Followers

Thursday, February 19, 2015

මිනිස්සු කුපිත කරන්න. එය ඔබටම පාරාවලල්ලක්වන දිනය වැඩි ඈතක නොවේ.



18 වන සංශෝධනයට 
           අත් උස්සපු බලවේගය
නාථ දෙවියන්ගෙ බලවේගය
නැකත්කාරයින් හූනියන් කාරයින්ගේ
              සුමනදාසගෙ බලවේගය
නුගේගොඩින් නැවත මතුවේ.
              භයානකයි.
අන්තිම භයානකයි
              හිට්ලර්ගේ මීටින් වලටත් මිලියන ගනන් සෙනඟ ආවා

අසාත් සාලිට පෙන්වන්න නොවෙයි මේ සෙනඟ ගෙනාවේ
               ආන්ඩුවට පෙන්වන්න
කරපු වැරදිවලට 
              අත් අඩංගුවට ගන්නවට භයේ

සෙනඟින් කළ වැරදි වහගන්න බෑ
සෙනඟින් ඊලඟ ජාතික ආණ්ඩුව එන එක නවත්වන්න බෑ
සෙනඟින් යූ ඇම් පිය ශක්තිමත් වී රනිල්ට ලැබෙන ඡන්ද වැඩිවෙන එක වලක්වන්න බෑ
සෙනඟින් මෛත්‍රීගේ පිළ තවත් ශක්තිමත් වන එක නවත්වන්න බෑ
සෙනඟින් මහින්දව අගමැති පුටුවට ගේන එක කරන්න බෑ.

අපට දුක
අපායේ ඉන්ටවල් ඉවරයි කියපු කතාව.
කට බොරුකිව්වත් දිව බොරු කියන්නෙ නෑ වගේ
මේ ලස්ස ගනන් ජනතාව ඉස්සරහ කියපු මේ අදුරුමිෂ්ඨ මිනිසාගේ කතාව 
ඇත්තටම අදුරුමිෂ්ටභාවයේ භියේ ගිලී ජීවත් වූ මේ මිනිසුන්ට එළඹී ඇති නිවුනු ස්වභාවය දරන්න බෑ වගේ.
මේ ඇත්තටද මේ කියල හිතෙනව 
Is it for real?

මහිතන්නෙ ඒ අය ගැන තමයි ඒ කීවේ
ඒ මේ අයට ලැබිල තියෙන ඉන්ටවල් එක
කරල තියෙන මගෝඩි වැඩවලට නීති විරෝධී වැඩවලට ලැබිය යුතු දඬුවම්වලට පෙර 
මේ ඔබේ විවේක කාලයයි
පුලුවන් තරම් මිනිසුන් ගෙන්වන්න, 
බොරු ප්‍රචාර යවන්න. 
මිනිස්සු කුපිත කරන්න.
එය ඔබටම පාරාවලල්ලක්වන දිනය වැඩි ඈතක නොවේ.
--------------------------------

නුගේගොඩ රැළියේ ඇත්තටම සිටි සෙනග ගණන මෙන්න

18 comments:

  1. ඉඩදෙන්න සැප ගන්න..
    මොහොතකට බයියන්ට...

    *****
    යටින් තියෙන්නෙ අද මම බුකියෙ දැමු ස්ටේටස් එකක්..

    උන්ට රටේ නායකයා හෙවත් ජනතාවගේ සේවකයා අප්පච්චීය.
    එතකොට අම්මා කවුදැයි මම අසන්නෙ නැත...
    බයියා ගෙදර ආවාද, අම්මා මැදමුලන ගියාද අසන්නේත් නැත..

    මා කියන්නේ, රටේ ජනතාවගේ සේවකයෙකු රජෙක්, ඒකාධිපතියෙක් කර ඔළුව කෑ උන් මාර පරාජයට වග කිව යුතු බවයි.

    ජනපති කම නැති නම් අගමැති කම,
    අගමැති කම නැතිනම් ඇමතිකම,
    ඇමති කම නැති නම් මන්ත්‍රිකම,
    එහෙත් නැතිනම් පලාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු වීමට දඟලන්නට තරම් එදා සුන්දර මිනිසෙකු මෙදා පජාත කරවූයේ බලකාමයයි. වැරැද්ද නොපෙන්වා වරද සාධාරණීකරනය කළ බත් බැලයනුයි.

    ReplyDelete
    Replies
    1. නුගේගොඩ වේදිකාවේ කතාවලින් හරියට තේරුනේ
      වාසුදේවගේ නරියගෙයි කුකුලගෙයි මගුල කතාව විතරයි දැන් කියවෙන විදියට
      පිරිස බස්වලින් ගේන ගමන් නාලාගිරියන්ට
      වගේ පොවල මහින්දගෙ පෝස්ටර් අතට දීල කෑ ගහපල්ල කියලනේ උපදෙස් දීල තිබුනේ
      අපරාදෙ සමහර අය ඇත්තටමනේ ආවේ මොකක්ද මේගොල්ලො කියන්නෙ කියල බලන්න

      Delete
    2. යහ පාලනේ ටෝයියන්ගේ රැස්වීම වලට විතරයි සිල්ගත් උපාසකයෝ එන්නේ. අනිත් රැස්වීම වලට යන්නේ නාලගිරියෝ, බොන්න දීලත් නෙමෙයි බලෙන් පොවලා. මහපොළවේ ඇත්තටම වෙන්න මොකද්ද කියල බ්ලොග් වල සම්ප්‍රලාප කොටන ඔයාවගේ පොලවට අඩි ගානක් උඩින් පාවෙන, පොඩි පොඩි සබන් බෝල වල ජීවත්වෙන කුල්ටුර් වෙන්න හිතන් ඉන්න මහත් හොරුන්ටනම් තේරෙන්නේ නෑ තමයි. එත් මිනිස්සුන්ට හිනා වෙන්න එපා, ඔවුන්ගෙයි ඔබෙයි වෙනස ඔවුන් වෙනත් මතයක් දැරීම පමණයි.
      එක විටම නින්දෙන් ඇහැරුනාමත් කියන දේ තේරුම් යන්නේ නෑ, එහම්ත් නැත්නම් බුද්ධි මට්ටමේ අඩුවක් වෙන්නත් පුළුවන්.

      Delete
  2. ඇයිබන් මේ යහ පාලන ගොන් බ්ජ්ජෝ කට අරියෝත් කෙබෙර කෙලින්නේ,??

    අපායේ ඉන්ටවල් කිව්වේ රනිලගේ යම පාලනේ ඉන්ටවල් එක දැන් හින්ද,
    කොතමල්ලි උම්බලකඩ ඉන්ටවල් දැන් හින්ද,
    10000 දීමනා ඉන්ටවල් දැන් හින්ද,
    රොබින් හුඩ් පන්නයේ අයවැය වල ඉන්ටවල් දැන් හින්ද,
    පස්සේ එන්නේ ගිස්බන් ෂෙරිෆ් ටයිප් අයවැය හින්ද,
    බටලන්දට ඉන්ටවල් දැන් හින්ද,
    ජෝන් අමරතුංගට ඉන්ටවල් දැන් හින්ද,
    පාලිත තෙවරප්පෙරුමට ඉන්ටවල් දැන් හින්ද,
    යුඑන්පියේ මැරයන්ට් ඉන්ටවල් දැන් හින්ද,
    රවී කරුනානයකට හොරා කන එකේ ඉන්ටවල් දැන් හින්ද,
    ෆෙඩරල් රාජ්‍යයේ ඉන්ටවල් දැන් හින්ද,
    කොටින්ම මෝඩ චුන් යම පාලනේ ඉන්ටවල් දැන් හින්ද

    විමල්ගේ සම්පුර්ණ කතව අහන්න

    ReplyDelete
    Replies
    1. ලස්සගනන් ආවයි කියනවනේ
      අනේ ඉතින් දුර බැහැර ඉඳන් ආපු මේ අසරණ මිනිසුන්ට
      මොකද්ද ලැබුනෙ
      මහින්ද එනවා මහින්ද ඕනෙ ඔච්චරයි
      පව් අසරණ මිනිස්සු

      Delete
    2. ලැබුනේ
      දේශපාලන නායකත්වයක්,
      අදිශ්ටානයක්,
      බලාපොරෝතුවක්,
      දේශපාලන දැනුමක්,
      යා යුතු දිශාවක්,
      වෙලුනු සිත් වලට දිය බිදක්,
      අතරමන් කල මිනිසුන්ට අනාගතයක්,

      මිනිස්සු දේශපාලන රැස්වීම වලට යන්නේ ෆුඩ් සිටි ගිහින් බඩු ගන්න වගේ නෙමයිනේ.

      Delete
  3. Replies
    1. මේ අසරණ මිනිසුන්ව බස් දාල ඇදල බලාපොරොත්තු උනේ මොකද්ද කියල තේරෙන්වනේද

      Delete
  4. Replies
    1. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ෆැසිස්ට්වාදීන් එලවා දැමීම ෆැන්ටසියක්ද
      ඔබ අදහස් කරන්නේ මෙයද නොදනිමි

      Delete
  5. මොන අර්ථෙකින් කිව්වත් විමල් කියපු කතාව හරි. අපායේ ඉන්ටවල් ඉවර වෙන්න ලඟයි. අවස්ථාව ලබුන වෙලේ යහපාලන ටොයියෝ බයිල කෙල කෙල හිටියා මිසක් කරන්න ඕනේ දේ කරේ නෑ.. දැන් මහින්දට විරුද්ධව ගන්න හැම පියවරකින්ම වෙන්නේ..මහින්දගේ ජනප්‍රියතාවය වැඩිවෙන එක විතරයි. දැන් නම් හිරේ යන්න උනත් මහින්ද බොහොම ආසාවෙන් ඇති.

    ReplyDelete
    Replies
    1. හිරේ යන්න ආසාවෙන මිනිහා කුණුපනුවෙක් මිසක්ක
      සිහිබුද්ධියෙන් වෙන්න බෑ

      Delete
  6. බලං ඉමු............... තව ටික දවසකින් මේ තත්වය අමුතු විදිහට වෙනස් වෙනවා

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙනවා දේශපාලන තත්වය!!
      ඒත්
      ඈත ගම්වල නගරෙයේ වෙසෙන
      දහස් සංඛ්‍යාත අසරන මිනිසුන්ගේ
      ජීවිතවල වෙනසක් නැත.

      Delete
  7. විදුලි පුටු මන්තරේ මේ පාරත් මතුරයිද?

    ReplyDelete
    Replies
    1. ඒවායේ එපමන වලංගුවක් වෙන්නේ නැත.

      Delete
  8. එන සෙනගෙන් ජන්ද දිනන්න බැහැ.මහින්දගේ රැස්වීම් වලත් කට කපලා හිටියේ.එත් ජන්දේ පරාදයිනේ.

    ReplyDelete
    Replies
    1. ලාංකීය ජනජීවිතයේ තිබෙන
      සැඟ වුන
      සමහරවිට කාටත් කියන්නට බැරි තරම්
      දුප්පත්කම
      අසරණකමේ
      දර්ශකයක් මිස
      මොකා දින්නත් පැරදුනත්
      මේ ජීවිතවල දියුණුවක් වෙන්නට
      නම් සැලසුමක් අවශ්‍යය

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්