Followers

Thursday, October 30, 2014

යන්තම් ඇති ...ආණ්ඩුව ...අටට බහින එකක් නෑ

හොරු අඩු පින්තූරයක්...
හරින්ගේ ඇඳුමෙ නිලුත් තිබේ.. ඒ මක්කද??
සැලුන්දොර කොහෙදෝ?
----------------------




මහින්ද  කල් ඉකුත් වෙන්න කලින්ම ජනපති තනතුරට තුන් වෙනි වරටත්  ඉල්ලුම් පත්තරේ දාල.
රටට සේවෙ කරන්න කොතරම් තදියමක් අපේ නායකයයිනට තියේද;
සිය ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් ගිලිහෙන බව දැනී ඇත්ද
 කියල මේකෙන් පේනව.

ජනවාරියෙ ඒ යයි කියන ජනපතිවරණෙ හේතුවෙන්
සමසමාජෙ දෙකට බෙදිලලු. 
කොටසක් මහින්දට- කොටසක් ස්වාධීන
ඒකත් හොඳ ගැලවිජ්ජාව.
අනේ හොඳයි.
18ට අත ඉස්සුව එකේ ලජ්ජාවක් තියෙන අය සමසමාජෙ තවම ඉන්නව.!

වාසු කියන්නෙ යූ එන් පියට විරුද්ධ අපේක්ශකයාට එයා සපෝර්ට් කරනවාලු
හෙල කරුමෙත් හෙල්ලිලා
රාවණා සී සී කඩ
විමල් එලියට පනින්න වගේ ගිහිල්ල ආයිත් ඇතුලට
ඥාණසාර හිමිගෙ තාලෙ විපරීත අමුතු වෙමින් යනවා

නව සමසමාජෙත් දෙකට කැඩිලලු.
විමල්ගෙ නිවුස් වෙබ් එකයි එහෙම කියන්නෙ.
මාධ්‍යයවලින් බාහුව උඩ දානකොට මට හිතුන
ලොකු ගිණි ගෙඩියක් දෙන්න තමයි යන්නෙ කියල.

"බාහු- රනිල්ට; දේශපාලන මණ්ඩලය- වමේ පොදු අපේක්ශකයට''
එහෙම තමයි ඉන්න ඕන....
පවුල බෙරගන්න ඕන නම් අම්ම ස්‍රී ලන්කා තාත්ත යූ එන් පී පුතා ජේ වී පී දුව - කොමිනිස්, ආච්චි හෙළ උරුමය වගේ.

රටේ ව්‍යවස්තාව, අම්මට ඕන විදියටයි, තාත්තට ඕන විදියටයි කියා දෙන ළමා කතාවක් බවට පත් කර ඇති මේ වෙලාවේ දේශපාලනේ ප්‍රධාන මාතෘකාවෙන් පීලි නොපැන යායුතුයි. වමේ පොදු අපේක්ශක කතාව දකුණු කකුලෙ ලෙඩේට වම් කකුලට බේත් බඳිනව වගේ වැඩක්.
මොනව කලත් ඒ අය -නසසප-  ආණ්ඩුවලට එකතු වෙනවද නැද්ද කියන එකයි ප්‍රධාන.
ඇමරිකාවේ ඔබාමගෙ පක්ශෙ තරම්වත් ලංකාවේ එකම පක්ශයක් වාමාංශික නැති එකේ....?

1984 පෑලියගොඩ නගර සභාවේ තිබුනු නසසප මහ පක්ෂ සමේලනයේදී ප්‍රධානම මාතෘකාව වී තිබුනේ එකල බිහිවූ විජේගේ මහජන පක්ශයේ පංති පදනම් හා එක්සත් පෙරමුනු උපායයි. එහිදී සිරිතුංග ජයසූරිය හා පිරිස කැඩී වෙන් වෙනව. මහිතනව එහිදී එක්සත් පෙරමුණු උපාය වෙනුවෙන් පෙනී සිටි වාසු ඉතා ඉහලින්ම ඒ උපාය ක්‍රියාවට දාල තියෙනව. මුස්ලිම් සහෝදරවරු යූ එන් පිය හා එක් වී ඒ ක්‍රියා කරගෙන යනව. නසසපයේ දේශපාලන මණ්ඩලය ශක්තිමත්ද ඒ අය සිය නැවත  සිය මේසය වටේට ඉඳුවා සමාලෝචනයක් ගැනීමට. ඒ අත්දැකීම් පක්ශයේ දියුණුවට යොදාගැනීමට
මිය ගිය මරාදැමූ සිය දිවිනසාගත් සාමාජික හා ඒ පවුල්වල අය වෙනුවෙන් සිය එක්සත්බව පෙන්වීමට

ලංකාවේ ආණ්ඩු බලය ගැන කතාකරනව නම්
ප්‍රශ්නෙ තියෙන්නෙ යූ එන්පිය බලය ගන්න ලෑස්තිද කියන කාරනාව මතයි කියල මට හිතෙන්නෙ.
සුද්දවලට කැමති අය ලව්ව සුද්ද කිරීමේ කටයුතු කොලාට පස්සෙ සුද්ද වගේ ඇවිත් වාඩි වෙන්නයි දැන් රනිල්ට තියෙන්නෙ

මට අවංකවම භය ආණ්ඩුව පැරදී ප්‍රතිපත්ති විරහිත යූ එන් පියට විශාල බලයක් ලැබේවිද කියලයි. ඒත් 77 සිදු වූ වම ආණ්ඩුවෙන් සහමුලින්ම ගැලවී එලියට යෑමක් මෙවර සිදුවන්නේ නැති නිසා ඒ ගැන භයවන්න කාරණා නැත. සමසමාජ ඇට්ටර සෙට් එක ආණ්ඩුවට සපෝර්ට්. 
වාසු සපෝර්ට්. 
ඩියු සපෝර්ට්.
 විමල් සපොර්ට්. 
අන්තිමට රතනත් කැරකිල එයි එතනට.

ඒ නිසා අටටම බහින එකක් නෑ.

යුද්ධය වෙනුවෙන්

සෝමෙ ඇරඹූ
රතන ඉදිරිය ගෙන ගිය
නානේ ඇනූ
මඩකලපුවෙ තෙර
වලට දැමූ
සිවුර විකිණීමේ ව්‍යාපාරය අතරමං

කෙසේ වෙතත් මේ අවසාන අවධියයි.
ජාතික ඇඳුමයි කියන,
 සාමාන්‍ය ගමේ මිනිසා විශ්වාස කරන
ජාතික ඇඳුම ඇඳ ජාත්‍යන්තරයට ගියාට, 
මාතර කතරගම දුම්රිය  මග දානවාට,
පොදු ගොඩනැගිලි වටා තාප්ප කටු කම්බි වැටවල් කඩා විවෘත කලාට
සිවුර විකිණීමේ ව්‍යාපාරය එළිදරව් කලාට
ජාතික ප්‍රේමය දේශීය අනන්‍යතාව දේශප්‍රේමය විකිණීම එළිදරව් කලාට
ලොකු ලොකු කයිවාරුකාරයින් මුදලට කුක්කන් කල හැකි බව ඔප්පු කලාට
සිංහල ජනපදනම තුල දේශප්‍රේමී ඡන්ද ස්වල්පයකට හිමිකම් කියන ජවිපෙය රට කාට ගියත් එය නැතිකරගන්නට සූදානම් නැතැයි පෙන්නා දුන්නාට

හා අවසාන වශයෙන්

හොඳින් හෝ නරකින් යුද්ධය ඉවර කලාට තුති.

ඔබගේ අය වැය කවිය ඔබ තුල ජීවත්වන අතීත කාමියාගේ අවංක හද ගැස්මේ ප්‍රකාශනයයි.

දැන් ඉතින් හරීන්, හර්ෂ, අනුර කුමාර, සමන්තලා, සජිත්, යෝශිතලාගේ කාලයයි.
එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.



Saturday, October 18, 2014

1978න් පසුව ඉපදුන අයට ඔය ශිෂ්ඨත්වය කියන්නෙ මොකද්ද?

වික්ටර් අයිවන් ලියල තිබුන ලංකාවේ තිබුනු ශිෂ්ඨ සමාජය 1978න් පසුව විනාශ උනා කියල. ශිෂ්ඨ සමාජය නැවත ගොඩ නගන්න ඕනෙ කියල. වික්ටර් විසින් මතුකරන ලද කාරණාව වැදගත්. ඒත් මේ ශිෂ්ඨත්වය අර්ථදැක්විය යුතුය.



1978න් පසුව ඉපදුන අයට ඔය ශිෂ්ඨත්වය කියන්නෙ මොකද්ද?



උදේ සිට රෑ එලිවනතුරු පන්සලේ ලවුඩ්ස්පීකරේ දැම්මාට කමක් නැත.

වැරද්දකට රජයේ සේවකයෙක් ගහක බැන්දාට කමක් නැත.

ආයුධ පෙන්වන්න ගොස් වෙඩි කන සැක කරුවන් වෙඩි කෑම වෙන්නම් ඕන දෙයක්.

හොර ඡන්ද දැමීම සාමාන්‍ය දෙයක් එය දිනන්න නම් කල යුතු දෙයක්. එහි වරදක් නැත.

Image result for images of political killings in sri lanka 1988

ඒ පස්සෙට වැඩ කලා නම් අනිවාර්‍යෙන්ම ආණ්ඩුවේ රස්සාවකට හිමිකම් කියයි.

බොරු කීම- බොරු ඡන්ද පොරොන්දු- ඇත්ත කීවොත් මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නැති නිසා බොරු කීම වරදක් නොවේ

ස්ත්‍රී දූෂණය- මාවින් මහත්තය කීවෙත් ගෑණු ළමයින්ගෙ වරද නිසා තමයි මේ දේවල් වෙන්නෙ. 

වාරියපොල නංගිගෙ පස්සෙන් ආපු සෙල්වත් කීවේ ඒක.

මරක්කලයින්ගෙ පැත්ත ගන්න එවුන්ගෙත් සුන්නත් කරන්න ඕනෙ
Image result for images of political killings in sri lanka 1988

සියලුම මරක්කලයෝ
 ජිහාඩ්, තලේබාන් කාරයෝය.

සියලුම දෙමෙල්ලු කොටිය.

දොස්තරවරුන් පුද්ගලික සායන පැවත්විය යුතුමය.

පගා ගන්නේ නැතිව ජීවත් වෙන්නේ කෝමද

පස්ස පවු ල ට එරෙහි වන්නෝ රටට විරුද්ධවන්නෝය. මුන් දේශද්‍රොහියෝය. මරණය ඇර වෙන දඬුවමක් මුන්ට නුසුදුසුය.

මිනිමැරීමට වඩා හරක් එලුවන් කුකුලන් මැරීම පව්ය.


වරප්‍රසාදයක් ලෙස ලැබෙන බදු සහන ලැබෙන වාහන විකිණීම කමක් නැත.

මැදපෙරදිග ගොස් කුස්සිවල වාල් සේවයට යන්නට වෙන්නේ ඉහත ආත්මයේ කල පව් නිසාය. ඔය යන ගෑනුන්ගේ ඔලුවලට ඇණ වදින්නේ උන් කල පව් නිසාය.

තාත්තා පාර්ලිමේන්තුවේ නම් පුතාට පලාත් සභාව අනිවාර්‍යයෙන්ම අයිතිය.

ලොක්කන්ගේ දරුවන් ඔය පොඩ්ඩක් විභාගය එහාට මෙහාට කරලා නීති විභාගය සමත් උනාට මොකද?

ඇමතිවරුන් මහ ඇමතිවරුන් රූපවාහිනි වේදිකාවලදී ගහගන්න එක වෙන්න ඕනම දෙයකි.

Image result for images of political killings in sri lanka 1988

බාර් ලයිසන් ලැබෙන්න ඕනා පලාතේ මන්ත්‍රීට හා පවුලේ අයටය.

ගුරුවරු පාසලට වඩා පුද්ගලික පන්තියෙදී හොඳට ඉගැන්වීමේ වරදක් නැත.

පොලිසියේදී සැකකරුවන්ට වදදීම කෙරෙන්නම ඕන දෙයකි

ළමෙක් හොඳ ඉස්කෝලෙකට දාගන්න නම් ළමයා කුඩා කල බොරු කිය යුතුමය. එය පවක් නොවේ. බලධාරීනට පගාදීම කල යුතු දෙයක්මය.


මෙය කියවූ ඔබට කියන්නට තව බොහෝ දේ ඇති කරුණාකර එකතුකිරීම් කරන්න.
http://en.wikipedia.org/wiki/List_of_assassinations_of_the_Sri_Lankan_Civil_War

Tuesday, October 7, 2014

චරත භික්ඛවේ සුගතදාස ඉස්ටේඩියම්




New York Times cartoon
ඉන්දියාව අඟහරු වෙතට යනව, අපි කොහෙද යන්නෙ

ලංකාවේ ඡන්ද දායකයො ලක්ශ 100කට වැඩි ඇති දැන්.  ඡන්ද කියන්නෙ නියම සූත්තරේට වැඩ කළයුතු අවස්තා. පසුගියදා අවසන් උන ඌවේ ඡන්දෙදි මොණරගලට ආසන තුනක් කලින්ම ඈඳගෙන දීපු ගේම නියම කපටි සූත්තර වැඩක්. එකයි දශම ගාණෙන් තමයි ගොඩ ගිය බව පෙන්නුවෙ. (ලැබුනු මුලු ඡන්ද ප්‍රතිශතය 51.5% වගේ ගණනක්.)
හැබැයි නෝනිස්ට ගහපු සිද්දිය ආදී දේවල් ගැන බැලුවහම ඇත්තොන්ට ඊට වැඩියෙ ප්‍රතිශතය නංවගන්න ඕන තරම් ඉඩ කඩ තිබුන. නූතන ලංකාවේ තත්වය කොතරම් වෙනස්දැයි අපට මෙයින් ඉඟියක් ලැබේ.
(ලංකාව වෙනුවෙන් කළ අමිල සේවය අමතක කරන්නට ගතවෙන්නෙ නිමේශයකි.
අද වීරයෝ හෙට එලිවන විට ද්‍රෝහියෝ)

ඒකත් දැකල මේ කතාත් අහල...

පසු ගිය දවස්වල රාජ්‍ය නිලධාරීන්, දේශපාලකයින්, සමහර ස්වාමීන් වහන්සේලා තමන්ට දිනාගත හැකි ඇති ඡන්ද පදනම් ගැන කතා කරනු ඇසුනා.

රාජ්‍ය නිලධාරියා- 
හමුදාවේ සොල්දාදුවන් නිලධාරීන් ඇතුලු සැමගේ පවුල්වල අය එකතු කර ගත හොත් ලක්ශ දහයක් ඡන්ද තිබෙනවාලු

හෙළ උරුමයේ දේශපාලකයා-
 විදේශ රැකියා නියුතු සංඛ්යාව ලක්ශ විස්සක් පමණ වෙනවා. හැම පවුලකින්ම අඩුම තරමින් එක් අයෙකු එකතු කරගන්නට පුලුවන් නම් ලක්ශ විස්සක් ඡන්ද තිබෙනවා

ස්වාමීන් වහන්සේ වදාරනව
ලංකාවේ ගම් 25000ක් තිබෙනවා පන්සල් දොලොස් දහසක් තිබෙනවා. අපිට කෝටි භාගයක් ඡන්ද ලැබෙන්නේ ඒ විදියට, ස්වාමීන් වහන්සේ වදාරනව.

මාවින් තුමාත් 
ඡන්දෙ ඉල්ලන්න එනව, එතකොට එයාට ලැබෙන්නෙ මොන කොටසින්ද?
හැම නිවෙසකම අන් මස් කන හෝ නොකන හරක් මස් නොකන කෙනෙක් සිටී නම්
හැම මිනිහෙක් තුල මල මෝඩ මූසලයෙක් සිටී නම් ඒ ඡන්ද එතුමාට ලැබේ.
එතනත් සෑහෙන කොටසක් ඉන්නව.

බැලුවහම මහින්දට රනිල්ට හෝ අනුර කුමාරට, කියා එහෙම චන්දයක් නැත.
මේ තුන් හතර දෙනා අතරේ තමයි ''බඩු'' තියෙන්නෙ.