Followers

Monday, March 2, 2015

දේශපාලනයෙන් ඈත්වී සිටිය යුතු කෙලින් කතා කරන කෙලින් වැඩ කරන සමාජ විචාරකයන් සේ ජීවත් විය යුතු පරමාදර්ශී චරිත



----------------------------------


තමන් දේශපාලනයට එන  බවට වාර්තා පළ බව මිතුරන් මගින් දැන ගැනිමට හැකිවූ බවත්, එම කතාවල කිසිම පදනමක් නැති බවත්, දේශපාලනයට එක්වීමට තමන්ට කැමත්තක් නැති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සඳහන් කරයි. 
සිය ෆේස්බුක් පිටිවෙන් වැඩිදුරටත් අද (03දා) අදහස් දක්වන සංගා සඳහන් කරන්නේ එම කතා බැහැර කරන ලෙසයි.

සංගාගේ නිවේදනය

"අන්තිම තරගයෙන් පසුව අපට සහාය ලබාදුන් පණිවුඩවලට ස්තූතියි. එය අපිට හොඳ ජයග්‍රහණයක් වුණා. තිරී හොඳ ඉනිමක් ක්‍රීඩා කළා. මම දේශපාලනයට එක්වෙනවා කියලා විවධ කටකතා පැතිරෙනවා කියලා මගේ මිත්‍රයන් මට කිවුවා. මේ කතා වලට කිසිම පදනමක් නෑ. ඒ වගේම ඒවා විශ්වාස කළ නොහැකි කටකතා. මම අතීතයේදී සඳහන් කළ පරිදි, සත්‍යවශයෙන්ම දැන් මෙන්ම අනාගතයේදීත් දේශපාලනයට එක්වීමට මට කැමැත්තක් නෑ. කරුණාකර මෙම කතා බැහර කරන්න. ඉරිදා පැවැත්වෙන ලොකු තරගය සඳහා සූදානම්වෙනවා. ඔබගේ අඛණ්ඩ සහායට ස්තූතියි.- සංගා"



11 comments:

  1. සංගා දේශපාලනයට එනවට එෆ් බි එකේ මාර විරොදයක් තියෙන්නේ.. ඒත් මං නම් හිතන්නේ හොද මිනිස්සු දේශපාලනයට එනවට අපි කැමති වෙන්න ඕනේ,


    වම් පැත්තේ තියෙන මහින්ද මාමගේ ෆොටෝ එක ස්රින්ක් ටු ෆිට් දැම්මනම් හරි ෆොටෝ එකෙන් බාගයක් පේන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. //මං නම් හිතන්නේ හොද මිනිස්සු දේශපාලනයට එනවට අපි කැමති වෙන්න ඕනේ.//
      මමත් අපුර් නංගි එක්ක එකඟයි.දේශපාලනයට එන්න ඕනේ හොඳ මිනිස්සු.නමුත් දේශපාලනයට ආවට පස්සේ ඒ ගොල්ලෝම තමන්ගේ ප්‍රතිරූපය විනාශ කර ගන්නවා.එකට සාමන්‍ය ජනතාව කැමති නැහැ.තමන්ගේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමේ වගකීම ඔවුන් සතුයි.

      Delete
    2. ස්තූතියි.
      මගේ අදහසයි මන් කීවේ

      Delete
  2. දේශපාලනයට සෙට් කොරානම් සංගා භංගා වෙනවා ෂුවර්... අපේ සෙට් ඒක සංගා මල්ලිවත් හදලා ගනියි...... අායේ ෂුවර්

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මන් කීවේ

      Delete
  3. කවියේ තාලය නම් සිව්-තාල්!

    ReplyDelete
    Replies
    1. ගද්‍යයක් පද්‍යයක් කොරගත්තට අපට කොරන්න දෙයක් නැත.

      Delete
  4. සංගා භංග වෙන වැඩක්.. පරමාදර්ශී චරිත ද කියලනම් ශුවර් එකක් නෑ.. එහෙම උන් කොහෙවත් නැද්ද කොහෙද...

    ReplyDelete
  5. Meyath deshapalanayata awith ara sanath karagaththa deda karagnna yanne

    ReplyDelete
  6. සංගා වැනි මිනිසුන් කෙදිනකවත් ලංතාවේ දේශපාලනය කල යුතු නැත... ඒ මඩ ගොහොරුවට බැස මඩ නොගාගැනිය යුතු තරම් වටිනා පුද්ගලයන් බැවිනි....
    බලු දේශපාලකයින් 100ට වඩා සංගා වටී...

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්