Followers

Wednesday, January 21, 2015

- ඇමැතිනී තලතා අතුකෝරාල- දිනපතා මැරෙන මරන කාන්තාවන් ගැන ඔබලා මොකද කරන්නේ.????

Rizana
සියලු විදෙස් ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් අරඹනවා

- ඇමැතිනී තලතා අතුකෝරාල
2015 ජනවාරි 21 10.15 a.m (පද්මිණි මාතරගේ)
Thalathaවිදේශ රැකියා සඳහා යන සියලු ශ්‍රමිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ  කරන බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මිය පැවැසුවාය.
 දින 100 ක් ඇතුළත ක්‍රියාවට නගන ක්ෂණික සහන යටතේ යෝජිත,  විදේශ රැකියාවන් හි නියුතු සේවක සේවිකාවන්ගේ මෙරට අනේවාසික ගිණුම් සඳහා සියයට 2.5 ක ‍පොලියක්, දැනට ඇති ‍පොලියට එකතු කිරීම පෙබරවාරි මුල් සතියේ දී ක්‍රියාත්මක කරන බව ද බත්තරමුල්ල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමැතිනිය සඳහන් කළාය.
මැදපෙරදිග ඇතුළු විදේශයන්හි ශ්‍රමය කැප කරන ශ්‍රී ලාංකිකයින්ගේ පවුල් රැක ගැනීම සඳහා විශේෂ පියවර රැසක් ගන්නා බව කී ඇමැතිනිය එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවැසුවාය.
මෙම ආයතනයේ වැඩ බාරගත් පසුවයි දැනුනේ මෙය කෙතරම් භාරදූර කාර්යයක් ද කියලා. රටට අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එන මෙම ශ්‍රමිකයින්ගේ පවුල්වලට උසස් ජීවන තත්ත්වයක් ලබා දීම අපේ අරමුණයි. මේ විදේශගතවූ බොහෝ කාන්තාවන්ගේ එකම සිහිනය  වී තිබෙන්නේ තමන්ට කියා නිවසක් සාදා ගැනීම. ඔවුන්ගේ දරුවන්ට යහපත් අනාගතයක් උදාකර දීමයි. මමත් කාන්තාවක් විදියට කාන්තාවන්ගේ ගැටලු තේරුම් ගන්න මට පුළුවන්. ඒ නිසාම මට මේ අමාත්‍යාංශයේ වගකීම දුන් බව මම හිතනවා. මැදපෙරදිග මෙන්ම තවත් බොහෝ රටවලට පුහුණු ශ්‍රමිකයින් යැවීම පිළිබඳව අප අවධානය යොමු කරනවා. 
මෙම අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල විවිධ වංචා දූෂණ ගැන තොරතුරු ලැබි තිබෙනවා. මෙහිදී මාධ්‍ය විශේෂ සොයා බැලීමක් කරනවා. අපි වැරැදි කරනවා නම් අපි ගැනත් ලියන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. එසේම විදේශ රැකියා ඒජන්සි ආයතන සම්බන්ධයෙන් ද විවිධ චෝදනා ලැබි තිබෙනවා. එම චෝදනා විමර්ශනය කර නීතිමය පියවර ගැනීමටත් අප කටයුතු කරනවා.
මෙම මාධ්‍ය සාකච්ඡාවට අමාත්‍යංශ ‍ලේකම් කර්නල් නිශ්ශංක විජේරත්න, කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි වූහ.
--------------------------------------------------
ඇමති තුමියනි
මේ වැඩපිලිවෙල නම් විදේශ ශ්‍රමිකයො විදියට අප කිසිලෙසකින් ප්‍රමාණවත් නෑ.
දිනපතා මැරෙන මරන කාන්තාවන් ගැන ඔබලා මොකද කරන්නේ.

ඒ ගැන වචනයක් නැති එක ගැන අප ඉතාම කණගාටු වෙනවා

16 comments:

  1. DO NOT FEEL KANAGATU, WE WILL DO SOME THING

    ReplyDelete
    Replies
    1. As it is hard to judge who the ' we' is? It looks like a joke

      Delete
  2. මොනවගේ දේවල් ද බලාපොරොත්තු උනේ??

    ReplyDelete
    Replies
    1. විදේශ ශ්‍රමිකයන් ලන්කාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. ඒ අන්ශයේ දැවෙන ගැටලු නම්කොට, කාල වකවානු ඇතුලුව නිශ්චිත විසඳුම් දෙන වැඩපිලිවෙලක්. පවුල කඩා දැමීම සමාජ ප්‍රශ්න රාශියක් ඇතිකරනවා නේද? මුලු පවුලටම යාහැකි විදියක් සකස් කර ගැනීමට සැලසුම් සකස් කරගත යුතුයි.

      Delete
  3. අහන්න ඕන සැලකිය යුතු ප්‍රශ්නයක්. අපේ රටට විනිමය සපයන ප්‍රදාන මාර්ගයක් වන විදේශ රැකියා කරන ම්නිස්සු ගැන කතා කරන්න අද හැමෝටම අමතක වෙලා :)

    ReplyDelete
  4. 'ඔබලා' නම් මොකුත් කරන්න බැහැ. ඔබ මොකද කරන්නේ කියලා ඇහුවානම් උත්තර ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. ව්‍යාකරණත් හරියට තියෙන්න ඕන නේද?

      ඔබල බලන්නෙ මොකටද ප්‍රශ්න මල්ල ඇරලමු බලමු

      Delete
  5. හැම දේම හැම වෙලාවෙම එක පාරම බලාපොරොත්තු වෙන්නත් බෑ නේද මේ දේ හරි කලොත් අපිට ඒ දේවල් ගැනත් අහන්න පුලුවං
    ඉවසලා බලමු

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙත් මහෙෂ් කියන දේ හරි කියලා.දින 100 කියන්නේ මහා ලොකු කාල සීමාවක් නෙමෙයිනේ.මේවා අනිවර්යෙන්ම අවධානය දක්වන්න ඕනේ දේවල්.නමුත් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් දින 100 ඇතුලේ නැහැ කියන එකයි මට හිතෙන්නේ.

      Delete
    2. මේවා අලුත් දේවල් නොවේ
      නිලධාරී සෙට් එක , ඔක්කොම දන්නවා

      Delete
  6. දින සීය ඇතුලත හොඳ විදේශ රැකියා ප්‍රතිපත්තියක් හදල කැබිනට් අනුමැතිය ගන්නව කිව්වනම් පිළිගන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. අඩුම තරමින් එය සැනසිලි තෑග්ගක්

      Delete
  7. දිනපතා මැරෙන්නෙ කාන්තාවො විතරද? ඇයි පිරිමි. අරාබි ආවම හැමෝටම ලැබෙනව BSC එකක්. ඒක තමා මූලික හේතුව මරන වලට. ගුටිකාල, පැනල හෝ වැටිල මැරෙන්නෙ ඉතාම ටිකයි. ඒ නිසා දෙන විසඳුමක් අර කට්ටියටත් එක්ක.

    B- Blood Pressure
    S - Sugar
    C - Cholesterol

    ReplyDelete
  8. පවුලෙන් වෙන්වීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු කියලයි මගේ අනුමානය

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්