Followers

Wednesday, January 7, 2015

යුද්ධය වගේම ජනාධිපති ක්‍රමයත් විකුණං කෑවා ඇති

මෛත්‍රීට තිබෙන්නේ 65%ක ප්‍රමාණයේ රැල්ලකි.
ඒත් මහින්ද 33%ට බහින්නේ නැත.
මෛත්‍රී දිනවිය යුතුය.
ඒකෙ දෙකක් නැත.
ඒත් දැන් තිබෙන තත්වය පැහැදිලියි,
අතීතය පොඩියක් හාර අවුස්සල බැලුවම තවත් පැහැදිලියි.
මහින්ද තමන් පමනක් ශයින් වෙන්න ගියා.
දුර ගියා වැඩියි.
ජේ ආරුත් එහෙමයි
ප්‍රේමෙ ජවිපෙ එක්ක සෙට් වෙලා තමයි ජනපති උනේ.
මහින්දටත් එහෙමයි උනේ.
චන්ද්‍රිකා මහින්දව අගමැති කලේ මෛත්‍රී බෑ කීව නිසයි.
 පසුව  කදිරගාමර්ව සනයිපර් ඇටෑක් එකෙන් ඉවත් කල නිසයි.

මගේ  පලමු මනාපය මෛත්‍රීට දෙවන මනාපය සිරිතුංගට, තුන පෙරටුගාමීන්ට?
මගේ 3න මනාපයවත් මහින්දට නොදෙන්නේ නාමල්ව සින්තටික් ලෝයර කෙනෙක් කරන්න හොරට විභාග ලියූ බැවිනි.

යහ පාලනය යනු 2500% නොව 10% කොමිස් ගැහීම සාධාරණීකරණයද?
මෛත්‍රීගේ කතාවලිනුයි මට මෙය හිතුනේ. අපි කල්පනාකාරීව සිටිය යුතුයි.

18වෙනි සංශෝධනය ඒ අවස්ථාවේම පරාජය කල යුතුව තිබුනා?
 ජනගහනයෙන් 40%කගේ දෛනික ආදායම රුපියල් 250යි.
දිනකට එක් කාන්තාවක් මැදපෙරදිග මරණයට පත්වේ.
ආදී ප්‍රශ්නවලට නිශ්චිත විසඳුම් වෙනුවට අපට සිදුවී ඇත්තේ අපේ ප්‍රශ්න විසඳා ගැනීමට අප විසින් ම ගොඩ නැගූ කෑදර පාලකයෙකු පැන්නීමටයි.

පුරවැසියනි අවදිව සිටිමු.
මෛත්‍රී අහිංසක ගොවියෙකි. ඉංග්‍රීසි බැරිය
ඇට්ටර කෛරාටික  සෙට් එකට මෛත්‍රීව නටවන්න ඉඩ නොදෙමු.

හරියට බැලුවොත් යුද්ධෙට වඩා පාලකයො අපිට විකුණල තියෙන්නෙ ජනාදිපති ක්‍රමය. ඒකාධ්පතියන් බිහිකරන මේ ක්‍රමය ඇතිඋනේ 1978, එදා සිට අද දක්වා, අපිට කියනව මේක අහෝසි කල යුතුයි කියල. යුද්ධෙ 83-ආරම්ඹ වෙලා 2009 ඉවර කලයි කියන්නෙ.
ඒත් මහින්ද කියන්නේ එයා ගිය ගමන් ඒක නැවත එනවලු. ඒ කියන්නෙ යුද්ධෙ සම්පුර්ණයෙන් අවසන් කර නැත. එතන තව අච්චාරුවක් කෙසේ හෝ යුද්ධයක් නම් පේන තෙක් මානෙක නැත.  එකාධිපති ක්‍රමය නම් පේන්න ඇඟට දැනෙන්න පවතිනව.

ඒකාධිපතියන් බිහිකරන ජනපති ක්‍රමය අපට විකුණුවා ඇති.
අපේ ප්‍රශ්නවලට විසඳුම් දැන් අපට ඕනා.
උප්පරවැට්ටිවලට අපි රැවටෙන්නෙ නෑ කියන සිරිතුංගටත් පෙරටුගාමීන්ටත් දෙවන හා තුන්වන මනාප දෙන්නේ එබැවිනි.

13 comments:

  1. මෙත් මල් පිබිදේවා....
    සිත් තුල,
    මෙත් මල් පිබිදේවා...!!!!

    මෛත්‍රී 55% +

    ReplyDelete
  2. රෙද්ද අස්සෙත් එක්ක බෝම්බ පිපිරුනු ඒව අමතකද ?

    ReplyDelete
    Replies
    1. හොඳට මතකයි.. ඒ තුවාල වෙලා තියෙන හිල් වලත් අරින එක නේ ඉවසන්න බැරි...

      Delete
    2. ඔබ හිතනවාද ඔය කැඳ හැළියේ ඉන්න ආඬි හත් දෙනා ඔය හිල් වහයි කියල. ඔබට බුදු සරණයි

      Delete
    3. ඔව් මතකයි. උඹට කෘතගුණ සලකන්න ඕනනම් බිස්කට් පැකට් එකකුයි කෙහෙල් ඇවරියකුයි අරන් හෙට එළි වෙන්න කලින් ගිහිල්ල සලකපන්. රටේ අනාගතයත් එක්ක මෝඩ චුන් දාන්නෙ නැතුව.

      Delete
  3. මෙන්න ඔබ බලාපොරොත්තුවෙන රටේ අනාගතය. ඔබට බුදු සරණයි.

    (Sambandan had disclosed this when foreign correspondents spoke to him after a TNA press conference recently and posed several questions. The questions asked and the answers given by Sambandan are as follows:)

    "YOU KNOW WHAT WE WANT FROM MAITHRI" - Sambandan
    "We do not want pacts or agreements but to achieve our objectives"
    Tamil National Alliance leader Parliamentarian R. Sambandan has told Foreign Correspondents that what the TNA wants is to achieve their final objectives under a future 'Maithree' government.

    Q: Has the TNA signed a pact with Maithripala Sirisena?
    A: What we want is not pacts or agreements but to achieve our objectives when Maithripala Sirisena wins.

    Q: What are these objectives?
    A: That is what we have wanted from the incumbent President for the last 10 years. You all know what it is.

    Q: Supposing those are not given?
    A: When Maitripala Sirisena wins, the Executive Presidency will be abolished. Thereafter, we will gain what we want through the means of Parliament. Our problem is the Executive Presidency.

    Q: What is your opinion about Rauf Hakeem's demand for a separate Muslim administrative unit?
    A: It is not wrong on their part to demand it according to their need.

    ReplyDelete
  4. "යහ පාලනය යනු 2500% නොව 10% කොමිස් ගැහීම සාධාරණීකරණයද?
    මෛත්‍රීගේ කතාවලිනුයි මට මෙය හිතුනේ. අපි කල්පනාකාරීව සිටිය යුතුයි."

    ඔය ටික තේරුම් ගන්න මෛත්‍රීට අවුරුදු 10 ක්ම ගිය එකනේ පුදුමේ.
    මිනිහ බලාපොරොත්තු උනා අගමැති කම. ඒකයි හොරේ.

    ReplyDelete
  5. Younger brother of Common Candidate Maithripala Sirisena was arrested by the police over his alleged involvement in connection with an attack on a residence of a ruling party Pradeshiya Sabha member in Aralaganwila, the police said.

    It was reported that a mob accompanied by Presidential election candidate’s brother Kaplia Sirisena had attacked the residence of the Aralaganwila PS member on 3 January.

    යහ පාලනයක පෙර නිමිති

    The police had initiated a manhunt over a complaint lodged with the Aralaganwila police since Saturday (3) morning, however, suspected Kaplia Sirisena had then surrendered to the police, Ada Derana reporter said.

    The Polonnaruwa Magistrate later enlarged the suspect on a personal bail of Rs. 100,000.

    ReplyDelete
    Replies
    1. How about the things that Rajapakse brothers do. Isn't it better you mind your own business.

      Delete
  6. මෛත්‍රී අහිංසක ගොවියෙකි.///
    කව්රු මොනව කීවත්
    මේ කතාව නං ටොම් ම ටොම් පචය...
    මෛත්‍රී ආවොත් ඔය කියල අහිංසක තරම කොයි තරං ද කියලා දයාල් ටම බලාගත හැක....

    ReplyDelete
  7. සැමටම ස්තූතියි කොමෙන්ට්ස්වලට,
    තව පැය කීපයක් ඉවසමු.

    ReplyDelete
  8. අඩුගණනෙ ස්වාධීනයයි පෙනෙන කොමිශන් ටිකක් හා අධිකරණයක්වත් ලැබෙනවනම්

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්