Followers

Thursday, January 15, 2015

මහින්දගේ පරාජය ගැන වැඩියෙම සතුටුවන්නේ කවුද?


අමෙරිකාව, බටහිර ප්‍රමුඛ ජාත්‍යන්තරය- දැන් චීනයේ බලපෑම අවසන්ය      -     නැත

ඉන්දියාව, විශේෂයෙන් දකුණු ඉන්දියාව-                      නැත

මෛත්‍රී, චන්ද්‍රිකා ප්‍රමුඛ ශ්‍රී ලනිපය-                                 නැත

රනිල් ප්‍රමුඛ යූ එන්පිය, වාසනාව ඉහේ කඩා වැටුනට -  නැත

උතුරෙ ජනතාව, - ඒ අයගෙ නායකය නැතිකළාට පලිය ගත්තා- නැත

ජෝතිෂ‍යට විශ්වාස නොකරන එයට විරුද්ධ ජනතාවට - නැත

මල්වතු අස්ගිරි නායක කාරකාදීන්- රේස් පැද්දාට-           නැත

නාගරික පැල්පත් ජනයා- ඒ අයව පැල්පත්වලින් එලවා දැම්මාට-  නැත

මොනාද උනා දන්නැති අතුරුදන්  මාධ්‍යවේදීන්ගේ පවුල්වල අය- නැත

සුමනදාසගේ හතුරෝ- අනාවැකිය වැරදුනාට-      නැත

හෙළ උරුමය ඇතුලු පොදු අපේක්ශක සන්ධානය- නැත.

ඩඩ්ලි අයියා ඇතුලු පොලොන්නරුවෙ ජනයා - නැත

ක්‍රිස් නෝනිස් -- සජින් දම්මල ගැහැව්වට අන්තිම හිනාව කාගේද--නැත

ජනරාල් ෆොන්සේකා ඔහුව හිරේ දැම්මත් දැන් කවුද හිනාවෙන්නේ last laugh-    නැත

ආයෝජකයින්- දැන් 10%ක් ඉල්ලන්න කවුරුත් නැති හන්ද - නැත

මර්වින් තොත්ත කුක්කු බබාද?- පුතාව ඇප නොදී තියා ගත්තට - නැත.

ශිරානි බණ්ඩාරනායක- ඇයව නිග්‍රහ කොට සේවයෙන් පහකිරීම ගැන - නැත.

වටරැක විජිත හිමි- එහිමිට කරන  ලද නිග්‍රහය අකටයුතුකම් ඉවසීම- නැත.

නිමල් සිරිපාල ද සිල්වා - විපක්ෂ නායක කම ලැබුනට

යසාරාට- දැන් ඔස්ට්‍රේලියාවේ සරණාගත ඇප්ලිකේෂන් එක දාන්න පුලුවන්, අර රගර් කැප්ටන්ගෙ මරනය ගැන හෙළිකලාට-නැත

ඉහත දුගඳ ඉහඳ පනුසත්ව නොව
ලඟම කෙනෙක්. බෝම බෝම ලඟම කෙනෙක්.
ස්ත්‍රියක්.
එහෙමයි ලෝකෙ දේවල් සිදුවෙන්නේ.!
අරුම පුදුමයි.
ඒත් ඇත්තයි!
සරල ජීවිතය තරම් වටින දෙයක් මිහිපිට නෑ.

3 comments:

  1. මෙයත් පීඩනයෙන් ඉන්න අැත්තේ...... ඉහවහා යන්න ඉහක් තිබුණද දන්නෑ,............

    ReplyDelete
  2. ජිනා මැඩම්ද
    අහවල්ලුන්ගෙ නම් කිය කියා එකේකා පිනට #කන්න එන්නෙ නෑනෙ

    ReplyDelete
  3. මම ශ්‍රී ලාංකිකයෙක් මිස යුටෝපියානුවෙක් නොවේ. මේ බ්ලොග්වල දැනට වාද කරන ප්‍රධාන පිල් දෙකටම මා සිතන විදිහ අල්ලන්නේ නැතිවිය හැක. මා බ්ලොග්කරුවෙක් හෝ සෝශල් මීඩියාකරුවෙක් නොවේ, පක්ෂයක් නැති විවිධ අවස්ථාවල සිටින රජයට විරුද්ධව ප්‍රධාන පක්ෂදෙකට හෝ ඒවායින් කැඩී ආ පක්ෂවලට චන්දය දුන් දේශපාලනයට වඩා වෙනත් දේ ගැන ඉන්ටරෙස්ටඩ් සාමාන්ය පුද්ගලයෙකි.

    මං මේ චන්ද ප්‍රතිපලයට කැමතිය. දූශිත ගැලරියට පමණක් කතා කල රජෙකුට වඩා සාමාන්ය ජනාධිපති කෙනෙකුට මං වඩා කැමතිය. ඔහුගෙන් සර්ව සම්පූර්ණ යහ පාලනයක් මම බලාපොරොත්තු නොවෙමි. මන්ද මා ශ්‍රී ලාංකිකයෙක් බැවිනි. දූෂණ නැති කිරීමද බලාපොරොත්තු නොවෙමි. ටිකක් අඩුවීම මට ඇතිය. ඒවා වුවද දිගුකාලයක් බලාපොරොත්තු නොවෙමි. ටික කාලයකට හෝ එසේ වීම හොඳය.

    අවසන් වශයෙන් :- ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මා බලාපොරොත්තු වූයේත් මට හිතෙන විදිහට ලැබී ඇත්තේත් පොඩි හොඳ වෙනසකි. යුටෝපියානුවෙක් නොවන මට ඔය ඇති.

    ඊලඟ චන්දෙදි (මාස 4 කින් එන එක නෙමෙයි තව අවුරුදු 5 - 6 කින් එන ඒවා ) ජීවත්ව සිටියොත් හුඟක් දුරට මා තවත් වෙනසක් සඳහා ප්‍රධාන් විපෂයට චන්දය දීමට හැකි බවද මා දනිමි.
    දැනට මා යථාර්තවාදීව තෘප්තිමත්ය.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්