Followers

Monday, February 16, 2015

රනිල්ට, එජාපෙට වැඩි ය ලොකුයි ජෝන්ව!



මේ දිනවල
ආණ්ඩුවේ හා විරුද්ධ පක්ශෙ ඉන්න අය අතරින්
ටිකක් හිනාවෙලා ජෝක් එකක් ගහල ඉන්නේ
රනිලුයි, මෛත්‍රීයි විතරයි.
අනෙක් අය ඔක්කොම තක්කු මුක්කු වෙලා බිරන් තට්ටු වෙලා ඉන්නේ.
 දවස් සීයෙන් පස්සෙ මොනවයින් මොනා වෙයිද කියල දන්නෙ නැති හින්ද

ඒ වගේම මට චෝදනා එයිද
 ආවොත් නොමිනේශන්
නොලැබෙන්න ඉඩ තියෙනව ආදී
භයවීම්,
දෙගිඩියාවන්
මඤ්ඤං වීම්
අඤ්ඤකොරොස් වීම් නිසා,
මර (විකල් )වී
කක්ක ගල් වී ඇති නිසා.

හීනෙන් ගොක් කොල පේනව
 වැලිකඩ හිර ගෙදර කාණු හා කක්ක  ගඳ
කූරු ගනිනව වගේ
දැනෙනව ....

ඒ අස්සේ
 ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ නම් ලැයිස්තුව එලියට ඇවිල්ල
ලක්ශ දෙදහට වැඩියෙ තැන්පත් කරපු පාර්ලිමේන්තුවෙ කස්ටිය, ලොකු ලොක්කෝ, ක්‍රීඩකයො, පූජකවරු

ජනපතිට එයාගෙ ජොබ් එක 99ක් ශුවර්,
රනිල් හිතනව එයාගේ ජොබ් එක ශුවර්
මොකද ජාතික ආණ්ඩුවක් හැදීමට මෛත්‍රී එකඟ නිසා,
මෛත්‍රී කියන්නේ ශ්‍රී ලනිපයෙත් සභාපති,
පසුගියදා ශ්‍රී ලනිපය, මෛත්‍රීට පක්ශපාත විදියට තමයි තනතුරු පුරවගත්තේ.
එනම් ඔහුගේ ආධිපත්‍යය තහවුරු වෙන
ලෙස තමයි වැඩ කටයුතු සිද්ධ උනේ.
විධායක සභාවට මේ ඉන්න ධනපති නායකයො ඇත්තටම කැමතිද?
මේක ඒ අයගේ අනාගතයට හොඳ නෑ.
අනිවාර්‍යයෙන්ම ජාතික ආණ්ඩුවකට යන්නම වෙනව.
රතන හිමිත් කියන්නෙ ඒකමයි.

ජෝන් සම්බන්ධව රනිල්
පාර්ලිමේන්තුවට දෙන්නේ
කැච් Catch 22 එකකි-උභතෝකෝටිකයෙකි.
ජෝන්ට විරුද්ධව විශ්වාස භංගය ගෙනාවොත් පාර්ලිමේන්තුව විසුරෝනවාය.
පාර්ලිමේන්තුව විසිරෙව්වොත් සමහරුනට  පෙන්සොන් ලැබීමට නුසුදුස්සෝ වෙනවාය.
ජෝන් අස්කර වෙන කෙනෙකු පත් කර ගත්තා කියමු.
ඔහු මේ දූශකයින්ට විරුද්ධව ගොනු කර ඇති චෝදනා විභාග කරන්නට ගත්තොත්
දැන් පස්ස විපස්ස බොහෝ දෙනෙකුට නොමිනේශන් දෙන්නට සිදුවන්නේ නැත.
ජවිපෙ කියූ මහජන නියෝජිතයින්ට -අපේක්ශකයින්ට
Code of Conduct පමාවෙන්නේ ඒකද දන්නේ නැත.

මේ පාර්ලිමේන්තුව විසිරෙව්වොත් අවශ්‍ය සංශෝධන වලට 2/3ක් ගන්නේ කෝමද?
අනාගත පාර්ලිමේන්තුව කොයිවගේ වෙයිද?
මේ ඔක්කොම බලනකොට ජෝන් බාස්ව තියාගන්න එක හොඳය.

හැබැයි 2015 අප්‍රේල්/මැයි ඡන්දෙට ඉහත  (Catch 22- )උභතෝකෝටිකය
ඡන්ද දායකයාට අදාල නැත.

යූ එන් පියට  ලැබෙන ආසන ගාණක් අඩු උනා වගෙයි අපට දැනුනේ.


8 comments:

  1. යූඇම්පී-සිරිලංකා එකෙකුටවත් තමතමන්ගේ බඩවල් සහ ජාන ගැර හැර වෙනත් ලොකු දෙයක් නැත!

    ReplyDelete
    Replies
    1. එහෙම නොවන අයව හොයන එක හරියට නිකන් කළුනික හොයනවා වැනි වැඩක්ය.

      Delete
    2. Maathalan - Priyantha HewageFebruary 17, 2015 at 1:05 AM

      අනගාරික ධර්මපාල කියන්නේ පිස්සෙක්.. ඒ පිස්සා කියපුවා අහපු හරක්ට වඩා.. ඒ යකා පිස්සෙක් බව දැන ගන්න අපේ උන්ට මොළේ තිබුනා..

      එකනේ අන්තීමට ලංකාවත් එපා උනේ.. දැන් ඉන්න අනගාරික ධර්මපාලලාටත් භාගෙට පිස්සු.. ඊළඟ ඉලෙක්සොන් එකෙන් කෙලින්ම අංගොඩ..

      පිස්සෝ කවදත් උන්ට පිස්සු කියලා කියන්නේ නෑ.. පිස්සුද ඕයි කියලා අහනවා මිසක්..

      Delete
    3. රසිකොලොජිස්ට් - Rasikologist
      තමතමන්ගේ බඩවල් සහ ජාන -අලුත් එකක්
      Manoj
      කලුනිකත් ලේසි ඇති
      Maathalan
      ලොක්ක එන්නෙ නෑ ලැජ්ජාවක් තියෙනව නම්

      Delete
  2. හූ ඇන්පිය අනාගනිමින් ඉන්නෙ ආයෙ අමුතු වෙන් කෙලව ගන්ට දෙයක් නැත

    ReplyDelete
  3. //ඒ වගේම මට චෝදනා එයිද
    ආවොත් නොමිනේශන්
    නොලැබෙන්න ඉඩ තියෙනව ආදී
    භයවීම්,
    දෙගිඩියාවන්//

    ඉස්සරනම් හඳහනවත් බලව ගන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. ඒකටත් සුමනදාස(හෙනහුරා) පාත් උනානේ!

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්