Followers

Sunday, January 25, 2015

මගෙ තරහ කාරයෝ-1

Image result for image of swrd bandaranayaka

අපේ තාත්තා තද සිරිලංකා කාරය, 
හැබයි අපිට කියල අබ ඇටේක දෙයක් විශේෂයෙන් ලැබිලා නෑ. 
ඉතින් මාව රැස්වීම් බලන්න එක්ක යනව. සුදට සුදේ බැබලෙන තට්ට්ය දිලිසෙන පොත් රාසියක් ලියපු  ඉලංගරත්න මහත්තයව අපිට පෙනුනෙ දෙවියෙක් වගේ. ඇන් ඇම් කතාකරනව අහන්නත් ආසයි. කඩල කරත්තෙන් ගන්න  දුම් දමන තම්බපු කඩල ගොට්ටකුත් ලැබෙන නිසා මං ආසයි ඒවට යන්න. අනෙක් සෙනඟ පිරිල ඉතිරිල.
අම්මගෙ පැත්තෙන් සීය, යූ එන් පී, ඒ කියන්නෙ ඩී එස්ගෙ කස්ටිය. ඉඩම් හම්බවෙලා පොලොන්නරුවෙ ඕනෑගම් ගිය සීයගෙ(අම්මගෙ පැත්තෙන් ආච්චිඅම්මගෙ නංගිව විවාහ වී සිටි) පාට මා දැනගෙන හිටියෙ නෑ. හැබැයි එයාගෙ ලොකු පුතා ජේ වී පී හිරේ ඉඳල ඇවිත් මොන පාටට ගියා දැයි මතක නෑ. දෙවැනිය සිරි ලංකා. එයා 88-89 ආගිය අතක් නෑ. අහන්න කෙනෙක් හිටියෙත් නෑ. ඒ මාමව තවම හොයනව. තන්තෝසයි දැන් ඉන්නව ජනපති කෙනෙක්ම, ඒ පලාතෙන්.

ඉතින් අපේ රට දුප්පත්වෙලා තියෙන්නෙ, අපි දුප්පත් වෙලා තියෙන්නෙ බණ්ඩාරනායක මහත්තයව මරපු නිසා කියල තමයි එදා තාත්තා කියපු කතාවලින් මං තේරුන් ගත්තේ. බන්ඩාරනායක මහතාව ඝාතනය කල සෝමාරාමය ගැන මට මාර තරහක් තිබුනේ.

ඉතින් ඒ වගේම මට තරහක් තිබුන ආනන්ද හාමුදුරුවො එක්ක. 
බුදුහාමුදුරුවො තමන් වහන්සේ  පිරිනිවන් පානවා කියා දෙසූ වෙලාවෙ ආනන්දට මාරාවේශවෙලා හිටියෙ නැත්නම් බුදු හාමුදුරුවො තවම වැඩ වාසය කරමින් දම් දෙසමින් ඉන්නව නේද වැඩහිටිය නම් ඔක්කොම නිවන් දකිනව නේද කියල හිතුනාම.

පස්සෙ විස්ස විද්‍යාලෙදි ඔය මාක්ස්වාදය ගැන මුලින් ඉගෙනගන්න කොට හිතුනෙ මාක්ස් තවම හිටියනම් කියල. පසුව මට තරහක් ආවා ට්‍රොට්ස්කිව මෙක්සිකෝවෙදි ඔලුවට් අයිස් පොරවෙන් ගහල ඝාතනය කරපු ගහලය ගැන.

පසුව බණ්ඩාරනායක මහත්තයව පේන්න ගත්ත තරහ කාරයෙක් හැටියට. ඒ මොකද එයා සිංහල පමණක් රාජ්‍ය භාශාව කල නිසා.
1983 මගෙ විශ්ව විද්‍යාල පලමු වසර. 1983 ඇතිවෙච්ච මහ විනාශ මාව වෙනස් කළා.

16 comments:

  1. මට යු එන් පී කාරයෝ ගැන පුදුම තරහක් ආවා උන් ගිය පාර දින්න වෙලාවේ අපේ පන්සලට ගහපු නිසා

    ReplyDelete
    Replies
    1. @ අටමා
      ඇයි ඔයා ඒ වෙලාවේ පන්සලේ තියන දෙයක් අතගාගන එන්න ගිහිල්ලා ඉඳලා, අර ගහන්න ආපු යූඑන්පී කාරයන්ගෙන් අම්බානක ගැටි කෑවද?

      Delete
    2. ඔව් මචං අපරාදේ මටත් තිබුනේ උඹ මේ හැංගිලා ඉන්නවා වාගේ හැංගලා ඉදගන ගේම දෙන්න

      Delete
    3. එදා තිබුනු යූ එන් පිය දැන් නම් වෙනස්වෙලා,
      ඒ , ජනතාව දැනුවත් වීම හා බලපෑම නිසා,
      28 පාරක් පැරද්දුවෙ නිකම්ම නොවෙයිනේ.

      Delete
  2. නිදහසෙන් පස්සෙ මේ රට විනාශ කළේ මේ ගොන් බන්ඩා...

    ReplyDelete
    Replies
    1. සිංහල පමණක් රජ බස කිරීම නොවුනා නම්..
      ලාබ ඡන්ද ගැනීමේ ව්‍යාපාරයක් නොවුනා නම්..
      බලය විමධ්‍යගතවීමට සැලැස්මක් ක්‍රමවේදයක් ඇතිකළා නම්
      උතුරේ දෙමළ ජනයාව ඇන්දවීමට එහි බලලෝභී උන්ට අවස්තාවක් නොදුන්නේ නම්..

      Delete
  3. බණ්ඩා තාම මේ සියලු ව්‍යවසනයන්ට වග කිව යුතු.. රට කෑ පොරක්.. අනිත් අය බොරුවට කෑ ගැහුවට..

    ReplyDelete
    Replies
    1. හැබැයි එකක් පැහැදිලියි මරණයෙන් පසු බැංකු ගිනුමේ මුදල් තිබී නෑ

      Delete
  4. බණ්ඩාරනායක ඔය වැඩේ කලත් ඊට පසුව ඇතිවුන ගොඩක් දේවල් වලක්වා ගැනීමේ හැකියාව පාලකයන්ට තිබුනෙ නෑ. වාර්ගික අවුල ඇතිවීම ගත්තොත් මම නං ඒ අපරාධයේ වැඩිම ලකුණු දෙන්නෙ ජේආර් පප්පට‍. බණ්ඩල හදපු දර ගොඩට ගිණිකූර දැම්මෙ ජ‍ේආර්.

    ReplyDelete
    Replies
    1. පොලිසියට හමුදාවට නිවාඩු දෙනවා කියපු මෑන්ස් එයත් මේ ව්‍යසනවලට වගකියන්න ඕනා.

      Delete
  5. සිංහල භාෂාවට නිසි තැන දෙන්න ගිහිල්ලා කොහොමද කර ගත්ත කර ගැනිල්ල?

    ReplyDelete
    Replies
    1. ඔව් අපි අමාරුවෙ වැටුනා
      ජේ ආර්ලා ආවා, මහින්දල ආවා

      Delete
  6. බ්ණඩාරනායක සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළා නොවෙයි. උතුරු නැගෙනහිර වැඩ කටයුතු කෙරුණේ සිංහලෙන් ද?

    මේ බණ්ඩාරනායක මුව හමට තඩි බෑම නං මට අල්ලන්නේ නෑ. ලංකාව මීට වඩා දියුණු නොවුනේ අපි ඉස්කෝලේ දී සිංහලෙන් ඉගෙන ගත්තු නිසා කියලා කියන එක තරම් අමන කතාවක් නෑ.

    අනික හරියට බණ්ඩාරනායක ස්වභාෂා මාධ්‍ය අධ්‍යාපනය ඇති කරළා, ඒක ව්‍යවස්ථාවට දාලා, ව්‍යවස්ථාව වෙනස් කරන්න 2/3 ඡන්දයක් ඕනෑ කියලාත් නීතියක් දාලා වගේ නේ කතාව. ස්වභාෂා අධ්‍යාපනය වැරදි නම් ඇයි ඉන් පස්සේ ආපු ආණ්ඩු ඒක වෙනස් නොකලේ? තුනෙන් දෙක නැති හින්දා ද?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මොකක්වත් පිළිවෙලට කෙරුන ඒවා නොවෙයි,
      මොහොතට සුව දෙන වැඩ..
      මගේ ප්‍රශ්නේ....

      කොටි ඇති උනේ ඇයි?

      Delete
  7. 2005 මගේ විශ්ව විද්‍යාල ජීවිතේ පළමු වසර... 2009 අවසන් වසර......... ඒත් මගේ වෙනසක් වුනේ නැහැ

    ReplyDelete
    Replies
    1. 83 විනාශය ඔබත් අත් දකින්න ඇති?

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්