Followers

Saturday, January 31, 2015

චීවරයේ අස්සෙ හොරු කනෝ! කනෝ! - බයිවඥයා හා දෛවඥයා අතර වෙනස....



තවම මෛත්‍රීගේ, රනිල්ගේ, රතන හිමිලගෙ
අලුත් ආණ්ඩුවේ හනි මූන් කාලෙ බැවින්
කාමරේට එබි බලා,
 අන්න අරූ මෙහෙමයි,
 මූ මෙහෙමයි
කියන එක ඔබින්නෙ නෑ කියලයි
දයල් බතීගෙ පුංචි මොලේට තෙරුන් යන්නේ.
ඒ නිසා වැඩිපුර කියන්නෙ යන්නෙ නෑ.
මාතෘකාවෙන් සහෘද ඔබ සැම තේරුන් ගනීවි කියල හිතනව.

මේ ලඟදී ආණ්ඩුව පෙරලීමට මුල් වූ
තෙර නමක් කියා තිබුනා
හොරකම් සොයන අය
තමන්, පලමුව,
පිරිසිදුද යයි බලන්න ඕනා යනුවෙන්;

එය ඇසු, දැකි මට විශාල භයක් ඇති උනා.
ඉතින් එය තේරෙන අපට කොලකඩා පානව වගේ වැඩක්.
 කෝම කෝම හරි දැන් හොරු හොයන මෙහෙයුම් හුළං බැහැලා.
සී නිව්ස් එකේත් තාලේ පොඩ්ඩක් වෙනස් වෙලා...
ඒ කියන්නෙ විමල් දැන් සුට්ටක් සිවුරට කිටුවෙලා...

-----

දයල් බතී සුමනදාස රාජකීය දෛවඥයාට වඩා හරියන අනාවැකි කියා තිබේ.
(බයිවඥයා හා දෛවඥයා අතර වෙනස නම් බයිවඥයා බයට බොරු කීමයි. නාථ රෑට හීනෙන් කියන කතන්දරවලින් ආසනික් සොයාගත් අය කීවේ මහින්ද ලස්ස 20කින් දිනන බවයි. ඇසෙන ප්‍රවෘත්තීන් අනුව අපට පෙනී රට බෙරාගත්තේ කොඳු නාරටිය තිබූ වෘත්තිය වේදීන් කීප දෙනෙකු විසිනි. විධිමත් අධ්‍යාපනය ලද රෙදි වලින් විලිවහගත් වෘත්තීයවේදීන් රටකට අවශ්‍යවන්නේ එබැබිනි)

http://dayal-bathee.blogspot.com.au/2014/01/blog-post_13.html

http://dayal-bathee.blogspot.com.au/2014/12/50.html

http://dayal-bathee.blogspot.com.au/2014/11/name-of-game.html

http://dayal-bathee.blogspot.com.au/2014/10/blog-post_30.html

http://dayal-bathee.blogspot.com.au/2011/08/metamorphosis-and-reverse-metamorphosis.html


දවස් සියයේ වැඩ පිළිවෙල
 ඇස් බැන්දුමක්,
ඉනාවක් මෙන් මී ලඟ ඡන්දය දිනන අල්ලසකට
පමණක් සීමා නොවිය යුතු  බව අවධාරනය කරමු.

ලෝ වටා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත වූ අනේක විධ හිංසනයටන්ට පාත්‍රවෙමින්
තමන්ගේ මහන්සියෙන් උපයාගෙන ජීවත්වන
ලංකාණ්ඩුවේ දූෂිත ආණ්ඩුවේ රැකියා හා වෙනත් දේ බලාපොරොත්තු නොවී ආණ්ඩු පෙරළිය වෙනුවෙන් අවංකව නිර්භයව අදහස් දැකූ සමාජ ජාල ප්‍රජාවද බලපොරොත්තු වූ සාධාරණ යුක්තිගරුක, නීති ගරුක ශ්‍රී ලංකාවක් වෙනුවෙන් දැල්වූ බලාපොරොත්තු තවමත් දැල්වෙමින් පවතී.

යුරෝපීය ආක්‍රමණයෙන් මිදෙන්න අවුරුදු 500 ක් ගියා.
ලෝකල් සුද්දන්ගේ ආක්‍රමනයෙන් මිදෙන්න- සෑහෙන කාලයක් ගියා.
ලෝකල් ටෙරරිස්ට්ලගෙන් මිදෙන්න 71 සිට 2009 දක්වා කාලයක් ගියා
2015 ජනවාරි අට ලෝකල් ඒකාධිපතියන්ගෙන් මිදුනා.
එයට වැඩිකල් ගියෙ නෑ.
අපිව අන්දන්න දැන් අමාරුයි.
තේරුන් ගත්තොත් හොඳයි.
දැන් අපට විශ්වාසයක් ඇති වී තිබේ.
මෙය කල හැකිය.
ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කල යුතුව ඇත්තේ පාලිත/පීඩිත ජනකොටස් විසින්මය.
පෙරට එන්න යයි සිරිකොතට ගොස් මතක් කරන්නට පීඩිතයනට සිදුවිය.
ට්‍රොට්ස්කි නිවැරදිය.
මාක්ස්වාදය යයි කියමින් උනුත් එකයි මුනුත් එකයි කියමින්
කූල් එකේ ඉන්නා උන් ගැන ජනතාව දන්නව,
ප්‍රාථමික පාසල්වල සිසුන් කියල.
ලෝකය පුරා ඉන්න දේශප්‍රේමීන්ට හා පීඩිත පාලිත සැමට විශ්වාසය.
මෙය කල හැකිය.


නව ජනාධිපති සිරිසේන මයා කහ ඉරේ වාහන නවතයි.




Image result for indonesian president


Image result for image of modi hugging obama








Jokowi-indonesian president



සිරිසේන අහම්බ්යක් නොවේ,...

සිරිසේන
ඔබාමාගේ,
මෝඩිගේ
ජෝකෝ විඩෝඩෝ
ඌරුගුවේ ජනපති ජෝසේ මූජිකාගේ ලෝකල් චරිතයයි.
මේ චරිතය නිවැරදිව රඟපෑයුතුමය.


10 comments:

  1. සිරිසේනගෙන් ඉතින් හැමදේම බලාපොරොත්තුවෙන්න බැහැ. පරණ වාසි පිලට ඔහොය්යා කට්ටිය එකතුවෙන්න ගත්තම. ඒවා වලට විරුද්ධව විවේචනය කිරීම තම අපට කරන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔහු ඉන්න තත්වය බෝම සංකීර්නයි

      Delete
  2. ලේසි වෙන එකක් නෑ ජාතිවාදි බලවේග ගේම අත අරින්නේ නෑ. දැන් අපි බලන්න ඕන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන එක්සත් පෙරුමුණ කියන දෙන්නා මේ ගැන දරන මතය මොකක්ද කියන එක. පොදු පෙරමුණේ දිනේෂ්, රිලවා, සහ සීයේ හිඟන්නා ඉන්නවනම් එයාලගෙ මතය මොකක්ද කියන එක බොහෝම පැහැදිලියි.

    අද මම දැක්කා, නාථ දෙයියොයි, අර නාකි හම්පඩ ගුණසෙකරයයි, තව නාකි වගේකුයි, ජාතිවාදි වගේකුයි රැස්වෙලා කතා පවත්වනවා. කියන්නේ නම් ජාතිවාදින්ට එහෙම ඒවා කරන්න ඉඩ දෙන්නේ නෑ කියලා. මෙයාලත් කියන එක දෙයක්වත් කරන්නේ නම් නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. අත අරිනව නම් කිසිම ගේම් එකක් නෑ
      ලංකාවේ ඉතිහාසෙම තිබුන දෙයක්
      ලේසියෙන් නැතිවෙන්නෙ කෝමද
      චැලෙන්ජ් එකත් ඒකම තමයි

      Delete
  3. කවුරුත් ඒකයි.දැනට වඩා පරණ විදිහ ෙහාදයි වෙග්

    ReplyDelete
  4. සිරිසේනට කිඹුලා උදැල්ලක් දෙන්න වෙනවා.. එයාගේ උදැල්ල කැපෙනවා මදි දූශ්ණ වංචා නවත්තන යහපාලන පැත්තට.. නාස්තිය විතරක් නවත්තලනම් මදි රජෝ.. අහ්! රජා නෙවෙයි ජනාධිපතියෝ..

    ReplyDelete
    Replies
    1. මං හිතනවා එයාට ඕන පොල්ලක්
      දිග පොල්ලක්
      කඹේ උඩ යනකොට බැලන්ස්කරන්න

      Delete
  5. දයාල් ට්‍රයි එකක් දීලා බලන්නකෝ රාජකීය දෛවඥ තනතුරට අපිටත් ඔය බ්ලොග් එකේ පොඩි ගැජට් එකක් එල්ලාගෙන සපෝට් එකක් දෙන්න බැරියැ.:D

    චෝදනා ඇති අයට විරුද්ධව කටයුතු කිරීම කඩිමුඩියේ කරන්න ගියොත් අත්අඩංගුවට ගන්න අය සාක්කි නැති කමින් නිදහස් වෙන්නත් පුළුවන් අධිකරණයෙදී.ඒ වාගේ අයට විරුද්ධව නිතිය ක්‍රියාත්මක වෙනවා ජනතාව ඊට වැඩියෙන් ක්‍රියාත්මක වෙලා මහා මැතිවරණයෙන් පාඩමක් උගන්වන්න ඕනේ මැදමුලන ඒකාධිපතියාට උගන්නුවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජකීය බයිවඥ තනතුරට!

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්