Followers

Tuesday, January 20, 2015

මා දූශණයට සම්බන්ධ බැවින් දේශපාලනයට කිසිදා නොයමි




මං කියනවට මෛත්‍රීට දැම්මයි කිව්වට අපේ අම්මා ඡන්දෙ දැම්මෙ මහින්ද ලොක්කට. වෙන මාර්ගෙකින් තමයි මට ආරංචි උනේ.  77, පලාතම කොලපාට වෙලාවෙ ඒ පලාතෙ නිල් කොඩි දැම්මෙ අපේ ගෙදර විතරයි. එහෙමයි කියල අපිට අරියාදු කොරන්න කවුරුත් ආවෙ නෑ. ඒත් අපිට හදිසියකට උදව් උනේ යූ එන් පිය මිසක් නිල් පාට හෝ දම්පාට අය නොවේ. ඉතින් අපේ අම්ම කියනව යහපාලනේ කියල ඇතිවෙච්ච සුගතියක් නැතිලු. ඒ ආඩාපාලිය ඇහෙනකොට මට හිතෙන්නෙ  ඡන්දෙ දීලත් තියෙන්නෙ මහින්දටම තමයි.
ලස්ස පනස් හතක් නැත්නම් හොර ඡන්දම දැම්මයෑ. නන්න කතා කියන කෝටිපති හිටපු විමල් ඇමති, වාසු ආදී උතුර දකුණ මාරුවෙලා වයර් ශෝට්වෙලා ගන්නම දෙයක් නැති හමගිය වම ලෑස්තිවෙන්නෙ මෙයින් ටිකක් උස්සන්න. අම්මල රැවටේද?

සිරා දේශපාලන කතා අස්සෙ
මං වෙනස් කතාවක්  දෙකක් කියන්නයි යන්නෙ
ඒකෙන් තේරෙන්නෙ නෑ
මේ දවස්වල තියෙන අමුතුම කුමන්ත්‍රණකාරී තත්වය
අමතක කර දැමිය යුතුය කියල.

ඇත්තටම මේ සිද්දිය වෙලා සෑහෙන කල්
අවුරුදු බර ගාණකට පෙර,
බස් ගාස්තුව ශත 5 කාලෙ කතාවක්.
 පොඩි කාලෙ - ගැටය සන්දියේ කළ දූෂණ වැඩක් ගැනයි අද කතාව

       නඩුවක් දැම්මනම් ඒව අවලංගුවෙන්නත් කල්

ජනමූල ජැකාලා ප්‍රමුඛ ස්‍රේස්ට කලාකාර සෙට් එකත්
මුඛය නොව අධෝමුඛයෙන් කතාකරන්න අරගෙන
මර--වින් හා ඔවුන් අතර වෙනස මොකද්ද කියලත් හිතෙනව
දයාන් පඬිතුමා කියනව රනිල් අගමැති උන එක
ලෝකෙ කොහෙවත් වෙලා නෑලු, වැරදියිලු
වැනි සිද්ධියක් ඒ කියන්නෙ ආණ්ඩු පක්ශෙ ඡන්දෙන්
විරුද්ධ පක්ශෙ නායකය අගමැති වෙන එක.
රට බෙදෙන්න ඉඩ තියෙනවලු
එක පාරටම ව්‍යවස්තාව වෙනස්කරන එක පුද්ගලිකව
මෛත්‍රීටත් රටේ දේශපාලන ස්ථාවරභාවයට පහරක් වෙන්න පුලුවන්ලු

         ඉස්කෝලෙ යන කාලෙ මා හවස අමතර පංතියකට ගියා
         මා සිටි පලාතෙ කිට්ටුම බස් නැවතුමේ සිට සත 25ක දුර බස් එකෙන් යන්න ඕනෙ.
         ශෙක්ශන් එකක් පයින් ගියොත් ශත පහක් ඉතිරි කරගන්න පුලුවන්. ටියුෂන් පන්තිය ලඟ තිබෙන           අන්නාසි කඩයේ පැණි බේරෙන අන්නාසි කෑල්ලක් ශත 5කි. දැන් තේරෙනව මං කියන්න යන්නෙ මොකක්ද කියල ඔබට තේරෙනව. අර පැණි බේරෙන සුවඳ අන්නාසි කෑල්ල වෙනුවෙන් ශෙක්ශන් එකක් පයින් අදින එක ලොකු වැඩක් නොවේ. නමුත් ඒ විතරක් නොවේ. ආණ්ඩුවේ දූෂණ ලැයිස්තුව අදට අවසන් කර මගේ දූෂණ වාර්තාව හෙළිකරමි.

මත්තලට යන එක ඩොලර් බිලියන 18ක පාඩුවක් සිදුකරන බැවින් මත්තල් ගමන් නතර වේ.
උතුරු එක්ස්ප්‍රස් මාර්ගය ඉදිකිරීම් නතර කරයි
විධායක සභාව පත්කෙරේ
රතන හිමි සමාජ වෙබ් අඩවි විසින් කරන ලද සේවය පසසයි.

          ඒ විතරක් නොවේ. මා කීප දිනක් වැඩිපුර අන්නාසි කෑමට ලොල්වීම නිසා
        බස් ගාස්තු නොගෙවා බස් එකේ හොරෙන් ගොස් තිබේ.




21 comments:

  1. චෑ චෑ දේශපාළණේට ගන්නම් බෑ.. පොඩි කාළේ ඉඳන් හොරකම් කරලා පුරුදු එකෙක් නේ. සම හරක් නම් හොරකම් කොරන්නේ මැති ඇමතිවරු උනයින් පස්සේ...

    ReplyDelete
    Replies
    1. අවුරුදු 18ට අඩු නිසා නීතියෙන් ගැලවේ.

      Delete
  2. තිරුපති ගියාද?

    ReplyDelete
    Replies
    1. ඔව් ගියානම් ඔක්කොම පව් කැන්සල්

      Delete
  3. යහ පාලනේ නොවුනනම් දේශපාලනේට කියාපු සුදුසුකම.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. ඔව් අවුරුදු 14/15 ඉඳන්ම මාර එක්ස්පීරියන්ස්

      Delete
  4. හොරකම් කෙරුවත් කමක් නැහැ බොරු කියන්න බැහැනේ දේශපාලනයට ඒ නිසා සුදුසු නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ පොයින්ට් එකක්

      Delete
  5. අන්නාසි යාළුවො තෑගී වලට දීපුවා කිව්වොත් නරකද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හොඳ ගැලවිජ්ජාව

      Delete
  6. හොරෙක්, හොරෙක්!
    දැන් යන්නෙත් ටිකට් නැතුව නේද?

    ReplyDelete
    Replies
    1. ඕවා අදින්න එපා මහත්තයෝ
      අපි ශේප් හරිය..

      Delete
  7. බතීත් ඉදල ඉදල පස්ට කතා තමා කියන්නෙ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  8. ඇයි දන්නේ නෑ අන්නාසි කන්ට ආසාවක් ආවේ? :P

    ReplyDelete
    Replies
    1. පලතුරුවලින් අන්නාසි විතරයි ඒ දවස්වල ආසා කලේ.
      දැන්නම් ගස්ලබු හෙවත් පැපොල්

      Delete
  9. සත 5 ට සෙක්ශන් එකක් යන්න පුළුවන්කම තිබුණේ 1977 ට පෙර.

    ReplyDelete
    Replies
    1. ඔව්, මගෙ වයස බැලුව නේද?

      Delete
  10. අන්නාසි මාමටත් සල්ලි නොදී අන්නාසි කැවනම් චන්දෙ ඉල්ලන්නත් පුළුවන්කම තිබ්බ .. . මොකද එක හොර වැඩක් කරලා මදි මේ කාලේ...

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වැඩත් කරලා නැත්තෙ නෑ.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්