන හීන තරුව එම් ජී




Image result for image of a ball of twine
ඒ ආණ්ඩුව බලයට ගෙන එන වේදිකාවේ ගී ගැයූ කීප දෙනෙක් හිටියා. ඒ අතර රුක්මනි දේවී, ජෝතිපාල හා අමරදේව( අමරදේවගේ නම සඳහන් වීම වැරදි මතකය නිසා වූ බලවත් වැරද්දක්-  සමාව අයදිමි)  මට මතකයි. තව ලොකු නලු නිළියොත් සිටියා. 1977ත් අප රටේ විපල්වීය වෙනසක් කල වසරක්.

ප්‍රබුද්ධ යයි තමන් සිතූ ශ්‍රී ල නි ප මුග්ද රාජ්‍යපාලනයේ අවසානයකට ගෙන ආවේ රටම ගිණිබත් කරවමිනි.
 වාමාංශික පක්ශ පුද්ගලික එදිරිවාදිකම් වලට මුවා වී එයට පාර කැපූහ.  ප්‍රායෝගික වාමාංශිකයින්වන ජෝතිපාල, අමරදේව ආදීන් ජනතාවගේ දිශානතිය තේරුම් ගත්හ. ශ්‍රීලනිපයට ලැබුනේ ආසන 8කි. ආසන 16ක් ලද ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රධාන  විරුද්ධපක්ශය විය. මෙයට විසඳුමක් ලෙස ජේ ආර්ට මහ ජාතිය වෙනුවෙන් වත්මන් සමානුපාතික ක්‍රමය ගෙන එන්නට සිදුවිය. රටේ ආරක්ශාව වෙනුවෙන් ජනපති ක්‍රමය ගෙන එන්නට සිදුවිය. දැන් තිබෙන්නේ පවුලක ආරක්ශාව වෙනුවෙන් ගෙන ආ 18 සංශෝධනයෙන් විකාර වූ ක්‍රමයකි. දැන් ජනපති ක්‍රමය තුවාලයක් වී තිබේ. දැන් නම වෙනස් විය යුතුමය.

රාජිතගෙ වචන සැට් එක පොඩ්ඩක් වෙනස් කරල ගත්තොත් වත්මන් පාලනය මෙසේ කැටි කල හැකිය.

තුන් සරණෙට සෙට් උනොත් බුදු සරණය
අන් අයට ඉතින් අබසරණය

ධර්මිෂ්ඨ සාධාරණ සමාජයක් ඇති කරනවා යයි පොරොන්දු වී බලයට පැමිණි ජේ ආර්ට විරුද්ධව නැගී සිටි මහචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍රට පහරදුන්නේ ජෝතිගේ ගී ඇසූ සපෝර්ටර්ලා විසිනි. 83ටත් ඔවුන් වගකිව යුතුය. (සතුරා බලවත් දැන දැනම තමන් සතු ආයුධ සියලෙන්ම දමාගැසූ 80 වර්ජනයද එයට වගකිව යුතුය.) ඊට පසු ප්‍රේමදාස සමයේ උදාගම්වලට ගී ගයමින් ඉන්නා අතර තුරදී ලෙඩවී අප අතරින් වියෝ වූ ජෝතිගේ මලගමට පැමිණි ජනකාය දුටු  අවස්තාවාදීන්ද සිය දේශපාලනය වෙනස් කලහ. (මල එකාටවත් ඉන්නට නොදී මිනිවල ලඟ ලගින්නේත් ඒ නිසාය.) ජෝතිපාලට පලමුව සින්දු හදා දුන්නේ ප්‍රබුද්ධ සුනිල් ශාන්තලාය. සිංහල ගීයට පිට කොන්දක් දුන්නේ එවැනි යුග පුරුෂයින් විසිනි. සිංහල නාට්‍යයට සාහිත්‍යයට පිට කොන්දක් දුන්නේ මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර වැනි ප්‍රබුද්ධයන් විසිනි.  ඒ වැනි මිනිසුන් තමන්ව ප්‍රබුද්ධයින් ලෙස හඳුන්වාගත්තාදැයි මා අසා නැත. සුනිල් ශාන්ත ගුවන් විදුලීන් අස්වී කරවල විකුණමින් අදීනව ජීවත් වූ බව අප අසා ඇත. වාසියට කත් අදින්නට ගියේ නැත. අනේ මං ජනතාව වෙනුවෙන් මෙච්චර සිංදු කියල තියෙනව මට ඉන්න හිටින්න තැනක් නෑ කිය කිය අඬ අඬා ගිය ගායකයිනුත් මේ රටේ හිටියා.

දැන් අමුතුම ප්‍රවාදයක් මතුවෙමින් එයි. ප්‍රබුද්ධ අජීර්ණ ප්‍රවාදය.
ජනතාවට ප්‍රබුද්ධකම උගන්වන්න ගොස් ජනතාවගෙන් පහර කා,  ඔවුනගේ ජීවිතය අමාරුව උගෙන ගැනීම නම් හොඳයි. ඒත් රටේ ප්‍රබුද්ධ මතවාදයකැයි යමක් තිබේ. ප්‍රබුද්ධයෝ පීචං වෙන්නට ගියේ නැත. ආණ්ඩුවෙන් ගෙවල් හදාදෙනකම් බලාසිටියේ නැත. ජෝතිපාලගේ ජනප්‍රියතාවය පිටුපස ඒ බලයත් තිබේ. එය හඳුනානොගෙන සරත්චන්ද්‍රට පහර දුන් බලවේගයට යටවීම නම් වෙන්නේ කමින් කලර්ස් නෝ ගුඩ්

මා විශ්වාස කරන දෙය නම් වාමාංශිකයින් මේ රටේ හැම ආණ්ඩුවකම එල්ලී සිටිමින් සිය ඓතිහාසික ප්‍රබුද්ධ කටයුත්ත අඟලින් අඟල අත්නෑර කළ යුතුය. භාශා ප්‍රශ්නයට විසඳුම් ගෙන එමින්, ජාතීන් අතර සංහිදියාවට කටයුතු කල යුතුය.
නැත්නම් ජෝතිපාලගේ බෝඩ් එක උඩින් ගහගෙන යටින් ජාතීන් අතර ගින්දර අවුලවනු ඇත.

ජෝති පොදු ජනතාවගේ නොමද ගෞරවයට පාත්‍රවූ ගායකයෙකි.

මේ ලඟදී දෙරණ තරඟ දිනූ එම් ජේ වත්,   ඔබ එම් එස් ගේ ගීත කියූ බැවින් ජනතාවගේ කලාකරුවෙකි, ඒ නිසා පෙරමුනගන්නයි ගොනාට අන්දා මුස්ලිමුන්ට පහර දෙන පෙරහරේ ඉදිරියෙන් ගෙන යනු ඇත.

ඒ අතින් බලන විට නීතිය අතට ගෙන ඇති මේ ආණ්ඩුව මෙසේ පවතින්නේ හෙළ මඟ සලකුණු කළ විරුවන් වූ අමරදේවලා වයසට ගොස් සරත්චන්ද්‍රලා, විජේ හා ජෝති වැනි ප්‍රබුද්ධයින් හා ජනතාවගේ කලාකරුවන් නැතිවීම නිසාද කියල හිතෙනව.


ඊටත් එහා ගිය යමක් තිබෙන බව දැන් දැන් පොඩි අපිටත් තේරුම් යයි.

පොඩියක් හිතන්න මේවා ගැන.........

ඥාණසාර හිමි මහනුවර දියවඩන නිලමෙට බැණ අඬ ගැසීම
මහවිහාරයේ ඉල්ලීම නොතකා මහනුවර රේස් තැබීම
හෙළ සංස්කෘතියක් හා සිංහල බෞද්ධ සංස්කෘතිය අතර වෙනසක් නිර්මාණය කිරීම
එහි පෙරමුණ ගෙන සිටින මහඇදුරුතුමන්ට විශ්වවිද්‍යාල කොමිසමේ තනතුරක් ලැබීම
රනිල් මහවිහාරයට විරුද්ධ වෛතුල්‍ය වාදියා කවුද ප්‍රශ්නය නැගීම
මේ වෙනස වහාම සිරස මාධ්‍යය ජාලයට සංවේදී වී වහ කදුරුව සිටි රනිල්ව සාකච්ඡාවකට කැඳවීම.



Saturday, July 12, 2014

කතන්දර බ්ලොගය හා ප්‍රතිශත




ලංකාවේ ඩෙංගු සෑදී ලෙඩ වන හා මියයන සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ගතහොත් එය ගනන් ගත යුතු ගානක් නොවේ, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සුලු ගණනක් පමණි

83 සිට වාර්ගික යුද්ධයෙන් මල සංඛ්‍යාව 60000කි, ලංකාවේ ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස  සුලු ගණනකි. තව යුද්ධ දෙකක් වුවත් ඇති වූවාට කම් නැත.

කතන්දර,  බ්ලොග් ලිවීමෙන් ඉවත්වීම ගණන් ගත යුත්තක් නොවේ. බ්ලොග්කරුවන්ගේ සංඛ්‍යාව හා සසඳන කල අති කුඩා ප්‍රතිශතයකි.

ලංකාවේ භික්ශූන් සංඛ්‍යාව සලකා බැලූ කල ජාතිවාදී කුමන්ත්‍රණ වලට යොමු වූ සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ඉතාම සුලු ගණනකි.

සී ශෙල්ස් හරහා ස්විස් බැන්කුවලට යන මුදල ජාතික ආදායමෙන් සුලු ගනනකි. ලඟදී ස්විස් බැන්කු වලට ගොස් ඇති ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 3000ක් යනු ප්‍රතිශතයක් ලෙස සුලුගනනකි.

කෙනෙකුගේ බිරිඳ සිය සැමියා සමග ජීවිත කාලයක් නිදාගන්න එකේ බලෙන් එකෙක් දෙන්නෙක් ඇයගේ ඇඟ උඩ නැග්ගාට මොකද?  ප්‍රතිශතයක් ලෙස සුලු ගණනකි.

ලංකාවේ ජාතික ආදායමෙන් 25%ක් ගත් ණයවලට පොළිය වශයෙන් ගෙවනු ලැබේ. සුලු ගණනකි. තව ණය ගත හැකිය. තව ගෘහ සේවයට යවන්නේ නම් තව තව ණය ගත හැකිය. ණය දෙන උන් හොඳින් දනිති. පොල්ලෙන් ගසා කොන්ද කඩා ඇති ජාතියකට ගෑනු විකුනනවා ඇර වෙන මඟක් නැත. පොලිය ශුවර් එකට ලබා ගත හැකිය.

පොලිස් අත්ඩංගුවට වැටෙන සැක කරුවන් ගණන සලකා බැලූ කල ආයුධ පෙන්වන්න ගොස් ගඟේ ගිලෙන පැන යන්න ගොස් වෙඩි හුවමාරු කරගැනීමට ලක්ව වෙඩි කන සංඛයාව ඉතා අඩු ප්‍රතිශතයකි.

අධ්යාපනයට 6%ක්, මගෙ අම්මෝ ලොකු ගණනකි. ණය දෙන උන් කියන්නේ 2%ක් වැඩි බවකි. ජනතාව අධ්යාපනය ලබා ඉහලගියහොත් ජාත්‍යන්තර ගස්වල පොල් කඩාගන්නේ කවුරු යවලද? අපිත් ලොකු ලොකු වැඩි අගයක් ඇති භාණ්ඩ හදන්න ගත හොත් උන්ගේ නිෂ්පාදන විකුණන්නේ කාටද?

කොලොන්නාව ගම නිසා කසාද කැඩෙනවාලු හිරුනිකා කියනවා, ප්‍රතිශතයක් ලෙස කුඩා සංඛ්‍යාවකි.

පාර්ලිමේන්තුවේ ඉන්නා හොරු සංඛයාව හා ලංකාවේ ඉන්න හොරු සංඛ්‍යාව ගත් කල ඉතා කුඩා ප්‍රතිශතයකි.

මාධ්ය ප්‍රකාශකගේ ප්‍රකාශ අතරින් සත්‍ය ඒවා ප්‍රතිශතය?


Thursday, July 10, 2014

ප්‍රභාකරන් තම්බි කෙනෙක්


2014 ජූනිය, 83 මල ජූලිය ගැන සොයන්න, ජාතීන් අතර කුඩා සිදුවීමක් වුවත් මහ විනාශයක් වෙන්නට ඉඩ තිබෙන ඉව තියෙන, උනන්දුවක් ඇති අපව යොමු කරනව. ලංකාවේත් ලෝකයේත් දරුණුම ත්‍රස්තවාදී ගරිල්ලාවාදී කණ්ඩායමක් උපත ලැබුවේ අන්න ඒ අඳුරු මූසල දවසේ . 83න් පසුව සිදු වූ ජීවිත හානි, දේපල හානි ගැන අපි දන්නව, ඇත්තටම තරුණ කවුරු හරි ඇහව්වොත් මොනවද අන්කල් උනේ කියල දැන් ඒවා අමතකත් වෙලා. 
ඇත්තට මොනවද උනේ. මොනවද නූනේ???

දෙයියනේ චිරාත් කාලයක් එකට ජීවත් වූ ජාතීන් දෙකක් විරසක වීම මදිද?

1983 ජූලි 22,  ශ්‍රී ලංකාවේ හමුදාවේ සොල්දාදුවන් 13ක් සුහුඹුල් එල් ටී ටිය විසින් යාපනේදී මරා දැමුණු දිනේ සිට 2009 නන්දිකඩාල් කලපුව තෙක් සිදු වූ දේ  එහෙන් මෙහෙන් මතක් කරනව නම්..
1.
2. අරන්තලාව

3. කටුනායක ගුවන් තොටුපල, මහ බැංකුව, දෙහිවල දුම් රිය බෝම්බ
4. පිටකොටුව බෝම්බය
5. ප්‍රෙම්දස් ජනපති ඝාතනය
6. ශ්‍රී මහ බෝධියට, දළදා මාලිගාවට පහර දීම්
7.
.........


ඉතින් මේ වගේ මරුමුස්, මුරුග විනාශ කාරී වැඩ නිසා ප්‍රභාකරන් කොයි වගේ පුද්ගලයෙක්ද කියන එක කාගේත් හිතේ තිබුන ප්‍රශ්නයක්. වැඩිපුර දෙනා කලේ සාප කරපු එක.
ඉහත වීඩියෝවේ න්‍යායචාර්‍ය තුමා බාලසිංහ තමයි ප්‍රභාකරන්ගෙ  දකුණු පසින්, වම් පසින් මේ රජයේ ඇමති කෙනෙක් වන කර්ණා අම්මාන්. යුද්ධයේ නිමාවට පෙර බාලසිංහම් එලෝ ගියා අසනීප තත්වයන් නිසා. කර්ණා අම්මාන් අනෙක් පැත්තට සේන්දු උනා.

ලැබුනු අවස්තා මග හැර ගොසින් හෙළ දමිළ සියලුම අය මරාගත්තා,.. මරාගත්තා.
යුද්ධය එපයි සාමය ඕනයි කියල කොළඹ ගිය සාම පෙළපාලිය රැස්වීම කඩා කප්පල් පිරිසේ නායකය අද බොදු බලය අටවා ගත් ඥාණසාර හිමිය.
යුද්ධ නිමවීමෙන් පසුව නෝර්වේ ගොස් ''හොඳ ඩයස්පෝරාව'' හමු වී ඇත්තේ ඊට පසු කාලෙකය. ඥාණසිරි හිමිගෙ හොඳ ඩයස්පෝරාව සමග එතුමා පෑහුනේ මක් නිසාද කියල ලොකු ප්‍රශ්නයක්.
ඔය විදියට බැලුවම හොඳ ඩයස්පෝරාව යුද්ධය වෙනුවෙන් පෙනී සිටි අය වෙන්න ඕනෑය,   මන්ද ඒ සාදුත් පෙනී සිටියෙ යුද්ධය වෙනුවෙන් බැවිනි. අනෙක් පැත්තට බැලුවහම යුද්ධය වෙනුවෙන් පෙනී සිටි ඩයස්පෝරාව හොඳ වෙන්නේ කොහොමද කියලත් හිතෙනව.

කෙසේ හෝ යුද්ධය නිමාවී දැන් වසර පහක් ගතවී තිබේ.
ඉහත වීඩියෝවට පෙනී සිට අවුරුදු 12ක් ගත වී තිබේ.
මට එය බැලූ විට නිකං හිතුනේ ප්‍රභාකරන් අනේ කොච්චර අහිංසක නිවුනු කඩ හඬක් තිබෙන කෙනෙක්ද කියල. බාලසිංහම් මහත්තයගෙ චූටි මල්ලි, නැත්නම් දෙමළෙන් කියනවනම් තම්බි කෙනෙක් වගේනෙ කියල මට හිතුනෙ. තම්බි සංග්‍රාමයේ දක්ශයෙක් වෙන්න ඇති. ඒත් අංකූර් වෙච්ච, තැම්බිච්ච, පදම්වෙච්ච  දේශපාලකයො එක්ක ගේම ගහන එක බොහෝම අමාරුයි.. ඕන රෙද්දක් කරල ව්‍යවස්තාව, නීති පොත, කබර ගොයා තලගොයා කරල,  කරකෝල ගන්නව තමන්ගෙ වාසියට.  වටරැක හාමුදුරුවො බොරු කියල නිසා රිමාන්ඩ් කලා. එතුමාට ප්‍රසිද්ධියේ අපහාස කල සාදු වරදක් කර නැත. නීති පොත් වර්ග කීපයක් තියෙනවා වෙන්න ඇති, මහිතේ. කර්ණා අම්මාන් ඒ අතින් හොඳ මීටරේ, ප්‍රභාට සාපේක්ශව කර්ණා කතාවේ දක්ශයෙකි. අනුන්ගෙ ඇඟ උඩ කුණු ගොඩ තියල මේ පැත්තට සෙත්තපෝච්චි. කළ වැඩේ හරිය වැරද්ද බලල දැන් ඇති වැඩේ මොකක්ද?

Tuesday, July 1, 2014

නිවාස ඇමති සුදු හුණු පිට රට අරින්න වගේ? අනේ සාදු!

දැන් නිවාස ගොඩනැගිල ඇමති සුදු හුණු කර්මාන්ත ශාලාවක් ආරම්භ කරල, චීනෙට සුදු හුණු ටිකක් හරි යවල අපේ රටට විදේශ විනිමය ටිකක් කොහොම හරි ගෙන්න ගන්න එපායෑ. (විදේශ ආදායමෙන් 25%ක් පොලිය ගෙවන්න සිදුවෙල තිබෙනව, යුද්ධයක් නැතුවත්.) එහි සාම්පල්  එක් එක්නාගෙ ඇඟවල්වලවල ගාල බලන එක තමයි මේ දවස්වල කරන්නෙ. කුරුම්බ තැඹිලි යවන්න ප්‍රථම තමන්ගෙ අමාත්‍යාංශයේ විෂය පථයට වැටෙන එකක්ම තෝර ගත්ත එක ගැලපෙනව.
නෝනව සී ශෙල්ස් යැව්වෙත් එහි මූදු සිප්පි කටු ලාබෙට ගන්න පුලුවන් වේවිද බලන්න වෙන්න ඇති. අපේ හිරිගල් ඔක්කොම දැන් ඉවරනේ. හික්කඩුවෙ  බලන්න මොන ගල්මලක් වත් නෑ දැන්.

අනේ ඉතින් ඒ හුණු ගානකොට පරිස්සම් වෙන්න ඕන, විශේෂයෙන් මුහුණෙ මන්ද, භාෂ්මික නිසා, තුවාල වෙන්න ඉඩ තියෙනව. අනේ සාදුත් සුදු හුණු ගාන්න හැදුව, මහිතන්නෙ එයැයිගෙ ඒවා එපා කියන්න ඇති.

මාර මීටරේ අප්ප. වැඩක් නෑ කියල. මේ පාරත් ගොඩ දාගන්න මාර තියරි එකක් සෙට්.
පී බියට දුන්න ඝාතනය වෙන්නම. කල යුත්තේ කුමක්ද? ලෙනින්ගේ තියරි මොනවද? මේවනේ තියරි.

පොඩි කලබලයක් අවුලවමු.
මුස්ලිම් වරු තලේබාන් වලට සම්බන්ද කරමු. අර ජිහාඩ් මේ නවුශාඩ් ආදී කල්ලි වලට සම්බන්ධ යයි මාධ්ය පාරක් දෙමු. ඉන්පසුව ඒවා යූ එන් පියට හා වාමාංශික පක්ශ හා සම්බන්ධ කරමු. ගේම සෙට්, මාර මීටරේ අප්පා.
කොයි ආගමේ තලේබාන් කාරයොත් අපිට එපා.
නානා සාරව ටෙලිනාට්‍යයෙන් ඉවත් කරමු.
කොයි රටටද?
ඇමරිකාවට.
දැන් ටිකක් පරක්කු වැඩියි.
හුටා එහෙනම් වෙන රටක් බලහං අයියෙ!

දැන් අනේ සාදු නෝ NoවේWay ටු නොර්වේ, එහෙ දැන් හිඟමන් තහනම්ලු!
හැමෝම දැන් අත පිහිදගන්න බලනව. අපි නෑ ඔය බොදු බලයත් එක්ක කියල. අනේ සාදු!
 අනෙක මේ බෝඩ් එකේම චෙස් අදින අනෙක් පාර්ශවයත් ඉන්නවනේ.
(බලන්න රනිල් සමග සිරසේ කිංග්ස්ලි කල සංවාදය
https://www.youtube.com/watch?v=MXEJ3j-IaF4)

පොදු අපේක්ශක සාදු, ජනරාල් මේ දිනවල අලුත්ගම පැත්ත සම්බන්ධව මවුන(?) වෘතය රකිනව වගේ!

 කොහේ හරි යවන්න ඉස්සෙල්ල අනේ සාදුගෙ මූණෙත් සුදු හුණු ටිකක්වත් අතුල්ල යවන්න. බලන්නකෝ අර වටරැකයද මොකාද කියන එකා මේ අහිංසකය පිට වරද පටවන්නනෙ හැදුවේ. 18මාසෙකට යවන්න ඕනේ හරක් හොරාව. වීලීක්ස් නැමති වීඑෆ් එම් නාලිකාවට අනුව වටරැකයා එක එක වෙලාවට එක එක දේ කියයි.
මුස්ලිම් ජනයා ඉදිරියේ මුස්ලිම්වරුන් වෙනුවෙන් කතාකරති.
මහියංගනය නගර සභාව තුලදී මහියංගනය රජ මහ විහාරය ලඟ ඉදිවන මුස්ලිම පල්ලියකට විරුද්ධ වෙති. මේ දෙබිඩි පිළිවෙත නිසා මුන්වහන්සේ ගේ සිවුරු ගැලවිය යුතුය.( මට හිතුනේ දැන් හැම තැනම ගංජා නීතිගත කරලද කියල.)
වී එෆ් එම් නිවේදකයා කතා කරනවා අහන්න පිරියයි.
ඔබත් අහල බලන්න සත්‍යයේ හඬ Vඑෆ් එම්.

අනේ සාදු කියනව එයාව අත් අඩංගුවට ගන්නලු.
'තව ටිකක් ඉන්න සාදු ඔබ වහන්සේගෙන් තව වැඩ ටිකක් ගන්න තියෙනවා.
ඌවත් තවම ඉවර නෑ. කරපු වැඩේ පොරතිපල බලලම ඉමු.'

--------------------------------

ඤාණසාර හිමි අලූත්ගමදී ප‍්‍රකෝපකාරී ප‍්‍රකාශ කළ බවක් හෙළි වී නෑ
පසුගියදා අලූත්ගම පැවති රැස්වීමේදී බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනතාව ප‍්‍රකෝප වන ආකාරයේ ප‍්‍රකාශයක් කර ඇත්තේ යයි මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ උන් වහන්සේ විසින් කරන ලදැයි කියන ප‍්‍රකාශයක් ගැන අධ්‍යයනය කර ගෙන යන බවත් ඒ ප‍්‍රකාශයෙන් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු කිරීමට කිසි යම් අනුබලයක් ලැබුණේද යන්න සොයා බැලීම ඒ අධ්‍යයනයේ අරමුණ බවත්ය.
ඥානසාර හිමියන්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යතාවක් මතු වී නැතැයි ද ඔහු කිය.