Followers

Thursday, December 24, 2015

නත්තල් තෑගි Thanks Hon MP Hirunika Premachandhra for මඩු වලිගයට



හැමටම ශුභ නත්තල් හා ප්‍රීතිමත් නිවාඩු සමයක් වේවා!

නත්තල් උත්සවයටත් දෙයියෝ තෑග්ගක් එවල අවුරුදු 40 කට පසුව.
දිලිසෙන තාරකාවක් අතරේ පුන්සඳ.
පුරාහඳ.
පිස්සු හැදෙන සඳ.
තෑන්ක්ස් මයි ගෝඩ්. ආයි නත්තලකට හඳ;
 ඒ කිව්වේ පුරාහඳ හඳ බලන්න වෙන්නේ තව අවුරුදු තිහකට පසුවලු.
 එතකොට දැන් පත්තරවල මුල් පිටුව සරසන හෝ කන පොරවල් ගොඩක්
 ලියන මා ද -අතුලුව මයි ගෝඩ් සමග සැතපෙන්න ගොසිනි.

හිරුනිකාත් නත්තල් තෑගි දීල යහපාලනයේ විරුද්ධවාදීන්ට.
ඒ අය තෑන්ක්ස් කියල භාර අරගෙන බෙදනව ශෝක් එකට.

අනේ අපිට ඔහොම කරන්න එපා දුවේ,
නත්තලට තෑග්ගක් විදියට  මඩු වලිගයක් දුන්නනන් හොඳටෝම ඇති

Image result for image of santa claus

සිරිසේන ලොක්කත් නත්තල් සීය වගේමයි,
පරණ තරහ මරහ අමතක කරල මල්ලෙන් අරං බෙදනව,
හෝ හෝ ...ජිංගල් බෙල්.... ජිංගල් බෙල්...
මෙන්න චමල්ටත්
මෙන්න ගීතාටත්,
අනේ අපිට මඩු වලිගයක් එවන්න ජනපති තුමනි, තෑන්ක්ස්

රවී නීතියට පිටින් ලොකු වාහන බෙදනව කියන්නේ ලොකු ලොක්කන්ට
රවී අපිට මඩු වලිගයක් එවන්න  නත්තලට; තෑන්ක්ස්

නිර්මාල් රංජිත්ටත් කඩ හිමියෙක් තෑග්ගක් දීල
පාරිභෝගික අයිතිවාසිකම් ගැන කියා දෙන්න ගොහින්
බෙල්ලෙන් අල්ලල එලියට දාල
කඩ හිමියාට තෑන්ක්ස්ය

ලිප්ටන් වට රවුමේ උද්ගෝෂණ කළ ශිෂ්‍යන්ටත් මගියන් තෑගි දීල.
පාරවල් වහගෙන නයිට් රේස් යන කාලේ ඒ කස්ටියට නම් තෑගි දෙන්න හිතුවෙවත් නෑ.
මල පැන්න මගියන්ට තෑන්ක්ස්ය.

දේශපාලකයින්ට වඳින්න එපා
අප ඔබගේ කීකරු සේවකයෝය කියු මංගලටත් තෑන්ක්ස්ය

හොරු අල්ලපු අයටත් තෑන්ක්ස්ය

සෝභිත හිමියනි ඔබටත් පිරිකරක්?


Friday, December 11, 2015

රෝසිගේ රසඥතාව-ජනවාරි 8 විප්ලවයේ ෆික්ස් ඩිපොසිට් එක- Can Jan 8th Revolution be stoned to death!


දැන් දැන් පෝස්ට් අතර සෑහෙන කාලයක් ගතවෙන නිසා කවර් කරන්න පැති බොහොමයක් තිබේ. 

අයි ටීන් එන් එකේ ගිය සංහිඳට පසුව මා ප්‍රියකරන සංගීත වැඩසටහනක් තිබෙනව ජාතික රූපවාහිනියෙ ''සිහිනයකි රෑ'' කියල  රෝසි සේනානායක හා කීර්ති පැස්කුවල් සහභාගී වූ රාත්‍රියේ රෝසිගෙ ගී තේරීම මහිතනව අප බොහෝ අයව පුදුමයට පත්කරන්න ඇති. ඇත්තටම රහම රහ ගී දහයක්. හැම සිහිනයකි රෑ වැඩසටහනක්ම එකකට එකක් දෙවැනි නෑ කිව්වොත් අතිශයෝක්තියක් නොවෙයි. 

ඉතින් අපේ වර්ධනය වී ඇති සංගීත රසඥතාව වර්ධනයට අමරදේව ශූරීන් කළ බලපෑම සුලුපටු නෑ,  ඒ වගේම එතුමාට ඇති සැලකීම කෙසේද කියනව නම් දැන් හැම රජෙක්ම අමරෙ එක්ක සින්දු කියන්න අමතක කරන්නේ නෑ. අමනාප නොවේවා. අමරේ කීවේ අමරදේව ශූරීන්ව තව ටිකක් තරුණ කරල ගන්න. එසේම මහිතනව එතුමා මගේ කල්‍යාණ මිතුරෙකු කියලා.
අමරදේව සංගීත නිර්මාණඥයාට දිගාසිරි පතමි.


                                                 ***********
Avante Garte
ඇවන්ගාට් එක තනිකරම honey pot එකකි.. මී පිරුණු මීවදයකි, රන් රිදී මුතු මැණික් පිරුණු නිධානයකි, හරිම ස්වීට් පලබර රුකකි. සිතූ පැතූ දේ සපයන කප් රුකකි. හුණු (නැත්නම් කැල්සියම් කාබනේට් ) පෝරණුවකි.

මීමැස්සෝ, නිදන් හොරු හා වවුලෝ නොමදව ඒ වටා සැරිසරත්. සමහරුනගේ කෙල රූරා වැටෙන බවකුත් පෙනේ. 6000ගණනකගේ රැකියා නැති වූ බව පවසමින් කෙනෙකු හොටු පෙරා හඬත්. ඔවුන්ගේ හද තුල තැන්පත්ව ඇති මනුස්ස ගුණදර්ම පෙරන කෙළ ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික බව ගනන්කාරයෙක් හිටියනම් නාථ දෙවියන්ගේ බලයෙන් කියනු ඇත. ඇවන්ගාටය කාගේ කාගේත් කිල්ලෝටවලට පොඩ්ඩ පොඩ්ඩ හෝ හුණු සප්ලයි කරල තියෙනව වගේ.!. හ්ම්...

අනේ...අපෝයි.. කොහෝම තිබුනු රටක්ද, පව්!
ආචාර්‍ය උපාධි ලාභ,
ජනයාගේ මුදලින් ජනයාට දන්සල් විවෘත වූ
සුවඳ විලවුන් ගල්වන,
 හීල කොළඹ හොඳම රෙස්ටොරන්ට් එකකින් ගන්නා
 අපේ සංග පීතෘවරුන්ගේ රාජෝෂ්ණයෙන් පිරිපුන් දේශය,

ඇවන්ගාටයෙන් දැන් ගුරුත්ව කේන්ද්‍රය  බිත්තර හැඩ රගර් බෝලයට මාරු උනේ බොහෝ අයගේ ගිරහයන්ද නීචකරමින් වගේ පෙනෙන්නේ.
ඉන්දික තොටවත්ත මගුල් ගෙදර ගිහිල්ල පින් අඩි ගහලා තවම වෙරි නැත්නම් එයත් එය ස්තිර කරයි.  අනේ පව්! ඒ මනුස්සයව හොඳට අන්දල වගේ.  කූටක කූටාලීන් යහපාලන සම්මුති ආණ්ඩුව අස්ථාවර කරන්නට කරන්නට හැකි හැම දහන් ගැටේම් ගසමින් සිටී. ඒවා සියල්ලම සුනඛ බිරුම් බවට පත්වී ඇත.  තුනෙන් දෙකෙන් පාස් වූ අයවැය හා ඒ අතර විපස්සේ ලොක්කෝ ලොවෙත් නැතිවීම හොඳ සාක්කිය. දැනට ඒ බිරුම් සැම පෙනෙන්නේ එකම ක්ලබ් එකේ සැට්වෙච්ච කස්ටියගේ මායම් වගේ.

මේ ඔක්කොම මායම් නාට්‍යයක් මෙන් දිග හැරෙන අතරේ ජනවාරි 8වෙනිදා ජනතාව විසින් සිය විශ්වාසය ස්ථිර ලෙස තැන්පත් කල බැංකු කීපයක් තිබෙන බව අවබෝධකරගනු වටී.



1. මාදුලුවාවේ සෝභිත හිමිගේ අභාවයෙන් පසු මහාචාර්‍ය සරත් විජේසූරිය ප්‍රමුඛ යහපාලන ජාතික ව්‍යාපාරය
2. ජනතා විමුක්ති පෙරමුණ
3. සිවිල් සංවිධාන
4. වික්‍රමබාහු ප්‍රමුඛ වමේ ක්‍රියාකාරීන්

දයල් බතී කලිනුත් ලියල තීයනව මෛත්‍රීගේ අටුව කඩා පුටුව සෑදීමේ ව්‍යාපෘතිය ගැන.
නැත්නම් අර ලිගෝ කෑලි ටික අලුත් විදියට එහා මෙහා කරල හදපු සෙල්ලම් ගෙයක් ගැන.
මේ සෙල්ලම් ගෙය හැමෝටම අතවනනව වගේ.
එන්න එන්න සෙල්ලම් කරන්න කියල.

සෙල්ලම් ගෙයි හයිය තියෙන්නෙ ජනතාව සිය විශ්වාසය ස්තිර තැන්පතුවක් ලෙස දමාපු බැංකු මතය කියල හොඳටම දන්නේ කවුද ?


ජනවාරි 8 විප්ලවය ගල් ගසා මරාදැමිය හැකිද?

ඔබට මොකද හිතෙන්නේ?

Monday, November 23, 2015

මේ ආණ්ඩුව වැටෙනවා- ජාතියේ සෝමවංශය ලියන්න ට පටන් ගමු!



යහපාලනය ආවත් හරි
උදේට නැගිටින්නට කිසිම කිසි ගෝ එකක් නැත.
 ඇඟට කිසිම පනක් හිතට පිට් එකක් දැනිච්ච කාලයක් මතක නැත. 
අපොයි මෙහෙමත් මලානික කාලයක්. 
හිරු සලකුණ වැඩ සටහන බැලුව. එතනත් හරි පව්. ජනමාධ්‍යය වේදියො කියල මුරුංග අත්ත උඩ නැගල ඉන්න පොරවල් තුන නිකං නාගාන්නව බාහුව ඉන්ටර්විව් 
(ඇත්තටම ඒක ඉන්ටවිව් එකකට වැඩියෙ ඉන්ටර් රොගේට් එකක්.)කරන්න ගිහිල්ල.
දැන් ගතවෙන දින හරිම අපූරුය, පුදුමය. මලානිකය.
ජනමාධ්‍යවේදීන් ආණ්ඩුවිරෝධීන් උස්සන්නේවත් මරන්නේවත් නැත. ලැම්බෝගිනියක් කාර් රේස් එකක්  දකින්නව්ත් ජනපති ඇමති පුතෙක්ගේ වගාඩම්බර පයිට් ගැන නිව්ස් නැත. 
යන යන තැන දත් තිස් දෙක විරිත්තාගත් පොරවල් බිත්තිවල ලයිට්කණුවල එල්ලී නැත.
මිත්‍රවරුනි මම ඉන්නකම් මේ මාතෘ භූමිය බෙදන්නට ඉඩදෙන්නේ නෑ කේසර සිංහවදන් නැත.
ජනපති පුතා රගර් ක්‍රීඩා කරන්නේ නැත.
දේශද්‍රෝහියා, එන් ජී ඕ කාරයා, ඩොලර් කාක්කා
මුං කොහෙ හැඟිලාද එලියට ඇවිත් අපිට ආතල් එකක් ගන්න මූණු පෙන්නපල්ලකෝ
මැගසින් හා වැලිකඩ බන්ධනාගාරවලට ගොස් නම් අඬ ගසන්නේ නැත. රතුපස්වල හා වෙළඳ කලාපේ වෙඩි තැබූ එවුන්ට මෙන් ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ  ඔලු පැලූ එවුන්ට ප්‍රොමෝශන් හෝ ඇම්බැසැඩර් පෝස්ට්  නැත.
සිරි ලාංකික බයි ජීවිතේ අන්තිම පට්ට බෝරින්ය.

දැන් කවුරුත් වැඩියෙ කටවල් කක්කුස්සි කටවල් වගේ අරින්නේ  ගඳ ගස්සවන්නේ නැත. 
ගඳ ආවොත් පසුවදා බයිබරියට හෝ එෆ් සී අයි ඩියට ආරාධනා කරන නිසත් වෙන්නට ඇති.

 උපන් දිනය නිමිත්තෙන් සංවිධානය කරල තියෙන පිං කන් අස්සේ බයිබරියට එන්ටයි කියල ලියුම් කරදහි ඒවන එක අන්තිම වැරදියි.

සෝමවංශත් වීරවංශගේ ත්‍රී වීල් එකේ නැගල කෑ ගසමින් යනව වගේ, දැන් ඉතින් වීරවංශට වැඩියෙ සෝමෙ සීනියර් නිසා ජාතියේ වීරවංශය ලියන්න වෙන්නේ නෑ 
දැන් එහෙනම් සෝමවංශය ලියමු

කවුද රතු ඇඳ, ගත්ත ඇඳ ගත්ත පොරක් කියනව මේ ආණ්ඩුව වැටෙනව කියල.

ආණ්ඩු කවදහරි වැටෙනවා වැටෙනවා වැටෙනවා තමයි, ඕක කියන්නත් දෙයක්ය? ආයේ ලොකු දේශපාලන්ඥයෙක් නැත්නම් ඉන්දික තොටවත්ත ඇවිත් කියන්න ඕනෙ නෑ, 
හොල්ලන්න බෑ වගේ හිටිය රජතුමාටත් ආණ්ඩුවටත් යන්න වෙච්ච එකේ ගල් ඉබ්බොයි, ආඳොයි, ගෙම්බොයි, කටුස්සොයි වගේ කෙනෙකුට කෙනක් නොගැලපෙන පිරිසක් ආන්බාන් කරන එක ලේසි වැඩක් නොවෙයි.

ආන්ඩුව වැටෙනවා ශුවර් එකට.

හැබැයි 2020දී, ඔය විමලුයි, කුරුණෑගල මන්ත්‍රීලයි කියන විදියට ආණ්ඩු වැටෙන්නේ නෑ. උන්ට පිස්සු, 
නැත්නම් උන් හිතනව අපිට පිස්සු කියල. 
පව්!

බලමු බොන්ඩ් ප්‍රශ්නෙට මැදිවෙලා නාගත්ත රවීත් අර්ජුන මහේන්ද්‍රනුත් අපේ ආර්ථිකේ ගොඩදාන්නේ කොහොමද කියල. 2016 අයවැය නම් ෆුල් බැලන්ස් වගේ තමයි පේන්න තියෙන්නේ. ටිකක් සරදියෙල් අයවැයක් වගේ. ඔය සරදියෙල්ලාට බොස්ලා වැඩියෙ කැමති නැත.

Sunday, November 15, 2015

දෙමලෙක් සිංහල පක්ෂයක නායකයා වීම හා පිසාචයින් විසින් කට්ටඩියන්ව නැටවීම


පැරිස් නුවර Bataclan රංග ශාලාවේ ඝාතනයෙන් පසු

සිංහල රටේ නායකයා වීමේ ලක්ෂන  හා අවශ්‍යතාව  මතුවෙනවාත් සමගම කදිරාගාමර් අන්තර්දාන විය. විභවයක් තිබූ එවන් නායකයින් කී දෙනෙකුගේ සම්සාර ගමන කෙටි වූයේද?


ඒ ලංකාවේ හැටියි. තවත් එවැනි අවස්ථාවක් මතුව ඇත.
කුමාර් ගුණරත්නම් සිංහල පක්ෂයක නායකයා වී ඇත.
ඔහුටත් විශාල කරදර ගොඩකට මුහුණපාන්නට සිදු වු බව ලංකාවේ දේශපාලනය ගැන අවධානයෙන් සිටින අප හැමෝම දන්නා කරුණක්.
එය දෙමල සම්භවයනිසාම සිදුවෙනවායයි නියත වශයෙන්ම කීමට නොහැකියි. කෙසේ හෝ වේවා දෙමල සම්භවයක් ඇති කෙනෙකු සිංහලයන් වැඩිපුර සිටින පක්ෂයක නායකයා වීම ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ දියුණු ලක්ෂනයක් බව කිව යුතුය. ඒ අතින් පෙරටුගාමීන් පෙර ගමන් කරු වී ඇත.

 ඒත් ජනතා හිතවාදී ආන්ඩුව්ක් පත්වූ ගමන් ජවිපෙ ජන්ම උරුමයෙන් ලද ආණ්ඩුවිරෝධී සටන් මවා පා වහ වහ ලකුණු දාගන්නා මානසිකත්වය නිසා හැදෙන කැසිල්ලට නම් මනාපයක් නැත. අලුත් ආන්ඩුවක් පත්වූ ගමන් 71 මෙන් ඉක්මනින් කොක්ක ගසාගත හැකි ගමෙන් පැමිණි තරුණ විශ්ව විද්‍යාල සිසුන් අල්ලාගෙන කැරලි ගැහීම සමාජයේ ඉදිරිගමනට කෙසේ ඉවහල් වේද? යන්න ඉතිහාසය ගැන විපරම් කිරීමෙන් යම් අදහසක් ගත හැකිය.

අනෙක් කාරණාවට යන්න පෙර තව කාරණාවක් පැහැදිළි කර ගත් යුතුවෙනව. මේ දිනවල මාධ්‍ය මෙහෙයුම් කීපයක් තීයෙනව.
එකක දෙකක පැහැදිලිවම ඒවායේ හැලුවැල්ල පෙනෙන්න තියෙනව.

1. මෛත්‍රී-ර්‍අනිල් අතර තිබෙන කාණුව ඇලක් කිරීම

2. අනුර කුමාරව ගර්හාවට ලක්කිරීම හා කුමාර්ගේ අත් අඩංගුවට අනුර කුමාරව ගාවා ගැනීම

3. ජවිපෙ හා ලල් කාන්ත අතර භේදයක් ඇතිකිරීම

4. යූ එන් පිය තුල රනිල්-සජිත් අතර
කාණුව ගඟක් කිරීම

රනිල්- මෛත්‍රී සංයෝගය දරාගන්න බැරි කස්ටියක් ඉන්නව.
අනුර කුමාරගෙ භූමිකාව දරාගන්න බැරි කස්ටියක් ඉන්නව; අනුර කුමාර ඉතිහාස ගත්වෙන්නේ, ඉරිසියාකරා ග්‍රාමීය මධ්‍යම පංතික මානසිකත්වයෙන් ජවිපෙ ගලවාගෙන නිර්ධන හා උගතුන්ගේ ප්‍රායෝගික හා නූතන පක්ෂයක් බවට පත්කිරීමට ගත් උත්සහය නිසයි කියල දයල් බතී කල්පනා කරන්නේ.
ආණ්ඩුවිරෝධය ගානට කලමනාකරනය කරන ලාල් කාන්ත හා ජවිපෙ සම්බන්දය දරාගන්න බැරි කස්ටියක් ඉන්නව
සජිත් සිය භූමිකාව තේරුම් ගෙන රනිල් යටතේ වැඩකරගෙන යාම ඉවසන්න බැරි කස්ටියක් ඉන්නව

පුද්ගලික අභිමථාර්ථ පෙරටුකොටගත් රට දෙවනුවට දමාගත් ලංකාවේ ජාතික දියුණුවට හරස්කපන උන් එහි මූලය තිබෙන්නේ කොහිදැයි හොඳාකාරව දනිති. කල යුත්තේ කුමක්දැයි මනාව අවබෝධකරගෙන සිටිති.
වර්තමානයේ පවතින ආණ්ඩුවේ යහපාලන පීඩනය හා ශක්තිය, එන්නේ කොතැනින්දැයි ආන්ඩුව කඩාවැටෙනකම් බලාසිටින මලපෙරේතයෝ හොඳි දනිති. ඔවුන් කුමාර හා කුමාර් යන නම්වල වෙනස හල් කිරීම පමනක් නොවන බව ප්‍රත්‍යක්ෂව දනිති. හොඳ තුරුම්පුවක්, ජාතීන් දෙකක් අතර ලේ ගංගාවක වෙනසක්, සංස්කෘතීන් අතර කෙන්ද කන්ද කල හැකි වෙනසක් කල හැකි සම්බන්දන් එකක් බව දනිති. ඒ වෙනුවෙන් දිවා රෑ නොතකා වැඩ කරති. මේ අස්සේ යහපාලනය සිය මෙහෙයුම හරියට අරඹා ඇතිද, එපා කියා ජනතාව විසින් විසි කරන ලද පිසාචයින් මේ ආණ්ඩුව තුල තොවිල් නටා කට්ටඩියන්ව නටවන්නේ කෙලෙසදැයි හැමටම ප්‍රශනයකි. ආතුරයාට තවම සෙතක ශාන්තියක ඡායාවක්වත් පෙනෙන තෙක් මානයේ නැත.

එතෙක්
 ඔව් අපි සවන්දෙමු දැන් නවතම ඇවන්ගාට් තත්වයට...

Sunday, November 8, 2015

වංශලාගේ සංයෝගය තව බිලි පූජාවකටද?



ලොක්කෝ අද එකක් කියන අතර හෙට තවෙකක් කියත්.
අගෝස්තුවල අඩියගහ ගත්තු ආණ්ඩුවට එරෙහිව සිස්සයෝ පාරට බස්සල,
පොලෝසිය ගෑණු ළමයින්ගේ ඔලුවට බැටන් පොලුවලින් ගහල රනිල්ගේ රෙදි ගැලෙව්ව.
රනිල් ජාතිවාදී විමලෙට එක විදියකටත් දෙමළ පසුබිමක් ඇති කුමාර් ගුණරත්නම්ට එක විදියකටත් සලකල පෙරටුගාමී නායකයව හිරේ දාලා. ගෝටගේ හඬ පඨයක් කියල කියන එකක ෆේස් බුකියේ සැරිසරනව අනුර කුමාරව බයිට් එකට අරගෙන. සමහරුනට අනුරට වැඩියෙ විස්සාසයි ගෝටා කියන එක.
රනිල් ලිබරල් ධනපතියන්ගේ නායකය විදියට හොර පාස්පෝට් කේස් එකට මැදිවුනු විමලෙව බේරගෙන තියෙන්නේ නිකම්ම නොවෙයි! මොහුගේ පරණ රෙකෝඩ් එක බලල අනාගතේටත් මෙයයිගෙන් ලොකු වැඩක් ගන්න බලාගෙන වෙන්න ඕනා. 88-89න් පස්සෙ  ලොකු බිලිපූජාවක් දකුණෙ තිබුනේ නෑනේ!

මෛත්‍රී ලොක්කගෙ ද්විපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය, කඩේ ගොසින් සෙරෙප්පු කුට්ටමක් ගැනීම වැනි ශෝ වැඩ පරයා පුතන්ඩියව එක්සත් ජාතීන්ගේ මහ සමුලුවට ජනපති බලතල පාවිච්චි කොට ගෙනයාම ආදිය නිසා සරම ගැලවෙන ලකුණු පහලව තිබේ.

එකක් පැහැදිළියි පුරවැසියන් අවදියෙන් සිටින බව දැනීමෙන් මොවුන් පිස්සු වැටී ඇත. ආණ්ඩුවත් රාජ්‍යයත් පිස්සු තදවෙලා වගේ තමයි වැඩ? ගහයි පොත්තයි වගේ අමුඩයයි xකයි වගේ ශෝක් එකට ප්ලග් වෙලා.
නීති හදන්නෙත් අපි කඩන්නෙත් අපි තොපි පනුවෝ පුලුවන්නම් අපිව නවත්තපියව් කියල තමයි ඒ ඇත්තො, ගෑණු පරාණ කාර්වලින් අරන් ගොස් පාර්ලිමේන්තුව ඉදිරිපිට ෆන් ගන්න ගමන් කියන්නේ.
නාකි වංශත් බිලිපූජාවලට මනාපයිනේ. එයැයි එංගලන්තෙ ඉඳගෙන ළමයි බමයි එහෙ උගන්නන ගමන් මෙහේ හැට දාහක් බිලි දීල ශෝක් එකට ගොඩ බැහැපු වංශනේ..
අපි අපිටම පව් කියාගන්නව ඇරෙන්න අහවල් එකක් කරන්නද?

ලංකාවේ දේශපාලනයට ලජ්ජාවක් නැති මිනිසුන් අවශ්‍යව ඇති කාලයයි.

රාජිතයි චම්පිකයි ආන්ඩුවෙන් ඉවත්වන බවට ඉඟි දීල තියෙනව. රතන සද්දක් නැත.
රන්ජන් කියන්නේ එක හොරෙක්වත් අල්ල්ගන්න් බැරිවීම ගැන ලජ්ජයි කියල.

අර මලගිය රගර් ක්‍රීඩකය කොහෙන් හිනාවෙනවද දන්නේ නෑ.

අවුරුදු 74ක් ආයු වළඳා සංඝ රජ මෙන් දිවි ගෙවූ විචිත්‍ර ධර්ම කතික නිරහංකාර ජනතා මිත්‍ර සෝභිත හිමි අප හැරදා ගොසින්. කණගාටුවූවත් කිය යුතුව ඇත්තේ මෙයයි.

සෝභිත හිමි අන්තිම ගමනට පෙර සිය ජාතික යුතුකම ඉටු කළ සේක.
 මට හැඟෙන්නේ පවුල්වාදය හොරකම මිථ්‍යාදෘෂ්ඨිය රජ කළ රාජපක්ෂවාදයේමෙන්ම බයිවාදයේ අවසානය දැකීමට තරම් උන්වහන්සේ පින්කර තිබූ බවය.

Tuesday, October 20, 2015

හොඳට නරකට දෙකටම සරමය, සරදමය! The Dialectic of the "Sarong"(Dialectics of common man's dress)

පොලෝසියක අත් අඩංගුවට පත් කෙනෙකු
ගෙල වැල ලා මියගොසිනි සිය සරමේ එල්ලි


අත් අඩංගුවේ සිටි යු එන් පිය
ගොඩ ආවේ සුදු සරමේ එල්ලී

රජ කමට සුදුසු සුදු සරම
පොලෝසියේ මැරෙන්නට සුදුසු කිලිටි සරම


ඔහු අත් අඩංගුවට පත් කළේ පොලෝසියය
පසු දින ඔහු මරණයට පත් කළේ සිය සරමය

අසරණයා අත් අඩංගුවට පත් කළේ අසරණ සරමය
යූ එන් පිය ගොඩ දැමූ සරම අසරණ සරණය

අසරණ අපට තිසරණ සරණය 

Dead body hanging 
on his own sarong was wearing 
 yesterday the man was taken to police custody 
suspected for no proof of identity

A man wearing the white sarong sitting in the highest chair
who rescued UNP from the custody
A man wearing dirty sarong has to prove his identity in his own country
justice?
The down trodden has no other protection than Triple Gems and God
if this still continues!

Saturday, October 10, 2015

මෙගා පොලී කමින්ග් ජනතා පොකට් අපි ගොයින් Megapolis, Mega Poli(interest payments) and Politricks



මින් අවුරුදු බර ගණනකට  පෙර 154 කිරිබත්ගොඩ- රත්මලාන බස් එකේ සින්දු කිවූ පෝලියෝ වැලඳුනු යාචකයෙක් මසිහියට නැගුනේ පසුගිය ජපන් ගිය රනිල් අගමැතිඳු කිවූ බණ ගැන පලවූ වාර්තා කියවීමෙනි. මේ තරුන යාචක තෙමේ එක දාස් නවසිය අනූ ගනන්වල හිරේද ලැග්ගේය. හේතුව මෙතැනට අනවශ්‍යය. මිත්‍රයෙකුගේ මාර්ගයෙන් අසන්නට ලැබුනු පරිදි මේ තරුණ යාචක තෙමේගේ දෛනික ආදායම ඒ දිනවල රුපියල් 800ක් පමණ වූවාලු. (මගේ මාසික පඩිය එකල 12000කි. පුද්ගලික සමාගමක විධායක මට්ටමේ රැකියාවකි.) මේ යාචක තෙමේ සියලුම ආදයම රාත්‍රී යාමේ බොරැල්ලේ රේස් බයි රේස් එකට පුදන්නේය. පසුවදා නැවතත් සින්දු කියමින් යාචක වෘත්තියට බසී. මොහු ගයන්නේ ජනප්‍රිය ගීතය. ප්‍රියා සුරියසේන මිල්ටන් මල්ලවාරච්චි ජෝතිපාලගේ ගීත ඉතාම ලයාන්විතව ගයන්නේ කබල් රබානකට තට්ටු කරමිනි. අසරණ පෙනුම හා පෝලියෝ රෝගයේ ලක්ෂන නිසාත් ගයන ගීතවල ඇති කන්කලු ගතිය නිසාත් කීයක් හෝ නොදෙන කෙනෙක් නැත.

ඔවුන් යම් ආයතනයකින් වෘත්තිය ලෙස පුහුණුකර ඇතිවාක් මෙනි. අපේ හදවතේ කරුණා රසය සැඟවී තිබෙන තැනටම ලජ්ජාව සැඟවී ඇති තැනටම නිවැරදි ලෙස තට්ටු කරයි.
එවැනි යාචක යාචිකාවන්ගෙන් නිතරම ඇසෙන කවියක් දෙකක තේරුම මතකය. ඔබටත් එසේම විය යුතුය.
මේ සැපට හදන කුණු කය කවදා හෝ දිරා යනව
ඉතිරිවන්නේ දුන් දේ පමනයි
ගුන දහම් දන්නෝ බෙදාගෙන තමයි කන්නේ
ඒ නිසා තියෙනව නම් මාරු කාසි කීපයක් දීල යන්න

මේකෙන් තමයි අසනීප වී ඇති තාත්තගෙ බඩගිනි නිවෙන්නේ
ඉස්කෝලෙ යන නංගිලට පොත් පත් අරන් දෙන්නේ මේ හමබවෙන සතයෙන්

 *   *   *

ඇත්තටම මට රනිල්ල ගැන නොවෙයි
අපේ මව් රට ගැන දුක හිතුන.
1950 ගනන්වල හැට ගනන්වල
ඩී එස් නැත්නම් පසුව ජේ ආර්ල විසින්
බුදු දහමේ පාටයක් කියා හිඟමන්
ඉල්ලු ලෙසම ඔවුන්ගේ බෑනණුවන් විසින්
ඉන් දශක පහකට හයකට පසුවද ආධාර ඉල්ලා යදිනු ඇසේ

*  * *
මේ මුදල්වලින් රේස් බයි රේස් සූදු නොකෙලී යයි කියන්නට පුලුවන්ද?
කෙනෙකු චීන යුවාන් වලින් මත්තල එයාපෝට් හැදුවේය.
මෙගා පොලී ගෙවන්නේ ඔහු නොවේ.

නහී වෙරේන් වේරානී
ජපන් යෙන් සරණං මෙගා පොලිසි-යෙන්
මෙගා පොලී කමින්ග් ජනතා පොකට් අපි ගොයින්
20% ඉවසීමෙන් සැනසීමෙන්

Sunday, October 4, 2015

ඕන පාටකින් සල්ලි ඕනෑ කර තිබේ! Cash Wanted in Any Color!

පේන විදියට
ජිනීවා යන්නේ ලොක්කන්ව එල්ලුම් ගහෙන් බේරන්නටය
සේයාගේ කේස් එක පාර්ලිමේන්තුවට භාර දෙන්නේ වනචාරීන් එල්ලුම් ගස් යවන්නටය
මාර ප්‍රතිපත්තියකි

හොරුන්ට දූෂකයන්ට නොමිනේසොන් දුන්හ
ජනයාට උන්ගෙන් කවුරු හෝ තෝරනවා මිස අන් දෙයක් නැති විය
වැරැද්ද ඡන්දය දුන් ජනතාවට පවරන ලදි
මාර ප්‍රතිපත්තියකි

එල්ලුම් ගසේ රාජකාරිය සමහර ජඩ මාධ්‍යය විසින් භාරගෙන ඇත
නඩු නොඅසාම සැකරුවන්ව එල්ලුම් ගස් යවනු ලැබේ
එල්ලුම් ගසේ රාජකාරිය පොලෝසියත් භාරගෙන තිබේ
සැකකරුවන්ව උසාවියට ගෙන යාමට පෙර නොමරා මරනු ලැබේ
එක මිනියක් වෙනුවෙන් නඩු නොඅසාම මිනි කීපයක් මරා අවසන්ය
සමහර අපරාධ සෙවීමට ඡන්දයට පෙර තිබු හදිසිය දැන් නැත
මාර ප්‍රතිපත්තියකි

අරයාගේ අය ආණ්ඩුබලය පාවිච්චි කිරීම පවුල් වාදයයි
මෙයාගේ දරුවන් ආණ්ඩු බලය පාවිච්චි කිරීම පවුල් වාදය නොවේ
මාර ප්‍රතිපත්තියකි

සල්ලි ඕන උනාම කලු සල්ලිත් සුදු වෙනවාය
රවීට දැන් ඕන පාටකින් සල්ලි ඕනෑ කර තිබේ
අල්ලනු බැරි බිලියන් ගෙන්වා ගන්වා විදික්‍රමය හරිම අපූරුය
මාර ප්‍රතිපත්තියකි

ඔනෑම පාටකින් මංත්‍රීවරුන්ද ඕනෑකර තිබේ
මෙය නම් ටිකක් පැරණි දැන්වීමකි

Thursday, September 17, 2015

ගොයම් කොළ මිනිමරති- අපිට හරිම සතුටුය
















නව යහපාලන ආණ්ඩුව සිය 
මැතිවරණ පොරොන්දු වේගයෙන් ඉටුකරමින් සිටී
පසුගිය ආණ්ඩුවට නොහැකිව තිබූ, 
නොමැතිව තිබූ, 
නව න්‍යායක් වර්ධනය වෙමින් ඇත 
අපට හරිම සතුටුය

පොරොන්දු වූ ලෙසම මත්තල 
වී ගබඩාවක් බවට පරිවර්තනය කරන ලද්දේ
මහ බණ්ඩා 
සින්හල රාජ්‍යය භාශාව කළාට වඩා ඉක්මනටය
අපිට හරීම තුටුය

පරන හන්වඩු වැදුනු හොරමුල ද
එහි මෙහෙයුම් කරුවන්ද 
පාර්ලිමේන්තුවට පත්කර එවීම
ජනතාවගේ වැරැද්දකි
ජනවාරී 8දා ජනතාවගේ විසින් පලවා හරින ලද 
හොර මුලට නොමිනේසොන් දෙන ලද්දේද 
ඒ ජනතාවවිසින්මය
මා ගහට බැඳගත්තේ මා විසින්මය 
අපිට හරීම සතුටුය

කොට කෙතනට 
කොටි ලොක්කන්ට 
සින්හරාජයින්ට
දාන නඩු; අව නඩු ගානය
ඒ අස්සෙ අර ගෙදර වැඩට හිටිය උන්දට ගහපු පිස්තෝල මිටත් වරදකරු 
නූනොත්ය පුදුමේ.

ඊයේ පෙරේදා 
හදිසියක් නිසා ගුවන් යානයක් මත්තල ට බස්සා තිබේ
කවුද කියන්නේ 
මත්තල වී ගබඩාවක් කරල කියල;
 න්‍යාචාර්‍යවරු අහන්න ඉඩ තියෙනව
 සතුටුය, මත්තල වසා නැත.

මල ප්‍රේත කුම්භාණ්ඩයින්ට
දොළ පිදේනි කතා කර කර දෙනවාය 
කුඩුද ඇල්කොහොල්ද කියල වෙනස් කමක් කරන්නේ නැත
හරිම සාධාරණය.
කියන්නේ නම් හැදුනු පුටුව කඩා නැවත
අටුව හදයිද කියල බයට මෙහෙම කරනව කියලයි?
අපිට  හරිම සතුටුය
අඩුම තරමින් රජයේ සේවකයින් 95 කට හෝ හොඳින් ඉන්න  ලැබෙනවාය 
වාහන රියදුරු දැසි දසුන් ලේඛම් වරුන් 
ආරක්ෂකයින් අපේ බදු මුදලෙන් ලැබෙනවාය

අසාධාරණයට භාජනය වූ 
සිල්වා ඩබලට 
ජනපති උප්දේශක කමක්වත් දෙන්නේ නම් 
අපි හරි සතුටුයි!
නැත්නම් ඔවුන්ට සිදු වී ඇති
අසාධාරනය වෙනුවෙන් නඩු ගියොත් නම්

ආන්ඩුවට අබසරණය!

නොකියාම බැරි තවත් එකක්!

පවුල් වාදය අර්ථදැක්වීමට කාලය පැමින ඇත
එය සියයට ගනනින් හෝ බිලියන් ගනනින් හෝ
රූපවාහිනියේ පවුල අරක් ගන්නා කාලය අනුව හෝ
මෙරට හා පිටරට අක්කර ගනනින් හෝ ගෙවල් ගනනින් හෝ
ලැම්බෝගිනි හෝ රත්තරන් අස්සයන් ගනනින්
හෝ මැනීමට හැකි මිම්මක් සාදාගත යුතුව ඇත.

-----------------
Photo- http://www.nalakainfo.com/2013/03/blog-post_21.html

Saturday, September 12, 2015

අලුත් ලොක්කගෙත් පුතන්ඩිය කඩුව හොයාගෙන ගිහිල්ලලු!


අනේ හැබෑට, 
කිව්වේ කොහොමද? 
කටුගෙට පැන්න කීව, 
කං ගැට්ට කියල එකෙක් ගැන කීව, 
රත්තරන් අස්සයොයි, 
හෙලිකොප්ටරුයි, 
ඒ මදිවට අභූත චෝදනායි, 
ඔය කියපු කටවල්වලට හෙනම ගහපල්ලා.

              * * *
එංගලන්තෙනෙ ගිහිල්ල තියෙන්නෙ
              * * *
හැබෑට එහෙනම් එකත් එකටම එලිසබෙත් රැජිනගේ කඩුව වෙන්ඩෑ, 
පේනව නේද පුත්තු හදන හැටි, 
පැජිරෝ එකෙන් ගිහිල්ල හංදියෙ කඩෙන් සෙරෙප්පු කුට්ටමක් ගන්න තරම් නිහතමානී
අවුරුදු හතරෙන් සූට් කේස් අරගෙන පරාක්‍රම සමුද්දරේ හුලං වදින්න යන්න ඉන්න මිනිහ
පොලිස් බංකුව උඩ ඉඳගෙන ඉඳල පුත්තු හදල තියෙන හැටි,
අනේ රත්තරං ටිකට නීති උපාදිය අරගත්ත ලමයින්ටනේ
මුං මේ කතා හැදුවේ
ඉරිසියාවේ පැලෙනව 
හෙනම ගහපල්ලා ඕකුන්ට
පවුල් වාදෙ පවුල් වාදෙ අයියල මල්ලිල 
නෑදෑ සනුහරේ ගැන කිව්ව,  10% කිව්ව
දැන් ඔය දෝණියන්දවත් බස්සල තියෙන්න ෆීල්ඩ් එකට
ලඟදිම එයාගෙ ලියවත් බස්සයි!

වයිෆ්ට 22222 ද ලියද මොකද්ද කියල එකවුන්ට් තිබුනලු කියල එක එක කීව
ලැම්බෝගිනිද මොනවද අරගෙන දලදාව වටේ රේස් පැද්ද කීව
ඒ ළමයිගේ සිරිමුඛයෙන්ම කීව රේස් පැද්දේ නෑ කියල
හෙජින් වලින් කෝටි දාස් ගානක් ලංකාවට පාඩු උනා කීව
ජනපතිවරණේ ලංගම බිල් ගෙවල නෑ කීව
හිටපු ඇමති බිරියකට උප්පැන්න දෙකක් තිබුනා කිව්වා
කොලොන්නාවේ කුණු ගොඩ ගඳයි කීවා
ජන මාධ්‍යවේදියන්ව ක්‍රීඩකයන්ව මැරුව කීව
කැබිනට් එක ලෝකෙ ලොකුම එක කීව
18ට අත උස්සන්න සල්ලි දීල මන්ත්‍රීන්ව බිලිබා ගත්ත කීව
ශිරානි බණ්ඩාරනායකව ඉවත්කල විදිය වැරදියි කීව
බිලියන් ගනන් හොරකම් කලා කීව
මහ බැංකුවේ රත්තරන් හොරකම් කලා කීව
විදේස සේවාවට නෑදෑ සනුහරේ දාගත්ත කිව්ව
කුඩුකාරයො කිව්ව එතනෝල් කාරයො කිව්ව
කොටින්ට කප්පම් දුන්න කීව
පාරවල් හදන්න කිලෝමීටරේකට බිලියන් අච්චරයි මෙච්චරයි කීව
ආලා පාලු අර්ථිකේ කීව
මහ බැංකුවේ ගනන් හොර ඉල්ලක්කම් දත්ත දාල හදල කීව
මාධ්‍යාතනවලට නිදහසක් දුන්නේ නෑ කීව
                  
කහ ඉර ලඟ නවත්තලයි වැඩේ පටන්ගත්තේ
දැන් ලොක්කගෙ ඩැයිවර්ල සුදු ඉරත් කපාගෙන යන්නේ
( ඩිෆෙන්ඩරේ ඔච්චර හයියෙන් හැප්පිලත් ගිනිගත්තෙ නැත්තේ වැස්ස නිසා වෙන්නැති, හික්ස්)
                  
පෙනේද දැන් එකාගේ පුතා එංගලන්තෙ නිදන් හොරකමේ ගිහිල්ලා ඈ, ...
රැජිනගෙ කඩුව උස්සන්න, මෙහෙ තියෙන ඔක්කොම නිදන් හාරල ඉවර ඇති?
                   * * *
පිස්සු නම් එපා
මේ මං කීවේ ඒ පුත්තරය ඉංග්‍රීසි ඉගෙන ගන්න එංගලන්තෙ ගිය එක ගැන, 
මේ විකාර නෙමෙයි 
ඔයා මේ මොන ලොන්ඩරියෙද? 
කඩුව කියල සමාන්‍යය භාශාවෙන් කියන්නෙ ඉංග්‍රීසිවලටනේ

Monday, August 24, 2015

ස්තූතියි සංගා-Thank You Sanga!- සටනින් ඔබ දිනුවා! A Fine role model - a Product of Sri Lanka Cricket Lovers.

ස්තූතියි සංගා


Sangakkara

සූර වීර ක්‍රිකට් ක්‍රීඩක මෙතෙක් පොලෝ තලයේ බිහිවූ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් අතර ශ්‍රේෂ්ඨයෙක් වන කුමාර් සංගක්කාර පසුගියදා ක්‍රීඩාවෙන් සමුගත්තා. සංගක්කාර ගැන දයල් බතී  කීප වතාවක්ම ලියල තියෙනව. ක්‍රීඩාවේ මෙන්ම කතාවේ අතිදක්ශයෙක් වීම, වේලාව පැමිණිවිට නායකත්වය භාර දී පැත්තකට වීමට අමතරව මෙතෙක් ඔබ ආ ගමන ගැන මා දකින වටිනම දේ තමයි ඔබ ලාබ විදියට දේශපාලන පක්ශයකට විකිණුනේ නෑ. ඔබට යා හැකි දුර බොහෝමයි. ලංකාව තියෙන තැනින් ඔසවා තබන්න ඔබගේ දායක්තවය ලැබෙනු ඇතැයි අප හැමෝගේම ප්‍රාර්ථනාවයි.

ඔබ සමුගැනීමේ කතාවේදී කීවා ඔබ උපයාගෙන ඇති වටිනාම දෙය මොකක්ද කියල.
සිය දෙමාපියන් සහෝදර සහෝදරියන් බිරිඳ දරුවන් ඇතුලු පවුලත්, මිතුරු මිතුරියන් බවත් කීවා. එය අපට ලොකු දෙයක් අන්‍යාලාපයක් ලෙස පවසනවා.

ඔබ දෙස බලා සිටින නැග එන පරම්පරාවට ඔබ ආදර්ශයක් විය.

බොහෝමත්ම ස්තූතියි ඔබ අපට සැපයූ විනෝදයට සතුටට, ප්‍රසන්න මතකයන්ට!

බොහෝ දෙනා කෙටි ඉනිමං සොයා දේශපාලනයට ඇදී යන විට ඔබ නොසැලී ඔබේ ගමන් මගේ ගියා. දේශපාලකයින් ඔබ සොයා පැමිණියා.


http://dayal-bathee.blogspot.com.au/2015/03/blog-post_21.html

http://dayal-bathee.blogspot.com.au/2011/07/cricket-and-politics.html

Friday, August 7, 2015

පොර ආයි එයිද? කවුරු දිනයිද ?



ඔබාමගෙ ජොබ් එක ගන්න ෆයිට් කරන ඔබාමගෙ දෙවැනිය, ඒ කියන්නේ හිලරි ක්ලින්ටන් පසුගිය දවසක එයාගෙ පෞද්ගලික ජීවිතය ගැන ඩිංගිත්තක් විවෘතව කතා කලා. ඇයගේ මව් හවුස්මේඩ් කෙනෙක් විදියට වැඩකලා කියල කොලයක් බලාගෙන කිව්ව, ඉලෙක්ශන් වේදිකාවේ, ඒ නෝනගෙ අම්ම  මොනවද කලේ කියල හරියට අමතකවෙලා වගේ තමයි පෙනුනේ. ඒ අතින් අපේ නව මුහුණුවරකින් මෙවර කරළියට ඇවිත් තිබෙන ජවිපෙහි නායකය, එයාගේ පුද්ගලික ජීවිතයේ බිඳක් බෙදාගත්ත විදිය  සිංහලෙන් කියනව නම් ජෙනුයින්ය, අව්‍යාජය. අර අනුර සමගම එකට හැදුනු සිය ඥාති සහෝදරයගේ කතාව ගැනයි මං කීවේ.

2015 ලංකාවේ අගෝස්තු මහ ඡන්දෙදි ජේ වී පී කෑම්ප් එකේ ඇරෙන්න ලොකු වෙනසක් ; කතාකරන්න තරම් වෙනසක් අනෙකුත් කෑම්ප්වල ඇතිවෙලා වෙලා නෑ.

අර කියමනක් තියෙන්නේ ළමෙක් හදන්න ගමක් ඕනෑ කියල.
ජවිපෙ ළමයාව හදාගන්න ගමක්, රටක් නොව ලෝකයක්ම ඕන උනා. අන්තිමේදී කොලුව ලොකුවෙලා රජුන් තනන්නා බවට පත් උනා. බල්ලො නාවන්න වගේ මහින්දව යුද්දෙට ඇදගෙන ගියා. (ඒ වගේමයි යූ එන් පියත් හැංගී හැංගී තමයි හිටියේ. අන්තිමට වාමාංශිකයින්ට සිරිකොතටත් යන්න උනා නින්දෙන් ඇහරවන්න.) 2004 , 2005 හරියෙ එල්ලෙන්න වැලක් නැතුව හිටිය මහින්දව උස්සල තිබ්බ. ඊට ප්‍රථම චන්ද්‍රිකාවත් උස්සල තිබ්බ.  2010දී  සරත් ෆොන්සේකව උස්සගෙන ගියා මහින්දට විරුද්ධව.
                                           
ජවිපෙට දැන් අනුන්ගේ කඩවලින් බඩු අරගෙන දැන් ඇතිවෙලා වගේ. තමන්ගෙම කඩයක් දාන්නයි දැන් පැලෑන. නරක නෑ. බලමු ගොනා විකුණලද කියල තව ටිකක් කල් යන්න දීල. ඒවගේම පරණ හැව ගලෝලම දාල වගේ. වෙළඳ ආර්ථික ප්‍රතිපත්තිය පිළිගන්නව. පුද්ගලික අංශයේ මැදිහත්වීම පිළිගන්නව. කලාකරුවන්ගේ, ව්‍යාපාරිකයින්ගේ, බුද්ධිමතුන්ගේ හා වෘත්තිකයින්ගේ ආදී නොයක් සමාජ තරාතිරම්වල පිරිස් ජවිපෙ දෙසට ආකර්ෂණය දිනාගන්නට සමත්වෙලා තියෙනව. (හැබැයි ඉතින් ජවිපෙ නියම මූන බලාගන්න ජාතික ප්‍රශ්නය මතුවෙලා එන්න ඕනේ ) සිරි අයියා නොහොත් සෝමවංශ නම් කියන්නේ ජවිපෙ දැන් ඇමරිකන් වෙලා කියලාය. සිරි අයියා අහන්නේ මේ ප්‍රතිසංස්කරන අපි මහලොකුවට බදාගත්තට කොයි-කාලෙකටද කියලයි. 17වෙනි සංශෝධනේ තිබුනේ කී කාලෙද? සිරි අයිය අහනව. පෙරටුගාමීනූත් ඒ ප්‍රශ්නෙම අහනව. 19 හෝ  20 හි ආයුෂ කොපමණ වේවිද? ඇත්තටම අනුර කුමාර කියනව මට මතකයි, ජනතාව දේශපාලන පක්ශවලට කොන්ත්‍රාත් දීල බලාහිටියොත් වැඩ වරදිනව කියල. ඒ නිසා ජනතාව අවදිව සිටින ප්‍රමාණයටයි අපේ අයිතිවාසිකම් රැකෙන්නේ. ඒ සිරි අයිය ප්‍රශ්නෙට උත්තරේ එතැන තියෙනව.

මහින්ද ආයි අගමැති වෙන්නේ නෑමයි දිවුරා කියන ජ්‍යෙතිශවේදී ඉන්දික තොටවත්ත කියන්නේ ඔහු ලිබරල් ආර්ථිකයට කැමති නෑ කියලයි. වාසු කියන්නේ මෛත්‍රී බලාපොරොත්තුවන  හැමෝම එකතුකරගෙන හැමෝටම ගැලපෙන ආර්තිකයක් ගොඩනැගීමට කතාකිරීම විහිලුවක් බවයි. යූ එන් පිය නිදහස් වෙළඳ ආර්ථිකයක් ගැන විශ්වාස කරන අතර අනෙක් කොටස් එය විශ්වාස නොකරයි. ඒ උනත් වසා දමා තිබුනු හිඟුරාන සීනි කම්හල මේ ආන්ඩුව යටතේ නැවත ඇරඹුනු බව කියනවා. බාහුත් කියල තිබුනෙ නසසපයත් යම් කොන්දේසි යටතේ ප්‍රජාතාන්ත්‍රික විප්ලවයට සහය දෙන්න කැමතියි කියලයි.
                                                                  * * * *

මේ දිනවල ලංකාවේ දේසපාලනේ ගැන උනන්දුවක් තියෙන සෑම කෙනෙකුම තුළ
 කැකෑරෙන ප්‍රස්නේ තමයි!

ආයේ පොර එයිද?   ආයේ පොර එයිද?      ආයේ පොර එයිද?

ඇවිත් තුන්සරණයි, දෙවි පිහිටයි කියල මයිත්‍රීව හිරේ යවල හිටං වැඩ පටං ගනීද කියල.

ජනවාරි 8දා සිදුවූ ඒ මහ නිහඬ විප්ලවය
ජනතාව තැබූ බලාපොරොත්තු
මරබියෙන් තොර සාමකාමී නිදහස් රටක්
තියෙන දෙයක් කාල ඔහේ වැටිල ඉන්නතැනක් වෙනුවෙන් ජනතාව දේශපාලකයින් කෙරේ තැබූ විශ්වාසය
විනාශ වේවිද? නැවතත් ගොම රිටි උඩ ඇවිත් උපාසක ඇඳුම් අඳින මිනිමරුවන් කුඩුකාරයින් ගුරුවරුන් දණගස්වන එවුන් නැවතත් රජවේවිද?  නීති විද්‍යාලයේ විදුහල්පති විසින් හොර නීති උපාධිය පුදා නොනැනවතී හොර ඇදුරන් විසින් ආචාර්‍ය උපාධියත් පුදදේවිද? තමා විසින්ම මිනිසුන් ගස් බැඳගනීවිද? කැලෑවල්වල එයා පෝට් හදයිද? සුදු වෑන් මිනිමරුවන්ව පොලෝසියෙ ලොක්කොම ඇවිල්ල බේරගෙන යන රටක් යලි ඇතිවෙයිද? අපේ බදු මුදල් වලින් අපිටම දන්සල් දෙන, අයවැයෙන් 70%ක පාලනය එක පවුලක් යටතට පත්වෙයිද?

කවුරු දිනයිද, මහ ඡන්දෙන්? මෙවැනි දුස්කර ප්‍රස්නෙකටත් සරල වචන දෙකේ තුනේ උත්තර තියෙනව. 

කියන්න බෑ අනේ!,
දන්නේ නෑ අනේ!, 
ටයි ටයි වගේ නේද, 
ෆොටෝ ෆිනිශ්.
පාලක පක්ශය දැනටමත් පත්වෙලා ඉවරයි, දැන් තියෙන්නේ විරුද්ධ පක්ශය තෝරන්නයි ?

ආදී වශයෙන් මොකක් හෝ කටට එන දෙයක් කියල ශේප් වෙන්න පුලුවන්.
එහෙත් දයල් බතී වැනි ලූලා නැති වලේ පණ්ඩිතයෙක්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තුවෙන නිසා සූටිත්තක් එහාට එහාට යන්න බලාපොරොත්තුවෙනව.

කිව්වම මොකෝ. මාත්  මීට අදාල ප්‍රවෘත්ති, චන්ද ප්‍රතිපල, බ්ලොග් සටහන් හා කොමෙන්ට්ස්ද,
සාකච්චා හා සම්මන්ත්‍රණවලට සවන්දීමෙන් මක්ක වෙයිද කියල බලාගෙන
ඇන්ටෙනා එක 24/7  දාගෙනම තමයි ඉන්නේ.
 මේ අතරතුර පරණ ඡන්ද ප්‍රතිපලත් බැලුව.

එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කළ 2010 මහ ඡන්දෙ ප්‍රතිපල,
ඉන්පසුව පැවතුනු පලාත්සභා ඡන්ද ප්‍රතිපල ,
(ඒවා අතරින් රෙජිමයේ බලපරාක්‍රමය පල්ලමට යෑම ඇරඹුනු ඌවේ ඡන්දය විශේෂිතයි.)
ජනවාරි 8දා ජනතා විජයග්‍රහනයේ ඡන්ද ප්‍රතිපල

2010යේ රටේ තත්වය එමෙන්ම
2015දී අවුරුදු 9ක පාලනයෙන් පසු රටේ කෑකෑරෙන ප්‍රශ්න හා තත්වය. ප්‍රතිපක්ශ දේශපාලන නායකයින්ගේ විශ්වාසය, තර්කයේ නිරවද්‍යභාවය සන්නිවේදනය, අධිෂ්ටානය හා කැපවීම ගැනත් හිතුව. පොර ආයේ ඒවිද යන්නත් සලකා බැලුව

මහින්ද ලොක්ක අගමැති නොවන පැත්තට ගොඩ නගන තර්ක.

1. ජනවාරි 8දා ඔහු ඡන්දෙට ආවේ ගන්න පුලුවන් හැම වාසියම අරගෙන. එහෙම වෙලත් පැරදුනු එකේ හුලං ගිය මහින්දට එජනිසෙ ගොඩදාගන්න පුලුවන් වෙයිද, බෑ!
2. ජනපති මෛත්‍රීගේ ආශිර්වාදය නොලැබී යාම හා මෛත්‍රී ප්‍රසිද්ධියේ මහින්දව ප්‍රතික්ශේප කිරීම.
3. එජනිපය හා ශ්‍රීලනිපය මහින්ද පාර්ශවය හා මෛත්‍රී පාර්ශවය ලෙස දෙකට කැඩීම
4. ජනවාරි 8 දාවන විට සිටි එදා ආණ්ඩුවේ පතාක යෝධයන් අද චෝදනාවලට ලක්ව නීතියේ දඬු අඬුවට අසුව තිබීම
5. රාජපක්ෂවරුනට එල්ලවී ඇති චෝදනාවල බරපතලකම- මහින්ද පාක්ෂික ඡන්දදායකයින්ගේ විශ්වාසය බිඳී යාම
6. මහින්දට හා එජනිපෙට එරෙහිව ගොඩනැගී ඇති පුලුල් පෙරමුණේ විශාලත්වය හා නායකයින්ගේ විශ්වාසය හා අධිශ්ඨානය
7. රනිල් ඇතුලු යහපාලන කණ්ඩායම සිය බලය පතුරවමින් තිබීම
8. එජනිපෙ ශ්‍රීලනිපෙ බුලත් කොලේ යම් ප්‍රමාණයක ආසන දිනාගත්තා වුවද මෛත්‍රී කණ්ඩායම හා අප්පච්චි මලෝ කණ්ඩායම පැති මාරුකර ජාතික ආණ්ඩුවක් හැදීමට ඇති හැකියාව.

දැනට පෙනෙන තත්වය අනුව නම් ද්‍රවිඩ සන්ධානය හා ජවිපෙ ආසන 30ක් පමණ සතුකරගන්නා බැවින් දැනට තිබෙන අවාසිදායක තත්වය හමුවේ එජනිපෙ 113ක් ලබාගනීවි යයි හිතන්නට අමාරුයි. ඌවේන් නැගගෙන ආ රටාව අනුව හා පවතින වාසිදායක තත්වය අනුව යූ එන් පියට පමණක් මුලු ඡන්ද ප්‍රමානයෙන් 40%ක් පමණ ලබාගත හැකි වනු ඇත. යහපාලන සන්ධානයට එක්වූ හෙල උරුමය, හිරුනිකා, රාජිත හා අර්ජුනගේ  බලය නිසා එය 50%ට ලංවනු ඇත. යම් හෙයකින් යම් වැඩි ආසන සඞඛ්යාවක් මහින්ද ප්‍රමුඛ සංධානය දිනාගත්තද ඉහත 8 වෙනි කාරනාව නිසා වැඩක් නොවනු ඇත.

අපේ සහෘදයන් විසින් මා නොදුටු පැතිගැන සිතා බලා තවත් මේ සංවාදය පෝෂණය කරනු ඇතැයි සිතමි.



Tuesday, July 21, 2015

මනෝ ඉන්දියාවෙදි හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලබයි

දේශපාලනේ නිසා අමතකව ගිය වැදගත් කලා පුවතක්


 චිත්‍රපට අධ්‍යක්‍ෂ සරත් ධර්මසිරි විසින් නිර්මාණය කළ "සූවිසි විවරණ" චිත්‍රපටයේ සම්ප්‍රදායීය උඩරට නර්තන ශිල්පියෙකුගේ භූමිකාව මැනවින් නිරූපණය කිරීම හේතුකර ගනිමින් ආචාර්ය මනෝරත්නයන්  ඉන්දියානු අන්තර්ජාතික බයස්‌කෝප් සිනමා උළෙලේදී  හොඳම නළුවා ලෙස සම්මානයෙන් පුද ලැබීය.
 29 May 2015 0 comment

    මනෝ ඉන්දියාවෙදි හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලබයි
    ඉන්දියාවේ දිල්ලි නගරයේ පසුගියදා පැවැති මෙම සම්මාන උළෙලට මනෝරත්නයන්ට සහභාගීවීමට නොහැකිවූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්‌ වයි. කේ. සිංහ මහතා අතින් එම සම්මානය පෙරේදා (27දා) සවස කොළඹදී පැවැති විශේෂ ප්‍රණාම උත්සවයකදී මනෝරත්නයන් වෙත ප්‍රදානය කෙරිණි.
    මම චිත්‍රපට කීපයක රඟපෑවත් "සූවිසි විවරණ" ප්‍රධාන චරිතයක්‌ රඟන ප්‍රථම චිත්‍රපටය. පළමු ප්‍රධාන චරිතයට හොඳම නළුවා ලෙස විදෙස්‌ සම්මානයක්‌ ලැබීම සතුටක්‌ යෑයි ආචාර්ය මනෝරත්නයන් කීවේය.
    ප්‍රංශ, ඉතාලි චිත්‍රපට දෙකක්‌ සමඟ ඉන්දියානු චිත්‍රපට තිස්‌ ගණනක්‌ මේ උළෙල නියෝජනය කර තිබෙනවා. දැන් මගේ වයස අවුරුදු හැටපහක්‌ පැනලා. මේක ගැඹුරු මාධ්‍යයක්‌. මෙතරම් කලක්‌ කළ අභ්‍යාසයන්ගේ ප්‍රතිඵලයක්‌. විදේශීය ජූරියක්‌. මාව හඳුනන්නෙත් නෑ. එවන් තත්ත්වයක්‌ මත මේ සම්මානය ලැබීම වැදගත්.
    ජයලත් මනෝරත්නයන් මෙම සම්මානයෙන් පුදලැබීම අගයමින් පේරාදෙණිය විද්‍යාර්ථීන්ගේ සංගමයේ කොළඹ ශාඛාව විසින්ද ගෞරව ප්‍රණාම පුදකිරීමක්‌ සිදුකෙරිණි.

    Tuesday, July 14, 2015

    අටුව කඩා -පුටුව හදා- පුටුව කඩා........ New Lego work by the new president on the levelled playing field

    යාන්තං ඇති නිශ්ශබ්දතාවයට තිත තිබ්බා.
    ආර් ඒ සිරිසේන නොව මෛත්‍රීපාල සිරිසේන ජනපති ලේකම් කාර්‍යාලයේ වැඩ වසන බව අපි දැනගත්තා.
    මොකක් හෝ කිව්වානේ. අපි ෆුල් සැටිස් උනත්
    පසුගිය දවස් 150 ඇතුලත සිදුවු දේ දිහා මැදිහත්ව බලනවිට විශේෂයෙන් නීතියේ ආධිපත්‍ය තවම ස්වාධීනව ක්‍රියාත්මක නොකෙරෙනබව ආදිය දකින විට
    තිබිච්ච ලිගෝ කෑලි ටිකම සූටිත්තක් එහා මෙහා කරලා අලුත් සෙල්ලම් ගෙයක් හදන්නදැයි කියා කෙනෙකුට හිතෙනවා. ඒත් කලින් වගේ නොවෙයි සෙල්ලමේ නීති රීති හැමෝටම සමානයි. 
    අපි බලමු අලුත් ගේ කෝමද හැදෙන්නේ කියල!
    හැබැයි රජෝ
    එකක් පැහැදිළියි ජනපති බලතල තවමත් අසීමිත බව. 
    නොමිනේසොන් සිඟමින් දෙපතුල ලඟ වැඳ වැටුනේ ඇයි දැයි දැන් අපට තේරේ.
    සෙල්ලම් නෑ කොල්ලෝ. 

    *******
    යූ එන් පීකාරයන්ද දේශප්‍රේමය හඳුනන බව මා දැනගත්තේ එන් එම්ගේ අවමගුල් උත්සවයේදී ජේ ආර් තුමා- එවකට ජනපති- කළ කතාවේදීය. ජේ ආර් කීවා, එන් එම් ඔබ නියම දේශප්‍රේමියෙක්, ඔබ රටවෙනුවෙන් කල යුතු ඔබගේ කොටස නිසි පරිදි ඉටුකළ දේශප්‍රේමියෙක් කියල...
    මගේ මස්තිෂ්කයේ වැසී තිබුනු ගල්දොරක් ඩයිනමයිට් දමා බෝරගසා කඩා දැමූ බවක් දැනුනි.
    දේශප්‍රේමයට
    ඉනවට සරම අන්දා 
    කරවට සාටක දමා (දැන් සමහරු සපත්තු මේස් ගලවන්නද සූදානම් වේ) 
    අපව හොඳට අන්දා 
    තියෙන බැවින් මොකා මොකට එනවද කියා තෝරාබේරා ගන්නට බැරි ගතියක් අපට තිබෙන බව ඇත්තය.
    ඒ සමගම මගේ මතකයට එන්නේ
    මේ සිංහ ටෝක් නිසා රට පල්ලමට ගියත් මට මතක ඇති කාලේ දේශපාලකයින් දෙපොලක් දුන්න, සිංහ ටෝක් දෙකක් තියෙනව.
    1. යුද්දෙ ඕන නම් අපි යුද්දෙ දෙනව සාමේ ඕන නම් අපි සාමේ දෙනව
    2. අපේ කෙනෙකුට හරි අත තියෙල තිබුනොත් 50000ක් හමුදාවට බන්දල එල් ටී ටිය සමූලඝාතනය කරනව.

    පලමුවෙනි සිංහ ටෝක් කාරයා රටේ පලමු ජනපතියි. 
    දෙවැනි සිංහ ටෝක් එක දුන්නු ඇත්තටම යුද්ධ නොකරන්න හිටපු මහින්දගෙත් බොක්ක රත්වෙන්න කතාකරපු ඒත් අද කොහේ යනවාදැයි නොදන්න සෝමවංශ අමරසිංහයි. 
    සෝමවංශ අමරසිංහ ජේ වී පී එකේ සිටිය තාක් කල් ඔහුගේ ප්‍රකාශයන්ට විශාල බරක් ලැබුනි.

    Wednesday, July 8, 2015

    මෛත්‍රීයි- ආර් ඒ සිරිසේනගෙයි ඩබොල් ගේම් එක Double game of the Double My3 and Dummy RA Sirisena

    මෛත්‍රීව හංගගෙන
    ආර් ඒ සිරිසේන ටෙලිෆෝන්වලට උත්තර දෙන්න එවනවද ,
    මීටිංවලට එවනවද මන්ද ;
    මේ වෙන වැඩ වල හැටියට.!
    අපි ඔක්කොම අන්ද මන්ද වික්ශිප්ත වී අඤ්ඤකොරොස් වී චකබ්ලාස් වී අබසරනවී ඇත.

    හිටපු ජනපතිගේ ප්‍රචාරක මැෂිම හෝ හෝ ගාල වැඩ
    දුන්නා
    දුන්නා
    හැන්දෑවට දෙනවා,
    පලුවක් මහින්දට
    හෙට දෙනවා,
    දුන්නා දුන්නා,
    අත නැත්නම් බුලත් කොලෙන් ඒම් නැත්නම් මල් පොහොට්ටුවෙන්
    රට කළඹා එනවා
    කැපුවා, නෑ කෝකටත් කියා කපලා නෑ
    මෛත්‍රීව විශ්වාස කරන්න එපා. ආප්ප කාලා පැන්නා.
    ඒ ගොල්ලොම කියනව ඔහුට ලැබුන ජනවරම පාවා දුන්නා.
     මෛත්‍රී හරීම නරකයි.
    මේවා මහා පච ප්‍රචාරබව කාටත් දැන් තේරෙනවා

    කෝම නමුත් මෛත්‍රී අතිවිශාල මෙව්ව එකකට භාජනය වෙලා කියල නම් පේනව.
    සෝභිත හිමි තරහ වෙලා
    රතන හිමි වදාරනව රනිල්ට වැඩියෙ මහින්ද හොඳයි කියල-  මේ 150 තෙක් දික්වූ දවස් සීයේ ප්‍රතිපලද?
    රාජිත කිව්ව 20න් මෙහා අපි පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ කියල.
    ඒත් විසිරෙව්ව. 19 යාන්තං ගොඩ දාගත්තා.
    (18ට අත් උස්සපු අය හොඳට ආයි අත් ඉස්සුව)
    20 සංශෝදනේ ඉස්සරහට ගෙනියගන්න බැරි උනා.
    ශ්‍රීලනිපයේ පිරිසක් රනිල්ගේ සැලුන් දොරෙන් ඒ පැත්තට යනව.

    යූ එන් පියේ ගොඩ ලොකු වෙන සුළඟක් හමන බව පේනවා. හිටපු ජනපති සමග ඔහුගේ Xකයා කල්ලිය ආවොත් සන්ධානයට එකතු උනොත් සුළඟ තවත් තදින් හමන එක ඒකාන්තයි.

    ජනවාරි 8 නිහඬ විප්ලවය පාවාදුන්නා කියල කස්ටියක් බැන අඬගහනව.
    මෛත්‍රීද ආර් ඒ සිරිසේනද මන්ද කියල තියෙනව ජනවාරි 8 විප්ලවය පාවා දෙන්නේ නෑ කියල.
    මෙවන් ප්‍රශ්නයකට මැදිඋනු ප්‍රථම රාජ්‍යනායකයා වෙන්න ඇති. පවුල්වාදයට, හොරකමට, අවනීතියට, අක්‍රමිකතාවයට, අනාරක්ෂිතභාවයට රාජ්‍යායතන කඩාවැටීමට එදිරිව  62ලස්සයක ජනතා පැතුම් කරපින්නාගෙන සිය දිවි නොතකා වැඩකළ දහස් ගානක් ස්වේච්ඡා ක්‍රියාකාරීන්ගේ කලාකරුවන්ගේ අපේක්ෂා කරපින්නාගෙන මේ තරම දුර ආ ඔබට දැන් යන්නට වී තිබෙන්නේ දුර්ඝයකය. ඒක හැමෝම පිළිගන්නව.
    පවුල්වාදයට යලි ඉඩ දෙන්නේ නෑ කියල මෛත්‍රීද ආර් ඒ සිරිසේනද මන්ද කියල තියෙනව.

     මේන්න මේ කාරණාව ගැන සිතා බලන්න.

    ජනපතිගේ පැවැත්ම පහසුවන්නේ ඔහුට විශ්වාසවන්ත පාර්ලිමේන්තුවක් සිටියොත් පමණයි. 19 න් මෙන්ම 20න් පෙනීගිය කාරණා අනුව මෛත්‍රී යම් යම් නිගමනවලට එන්න ඇති. පාර්ලිමේන්තුවේ සමබර තාවය වැදගත්, එක පැත්තකට වැඩි බලයක් ගියොත් ප්‍රශ්නයක්.

    ශ්‍රී ලනිපයේ ගෞරවය ගැන කුහුඹු මොලයක් තරම්වත් තිබෙන කෙනෙකුට තේරුම් යා යුත්තේ ශ්‍රීලනිපය නවයුගයේ පක්ශයක් ලෙස ඉදිරියට යන්නටඕනෑ නම්; අපේක්ෂාකරනවා නම් මහින්ද පාර්ශවය වෙනම තරඟකිරීම වඩා සුදුසු බවයි. ඉදිරියේ ඇතිවන ජාතික ආණ්ඩු හෝ යූ එන් පී ආණ්ඩුව යටතේ කාටකාටත් පාර්ලිමේන්තුවේ පිළිසරණ ජනපතිතුමාගේ සෙවන ඕනෑ වී ඇති හැටියකි.  මහින්දගේ ඇඟේ එල්ලාගෙන ඉන්නා මැක්කෝ හලන්නට මහින්දට සිදුවෙනු ඇත.

    මං නං කියන්නේ ආයිබෝං මේ ගේම් එක- විසුලු භියකරු නාටකය තාම ඉවර නැත.
    මෙයට එදිරිව අපේ රටේ ජනයාගේ පීඩනය එන තරමට මෛත්‍රීට ලේසියි.

    අවසානයේ ආර් ඒ සිරිසේන පරදවා මෛත්‍රීපාල සිරිසේන ජයගනු ඇත.
    එය දිවි නොතකා සටන් කළ ජනයාගේ දිනුමයි







    Wednesday, June 24, 2015

    කිරි දියෙයි දෙවියත්?




    කිරි දියෙයි දෙවියත්?
    ..................................

    බලමු අපේ රසිකයො ඊලඟ පදය සම්පූර්ණ කරයිද කියල.?

    (කිරි දියෙහි දෙවියත් කියන කවි පදයත් අල්ලගෙන දෝශාරෝපනේකුත් ලංකා ඊ නිව්ස් එකේ මාස දෙකකට වගේ ඉහතදී තිබුනා මෛත්‍රීට එරෙහිව. මහිතන්නේ මෛත්‍රී ඒකෙන් කොහොම හරි ගොඩගියා.)

    අපේ ඉස්කෝලේ හැමතැනම ඒවගේ උපහැරණ, කවි, ආප්තෝපදේශ,
    රාමු කරල කුළුණුවල එල්ලල තිබුන.
    ඒකයි මට මේ කවිය මේතරම් මතක.

    ගුත්තිල කාව්‍යයේ තමයි මේ කවිය තියනවයි කියන්නේ.

    මං මේ කැරකිල ආවේ වෙන කතාවක් කියන්න,
    සුපුරුදු පරිදි දේශපාලනේට.

    කිරිවලින් හේදුවත් අඟුරු සුදු වේද ඉතින් ඒ වගේම
    ලංකාවේ කොච්චර කලත් හරියන්නෙ නැති දේවල් කීපයක් තියෙනව.
    ඔබත් මේ ගැන හිතල ඇති, බලන්න මෙන්න මේ කාරණා කීපය.

    1. නවක වදය

    2. පොලිසියෙන් සැක කරුවන්ට ගහන එක

    3. පෝලිමේ ඉන්න බැරි එක- පනින්නමයි හිත. පැනිල්ලමයි වෙන්නේ

    4. මේ පාර්ලිමේන්තුවෙන් ජනතාවට හිතකර තීන්දු බලාපොරොත්තු වෙන එක

    දැන් චිරාත් කාලයක් තිස්සෙ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය දෙනව නවක ශිෂ්‍යයනට. බලාපොරොත්තු වෙන්නේ මොනවද? හැමෝම සමානත්වයට ගන්න.
    ඉතින් මෙපමණ කලකට නවක වදය දීල තියෙන තරමට ලංකාව ෆුල් සමාජවාදී කොමිනිස් රාජ්‍යයක් වෙන්න එපායෑ. ඒ නිසා නවක වදය යනු පරපීඩක මොකද්ද එකක් මිස කෙල්ලෙක් යාලු කරගන්න උප්පරවැට්ටියක් මිස වෙනෙකක් නොවේ.
    ඒ නිසා නවක වදය කොච්චර කලත් වැඩක් නැත. එය නම් කිරිවලට අඟුරු දැමීමකි
    දෙලොවටම වැඩක් නැති යල් පැනගිය අමානුශික ක්‍රියාවකි. මං කලිනුත් මේ ගැන ලියල තියෙනව ; අවුරුදු බර ගානකට පෙර අපේ කාලේ රැග් නවත්තන්න ''අපේ'' කාලෝ ෆොන්සේකා මහත්තය  අපේ විශ්ව විද්‍යාලවලට ඇවිල්ල කරපු කතාවක කෑල්ලක්.
    ඔහු අරගත්තේ ග්‍රීක උපමාවක්
    "කොල්ලෝ ගෙම්බන්ට ගල් ගසන්නේ විහිලුවටය. ඒත් ගෙම්බන්ට රිදෙන්නේ ඇත්තටමය"

    සමහර ශිෂ්‍යාවන් ශිෂ්‍යයන් රෝහල් ගතවෙනව, සමහරු මරණයට පත්වෙනව, අම්මපල්ල මේ රැග් කරන එවුන්  විස්සද්‍යාලේ තියා අම්බලමකටවත් වැද්දගන්න වටින එවුන්ද?
    අම්මලගෙ කිරි බීපු එවුන්ද?

    (මට අතුරු ප්‍රශ්නයක් තියෙනව.  නවක වදයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පෞරුෂයට යම් බලපෑමක් එල්ල කරන බැවින් ජනවාරි 8දා සිදු වී යයි කියන කුමන්ත්‍රණය නැවතුනේ කා නිසාද ඒ අය විශ්ව විද්‍යාලයේ නවක වදයට අසුවූ අයද කියා සොයා බලන්ට වටිනවා.  මේ පිරිස එනම් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි වෘත්තිකයින් පිරිස අපේ විශ්වවිද්‍යාලවලට ගිය පිරිසක්ද කියල.)

                                                                        ****
    ධර්ම චක්කරේ වම් හෝ දකුණු අතේ එම්බ්‍රොයිඩර් කරල කාකි සූට් එකේ අලවල තිබුනට අධර්මිෂ්ඨ වැඩක් ගැන තමයි අද කතාව. ඇඟට අමාරු දවසක සමහර අය කියනව අහල තියෙනව පොලිස්සියෙන් ගුටිකෑව වගේ කියල. හොරකම් අල්ලන්න යයි පොලෝසියේ කස්ටිය අල්ලාගත් සැකකරුවන්ට  දසවද දීම දැන් චිරාත් කාලයක් තිස්සේ සිදුවේ.
    ඒ නිසාවෙන් හොරකම් අඩුවී නෑ නේද ?
    ඒ නිසා සැකකරුවන්ට වදදීමේන් කිසි පලක් නැත.
                                                                        ****

    පෙට්‍රෝල් ශෙඩ් එකට ගියත් බැංකුවට ගියත් ළමයි ඉස්කෝලේ දාගන්න ගියත් රස්සාවක් ගන්න ගියත් පෝලීමෙන් පනින්න පුලුවන් එකා තමයි දිනන්නේ. වැදගත් ලෙස පෝලිමේ සිටියාට වැඩක් නැත. මහ එවුන් පෝලිමෙන් පනින විට පොඩීවුන් එය කොපි නොකරාවිද?

                                                                       ****

    අනෙක මේ වත්මන් පාර්ලිමේන්තුවෙන් ජනතාවට හිතකර තීන්දුගන්න උදව්කරයි යන බලාපොරොත්තුව. දවල් හීනයක් පමණි. ජේ ආර් තුමා එම් ආර් තුමා ඒ අයගෙන් වැඩ ගත්තේ ලියුම් හා ෆයිල් පෙන්වමිනි.
    ඒ අයට මොනවා දුන්නත් දැන් වැඩක් නැත. අනෙක බොහෝ දෙනා දන්නවා මේ යන්නේ අවසාන ජොලිෆුල් කාලය බව. පාර්ලිමේන්තු  නැවත නො එන බව.
    එකනේ ලඟදී නැටුවේ මාර නාඩගමක්.
    කිරිවලින් හේදුවත් අඟුරු සුදු වන්නේ නැත.


    19 තරමකින් ගොඩ දාගත්තා. ?
    20 යම් තරම්කට ගොඩ දාගත්තා. ????
    පාර්ලිමේන්තුව විසුරුවන්න දැන් කාලය පැමිණ ඇත.
    මං කීවත් නොකීවත් දැන් වෙන්ට තියෙන දේ ඒකයි.

    Saturday, June 13, 2015

    මරබිය චක්‍රය-cycle of fear for your life to continue if you are not vigilant?


    උපුල්වන් දෙවියන්

    හා ගල් පෝරියල්

    අමු සමග ඩිනාර්, ඩොලර්

    ඇල්කොහොල් සමග කක්කා?

    මග එනවා 

    ඇහැරිලා බලපන්?

    ප්‍රොෆ් සරත් විජේසූරිය

    රඟන්නේ

    එකල කාලෝ රැඟු චරිතයයි.

    කාලෝ

    ඔබට මක්ක වෙලාද?


    පුදුමයි!

    හොඳ සිහියෙන්ද?


    Monday, June 8, 2015

    මං රාහුල, සිදුහත්ගේ පුතා... ඔව් එකම පුතා

                               


    හැමෝම ..

    මුලු ලෝකයාම

    දැන් දැන්  සිදුහත් ගෞතමයානන්ට ආදරේ කරන්න

    පටන් අරගෙන

    ලොකු  පොඩි පිළිම

    කඳු උඩ

    හංදි ගානේ

    බස් නැවතුම් ගානේ

    අහස සිඹින

    දා ගැප්

    වෙහෙර විහාර

    හ්ම් .....
    දාන මාන
    පිරිකර,,
    මගේ පියාගේ නාමෙන්....

    ඒත්..

    මට ඉරිසියාවක් නෑ ඒ ගැන

    සිදුහත් ගෞතම කියන්නේ මගේ පියා

    ඔහු මට කළ

    මගේ මවට කළ

     අසාධාරණේ

    ගැන කතාකරන්න

    ඔව් මහා අසාධාරණේ ගැන

    වසර ගනනාවක් මුලුල්ලේ අපි වින්ද වේදනාව ගැන කතා කරන්න

    එක උපාසකයෙක්වත්

    එක උපාසිකාවත්වක්

    රහත් පලය මග පල ලැබූ උතුමෙක්වත් හිටියේ නෑ

    තවමත් නෑ

    මගේ යාලුවෙක් යාලුවෙක් හිටිය එඩ්වර්ඩ් කියල

     එඩ්වර්ඩ්ගෙ පියාගෙ නම කාර්ල් මාක්ස්

    මගේ යාලුව කියන්නේත් ඒ ටිකමයි

    මගේ පියාටවත් මෙය තේරුනාද

    අනේ මන්ද?

    මොන පිටකයේද අපි ගැන තියෙන්නේ

    අපි වින්ද වේදනාව ගැන තියෙන්නේ?

    මගේ පියා කොහොම හරි නිවන් ගියා

    එතකොට මං

    මගේ දුක් වින්ඳ ආදරණීය අම්ම??



    Tuesday, May 26, 2015

    ඇස් නැති කන් නැති නාසා නැති බඹ ලොව ජීවීන් වගේ අපේ ජීවිතේ මල්ලී!! A Bloody Hell on Earth

    Meethotamulla garbage dump: tense situation in Kolonnawa

    http://srilankans.com.au/sri-lankan-news/ada-derana-news/anger-over-kolonnawa-garbage-dump?page=33


    මෛත්‍රී - රනිල් මැතිඳුනි

    කොළඹට ගලක් ගහන් දුරකිනි
    මේ මහ විනාශය සිදුවී ඇත්තේ
    අහස පොලොව නුහුලන අපරාධයකි
    සිදුව ඇත්තේ

    වී ඇති පරිසර විනාශය
    වදන් මදිය විස්තර කරන්නට
    හුස්මක් ගන්නට බෑ මිනිකුණු ගඳයි
    ලෙඩ රෝග බෝවෙලා පවුල් නැතිවෙලා
    ලින් වතුර බොන්නට බෑ විශ වෙලා
    පාසල් වසලා ගන්දස්කාරේ ඉවසන්නට බෑ
    පන ඇති මිනිහෙකුට ඉන්නට බෑ පලාතකවත්
    මිහිපිට නිරයකිය

    පසුගිය රජයේ ප්‍රතිපත්තියමද
    ඔබලාගේ ප්‍රතිපත්තියත් ?


    කවුරු හෝ බොරදියේ මාලු බානා හැඩයි
    නැතිනම් සාධාරණ විරෝධතාකරුවන්ට 
    තුවාල කරන්නේ 
    දඬුවම් කරන්නේ කවුද?

    නොපමාව පියවරක් නොගත හොත්
    අබ සරණයි කාට කාටත්

    -----------------

    Meethotamulla garbage dump:Kolonnawa UC files action against CMC

    Kolonnawa Urban Council Chairman, D.P. Ravindra Udayashantha and Councillor Saliya Wickremesinghe filed a complaint against Colombo Municipal Council Mayor A.J.M. Muzammil with the Human Rights Commission with regard to the Meethotamulla garbage dumps that worsen by the day due to the CMC dumping more than 1,500 tonnes of garbage daily.