Followers

Monday, February 9, 2015

සෞදි ලක් තානාපතිගෙ, තානාපති විජ්ජා සේවා-ලංකාදීපයෙන් උපුටා ගන්නා ලදි

DSC03752ලක් තානාපති සෞදියේ නැහිර සංචාරයකසඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ඉන්දික 2015-02-09 07:26:43

මම වැඩ කරන්නෙත් ශ්‍රී ලංකා තානාපති මේ ආව කියන අල්හාසා ප්‍රදේශයේ .... මෙහෙ ලංකාවේ අය නිතරම එන ලංකා හෝටලයක් තියනවා. අඩුම ගානේ පොඩි දැනුම්දීමක් කරල එන්න තිබුනනේ ... මේ ඔක්කොම බොරු දේවල් . එන්න ඇති කට්ටිය හම්බවෙන්නත් ඇති . එත් පූර්ව ප්‍රචාරයක් දීල තිබුන නම් අපිටත් එන්න තිබුන . මෙයාල තමන්ගේ වගකීම් යුතුකම් හරියට ඉටු කරනවානම් මේ රටවල් වල මිනිස්සු දුක් විදින්නෑ (බ)
දුමින්ද 2015-02-09 08:26:31
මේවා තානපති විජ්ජා සේවා (නදී)
ගයන් සමරනායක 2015-02-09 08:31:00
මෙම තානාපති කාර්යාලයෙන් කෙරෙන සේවය ගැන අපි නම් කිසිම සතුටක් නැහැ. මම පුද්ගලිකවම දන්නවා මෙම තානාපති කාර්යාල හරහා අපට අවශ්‍ය දේවල් වෙන්නේ නැති විත්තිය. මෙමෙ කාර්යාලයට දුරකථන පණිවිඩයක් දීල ආයුබෝවන් කිව්වොත් උඩ බිම බලන ශ්‍රී ලංකික අනන්‍යතාවයක් නොදන්නා සේවක පිරිසක් ඉන්නේ. මම මේක වගිකීමෙන් කියන්නේ. මොකද මම මේ අත්දැකීම් ලබපු නිසා. මට මෙහෙම නම් අසරණ මිනිසුන්ට කොහොම සලකනවද කියල මට හිතා ගන්නත් බැහැ.(නදී)
මොහමඩ් සෆ්රින් 2015-02-09 09:14:26
ඉන්දික ගේ කතාවට මමත් එකගයි.ඔවුන් යම් ප්‍රදේශයකට යනවා නම් ඒ ප්‍රදේශයේ ඉන්න ලාංකිකයෝ ඔක්කොටම අනිවාර්යෙන් දැනුම් දීමක් කරන්න ඕන. මමත් සෞදි ඇවිල්ලා අවුරුදු 3 වෙනවා අපි ඉන්නවද මැරිලද කියලවත් ඔවුන් දන්නේ නැහැ.(දිල්)


No comments:

Post a Comment

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්