Followers

Saturday, February 21, 2015

අපිට අපේ ජීවිතය දියල්ලා





නුගේගොඩට පැමිණි
දහස් සංඛ්‍යාත ජනයා
................
....................
............
ලාංකීය ජනජීවිතයේ තිබෙන
සැඟ වුන
සමහරවිට කාටත් කියන්නට බැරි තරම්
දුප්පත්කම
අසරණකමේ
දර්ශකයක් මිස
මහින්දව අගමැතිකරන්නම
ආපු අයම නොවේ.
භාගවෙලාවට
මේ ආ බොහෝ
පිරිමින්ගේ භාර්යාවන්
මැදපෙරදිග ගිහින් වෙන්නට ඇත
ස්ත්‍රීන්ගේ ස්වාමින්
බේබද්දන් විය හැක.


මොකා දින්නත් පැරදුනත්
මේ ජීවිතවල දියුණුවක් වෙන්නට
නම් සැලසුමක් දීර්ඝ කාලීන
සැලසුම් අවශ්‍යය
අත්‍යවශ්‍යය
ඒ අසරණයින් ඉල්ලා සිටින්නේ
නොමිලේ කොළඹට බස් ට්‍රිප් එකක්
අරක්කු භාගයක් බත් පාරසලයක් නොවේ
ස්ටේජ් එක උඩ ගිරිය පැලෙන කං කෑ ගහන
අමනයෙකුගේ වදන් වමනයක් නොවේ

ජීවිතයයි

6 comments:

  1. පාට කන්නාඩි දිගටම දාන් හිටියාම සිහිවිකල් වනවා නේද?

    නුගේගොඩ ආවේ හරක් කියලා තව කව්දෝ කිව්වා මතකයි,
    ඔබට අනුවනම් ඔවුන්,
    භාර්යාවන් රට ගිය පිරිමින්,
    ස්වාමින් බේබද්දන් වූ ගැහැණුන්,
    ඇවිත් තියෙන්නේ බත් පැකට් එකටයි, අරක්කු කාලටයි,
    මිනිසුන්, මිනිසුන් විදියට නොදකින ඔබ වැනි අමනයිට හිමි කුණුකුඩයයි,
    ලොකුම හාස්‍යනම් ඔබ වැනි තක්කඩින්,
    ඔවුන් කෙරෙහි උපන් කරුණාවක් තවරාගෙන,
    කුල්ටුර් ටෝයියන්ට බැලමෙහෙ කිරීමයි,

    ඔවුන්ගේ ජිවිත දියුණුයි,
    ඔබට වඩා සියදහස් ගුණයක් දියුණුයි,
    30 වසරක සාපලත් යුදයක් අවසන් කලේ උන්ගේ පන්තියයි,
    ඒ කට පුරා නායකයෙක් යැයි කිවියහැකි මිනිසෙකු යටතේයි,
    ඔවුන් එහි පැමිණියේ,
    පඹයින්, රුකඩයින්, ගහලයින්, සොරුන්, තක්කඩින් නායකත්වය දෙන රටකට,
    සෑබෑ නායකත්වකක් අවැසි බව හඩගා කියන්නයි,
    ඒ පණිවිඩය ඔබට නොතෙරුනේ,
    බාගදා ඔබ කපාලයේ ධාරිතාව ගැන ගැටලුවක් නිසා විය හැකියි.

    ටොපිය කටේ දාගත්තු ඝාතකයෙකුට වඩා,
    රටක් ගැන හිතන අමනයෙකුගේ වදන් අරුත්බරයි


    ReplyDelete
    Replies
    1. මාත් මහින්දට ගරු කරන කෙනෙක්
      හැබැයි බත් බැලයෙක් නොවෙයි
      ඔබ මහින්දගේ බත්බැලයෙක් බව පෙනේ
      මහින්ද ඇර මේ රටේ වෙන නායකයන් නැත යන්න මම විශ්වාස නොකරමි.
      රට වෙනුවෙන් ඔහු කල යුත්තේ ශක්තිමත් විරුද්ධ පක්ශයක් තැනීමට
      තව ජාතික අනතර්ජාතික නායකයන් තැනීමට ආයතනයක් වීමයි

      රටේ හැම එකාගෙම ජීවත්වීමේ අයිතිය දෙන්නේ මා විසිනි
      යන රජ පිස්සුව වැළඳී ඇති මහින්දගේ පිස්සුව සුව විය යුතුය.

      බේබද්දන් කියා අනුන්ට කීවට මාත් ඉතින්....

      Delete
  2. SF should be sent to jail again for winning the war and making Mahainda a hero. IF SF wasnt there mahinda would be history in 2010 !

    ReplyDelete
    Replies
    1. This is being said many thousands times!

      Delete
  3. //ඒ අසරණයින් ඉල්ලා සිටින්නේ නොමිලේ කොළඹට බස් ට්‍රිප් එකක්, අරක්කු භාගයක් බත් පාරසලයක්, නොවේ:, ස්ටේජ් එක උඩ ගිරිය පැලෙන කං කෑ ගහන අමනයෙකුගේ වදන් වමනයක් නොවේ// උන් විවිධ අවස්ථාවල කටින් මොනවා කිව්වත් ඇතුළු හදවතේ පවතින සැබෑ ඉල්ලීමයි ඔබ පැවසුවේ. ඒ අසරණයන්ට ඒවා වචන බවට පෙරලා ගන්න හයිය හත්තියවත් තේරුමක්වත් නෑ.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්