Followers

Saturday, January 10, 2015

දළදා වැඳීම හා පත්තිරිප්පුවේ දේශනාව

Image result for image of vatareka vijitha

රතනට ඕනෑ
රූපවාහිනිය
සොමේගෙ,  රේනුකාගෙ
පචවාහිනිය කෙරුමෙටද?

මයිත්‍රී ආපුදා ඉඳන්
ඉන්නේ වැඳගත්ත ගමන්
වැන්දා ඇති
අද දෙවෙනි දවස, අමතකද?

බුදු හාමුදුරුවො හිටියනං
එලෝ ගන්නවා සිකුරුයි
වැඳ වැඳ හිටියා ඇති
වැඩ කරපල්ලා
පොරොන්දු වු ලෙස

මයිත්‍රී මහතුනි
ඉඩදෙන්න එපා
වෙන කාටවත් ඔබගේ
දින චරියාව ලියන්න
ගොනාට අන්දලා
ගොයියා බයියා කරලයි
මුං නවතින්නේ

දළදා වඳිනට
ප්‍රථම
මා නම් යන්නේ
ගරු වටරැක විජිත වඳිනට

23 comments:

  1. රජ පිස්සුව වැළඳිලා.. සිරිසේන මහරජ ජනතාව මතන්න යන්නේ.. මොළේ ගූ...

    ReplyDelete
  2. Oka karanna epa kiyala Ranil upades denna giyoth, Ranilta Bawudda wirodiya lable Alawawi Ekane systam eka(Ranjan)

    ReplyDelete
  3. MS has refused to deliver his speech from Pattirippuwa.

    ReplyDelete
    Replies
    1. ‘ලංකාවට ඕනෑ රජෙක් නොවෙයි, සේවකයෙක්‘
      නව ජනපති මහනුවරදී කියයි
      2015 ජනවාරි මස 11 15:16:42 | . , අකිල බද්දෙවිතාන, වේරගොඩගේ සජීව විජේවීර

      සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පාක්ෂිකයින්ට ආරාධනා කරන බව මහනුවර දළඳා මාළිගයේ පත්තිරිප්පුවේ විශේෂ පීඨිකාවක සිට ජාතිය අමතමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලීමක් කළේය.
      නීතිය, යහපාලනය, සදාචාරය, යහ පාලනයක් සඳහා විධායක ජනපති බලයේ අසීමිතික බලතල ඉවත්කර ස්වාධීන කොමිසන් සභා පත් කරන බවද ජනපති ප්‍රකාශ කළේය.
      ආගමික හා ජාතික සමගිය ඇති කරන බවද ජනපති කීවේය.
      ‘‘අපේ රටට ඕනෑ රජෙක් නොව සැබෑ මිනිසෙක්. මම ප්‍රධාන සේවකයා. මා තරඟ කළ පළමු ජනාධිපතිවරණයත් අවසන් ජනාධිපතිවරණයත් මෙයයි‘‘
      නව ජනපති ජාතිය අමතද්දී මුළු රට පුරාම වාගේ රතිඤ්ඤා දල්වමින් වැසියෝ සිය සතුට හා උද්දාමය පළ කළහ.

      Delete
  4. දින 100 යිනෙ තියෙන්නෙ....ඒ නිසා රැස්ට් කොරන්න වෙලාවක් නෑ...එක හුස්මට දින 100 ඇතුලෙ වැඩ කිඩ පෙන්නුවා නම් මරා සරන ගිහිල්ලා ඉන්න බහුතරයක් මයි3 සරණ සොයා එනවා...අනිවා...

    ReplyDelete
    Replies
    1. බයටත් එනව දැන්ම

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. පත්තිරිප්පුවේ දේශනාව අවලංගුකල බව සතුටින් දන්වමු.

    ReplyDelete
    Replies
    1. හොඳයි, චූටි මොලයක් තියෙනව තවම

      Delete
  7. ඉන්න ඉන්න පටං ගන්න ඒපැයි කොහෙන් හරි..............

    ReplyDelete
    Replies
    1. එන පොට හොඳ නැත වැඩියෙ බලං ඉන්න බෑ

      Delete
  8. සිරා ගියා හිමි දළදා වඳින්නට
    රනිල් ගියා ගංරාමේ වඳින්නට
    චබකු ගියා අත්තනගලු වඳින්නට
    බැසිල් ගියා ඒරොප්පේ ලගින්නට

    ReplyDelete
    Replies
    1. ජනයයි බදුවලින් පඩි ගෙවන්නේ
      පන්සල් පල්ලි යන්නට
      කවුදැයි පඩි ගෙවන්නේ

      Delete
  9. දයාල් බති,
    රාජ්‍ය පාලනය භාර ගන්නා අයෙක් පළමුවෙන් දළදා හාමුදුරුවන් වැඳීමට යෑම වරදක් ලෙස ඔබ දකින්නේ කෙසේද යන්න මට නම නොතේරේ. එතුමා එපමණක් නොව මහනුවර නගරයේ තිබෙන කතෝලික,මුස්ලිම්,සහ හින්දු ආගමික ස්ථාන වලටත් ගිය බව දන්නේ නැද්ද? එපමණක් නොව එතුමා ඊයේ මැණික්හින්නේ පන්සලකටත් ගියා. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිතරම ගිය පන්සලක්. කව්රු කලත් හොඳ දේ හැටියටම දකින්න පුරුදුවිම නරකද?රතන හාමුදුරුවන් ගැන මටත් හිතන්න කරුණු තියෙනවා.ඒ උනත් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට රතනයා කියල ලියන්න තරම් ඔබ උසක් වුයේ කෙසේදැයි පැහැදිලි කරනවද?

    මේ ටික බලන කොට ඔබ හිතයි මම මෛත්‍රී සිරිසේන මහතාට චන්දය දුන් අයෙක් හෝ දැන් පෙරලුන පැත්ත හොඳයි කියන අයෙක් කියා. එස නැහැ. මම මගේ කැමැත්ත පල කලේ බුලත් කොලයට. පෙරලුන පැත්ත හොඳයි කියල කියන්න තවම කල් මදි. ඒකට දෙමල සහ මුස්ලිම් ජනයා ගැන ඉදිරියේදී ගන්නා ක්‍රියා මාර්ග මෙන්ම මහින්ද මහතාට ඉදිරිපත් කිරීමට පවා නොහැකිවූ බෞද්ධ සාසන පනත් වලට යන කලදසාව ගැනත් ඉවසිල්ලේ බලා ඉන්නා වෙනවා.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. පන්සල් පල්ලි ගියාම අපට මොටෝ
      ආ හැම එකාම ගියමුත් වෙච්ච සෙතේ
      කිමද රටට

      Delete
  10. මොන දේ වුණත් දවස් 100 ගැහුවොත් ඔරේ වෙන්න
    ආයෙ මහින්දට කට්ටය කඩේ යන එක නවතී ඒක ෂුවර් ඒත් නාගත්තො.් මොනව වෙයිද කියල හිතාගන්න බැරියෙවි

    ReplyDelete
    Replies
    1. 100 කරයි? ඒත්
      මේ ගෙම්බො අරගෙන
      100 කරල මොටද
      කියලත් හිතෙනව

      Delete
  11. රිය පෙලපාලි ගොන් පාට් ඉස්සරවගේ තිබුනට මෑන් පත්තිරිප්පුවට නැග්ගෙ නෑ නේ?

    මං නම් හරි කැමතියි සම්පූර්ණ secular ව්යවස්ථාවක් , පාලනයක් හා පාලකයෙක් තියනවනම්.. ඒත් ඉතින් බහුතරය එහෙම නෑ නෙ. යහ පාලනයකට වුනත් මොකකට වුනත් ආගම් විශ්වාසකරන බහුතරයේ චන්දෙ ඕනැනෙ

    ReplyDelete
    Replies
    1. බොරු ප්‍රෝඩා දැන්වත් නැවැත්විය යුතුනේද

      Delete
  12. තවම පටන් ගත්තා විතරනේ බති,හැබැයි මුලදීම දකින වැරදි හදා ගන්න ඕනේ.නැතිනම් මහින්ද මහත්තයාට කරපු දේම තමයි මෙතුමාට කරන්න වෙන්නෙත් බලමුකෝ.

    ReplyDelete
    Replies
    1. යන විදිය නම් හොඳ නැත
      බලං හිටීමත් හොඳ නැත

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්