Followers

Saturday, February 14, 2015

මෛත්‍රීපාලනයේ හව්හරණය අත්‍යවශ්‍ය වී ඇත. ළමයින්ගේ ආරක්ශාව සහතික කළ වැඩ පිලිවෙලක් නැතිව දෙමාපියන්ට රට යෑම තහනම් කරනු.



දෙමාපියන් රට රැකියාවලට යෑමෙන් වඩාත් පීඩාවට 
පත්වන්නේ අසරණ ළමයින්ය.
ලිංගික අතවරවලට,
පහර දීම්වලට
ළමා ශ්‍රම වහල්බවට
අවසානයේ මරණයටද  ලක්වන අසරණයින්ට 
මෛත්‍රීපාලනයේ හව්හරණය අත්‍යවශ්‍ය වී ඇත.

රටට විදේශ විනිමය සපයන මේ විදේශ රැකියා
නියුක්තිකයිනට බොරු සෝබනයට 
විශ්‍රාම වැටුප් දෙනවාය, බදු රහිත කාර් දෙනවාය 
කියා දෙන කැරට් අලවලින් සමාජ ඒකකයක් 
ලෙස රට ගිය දෙමාපියන් නිසා අසරණවන 
පවුල්වලට සැබෑ සහනයක් නැත.

අවශ්‍ය, රැකියා කුසලතා නංවන
පවුල් රක්ෂණ සමාජ සංරක්ෂණ වැඩ පිලිවෙලකි.
අරාබි බස හා වෙනත් බස් ඉගැන්වීමේ නිසි ක්‍රමවේදයක්, 
වැඩපිලිවෙලක් අත්‍යවශ්‍යය.

රට යෑමට පෙර ඒ පවුල්වල ස්ත්‍රීන්ගේ, පුරුෂයින්ගේ
ළමයින්ගේ සෞඛය හා අධ්යාපනය කෙරෙන්නේ කෝමද
යන ප්‍රශ්නය අසා  ඒවා නිසි ලෙස විසඳ දෙන වැඩපිලිවෙලක්
ප්‍රාදේශීය සෞඛය, අධ්‍යාපන හා විදේශ රැකියා අංශ
 විසින් ඒකාබද්ධව දියත් කෙරෙන 
මහ පරිමාන වැඩ පිළිවෙලක් ලංකාවට අත්‍යවශ්‍යය වී ඇත.

මෛත්‍රීපාලනයේ හව්හරණය මෛත්‍රිය අත්‍යවශ්‍ය වී ඇත.

3 comments:

  1. රට යන්නන්ට විශ්‍රාම වැටුප් දෙනවාය යන්න අනව්ශ්‍ය බයිලාවකි. විදෙස් රට්වල රැකියාවට යන ලාන්කිකයන්ට අවශ්‍ය ගසාකෑම් වලින් තොරව ගුවන්තොටෙන් පිටවීමට සහ පැමිනීමට පහසුව, රට සිට එන කාන්තවන්ට සහන මිලට ආරක්ෂාකාරි ලෙස නිවසට ප්‍රවාහණය, සහ අවසාන වශයෙන් ඒජන්සිකරුවන්ට නොව ශ්‍රමිකයන්ට සලකන නියාමන කාර්‍යංශයක් පමනි.

    අද රට යන්නන් ගැන ඇති නීති හොඳටම ප්‍රමාණවත්ය.

    මුලින්ම සියළු ගුහසේවිකාවන් රට යාමට පෙර අනිවාර්‍ය පුහුණු විය යුතුය. එය සති දෙකක නේවාසික පුහුණුවකි. අරාබි බස සහ ගෘහ විදුලි උපකරන භාවිතයද එහි උගන්වයි.

    ඉන් පසු පිටත්වීමට පෙර ප්‍රාදේශීලේකම් කාර්‍යලායේ නිළදාරීන් නිවසට ගොස්, වයස 5 අඩු දරුවන් නැති බවත්, සිටින සියළු දරුවන් රැකබලාගැනීමට භාරකාරියක් සිටින බවත් තහවුරු කරගත යුතුය. ඉන් පසු එආ සඳහා වන ලීකන පමණක් නොව රාජකාරි එස් එම් එස් එකක්ද කාර්‍යාංශයට යැවිය යුතුය.

    මෙයට අමතරව වීසා ඉල්ලුම් කරු තානාපති කාර්‍යලයේ සිටින වි.සේ.නි.කා නිළධාරී පුද්ගලිකව හමුවී, සිය විස්තර සනාත කිරීමත්, රුපියල් ලක්ෂයක ආපසු නොගෙවන තැන්පතුවක් අදාල සේවිකාවට වන හදිසි ආපසු යෑමක් උදෙසා සිදුකිරීමත් කල පසු එම තොරතුරු තානාපති කාර්‍යාලය ෆැක්ස් මගින් කාර්‍යාන්ශයට දන්වයි.

    එම සියළු තහවුරු කිරීම් වලින් පසුව එන කාන්තාව මසක් තුල නැවත තානාපති කාර්‍යාලය වෙත පසු විපරමක් පිනිස ගෙන ආ යුතුය.

    දුකනම් මේ නීති ඒජ්න්සි කරුවන්ට අදාල නොවීමයි!

    ReplyDelete
  2. රන්ජන් රාමනායක විතරයි හුඟක් මේ ගැන කතා කලේ. ලංකාවේ හතරවැනි තැනට විදේශ විනිමය අරන් එන මේ ජනතාවට සාධාරණය ඉටු කල යුතුමයි.

    ReplyDelete
  3. දරුවෝ අනාථ වෙලා තියෙන්නේ දෙමව්පියෝ රට රස්සා වලටයන නිසාම නෙමේ.උඩින් ඉන්දිකත් කියා තිබෙන විදියට රට යන අයට ඇති වෙන්න නීති තියෙනවා.ඒ නිතිය ක්‍රියත්මක වීමේ ගැටළු වලට විසදුම් දෙන්න ඕනේ.ඊට අමතරව ළමා ආරක්ෂක අධිකාරිය මේ දරුවන් ගැනත් පොදුවේ සියලු දරුවන් ගැනත් මෙයට වඩා වැඩි අවධානයකින් කටයුතු කරන්න ඕනේ.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්