Followers

Friday, January 9, 2015

රට ලේ විලක්‌ වීමට ගිය අනතුර මැඬපැවැත්වීම ගැන ස්‌තුතියි - පාඨලී චම්පික රණවක

විදේශ මාධ්‍ය පුරෝකථනය කර තිබුනා, පශ්චාත් ඡන්ද සමයේ දිග ඇදෙන ලේ වැගිරීමක් ගැන. ඒත් එහෙම දෙයක් උනේ නෑ. ඒ ජන බලය නිසයි. අපේ ශිෂ්ඨභාවයට නැවත පැමිණීම ගැන අප අප ගැන බොහෝ සන්තෝෂ විය යුතුයි. නායකයා ආදර්ශමත්වන විට අන් අයටද එසේ වීමට බලකරයි.
Dayal Bathee
----------------------------------------------------------

රට ලේ විලක්‌ වීමට ගිය අනතුර මැඬපැවැත්වීම ගැන ස්‌තුතියි
- පාඨලී චම්පික රණවක

සිරිමන්ත රත්නසේකර

රට ලේ විලක්‌ වීමට ගිය අනතුර නිර්භීතව මැඬපැවැත්වූ මැතිවරණ කොමසාරිස්‌තුමන්ට හා පොලිස්‌පතිතුමන්ට ගෞරවනීය ස්‌තුතිය පුද කරන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා ඊයේ (09 වැනිදා) සඳහන් කළේය.

ජනාධිපතිවරණ පරාජය ආසන්නවත්ම ආරක්‌ෂක අංශ මෙහෙයවා පරාජය ආපස්‌සට හැරවීමට ආරක්‌ෂක අංශ ප්‍රධානියකු කටයුතු කළ බවට හෙතෙම චෝදනා කර සිටියේය.

එම අවස්‌ථාවේදී එම නිලධාරීන් නොබියව, නොපැකිලිව, කටයුතු කිරීම තුළින් රට ලේ විලකට යැමට තිබූ අනතුර වළක්‌වා ගැනීමට හැකිවූ බවත් පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

පාඨලී චම්පික රණවක අදහස්‌ පළ කළේ ඊයේ (9 වැනිදා) බත්තරමුල්ල පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
 
http://www.divaina.com/2015/01/10/news12.html

4 comments:

  1. මහින්ද දිනුව නම් අද මයිත්ත්‍රී ඉන්නෙ හිර ගෙදර,ආයෙ දෙකක් නැහැ.

    ReplyDelete
  2. අයියෝ . . . පාඨලී ට නියම ගේමක් දෙන්න තිබුණා අප්පා. ලේ විලක් කරන්න දීලා රෙඩි පිට ඉදලා, ලේ විල කරන කොටම ජනතාවත් එක්ක එකතු වෙලා ගඩාපිට දුන්නු ගේම දෙන්න තිබුණා. එහෙම කළා නම් නියමයි. ඒකාධිපතියා සුනේ සුන්. අපරාදේ. හොද චාන්ස් එකක් මග ඇරගත්තේ. ආයෙත් නම් ඒ වගේ චාන්ස් එකක් මග අැරගන්න එපා කියලයි මම චම්පික මහත්තයාට කියන්නේ. අපරාධයක් වුණේ . . .

    ReplyDelete
  3. අද (9) පාන්දර 2 ට පමන හමුදාපතිවරැන් සහ ගරැ නිතිපති අරලියගහ මන්දිරයට කැදවු පරාජිත ජනාධිපති රාජපක්‍ෂ මැතිවරන ප්‍රථිපල අත්හිටුවිම සදහා හදිසි නිතිය පනවනලෙස ට නියම කරන ලදි. එහෙත් එහෙත් එම යොජනාව නිතිපති වරයා විසින් තරයේ ප්‍රතික්ක්‍ෂප කරන ලදි. හමුදාවද ජයගත් අයගේ පැත්ත ගන්නා ලදුව ,කරකියාගන්නට දෙයක් නොමැති මාරා නිල නිවසින් පිටවි යනලදි. මහත්මා දේශපාලනයක ලකුන !

    by Ajith P Perera on his FB

    ReplyDelete
  4. ඔබතුමාගේ පෝස්ටුව අව්නීත කොමෙන්ටු නිසා අසුන්දර වී ඇත

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්