Followers

Thursday, January 8, 2015

ගෞරව තනියෙන් බදාගන්නට ගිය මහින්දට වෙච්ච දේ ඔබටත් ඕනද?

ඕනම වැඩක් කරන්න යනකොට
නක්කල්, කින්ඩි. කෝචොක්,නෝන්ඩි ඔක්කොම දානව
කොහෙ කරන්නද බං ඕවා,
ඌට අමු පිස්සුනේ..
සුදු වෑන් එකේ ගිහින් ඇඩ්‍රස් නැතිකරගන්නව ඕක.
ඔහොමයි කියන්නෙ මුලින්.
වැඩේ හොඳට කෙරුනට පස්සෙ
ක්‍රෙඩිට් එක ගන්න මාර ෆයිට් එක.
පෝලිම පැනගෙන මේ එන්නේ.කස්ටිය..

දැන් සයිබර් අවකාසෙත් ක්‍රෙඩිට් ගන්න
එක් එක් දේශපාලකයින්ගෙ සපොර්ටර්ල
අරය ඉස්සර උනා මෙයා ඉස්සර උනා
මෙයා අරහෙම කලා මෙහෙම කලා කියල
අලුත් වටයකින් කඩේ යන  රොත්තක් හැදීගෙන එනව.

ගෞරව තනියෙන් බදාගන්නට ගිය මහින්දට වෙච්ච දේ ඔබටත් ඕනද?

හරීන්, අනුරකුමාර, හර්ශ ද සිල්වා, රනිල් ආදීන් කල වැඩේ අපේ හිතේ තියාගෙන ඉස්සරහට යමු.
ඕනවට වැඩියෙ ශයින් වෙන්න ගියොත් ...?

මෛත්‍රීට උදව්කරමු.
අවදියෙන් සිටිමු.

9 comments:

  1. //එදා මෙදාතුර පහල වූ නායකයින් අතුරින් අපට පහල වූ විශිෂ්ඨම නායකයා අද දින සිය තනතුර හැරදා පියා පිටව ගොස් ඇත... ඔහු යළි බලය වෙනුවෙන් සටන් කරන්නේද නැද්ද යන්න මා නොදනිමි.. නමුත් ඔහු රට වෙනුවෙන් නැවත සටන් කරන්නට පිවිසෙන්නේ නම් මා ඔහුට හැකි ආකාරයකින් සහය වෙමි... එහි කිසිදු සැකයක් නැත... නමුත් තව දුරටත් මෙම රට තුල ජීවත් වන්නට මාගේ අදහසක් නැත... ලැබෙනා පලමු අවස්ථාවෙන්ම මෙයින් පිටත්ව යමි... එනමුදු ලොව කොහේ සිටියත් මහින්ද කෙරෙහි ඇති මාගේ විශ්වාසය හෙට දිනත් එසේම පවතිනු ඇත.//


    40 ශ්‍රී ලොරියක් විකිණීමට තිබේ.... අයිතිකරු ඉක්මනින් විදේශ ගතවීමට බලාපොරොත්තු වන බැවින් වැඩිම ඉල්ලුමට මෙම සති අන්තයේ විකිණේ...... අත්පිට මුදලට පමණයි................

    ReplyDelete
  2. රජෙක් නොවන ජනාධිපතිකෙනෙක්, කොමිශන් ටිකක්, චන්ද ක්‍රමයේ පොඩි වෙනසක්, ස්වාධීන ලෙස පෙනෙන අධිකරණයක්/පොලීසියක්, ටිකක් පොඩි කැබිනට් එකක් , වන්දිබට්ට රිලවුන්ගේ කරච්චලේ අඩුවෙන්.... ඔය ඇති නේ

    ReplyDelete
    Replies
    1. හොඳටම ඇති. වැඩිය දැගලුවොත් මෙයාට යන්න වෙන්නේ සරමත් නැතුවයි.

      Delete
  3. රනිල් දුන්නා ෂෝට් ඇන්ඩ් ස්වීට් නියම ස්පීච් එකක්...

    ReplyDelete
  4. දේශපාලකයින් අන්දන එක සර්වකාලීනයි.. තමුන් ඒ දෙන "හෙළුවැලි සළු" නො ඇඳ ඉන්න එකයි දක්ෂකම. හිටපු තුමාට ඒක බැරි උනා..

    ReplyDelete
  5. බලමු මොකක් වෙයිද කියල නේහ්
    නායිද අපිව නාවයිද කියල

    ReplyDelete
  6. තණ්හාය ජායතී ෙශා්ෙකා්

    ReplyDelete
  7. මහින්ද ගෙදර යාම ගැන මට ලොකු දුකක් හෝ මෛත්‍රී ජනපතිවීම ගැන මට අමුතු සතුටක් හෝ නැත. නමුත් මට ඇති එකම දුක සිංහලයන් බහුතරයක් සිටියත් රජයක් පිහිටුවන්නට දෙමළ හා මුස්ලිම් ඡන්ද හිගාකෑමට සිංහල දේශපාලඥයන්ට සිදුව තිබීමය. මෙය සිනහ වී ඉවත හෙළිය යුතු කරුණක් නොවේ. සිංහලයාගේ අනාගත මහා ව්‍යසනයක් පෙරනිමිත්තක් පමණි.

    ReplyDelete
  8. කොහොමද රනිල්ගේ මොළේ ?

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්