Followers

Tuesday, January 13, 2015

ලාංකිකයො පරදන්න බැරි ජාතියක්-"මරල හරි කොරන්න" බැරි ඒකයි.


අපි කෝමත් ආතල් එකේ ඉන්න කස්ටියක්.

අපිට ක්ලික් වෙන්න ටිකක් කල් යනව,
හැබැයි ක්ලික් උනොත් ඇමරිකන් කාරයාට උනත් අබසරණය..

උදාහරණයකට ගන්න අපි-ලාංකිකයො ක්‍රිකට් ක්‍රීඩාකරන ආකාරය.
පලමුවෙනි ගේම් එක අසූචි නාගෙන පරදිනවාය.
ඊලඟ ගේම් එක අනෙක් පැත්තට අසූචි නාන්න දෙනවාය.

ඉතින්,.. අපේ කස්ටිය සෙට් උනොත් කියල වැඩක් නෑ.

අපි ඇති තරම් ලේ හලල තියෙනව
ඇති තරම් ජීවිත නාස්ති කරල තියෙනව
අපි දැනටමත් අවුරුදු 50ක් පිටුපසිනුයි සිටින්නේ.
එයට හොඳම උදාහරණය තමයි
කටුනායක- කොළඹ එක්ස්ප්‍රස් මාර්ගය
එය වෙනුවෙන් දාපු පාලම් කෑල්ල පෑලියගොඩ තිබුන අපට මතක ඇති කාලෙ ඉඳන්,
ඒත් කෙසේ හෝ සම්පූර්ණ වූයේ මේ ඊයේ පෙරේදා

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අතින්, ජීවන තත්වය අතින්
 අපි පල්ලෙහාට ගියා උනත් කෙටි කාලයකින් අපේ අවුරුදු 50 අල්ලගන්න පුලුවන්.
කොටි පරදන්න බෑ කීවට,.... සෙට් උනා ගේම දුන්නා
එහි හරි වැරදි නොවෙයි මං මේ කියන්නේ
මහින්ද පරදන්න බෑමයි කියලයි කීවේ
ඒත් සෙට් උනා, ..... ගේම දුන්නා..


ලාංකිකයො පරදන්න බැරි ජාතියක්

මෙදා පාර ක්ලික් වෙන එක කලේ රජයේ මාධ්‍යය නොවේ.
නිදහස් අන්තර් ජාලයයි. අකුරුයි
ඒ නිසා පච-කටකතා-මරිසි කාරයන්ට ලාංකිකයන්ව අන්දන්න ලේසි වෙන්නේ නැත.

ලාංකිකයො පරදන්න බැරි ජාතියක්

ලාංකිකත්වය
බයියන්ට නොතේරෙනම එක!
"මරල හරි කොරන්න" බැරි ඒකයි.

14 comments:

  1. 'ඒ වුනාට සර්ට තිබ්බේ මරල හරි කොරන්න..' නෙද්දකින් ඒකා ඒක කියපු කැත.. අපේ උන් බිත්තියට කොටුවෙන්නම ඕනි ලාංකිකත්වය මතු වෙන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනෙ මං කීවේ ක්ලික් වෙන්න කල් යනව කියල

      Delete
  2. ක්ලික් කරන්න දායක වෙච්ච එක ගැන සතුටුයි...

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම හීන් සතුටක් තියෙනව මටත්!

      Delete
  3. මරලා උනත් ගන්න හරි තිබ්බා පරදී කියලා හිතුවානම්.පරදී කියලා වැඩිය නොහිතපු නිසයි බේරුණේ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි වෙන්න පුලුවන්

      Delete
  4. අැත්තට ම අපි ඒහෙමම ජාතියක් තමයි.................... ක්ලික් වෙන්න පරක්කු වෙන ඒකයි අවුල.........

    ReplyDelete
    Replies
    1. ඔව් එදිනෙදා ප්‍රශ්න හා ඒවා අමතක කරන්න ගන්න ආතල්වල බැහැල නෙ ඉන්නේ

      Delete
  5. එකෙන්ම එක තමා ලංකාවේ ගැම්ම

    ReplyDelete
    Replies
    1. ඔව් සෙට් උනොත් සුපිරි

      Delete
  6. අනේද කියන්නේ ඉතින්.. කලින් ලෑස්ති උනානම් අන්තිමේ ඒකත් වෙන්න තිබුනා..

    ReplyDelete
  7. ශ්‍රී ලාංකිකයෝ.. අන්න ඒකයි වඩාම වටිනා වචනය.. අපි කවදා ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් පෙනී සිටීවිද ? මේ ඒ සඳහා ඇති දෙවෙනි අවස්ථාව..

    ReplyDelete
    Replies
    1. ලංකා දේශප්‍රේමය

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්